Sunday, February 21, 2016

ගතට සිතට වද දෙන සන්ධි රෝගය - Arthritis


නූතන සමාජය වෙලා ගෙන තලා පෙළාලන රෝග අතුරින් සන්ධි රෝගය ප්රධාන තැනක් ගනී. එතරමටම එය සමාජ දේහය ගිලාගෙන ඇති බව කිය යුතුය. වැඩිහිටි ස්ත්රී පුරුෂ දෙපක්‍ෂයම මීට ගොදුරු වන අතර බහුල වශයෙන් දැකිය හැක්කේ ස්ත්රී පක්‍ෂය කෙරෙහිය. මැදි වයසට එළඹෙනවාත් සමගම හෙවත් සාමාන්‍යයෙන් වයස අවුරුදු තිස්පහ පසු කරන විට බොහෝ කාන්තාවෝ මේ රෝගයට ගොදුරු වෙති.

සනධි රෝගය පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ විවිධ තන්හි සියුම් අයුරින් විග්රහ කර ඇත. මෙම රෝගයට වාතය ප්රධාන වන අතර පිතේ සහ සෙම් දෝෂයේ අඩු වැඩි සම්බන්ධයද පවතී. කිපුණු වාතය සර්වාංගයම ආශ්රය කළ කල මාංශ පේශීන්ගේ කම්පනය ඇට කටු වල බිඳින්නාක් බඳු වේදනාව සන්ධි වල පුපුරන්නාක් බඳු පීඩාව හා සියොළඟ වේදනාව ඇතිවේ. කෝපයට පත්වූ වාතය ගුදයෙහි හෝ ඉන් ඉහළ පක්වාංශය ඇසුරු කළ විට මල මුත්රා දිගේ බැඳීම අනින්නාක් බඳු දැඩි වේදනාව බඩ පිපුම මුත්රාශ්මරී ඇතිවීම කෙණ්ඩ කළවා තුනටිය පාද හා පිට පෙදෙසේ පීඩාව හා සිරුරේ වියළීම ඇති කරන්නේය. කුපිත වාතය ලෙයට පිවිසි කල තැවීම හෙවත් උෂ්ණය සහිත වූ තියුණු වේදනාව වර්ණ විකෘතිය කෙට්ටු බව අරුචිය සිරුරෙහි වණ හා බිබිලි ඇතිවීම සිරුර දරදඬු වීම ඇතිවිය හැකිය. රක්තය හෙවත් ලෙය විසින් දූෂිත වාතය ආවරණය කර ගැනීම මේ තත්වයට හේතුවේ. මෙම තත්වය සන්ධි වාත රෝගීන් කෙරේ වැඩි වශයෙන් දක්නට ලැබේ.

වාත දෝෂය මිදුළු සහ ඇට ගතවූ කල ඇට පුරුක් වල කඩන්නාක් බිඳින්නාක් බඳු තද බල පීඩාද සන්ධි වල අනින්නාක් බඳු දැඩි වේදනාවද මාංශ බලය පිරිහීමද නිදි නැති බවද නිරන්තරව පවත්නා වේදනාවද ඇති වේ. වාත දෝෂය මජ්ජා හෙවත් මිදුළු ගත අවස්ථාවේදී පහ නොවන වේදනාව පවතින බව විශේෂයකි. ඇට හෙවත් අස්ථි ගත අවස්ථාවේදී වියළීම බිඳී යාම හා අනින්නාක් බඳු වේදනාව ඇති වීමද සැළැකිය යුතු ලක්‍ෂණයකි. මෙහි ඇතිවන වේදනාව තීව්රය. වාත දෝෂය මාංශ හා මේදස් ආශ්රය කළ කල ඇඟ පත බර බවද ආඝාතයකට ලක්වූ කලක මෙන් ඇතිවන තද බල පීඩාව හා වේදනාවද දැඩි වෙහෙසද දක්නට ලැබේ.

කුපිත වාත දෝෂය සන්ධි ගත වූ කල්හි සන්ධි ස්ථාන වල තද බව හෝ බුරුල් බව හෝ ඇති කරයි. එයින් සන්ධි ස්ථානයන්හි ක්රියා කාරිත්වය නැසී යයි‍. ඒ ස්ථානයන්හි ඉදිමුම සහ අනින්නාක් බඳු දැඩි වේදනා ඇති කරයි. සන්ධි දිග හැරීමේදී හැකිළීමේදී වේදනාව උපදවයි. මේ තත්වයන් සන්ධි වාත (Arthritis) ආමවාත (Rheumatic Arthritis or Rheumatold Arthritis) වාත රක්ත යන රෝග වලදී මෙන්ම විෂ හේතුවෙන් අභිඝාත ආදී වෙනත් බාහිර හේතුවකින් සන්ධි ස්ථානයන්හි ඉදිමුම හා වේදනාව හටගනී. එම නිසා සන්ධි ක්රියාකාරීත්වයට හානි පැමිණේ.

විසි වන සියවසේ භාරතයේ විසූ සුප්රකට ආයුර්වේද චිකිත්සකයෙකු හා ශික්‍ෂකයෙකු වූ ආචාර්ය ගණ නාථ් සෙන් මහතා ස්වකීය සිද්ධාන්ත නිදාාන ග්රන්තයෙහි ලා සන්ධි වාත රෝගය නව මුහුණුවරක් ඇතිව විග්රහ කර ඇත. එතුමා දක්වන පරිදි යම් වාතාබාධයක් සත්ධීන් ඇසුරු කළ කල වරින් වරද එසැණින්ද ඉදිමුම හා වේදනාව උපදවයි. සන්ධි වාතය යනු එයයි. එහි එන පරිදි සමස්ත සන්ධි වාතය රසවාත - රක්ත වාත - විෂ වාත - ජීර්ණ වාත - ජරා වාත යැයි පස් ආකාර වේ. මෙහි රසවාතය යනු ආම වාතයයි. එය මෙහිලා නොකියැවේ. රක්තවාතය මෙහි විශේෂයෙන් සඳහන් කල යුතුය. පාදයෙහි ඇඟිළි ආශ්රිත සන්ධි ඉන් උඩ කොටසෙහි වූ සන්ධි වළලූ කර සන්ධි දණහිස් සන්ධි ඉකිළි සන්ධි තුනටියේ සන්ධි කොඳු ඇට සන්ධි මැණික් කටු සන්ධි මෙහිලා පීඩාවට පත්විය හැකිය. කුඩා සන්ධි මෙහිලා විශේෂයෙන් ගැනේ. මෙහිදී වේදනාව දැවිල්ල රතු පැහැයෙන් යුත් ඉදිමුම හා හත් අට දිනෙකින් රෝග ලක්‍ෂණ සන්ධියෙන් සන්ධියට ගමන් කිරීමද දැකිය හැකිය. අද බහුලව දක්නට ලැබෙන සන්ධි රෝග වල මෙම ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් තිබෙනු පෙනේ. මෙහිම කියැවෙන විෂ වාත ජනිත සන්ධි වාත තත්වයන්ද දැකිය නොහැකි නොවේ. ඒ උපදංශ ආදී රෝග නිසා ඇතිවන විෂ හේතුවෙන් උපදනා සන්ධි වාත රෝග තත්වයන්ය. දන්ත පූය හෙවත් දත් ආශ්රිත දන්ත මූල විදුරු මස ආදිය පැසවීමට ලක්ව උපදනා විෂද ශරීර ගතව ලෙය ඇසුරු කළ කල ඒ හේතුවෙන් සන්ධි වාත රෝගය උපදී. ජීර්ණ වාත සන්ධි රෝගය ත‍්‍රිවිධය. ආමවාත රක්තවාත විෂ වාත ජනිත සන්ධි රෝග නිසි පරිදි සුව නොවී කල් ගත වීමෙන් මේ තත්වය උපදී. එය අත් පා හන්දි තුනටිය තුන් ඇට මූට්ටුව පිට ආදී තන්හි වේදනා උපදවන ක්රියාකාරීත්වය ඇන හිටුවන රෝගාවස්ථාවකි. මේ හැර තවත් බොහෝ ලොකු කුඩා සනධි ආශ්රය කරයි. මෙහිදී සන්ධි ඇදවීම් ක්රියා කළ නොහැකි ලෙස සවි විම අස්ථි වල විකෘති පහළ විය හැකිය. එය කල් ගත වීම නිසා ඇති වන්නකි. එහිදී ඇඟිලි වකුටු වීම සන්ධි ස්ථාන ගත අර්බුද ඇතිවීම දක්නට ලැබේ. සමස්තයක් වශයෙන් ගත් කල යට කී තත්වයන් නිසා ශරීරයේ අස්ථි විකෘතිය දිරාපත් වීම ලොකු කුඩා සන්ධි අස්ථි ගතව මහත්වීම ක්රියා කිීරීමට බැරි කම ආදී රෝග තත්ව ඉස්මතු වේ.

මෙහි රෝග නිදානය දැන ගැනීම මෙම රෝග වලින් වැළකී සිටීමට මහදුපකාරවත් වේ. දිරවීමට අපහසු බර ආහාර නිතර නිතර ගැනීම - මෙහිදී දිරවීමට කල්ගත වන සහ ප්රමානාත්මකව වැඩිපුර ගන්නා ආහාරය විශේෂයෙන් දැක්වේ. බොහෝ තෙල් සහිත ආහාර මිහිරි රසැති ආහාර මත්ස්‍ය මාංශ ආහාර වැඩිපුර ගැනීමෙන් ආහාර දිරවන ශරීරස්ථ ගින්න මද බවට පැමිණීමෙන්ද ව්‍යායාම රහිත වීමෙන්ද අජීර්ණ හෙවත් දිරවීම නිසි පරිදි සිදු නොවීමේ තත්වය උදාවේ. එයින් බොහෝ විට ආමවාත තත්වයක් උදාවිය හැකිය. ශීත වාතයට නරාවරණය වීම බොහෝ කොට සීත සුළං වැදීම මල මූත්ර හා අධෝ වාත වේග පහ නොකැර දරා සිටීම සන්ධි වාත රෝගයේ හේතූන් වේ. නිතර මත් පැන් සේවනය දාහය ඇති කරවන ආහාර වර්ග ගැනීම අඩුවෙන් ජල පානය කිරීම ආදී හේතු රක්ත ගත සන්ධි වාත රෝගය උපදවයි. උපදංශ පූයාමේහ ආදියෙන් ඇතිවන විෂ හා වැරදි ආහාර විහරණ දන්ත වේෂ්ට හෙවත් විදුරුමස පැසවීම නිසාද සෙම් ගෙඩි පැසවීම නිසාද උපදනා විෂ ශරීර ගත වීම ආදී හේතූන් නිසා විෂද සන්ධි වාත රෝග තත්වය පහළ වේ. (කටුක ඇඹුල් තියුණු රස බහුල ආහාර නිතර ගැනීම අධික ජල පානය හා අල්ප ජල පානය රක්ත ගත සන්ධි වාතයට හේතු වේ. මෙහි දැක්වෙන ජල පානය ගැන සැළකිලිමත් විය යුතුය. ආහාර ගන්නා කල ටික ටික වරින් වර ජලය පානය කළ යුතු බව කියවේ. අහර දිරා ගිය කල වැඩියෙන් වතුර පානය කළ යුතුය. එයින් පිපාසය විඩාව දාහය ආදිය නැසේ. ජල පානය නිසා මල මූත්ර ඩහදිය ආදී සිරුරෙන් බැහැර වන ද්‍රව කොටස් හොඳින් පහ වේ. එසේම ලේ වල ස්වභාවික තරලතාව රැකදෙයි. පිත නිසා උපන් ධාතු දාහයෙන් වන තැවීම හෙවත් සන්තාපය සමනය වේ. ශරීරයෙන් පිටවන විවිධ වූ මල කොටස් බැහැර කිරීමට උපකාර වේ. එබැවින් ජල පානය සෞඛ්‍ය සංරක්‍ෂණයෙහි ලා අවශ්‍යාංගයකි).

විශේෂයෙන් රළු සිසිල් සැහැල්ලූ මද වූ ආහාර නිතර භාවිත කිරීම - අති මෛථූනය - වැඩියෙන් නිදි වැරීම වැරදි හැසිරීම් රටාව (හිඳ සිටීම් නිදා ගැනීම් ඇවිදීම් ආදියේ වැරදි) කාලයට වයසට හා ජීවත් වන දේශගුණික කලාපයට නොගැලපෙන ආහාර වැඩි වැඩිය ගැනීම නොකා සිටීම දැඩිව මහන්සි වීම ධාතු ක්‍ෂය වීම අධික සිතිවිලි ඇතිවීම දැඩිව ශෝක කිරීමවෙනත් රෝග වලින් පෙළීම ආදියෙන් දැඩි අබල බවට පත් වීමද නොදැරිය යුතු ශාරීරික වේග දැරීමද අමු ආහාර රසය බඩ වැලෙහි ඇති වීමද අභිඝාත මගින් සිරුර පීඩාවට පත් වීමද සිරුරේ මර්මස්ථාන පීඩාවට පත්වීමද වේගයෙන් දුවන වාහන වලින් හා ඇතුන් අසුන් ආදී සතුන්ගේ පිටෙන් බිමට වැටීමද ආදිය නිසා ප්රකෝප වූ වායුව සිරුරේ වාතයට ගමන් කළ හැකි හිස් තැන් පුරවා සර්වාංගයෙහි හෝ එක් අංගයක හෝ විවිධ රෝග උපදවයි. මේ කියැවුනේ වාතය කෝප වන ආකාරයයි. සන්ධි රෝගයේදීද මෙලෙසම වාතය කිපෙයි.

පොත පතේ දැක්වෙන වාතය දූෂණය වීමේ කරුණු වලට පරිබාහිරව නූතන සමාජගත කරුණුද බොහෝය. එයින් කොටසක්වත් මෙහි සාකච්ඡුා කළ යුතුය. වාණිජමය අගයක් ගන්නා කලබලකාරී සමාජ වටපිටාවක අපේ පාරම්පරික ආහාර රටාව මුළුමනින්ම වෙනස් වී ඇත. ක්‍ෂණික ආහාරයෙන් බඩ පුරවා ගැනීමට සමාජය පුරුදු වී සිටියි. මොනසෝඩියම් ග්ලූටමේට් නැමැති රසායනික රස කාරක යෙදූ ආහාර බහුලව භාවිතය, පෙර පිසූ ආහාර බහුලව ගැනීම, පිසීමෙන් පසු අධි ශීතකරණ වල බහා වැඩි කලක් තිබූ ආහාර රත් කර කෑමට ගැනීම, උදේ පිසූ ආහාරය පවා ශීතකරණයේ තබා රාත්රියට රත් කර කෑම. (වරක් පිසූ ආහාරය නැවත ගින්නට යොමු කිරීමෙන් විිෂ පදර්ථ උපදනා බව ආයුර්වේද ශාස්ත‍්‍රය අවධාරණයෙන් කියා ඇත). විවිධ තාලයේ අච්චාරු ලූණු දෙහි වැනි ආහාර නිතර භාවිතය-එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග කීපයක් එකට ගැනීම (උත්සව වලදී මෙය බහුලව දැකිය හැක. උදාහරණ: බැදපු මස් මාලූ වර්ග, තෙලෙන් තැම්බූ ධන්‍ය හා එළවළු වර්ග, විවිධ අච්චාරු වර්ග, මුදවපු කිරි, අයිස් ක්රීම්, පුඩිං හා වටලප්පන් වැනි දේ දැක්විය හැකිය. නොයෙකුත් සෝස් වර්ග භාවිතයද එසේමය). රසායනික සංඝටක හා අසම්මත මධුර පදාර්ථ යොදා රස කල පැණි බීම වර්ග භාවිතය අබ සහ විනාකිරි යෙදූ ආහාර භාවිතය ආදිය එම වර්තමාන හේතු වශයෙන් දැක්විය හැකිය. එසේම අපේ ඇවතුම් පැවතුම් හා විහරණ රටාව මෙතෙක් මෙරට වැසියන් පිළිපැදි රටාවෙන් ඔබ්බට ගිය සංකීර්ණ රටාවක් වීම සන්ධි වාත රෝගයට ප්රධාන හේතුවක් වේ.

ළිඳෙන් වතුර ඇදගෙන එළිමහනේදී ස්නානය කළ රට වැසියා අද නාන කාමර තුල පයිප්ප වතුරෙන් නා ගනී.කිසි ව්‍යායාමයක් එහි නැත. හමන සුළඟට නිරාවරණය වූ ළිං ජලය හි නැත.එසේම නෑමට කාලයක්ද නැත. දිනකට කිහිප වරක් උක්කුටිකයෙන් හිඳ මල මූත්ර පහ කළ රට වැසියා අද උස් වැසිකිළි බඳුනක් මත වාඩිවී එ් කාරිය කරයි. එයින් ඔවුන්ගේ දණහිස් අන්තයටම නැවෙන්නේ නැත. කාලයක් එලෙස කරන කල දණහිස් නවන්නට බැරිව යයි. පන්සලකට යද්දී වුවද පුටුවක් රැගෙනයාමට සිදුවෙයි. ගෙදර මුළුතැන් ගෙයි බිම හිඳ පලා ලියූ ලිප ගිනි මෙලවූ කාන්තාව ඒ සියලූ වැඩ හිට ගෙන කරයි. පහසුව සඳහා යැ කියමින් කාල වේලා ඉතිරි කර ගන්ට සිතමින් කළ අලූත් දේවල් නිසා සිදුව ඇත්තේ සමාජ දේහයටම හන්දි වාත රෝගය වැළඳීමය. කොළ පලා එළවළු ධාන්‍ය මංශ ජනකයන් හා මේද ඇතුලත් වූ අපේ සම්ප්රදායික සමබර ආහාර වේල සෞඛ්‍යාරක්‍ෂක සම්මන්ත්රණ වලට පමනක් සීමාවී ඇත. අප ඝර්ම කලාපීය රටක වසමිනුත් කන්නේ යුරෝපයේ, ඇමරිකාවේ, නවසීලන්තයේ, අප්රිකාවේ, මොංගෝලියාවේ, චීනයේ, තායිලන්තයේ හෝ ජපානයේ ආහාරය. බොන්නේද එම රටවල බීමය. ඝම_කලාපික අපට අපේ බඩවැලට මේවා ගැලපෙන්නේ නැත. අප වැඩි වැඩියෙන් බෝ නොවන රෝග ගණයේ ලෙඩ වලට බඳුන් වන්නේ මෙකී කරුණු නිසාය.

අපේ මානසික සෞඛ්‍යය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. මේ සෞඛ්‍ය හානියට ඇතැම් මාධ්‍ය ද බලපා ඇති බව පෙනේ. සිත සන්සුන්ව සෟඛ්‍යාරක්‍ෂිතව තබා ගන්නට මාධ්‍ය ඉඩ දෙන්නේ නැත. මා මේ පිළිබඳව වැඩිපුර කියන්නට නොයන්නේ එය සදාචාර සම්පන්න නොවන බැවිනි. මානසික ආතතියෙන් පෙළීම භයානක රෝග ගණනාවක් උපදවන්නට හේතු වේ. මධුමේහය නොහොත් වැඩි දෙනා දන්නා පරිදි දියවැඩියාව (මෙම රෝග නාමය භාවිතා කිරීම වැරදිය) අම්ල පිත්තය හා ආමාශයික ප්රදාහය, අධි රක්ත චාපය, විවිධ හෘදයාබාධ, අන්තර් ගත ආහාර අජීර්ණ වැනි රෝග, විවිධාකාර සමේ රෝග ආදිය මෙහි ලා අවධාරණය කල යුතුය.

රස්සාවට නිදි වරන කොටස් අපේ රටේ බහුලය. වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව විවිධ ඖෂධ පාවිච්චි කරන ජනතාව ලොව කිසිම රටකටත් වඩා අප රටේ බහුල බව ඖෂධ වර්හ ඉස්මතු කරන වෙළඳ දැන්වීම් වලින් වටහා ගත හැකිය. කාර්ය බහුලත්වය නිසාම නිසි පරිදි නින්ද නොලබන අය දුකසේ නිදා ගන්නා අය සමාජයේ පෙරට වඩා දක්නට ලැබේ. වැඩි වැඩියෙන් මෙවුන්දම් සෙවීම සමාජ ව්‍යාධියක් බවට පත්ව ඇති සේය. විවිධ වූ ක්රීඩා වලට යොමු වීම සන්ධි රෝග කාරක විය හැකිය. ජිම්නාස්ටික් වැනි ක්රීඩා විවිධ සටන් ක්රම පුහුණු වීම ආදිය නිසා සන්ධි ආශ්රිතව විවිධ ආපදා සිදු විය හැකි බැවිනි. අපේ රටේ මිනිසුන්ගේ මානසික ගුණ ධර්ම පිරිහී යාම ඔවුන් පහසුවෙන්ම රෝග ග්රස්ථ විය හැකි කාරණයකි. ශාරීරිකව හා මානසිකව යහ පැවැත්මෙන් තොරවූ ජීවිතය අල්පායුෂ්ක බවද ඉතාම පහසුවෙන් රෝග වලට ගොදුරු විය හැකි බවද බටහිර විද්‍යාඥයින් පවා අද වන විට පෙන්වා දී ඇත.

සන්ධි රෝග පිළිබඳ කීමෙදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කාන්තාවන්ගේ ආර්තවාභාවයයි. කාන්තා පක්‍ෂයට මෙම රෝගට වැඩියෙන් වැළඳෙන බව පෙරද කියැවිනි. ඔසප් චක්රය නවතින විට කාන්තා ශරීය තුල හෝමෝන හා එන්සයිම පිළිබඳ ඇතැම් වෙනස්කම් ඇතිවේ. එහි ප්රතිපලයක් ලෙස අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම කලවා බාහු උදර පෙදෙස් වල ඇතිවන තරබාරුව එම නිසා සිරුරේ බර වේගවත්ව වැඩිවීම එම නිසා විශේෂයෙන් දණහිසේ හා වළලූකර සන්ධියේ වේදනා දැවිලි ඉදිමුම් ඇතිවීම ආදී තත්වයන් දක්නා ලැබේ. එවිට දණහිස් නවා මිටි අසුනක හෝ හිඳ ගැනීමටත් නැගිටීමටත් වඩාත් අපහසු වේ. වැඩිපුර ගනන් නොගන්නා කාන්තා රෝගයක් වන ස්වේත ප්රදර හෙවත් සුද යාම රෝගයට නිසි ප්රතිකාරයක් නොකර කල් ගත වූ විටද දනහිස් ආදී සන්ධි ගත ඇතිවන වේදනාකාරී අවස්ථාවක්ද අපට හමුවේ. මෙහිදී සිරුරේ දිරාපත් වීම, ශක්තිය හීන වීම, දත් මුල් දිය වීම, විදුරු මස පැසවීම, යෝනි මාර්ගයෙන් බැහැර වන උකු සෙවල සහිත පදාර්ථ වල සුදු පැහැය කහ පැහැයට හැරීම, උරහිස් දනහිස් ආදී ලොකු සන්ධි සමග ඇඟිලි පුරුක් වැනි කුඩා සන්ධි වල පවා ඇතිවන වේදනාව දැකිය හැකිය. මෙහිදී වයස් පරතරයක් නැතිව තරුණ හා ඔසප් චක්රය නැවතී ගිය වැඩි වයසේදී ද දක්නා ලැබේ. අපේ කාන්තා පක්‍ෂය මේ පිළිබඳවද නිසි අවධානයක් යොමු කල යුතුය.

ශීතය වැඩියෙන් දැනෙන කාලයට සන්ධි වාත රෝගීන්ගේ වේදනාවද වැඩිය. ශීතල වාතයට නිරාවරණය වීම ඊට හේතු ලෙස දැක්විය හැකිය. වර්ෂා කාලයටද මේ රෝගයේ ප්රබලතාවක් දක්නට ලැබේ. වැසිබර සීත සුළඟ වැදීම වැහි වතුර පෑගීම වැනි දෙ ද, එවැනි කාලයක ගෙතුල විදුලි පංකාවෙන් එන සුළඟ වේදනා ඇති කරන සන්ධි වලට වැදීමද සන්ධි වාත රෝගීන්ගේ වේදනාව වැඩි කරයි. නිසි පරිදි නොපැසුනු අමු බවෙන් යුතු ආහාර රසය ලේ සමග එක්ව සිරුරෙහි හැසිරෙද්දී අමු බව නිසාද උපදනා සෙම එ් සමග එක් වීමෙන් ලේ ගමන් කරන මාර්ගයන්හි ගමන් ගනිමින් ආම විෂ තුනටිය පිට කොන්ද හා අනෙකුත් සියලූම සන්ධි පීඩාවට පත් කරයි. එයින් තද බල පීඩාවක් හා දැඩි රුදාවක් ඇතිවේ. සන්ධි බන්දන කලා ප‍්‍රදාහ ඇතිවේ. ස්නායූන්ගේ ප්රදාහයද ඇතිවන බැවින් වේදනා බහුල වේ. තවත් අවස්ථාවකදී දැවුනු පිත නිසා උපදින ආහාර රසය ලෙයට එකතුව ලෙය දූෂණය කර ඉතා දැඩි වාත කෝපයක් උපදවා පාද හා අතේ ඇඟිලි වල කුඩා සන්ධි මැණික් කටු සන්ධි වළලූකර සන්ධි ආක්රමණය කර ඒ තැන් වල දාහය රතු පැහැ වීම ඉදිමුම හා වේදනා ඇති කරයි. මේ අයුරින් එම දෝෂ තත්වය අනිකුත් සන්ධි කරාද ගමන් කරයි. මෙහිදී පිත අධික බැවින් දාහය රතු පාට වීම නොඉවසිය හැකි වේදනාව ඉදිමුම දැකිය හැකිය.

අස්ථි ගත වාත රක්ත රෝගයේදී ද මෙවැනි ලකුණු දැකීමට පුලූවන. එම ලක්‍ෂණ බොහෝ විට පාද මූලයෙන් ඇරඹී පිත අධිකව කිපුණු කල විදාහ හෙවත් තද දැවිල්ල සන්ධි රතු පැහැ ගැන්වීම, ඒ ආශ්රිතව ඉදිමීම දක්නට ලැබේ. මෙය කල්ගත වීමෙන් පා ඇඟිලි හැකිලීම වකුටු වීම විකෘතිතාවට පත්වීම ඒ ආශ්රිතව කුඩා බිබිලි හට ගැනීම, අර්බුද හෙවත් නව ප්රවර්ධන ඇතිවීම ආදිය දක්නට ලැබෙන අතර වෙව්ලීම හිරි වැටීම සීතලට අකමැති වීමද මෙහිදී ඇතිවිය හැකිය. පාද මූලයේද සමහර විටෙක අත් වලද මේ තත්වය ඇතිවන බව පෙනේ. තරුණස්ථි විකෘතියද කල්ගත වීමෙන් දකින්ට ලැබේ. සමෙහි පැන නැගිය හැකි වාත රක්ත රෝගය පසු කාලීනව ඇඟිලි වළලූ කර මැණික් කටුව දණ හිස් සන්ධි ආක්රමණය කරන බව පොත පතේ සඳහන් වේ. සන්ධියෙන් පිටතද සන්ධි අභ්‍යන්තරයේද සන්ධි බන්ධන අතරද පටක අතරද මේ තත්වය ඉපදිය හැකිය. මෙහිදී අර්බුද ඇතිවන බව කියවේ. ඒවා කඩල ඇට මෙන් තරුණස්ථි මත ඇති වී පිටතට නෙරා එන ඒවාය. අස්ථි සන්ධි බිඳීමෙන් සන්ධි පැනීමෙන් ආදී තත්වයන් මතද සන්ධි වාත රෝගය ඇතිවිය හැකිය. එය බොහෝ විට සන්ධි නිශ්චලව තබා ගැනීමෙන් හා ප්රතිකාරයෙන් සමනය වේ. එසේ නැතිනම් ශල්‍ය කර්ම වලට භාජනය කළ යුතු වන්නේය. මේ හැර ගැඹුරු වාත රක්ත රෝගය යැයි නම් කළ රෝගයක්ද ආයුර්වේදයෙහි සඳහන් වේ. වාත රක්තයේදී ශාරීරික වාතයේ ප්රමුඛ සම්බන්ධය ඇත. මෙහිදී ලෙයද දූෂණය වේ. මෙය වැඩි සැප ඇතියනට වැළඳෙතියි ද මතයකි. වාතයෙන් ආවරණය වී දූෂණය වන රක්තය නිසා බලවත්ව උපදනා රෝගයකි. මෙහිදී සිරුර ගත සෝඩියම් පදාර්ථය සෘජුවම සම්බන්ධ වේ. එය ස්ථානික වශයෙන් තරුණාස්ථි ස්නායු (Ligaments) කණ්ඩරා (Tendons) වකුගඩු කණ වැනි තැන් වල පිහිටි තරුණස්ථි ධමනියේ ඇතුලත බිත්ති ආදී තැන්වල එකතු වී විවිධ රෝග ලක්‍ෂණ උපදවයි. මෙවැනි තත්වයකදී රෝගියාට රැුයේදී පා ඇඟිලි ආදී තැනෙක අධික වේදනාවක් ඇතිවිය හැකිය. එය දැවෙන්නාක් බඳු තීව්ර වේදනාවකි. ඒ තැන් පසුව ඉදිමෙයි. සමහර විට ගඩුද පැන නැගිය හැක. යම් කලක එම වේදනා තත්වය වළලූකර හා මැණික් කටුව අතේ ඇඟිළි ආදී තැන් වලට යයි. රෝගියා පීඩාවට පත්ව ඩහදිය වගුරුවයි. ඉන් ටික වේලාවකින් පීඩාව අඩුවේ. පීඩාවට පත් ස්ථානය රතු පැහැයක් ගනියි. පාදයෙන් ආරම්භ වන රෝගය දණහිස් අත පිළිබඳ ලොකු කුඩා සන්ධි ආක්රමණය කරයි. මුලදී සිරුරේ එක් පැත්තකින් නැගී මුළු සිරුරේ ලොකු කුඩා සන්ධි වලට පැමිණ බලවත් පීඩා ඇති කරයි. මෙම රෝගය වේගවත්ය. එක් වරක් වේගවත් වී නැවත සන්සිඳේ. යලිත් සන්ධි වල පීඩා ඇති කරයි. මෙලෙස වරින් වර පීඩා ඇති කරමින්ද සන්සිඳු වමින්ද රෝගාක්රමණය කරන බැවින් සන්ධි වල ස්ථාන විකෘති තත්වයක්ද ඇතිවේ.

මෙහිදී වාතය පිත සෙම හා රක්තය යන ප්රධාන කොටස් 4ම කිපෙන බැවින් අනින්නාක් බඳු වේදනාව කැඞී බිඳී ගියා සේ දැනෙන පීඩාව ඉදිමුම කළු පැහැ බව පීඩාව වරින් වර අඩු වැඩි වීම ඇඟිළි ආදිය හැකිලීම ඇඟ පතේ තද බල රුදාව ඇඟ තද බව වෙව්ලීම හිරි වැටීම ආදී ලක්‍ෂණද පිත ප්රබල නම් දැවිල්ල ඩහදිය වැගිරීම මුලාව මත් බව පිපාසය රුදාව රතු පැහැ වීම හා අධික උෂ්ණත්වයද සෙම ප්රධාන වී නම් ඇඟ පත බර බව වතුරට තෙමුනා සේ දැනීම හිරි වැටීම සිනිඳු බව සීතල කැසිල්ල මන්ද රුදාවද ලෙය බලවත් වී නම් ස්ථානිකව ඉදිමීම තද බල වේදනාව අනින්නාක් බඳු වේදනාව ස්ථානය තඹ පැහැ වීම කැසීම පහසුවෙන් වේදනා සන්සිඳ වීම නොහැකි වීම යන ආදී රෝග ලක්‍ෂණ දක්නට ලැබේ. එහෙත් හැම අවස්ථාවකදීම වාගේ එකම දෝෂයක් පමණක් පැන නොනැගී දෝෂ දෙකක් හෝ තුනක් හෝ හතරම හෝ බලවත් විය හැකිය. එවිට යට කී රෝග ලක්‍ෂණ මිශ්රව අඩු වැඩි වශයෙන් පවතී. ග‍්‍රන්ත ගත කරුණු අනුව වාත රක්ත නමින් ගන්නා සන්ධි රෝගය පළමුව කුඩා කුඩා සන්ධීන්හි හට ගෙන පසුව ලොකු සන්ධීන් කරා ක්රමිකව සෙමින් සෙමින් පැතිරී යයි. යම් වාත රක්තයක් සමේ ඉපිද පසුව සන්ධි කරා ගමන් කරන බවද පෙනේ. මෙම රෝග අවස්ථාව පටන් ගැන්මේදී ප්රයත්නයෙත් සුව කර ගත යුතු අතර පැරණි බවට පත් වීමෙන් සුව කල නොහැකි තත්වයට පත්විය හැකිය. මෙවැනි රෝග වලින් වැලකී සිටීම ඒවා සුව කර ගන්නවාට වඩා ලාභදායකයි.

මෙය කියවන රෝගීන්ගේ පහසුව තකා මට එක දෙයක් සඳහන් කල හැකිය. ඒ සඳහා යම් සහනයක් ලබා ගැනීමට සීමාසහිත මෙඩිහර්බ්ස් සමාගම යටතේ නිපදවන වන "ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් පානය" (Gluteala Ayurvedic Herbal Drink) නම් ඖෂධීය පානය දිනකට පැකට් 2 ක් හෝ 3 ක් උදේ සවස නටන උතුරන වතුර කෝප්පයකට දමා නිවෙන තුරු තබා බීම මැනැවැයි ප්රකාශ කළ හැකි අතර එයින් සහනයක් සහ ගුණයක් ලැබෙන බවත් රෝගියාගේ රෝගී තත්වය අනුව රෝගය නිට්ටාවටම සුව වීම සඳහා මනා ප්රතිකාර යෙදිය යුතු බවද සඳහන් කරමි.

කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍්‍යෂක අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 








සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka

Monday, February 1, 2016

අම්ල පිත්ත රෝගය - Hyper Acidity

















වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගය සමාජයේ වැඩි දෙනා අතර හැඳින්වෙන්නේ ගැස්ට්‍රයිටීස් (Gastritis - ආමාශයික ප්රදාහය) වශයෙනි. අම්ල පිත්තය පුළුල් රෝගයක් වන අතර ගැස්ට්‍රයිටීස් යනු එක් අංශයක් පමණක් වන බව කිව හැකිය. අමිල පිත්ත ස්වතන්ත්ර රෝගයකි. එහෙත් ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශයික ප්රදාහය ස්වතන්ත්ර රෝගයක් විය නොහැකිය. අම්ල පිත්ත රෝගය පිළිබඳ දැනගැනීම ආමාශයේ ඇති විය හැකි බොහෝ රෝග වලින් වැළකී සිටීමට හේතු කාරණා වේ.


ආයුර්වේද විඥානයට අනුව වැළඳීමට හේතු වන කාරණා වන්නේ එකිනෙකට විරුද්ධව ආහාර වර්ග (උදාහරණ උෟරු මස්, හරක් මස්, මුදවාපු කිරි වැනි දෑ) නිතර අනුභව කිරීම, නරක් වූ ආහාර (වර්තමානයේ රසකාර යෙදු පෙර පිසින ලදුව අධි ශීතකරණ වල බහා කල් තබාගන්නා ආහාර වර්ග) නිතර කෑමට ගැනීම සැර ඇඹුල් ආහාර වර්ග ගැනීම (උදාහරණ අන්නාසි වැනි) විදාහී හෙවත් දැවිල්ල ඇති කරන ආහාර වර්ග (උදාහරණ රතු මිරිස් බහුල ආහාර, විනාකිරි, අබ වැනි දෑ යොදා සකස් කළ ආහාර) පිත කුප්පන සුළු ආහාර වර්ග (මත් පැන්, කිරෙන් තැනූ මෝරු රා ආසව ආදිය). උඳු මෑ අවර වැනි අහාර බහුලව හා වැඩි වාර ගනනක් ගැනීම, ආදී කරුණු හේතු කොට ගෙන කිපුණු ශාරීරික පිත අම්ල බවට පත්ව අම්ල පිත්ත රෝගය උපදවයි. ආයුර්වේදයේ ග‍්‍රන්ථාගත කරුණු මේ වුවද වර්තමාන ජන සමාජයේ දෛනික ජීවන රටාව විමසා බැලූ විට මෙම රෝගයට හේතු විය හැකි තවත් බොහෝ හේතු අපට හමුවේ.


විවිධ ආකාරයේ ශීත කළ හෝ නොකළ රසකාරක යෙදු කලින් පිසින ලද ක්‍ෂණික ආහාර, කෘත්රීම පාන වර්ග, වෛද්‍ය උපදෙස් නොලැබ බටහිර හා ආයුර්වේදීය ඖෂධ භාවිතා කිරීම, රැකියාවේ ක්රියාකාරකම් වලදී විෂ සහිත රසායනික ද්‍රව්‍ය හෝ ද්‍රව ආශ්‍රිතව සිටීමට සිදුවීම, මත් කුඩු හෝ කංසා භාවිතය, ධූම පානයට ඇබ්බැහි වීම, රාත්රිය නිදි වරමින් වැඩ මුරයේ වැඩ කරන්නට සිදුවීම, රෙදි හා ඇඟළුම් කර්මාන්තය ආශ‍්‍රිත විවිධ ක්රියාකාරකම්, Take away කෑම කඩ හරහා සමාජගත වන විවිධ නොගැලපෙන හා නරක් වූ ආහාර පාන ගැනීමට පෙළඹීම, නිසි වෙලාවට ආහාර නොගැනීම හා ගත් ආහාර දිරවීමට පෙර වරින් වර ආහාර ගැනීම, විවිධ කරුණු හේතුවෙන් මානසික ආතතියට ලක්වීම ආදී මෙවැනි කරුණු රාශියක් වර්තමානයේදී අම්ල පිත්ත රෝග නිදානාංශයට ඇතුළත් කළ යුතු බැව් පෙනේ. දේශිය ආහාර රටාවෙන් හා චින්තන රටාවෙන් ඔබ්බට ගිය ආහාර රටාවකට ඇබ්බැහි වීම හා අවුල් සහගත සිතිවිලි ඇති කර ගැනීමද අම්ල පිත්තයට පමණක් නොව තවත් බෝ නොවන රෝග ගනණයකට හේතු වී ඇත.

ශරීරික පිත ප්‍රකෘත හා විකෘත යැයි ශාස්ත්රයේ සඳහන් වේ. ප්‍රකෘත පිත කටුකය. එය ආහාර පරිපාකය හොඳින් සිදු කර සිරුරට සැප ලබාදෙයි. විකෘත පිත අම්ලාධිකය. ඒ තත්වය අම්ල පිත්ත රෝගය ලෙස ගැනේ. එලෙස පිත විකෘත වීමට යට දැක්වූ හේතු සමුදාය ඉවහල් වේ. බටහිර මතය අනුව Hyper Acidity යයි ගැනුයේ එයයි. ආමාශය හා ඉන් පහළ කොටසේ වණ තුවාල හට ගැනීම, අධික දුම් පාණය, පිටි සහිත ආහාර වැඩි පුර ගැනීමෙන් රා ආදිය පැහෙන්නාක් මෙන් පැහීමට පත්වීම ආදිය ඊට හේතු වෙතියිද ඉන් උපදනා අම්ලය පිත සමඟ එක්වීමෙන් අම්ල පිත්තය Hyper Acidity හටගනිතියි ද ඔව්හු සළකති. මෙය ආයුර්වේද මතය නොවුනද ආයුර්වේදය එය ඉවත නොදමයි.

බටහිරින් කියැවෙන තවත් මතයක් වන්නේ අම්ල පිත්තය හෙවත් Heart Burn තත්වයැයි කියනුයේ ගලනාලයේ මුල ඇතිවෙන දැවිල්ලටය යන බවයි. එම තත්වය ඇති වන්නේ ආහාරගෙන ටික වේලාවක් ගතවූවාට පසුව බවද එහිදී දැවිල්ල සමඟම ඇඹුල් රසැති ඔක්කාරය ඇතිවන බවද බොහෝ විට මේ දැවිල්ල ගලනාලය කෙලවර හෝ ආමාශය කැලඹීමෙන් හෝ ඇති වන බවද ඊට බාහිරව අම්ල වර්ග කරණ කොට ගෙන ඇති විය හැකි බවද කියැවේ. එහෙත් Gastritis හෙවත් ආමාශික ත්රීව්ර පර්ධාන (දැවිල්ල) හටගන්නේ අධික මත් පැන් පානයෙන් හෝ ආහාර අජීරණයෙන් හෝ එම දෙකින්ම යැයි සඳහන්වේ. එහි දී බඬේ තද බල කැක්කුම ඔක්කාරය හෝ වමනය හා ඇතැම් විට උණ ගතියද ඇති විය හැකි බවත් කල් ගත වීමේ දී ආහාර අරුචිය ඔක්කාරය විටින් විට සෙම වමනය විය හැකි බවත් මෙබඳු තත්වයන් දිරවීමට අපහසු ආහාර නිතර ගැනීමෙන් ඇතිවිය හැකි බවත් ආමාශය පිළිබඳ පිළිකා වැනි වෙනත් රෝග වලදී ද මෙබඳු තත්වයන් ඇති විය හැකි ඉවත් බටහිර රෝග විඥානයේදී කියැවේ. මානසික උද්වේග මුත‍්‍ර විෂ වීම වැනි අවස්ථා වලදීද ආමාශය රෝග ග‍්‍රස්ත වේ යැයිද සඳහන් වේ.

මෙහි රෝග ලක්‍ෂණ ලෙස ආයුර්වේදීයව කිව හැක්කේ කෑ දේ නිසි පරිදි නොදිරවීම, වෙහෙසීමෙන් තොරව සිරුරට දැනෙන මහන්සිය - විඩාව, ඔක්කාරය, තිත්ත ඇඹුල් රස උගුරට ඒම, සිරුර බර බව, පපුවේ හා බෙල්ල (ගලනාලය) ඇතුලතින් එන දැවිල්ල, ආහාර අරුචිය යනාදී රෝග ලක්‍ෂණයන්ය. මේ හැර මේවාටම යාවන සුළු සුළු වෙනස්කම් ඇතිව උපදනා අපහසුතාද හමුවේ.

අම්ල පිත්තය දෙආකාර බව ආයුර්වේදය කියති. ඒ ඌර්ධ්වගත සහ අධෝගත වශයෙනි. අම්ල පිත්තයේ දෝෂය පිතයි. වාතය සහ සෙම පිත අනුව ක‍්‍රියා කරයි. ඌර්ධ්වගත අම්ල පිත්තය ආමාශය හා ඉන් ඉහළටම ගිය අවස්ථාවයි. බහුලව දැකිය හැක්කේ මෙයයි. මෙය සෙම සමඟ විශිෂ්ට ලෙස සම්බන්ධ වූ රෝග අවස්ථාවකි. අධෝ ගත අම්ල පිත්ත අන්ත‍්‍ර මාර්ගයේ ආමාශයෙන් පහළ කොටසට පැතිරුනු රෝගාවස්ථාවයි. මෙය නිතර දක්නට නොලැබෙයි.

සෙම සමග එක් වූ ඌර්ධ්ව ගත අම්ල පිත්තය කොළ කහ නිල් කළු පාටයි. සෙම සහිතව වමනය ඇති කරයි. පිටත මද රතු පාටද ඇතුළ තද රතු පාටද වෙයි. තද අම්ලයක් ඇති කරයි. ඒවා මස් සේදු වතුර මෙන් කළු රතු වර්ණ වෙයි. බොහෝ සෙම් සහිත බවක් පෙන්වයි. විවිධ වූ රස ඇති කරයි. කෑ අහර විකෘතව පැසුණු කල්හිද අහර ගත යුතු වේලාවේ නොගෙන සිටීමද නිසා තිත්ත වූත් ඇඹුල් වූත් වමනයක් ඇති කරයි. එලෙස ඔක්කාරයද වෙයි. උගුර පපුව හා බඬේ තද දැවිල්ල හා තද බල හිසේ කැක්කුම ඇති කරයි. එසේම සෙම සම්බන්ධය ඇත. අම්ල පිත්තය අත් පා වල පවා දැවිල්ල ඇඟේ ගිණියම තද අරුචිය උණ, කැසීම, පලූ දැමීම බොහෝ කොට බිබිලි ඇති වීම  සහ වෙනත් නොකියූ රෝග ගහනයක් උපදවයි.

අධෝ ගත අම්ල පිත්තයෙහි සෙම සම්බන්ධයක් නැත. ඇත්තේ ශාරීරික පිතේම කිසියම් විශේෂත්වයක් පමණි. පිපාසය දැවිල්ල මූර්ච්ඡා වීම - කරකැවිල්ල - මුළාව මෙහිදී ඇතිවේ. විවිධ වර්ණ සහ දුර්ගන්ධයේ එක් වීමෙන් කිසි විටෙක උපදනා පිත්ත විකෘති තා නිසා ඔක්කාරය  - ඇඟේ පලූ නැගීම - ගින්න මද කම - ලොමු දැහැ ගැන්ම - ඩහදිය වැඩිපුර ගැලීම - ඇඟ පත කහ පැහැ වීම ආදිය සිදු කරමින් අධෝගත වෙයි. මේ අවස්ථාව නිතර දක්නට නොලැබෙයි. අළුත් අම්ල පිත්ත රෝගය උත්සාහයෙන් සුව කර ගත යුතු බවද කල් ගත වූ අම්ල පිත්තය හිතවත් ඖෂධ ආහාර පාන විහරණ උපයෝගී  කර ගනිමින් වැර වෑයමින් සුව කර ගත යුතු බවද ආයුර්වේදය අවධාරණයෙන් දක්වයි. ඒ වෙනත් රෝග  ගහණයකට අම්ල පිත්ත රෝගය හේතු විය හැකි බැවිනි.

වාත දෝෂය පර්ධාන අම්ල පිත්තය වාත සහ සෙම පර්ධාන අම්ල පිත්තය හා සෙම පර්ධාන අම්ල පිත්තය යැයි මෙය ත්රිවවිධාකාරය. වාත පර්ධාන අම්ල පිත්තයේදී වෙව්ලීම, නන් දෙඩවීම, මූර්ච්ඡාව, පුපුරු ගසන්නාක් බඳු වේදනාව, ඇඟ පත පණ නැති වීම, අවයවයන්හි බුරුල් බව, අනින්නාක් බඳු වේදනාව, දකින දේ අඳුරු පැහැයෙන් දැකීම, කරකැවිල්ල, මුලා බව, ලොමු දැහැ ගැන්ම ආදී රෝග ලක්‍ෂණ දකින්ට ලැබේ.

සෙම අධික අම්ල පිත්තයේදී බොහෝ කොට සෙම කාරා දැමීම, සෙම බේරීම, ඇඟ පතේ බර බව වැඩිපුර දැනීම, ක‍්‍රියා හානිය, සියල්ල අරුචි වීම හෙවත් නොරිස්සුම, සීතල දැනීම, ඇඟ පත අවයව බුරුල් වූවා සේ දැනීම, වමනය යාම, මුඛයේ සෙම ඇලී තිබීම, මන්දාග්නි තත්වය ඇතිවිම, ශරීර ශක්තිය හීන වීම, කැසිල්ල, නිදිමත ආදී ලක්‍ෂණ දැකිය හැකිය. වාත හා සෙම් ප‍්‍රධාන අම්ල පිත්තයේදී ඉහත කී රෝග ලක්‍ෂණ මිශ‍්‍රව පවතින්නේය.

පිතේ විශේෂතාව සහිත සෙම අධික අම්ල පිත්තයක් ගැන ආයුර්වේදයේ සඳහන් වේ. එහිදී තිත්ත ඇඹුල් හා කුළු (කටුක) රසයෙන් යුතු ඔක්කාරයක් ඇතිවේ. හෘදය පෙදෙස උදර පෙදෙස බෙල්ල ආදී තන්හි දැවිල්ල කරකැවිල්ල මුලාව අරුචිය වමනය අලස ගතිය හිසරදය සෙම් වැගිරීම මුඛයේ පැණි රස දැනීම ආදී ලක්‍ෂණ ඇතිවේ. අම්ල පිත්තයේ ප‍්‍රධාන දෝෂය පිතයි. මෙහි සාමාන්‍ය සහ විශේෂ තත්ව දක්නා ලැබේ. සෙම බහුල අම්ල පිත්තයේදී පිතේ ඇති එම විශේෂත්වය යහමින් දක්නට ලැබෙන බව සැළකිය යුතුය.

මෙකී සියලූම රෝග ලක්‍ෂණ එක රෝගියෙකු කෙරේ දකින්ට නොලැබෙතත් බොහෝ ලක්‍ෂණ දක්නට ලැබේ. බෝ නොවන රෝග ගණයේ  බහුලව දක්නට ලැබෙන රෝගයක් වන මෙම රෝගය වැළඳීමෙන් පසු බොහෝ දුක් උසුලා සුව කර ගැනීමට වඩා රෝගය වැළඳීමෙන් වැළකී සිටීම ඉතා අගනේය. ඒ සඳහා අප ගත යුතු ක්රියා මාර්ග රාශියකි. පළමුකොට සිරුර හා මනස පවිත්රව තබා ගත යුතුය. ආහාර පරිවෘත්ති හෙවත් දිරවා එහි රසය සිරුරට උරා ගැනීමේ ක්රියාවලිය හෙඳින් සමබරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

විශේෂයෙන්ම ආහාර පැසවන ශාරීරික ගින්න නිසි පරිදි පවත්වා ගත යුතුය. මෙහදී සුදුසු කල්හී ආහාරයට ගත් සැහැල්ලූ හිතකර ආහාරය පවා වැඩිපුර වතුර බීම නිසා නිසියාකාර පැසවීමකට නොයන බව ශාස්ත‍්‍රයේ සඳහන් වේ. එවිට අග්නිය හෙවත් ගින්න මන්දාගිනි තත්වයට යයි. එවිට සිරුරේ අමු බව හා සෙම වර්ධනය වෙයි. එකල අවයවයන්හි ක්රියාකාරීත්වය දුබල වීම සිරුර බර බව ආදී ලකුණු පහළ වෙයි. ආහාර අඩුවෙන් හෝ වැඩියෙන් ගැනීමද නොකල්හි ආහාර ගැනීමද මළ මූත්ර කිවිසුම් අධෝ වාත ආදී ශාරීරික වේග පහ නොකර දරා ගෙන සිටීමද රාත්රී නිදි වැරීම හා දහවල් හි නිදි ගැනීම යනාදී කරුණු ආහාර පැසවෙන ගින්න මැඩ පැවැත්වීමට හේතුවේ. එකල අම්ල පිත්ත පමණක් නොව ආමාශය අන්ත්ර මාර්ග ගත වෙනත් බොහෝ රෝගයන් පවා පහසුවෙන් උපදී. මානසික දෝෂ වශයෙන් ගැණෙන ඊර්ෂයා කිරීම, අධික ලෙස බිය වීම, දැඩි සේ ක්‍රෝධ කිරීම, ආදී කරුණු ලබන්නා කෙරෙහිද අධික ලෝභයෙන් යුතු වූවන් කෙරෙහිද මානසිකව නිවට ගති ඇත්තවුන් කෙරෙහිද රෝග පීඩිතයින් කෙරෙහිද අනුන්ට දිවේශ කරන්නන් කෙරෙහිද ගත් ආහාරය නිසි පැසවීමකට නොයයි. එමෙන්ම නිසි පමණින් නිසි පරිදි වැළඳු හිතකර ආහාරය වුවද අධික සිතිවිලි ඇතිව දැඩි කණගාටුවට පත්ව දැඩි බියෙන් යුතුව අනුනට ක්‍රෝධ සිතින් යුතුව නම් නිසි පැසවීමට නොයයි. සුව පහසු නැතිව දුකසේ නිදා ගැනීමද නිදි වැරීමද ආහාරය නොදිරවීමට ප‍්‍රධානවම හේතුවේ. මේ බැව් ආයුර්වේදයේ මූලික ග‍්‍රන්ථ දෙකක් වන සුශ්රැත සංහිතාවේ සහ චරක සංහිතාවේ කෙළින්ම දක්වා ඇත.

නින්ද ආහාර ජීරණයට බලපාන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්ට පුළුවන. දහවල හි සිරුරේ බාහිර අවයව මෙන්ම අභ්‍යන්තර අවයවද ක්රියාකාරීව සිට රැුයේදී විශ‍්‍රාමයට පත්වෙති. බඩවැල සහ අක්මාව ඊට වෙනස්ව රැයේදී හොඳින් ක්රියාත්මක වේ. රැයෙහි නිදි මැරීමෙන් ආහාර පැසවීමේ ක්රියාව අඩපණ වන්නේ එබැවිනි. එයින් වාත දෝෂය වර්ධනය වී ආහාර නොදිරවීමේ තත්වය පැන නැගේ. දහවල් හි නිදා ගැනීමෙන් සෙම වැඩිවී ගින්න නිවී යයි. එම නිසා ආහාර නිසි පරිදි නොපැසවා පල් වෙයි; විෂ වෙයි. ඊර්ෂයා භය ආදී මානසිකතත්වයන් නිසා මොළයේ සහ නාඩි ව්‍යූහයේ සිදුවන විකෘතිතා නිසා ආහාර පැසවන පාචක ද්‍රව්‍ය වැගිරීමේ ඇණහිටීමක් සිදුවේ. නිසි මානසික ව්‍යාපාරය ආහාර දිරැවීමේ ක්රියාවලිය නියමිත පරිදි මෙහෙයවයි. ආයුර්වේදය ඈත අතීතයේ දුටු මේ තත්වය අද නවීනයෝත් එකහෙළා පිළිගනිති. 

මේ රෝගය හා ඇති විය හැකි තවත් රෝග බොහෝමයක් ආහාර ජීරණ පද්ධතියේ ක‍්‍රියා විකෘතිය නිසා උපදී. අසාත්මක භෝජණය හෙවත් නොගැලපෙන ආහාර ගැනීම අර්ධපක්ව භෝජණය හෙවත් බාගෙට පිසූ ආහාර ගැනීම පිලූනු වූ ආහාර ගැනීම හොඳින් නොපිසූ ආහාර ගැනීම සහ අද බහුලව දක්නට ලැබෙන වරක් පිස ශීතකරණ වල බහා තබා පසුව ගෙන නැවත රත්කර කර ආහාරයට ගැනීම අතිශයින්ම අන්ත‍්‍ර මාර්ගික රෝග උපදවයි. එසේ නැවත රත්කර ගන්නා ආහාර විෂ බව ආයුර්වේදය සාරංගධර සංහිතාවේ ලා දක්වයි. මෙවැනි තත්වයන්ගෙන් තොර වූ හිත ආහාරය ලෙඩ හදන්නෙ නැත. බහුල වශයෙන් පොල්තෙල් ද ඊට අඩුවෙන් මීතෙල් එලඟිතෙල් දුන්තෙල් ද ආහාරයට ගත් අපේ රටේ වැසියන් අද තෙල් යැයි කියා කන්නේ මොනවාදැයි ඔවුන්ම නොදනී. විවිධ වූ ඇට වර්ග මද වර්ග සිඳි තෙල් වෙළඳ පලේ බහුලය.

ඒ තෙල් සහිත ආහාර ගැනීම නොකළ යුතුය. විවිධ දේශගුණික කලාප වලට අයත් නොරටුන්ගේ ආහාර රටාවට අප පුරුදු විය යුතු නැත. පාන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලෙඩ හැදෙන බවට අද සමාජය තරමකට හෝ දැනුවත් වී ඇත. අම්ල පිත්තයට එයද ප්රධාන හේතුවකි. මිරිස් තෙල් අධික ආහාර මෙන්ම ඒවා රසවත් කිරීමට යොදා ගනු ලබන මොනසෝඩියම් ග්ලූමේට් නමැති කෘත‍්‍රීම රසාකාරකය අපේ ආහාර ජීරණ පද්ධතියට කරන අපරාධය පිළිබඳව හොඳින් අවබෝධ කර ගත යුතුය. එමෙන්ම කෘත්රීමව සෑදු පැණි බීම වර්ග ශරීරයේ ක්‍ෂණික ශක්තිය ඇති කරවතියි වෙළඳ ප්රචාරණයට පත් පානීය වර්ග ශක්ති ජනක බව කියන කිරිපිටි වර්ග භාවිතය පිළිබඳව අපේ රට වැසියා මීට වඩා අවබෝධයෙන් ක‍්‍රියා කළ යුතුය.

එමෙන්ම මානසික යහ පැවැත්ම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි. සිතේ දුර්ගුණ වැඞීමෙන් ගතේ රෝග හට ගන්නා බව බටහිරින්ද අවධාරණය කරන කරුණකි. අදහන  ඕනෑම ආගමකට ධර්මයක සමාජයේ අනුනට කරදරයක් නොවන පරිද්දෙන් ජීවත්වන ක්රමය දැක්වෙයි. එලෙස ජීවත් වන්නාගේ මානසික දුර්ගුණ විකෘතිතා ඇති නොවේ. බෞද්ධයින් නම් සිල් පද පහ හොඳින් රැක ගැනීමෙන් නිරෝගී පුද්ගලයෙකු ලෙස ජීවත් වීම හැකිවේ.

මත් ද්‍රව්‍ය හා මත්පැන් වලින් වැළකී සිටීම සෞඛ්‍යය රැකගැනීමට වඩාත් ඉවහල් වේ. මත් පැනින් වළකින්නටම බැරි නම් එය ප්රමාණාත්මකව ක්රමයෙන් අඩු කළ හැකිය. එළෙස ක්රමානුකූල පැවැත්මෙන් මත්පැනින් වැලකී සිටීමටද පුරුදු වන්නට පුළුවන. එවිට ලෙඩ දුක් නැති නිරෝගී ප්රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව පෑදේ. මධුමේහය හෘදයාබාධ අධි රුධිර පීඩනය අක්මාගත ආබාධ ආමවාත සන්ධිවාත පීනස වැනි රෝග ගහණයකින්ද වැළකීමට යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය සංරක්‍ෂණය හේතු වේ.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍්‍යෂක අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

29 ජනවාරි 2016


Friday, November 6, 2015

හරිම වැදගත්, කියවන්න වටින ලිපියක් - තරබාරුකම සහ හන්දිපත් රුදාවට කදිම ඔසුවක්.

රුධිර නාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලුවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට සහ ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කාර්ය්‍ය ශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. 

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය නියමිත පරිදි, නියමිත කාල සීමාවක් දිනපතා (අවම වශයෙන් මාස හතරක් උදේ සවස) නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වූ සියළු සහනයන් ලබා ගත හැකිවේ. පළමුවෙන්ම නාලගත මේදස් (කොලෙස්ටරෝල්) ඉතා හොඳින් අඩුකරමින් ක‍්‍රම ක‍්‍රමයෙන් ශරීරයෙහි මාංශපේශීන් වල ඇති මේදස් අඩු කරමින් ශරීරය සිහින් වීම දක්වා මනාව ක‍්‍රියාත්මකවේ.

මෙම තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැබෙන අවස්ථාවක් වන්නේ ආර්‍තවාභාවය සිදුවූ හෝ ඊට ළං වූ හෝ මධ්‍යම වයසට පත්වූ හෝ ඊට ආසන්න වූ හෝ කාන්තා පක්‍ෂය කෙරෙහිය. ආර්‍තවාභාවය හෙවත් ඔසප් චක‍්‍රය ක‍්‍රියා විරහිත වීම තුල කාන්තා ශරීරය තුල ඇතිවන අන්තර් රසායනින ක‍්‍රියාවලිය අධික තරබාරුව කෙරෙහි ප‍්‍රධාන වශයෙන්ම බලපාන බව කිව හැක. අපට ආර්‍තවාභාවයට පත්වීම වලක්වා ගත නොහැකි අතර තරබාරුව වලක්වා ගැනීම අපහසු නොවේ. වාණිජවාදී නාගරික සමාජය තුල මෙම තත්ත්වය වඩාත් පහසුවෙන් දැකිය හැකිය.

ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් මෙම පානය ඖෂධීය පානයක් ලෙස සහතිකය, අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු.   

දැනට වෙළඳ පෙලෙහි ඇති ස්ථූලතාවය (තරබාරුව, සිරුරේ මහත අඩු කිරීම, Slim) සඳහා ඇති පානයන් අතරින් ඉතාම ගුණදෙන පානය වන්නේ ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානයයි. අප එසේ කියන්නට හේතුව වන්නේ මෙම පානය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය නිසාවෙනි. ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානයෙහි තේ හෝ ඊට අදාල කිසිවක් මිශ‍්‍රකර නැත. බරින් වැඩි තේ සමඟින් වෙනත් අමු ද්‍රව්‍යයක් මිශ‍්‍ර කිරීමේදී වන්නේ එම මිශ‍්‍ර කරන ඖෂධීය අමුද්‍රව්‍ය එම සංයෝගයට මිශ‍්‍ර වන්නේ උපරිම වශයෙන් 40% ක් පමණක් වන අතර අනෙක් 60% ම තේ වනු ඇත. ඒ අනුව ගත්කල උපරිමය වශයෙන් ඖෂධීය ගුණය ඇත්තේ 40% ක් පමණය. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය සියයට සියක්ම ආයුර්වේදීය අමුද්‍රව්‍ය වලින් පමනක්ම නිපදවා ඇති අතර මෙහි තේ අඩංගු නැති හෙයින් මෙහි අඩංගු අමුද්‍රව්‍ය සියල්ලම අවශ්‍ය අරමුණ සඳහාම පමණක් එක එල්ලේම ක‍්‍රියාත්මක වේ. 

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය සඳහා යොදා ගනු ලබන, පරම්පරා දශක ගනනාවක් නොවෙනස්ව පැවති ඖෂධ සහ ඒවායේ ද්‍රව්‍ය ගුණ පහත සඳහන් වේ.



කරපිංචා - Murraya koenigii
මේද හර ගුණය, ආමාශය අන්ත‍්‍ර මාර්ගයේ ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කර ලේ පිරිසිදු කරයි. කොලෙස්ට්‍රෝල් වැනි රුධිර නාල ගත මේද සංචය (රැස්වීම) අවම කරයි. ශරීරයට බැහැරින් ඇතුලු විය හැකි (අක්මාගතව ඉතිරිවන) සියලු විෂ කොටස් බැහැර කොට පිරිසිදු කරයි. ආහාර දිරවීමට අවශ්‍ය ඒ ඒ ස්ථාන ගතව වැගිරෙන එන්සයිම වැගිරවීමේ ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කරයි. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි. 


ගොරකා  - Gracinia cambogia

ස්ථූලභාවය අඩුකරයි. මාංෂ පේශීන්ගේ තානය (Tone - එල්ලා නොහැලෙන බව - Stiff) රැකගැනීමට උපකාරීවේ. ඌර්ධගතව හෝ අධෝගතව ඇතිවන අම්ල පිත්තය පාලනය කරයි. ශරීරයෙහි මේදස් ඉතා හොඳින් අඩුකරයි. සිරුර සිහින් කිරීම සහ සිරුරේ නිසියාකාර හැඩය රැකගෙන සිරුර සිහින් කරයි. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි.


නෙල්ලි - Phyllanthus emblica

රුධිර ශෝධනය ඇතිකරයි. රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. ආහාරයෙන් උපදනා මධුර පදාර්ථ රුධිරයට අවශෝෂණය කර ගැනීමේදී ඇති විය හැකි අධි අවශෝෂණතාවය පාලනය කිරීමට උපකාරීවේ. රුධිරයේ ආම්ලිකතාවය අඩු කරයි. මුත‍්‍රා අම්ල අඩු කර මුත‍්‍රා බැහැර කිරීම ක‍්‍රමවත් කරයි.  අම්ල පිත්තය සුව කිරීමට උපකාරී වේ. සිරුරේ අභ්‍යන්තර දාහය පාලනය කරයි. මුත‍්‍රා දැවිල්ල සහ ගුද මාර්යේ දැවිල්ල සුව කරයි. රක්ත ශෝධනය ඉතා ඉහලයි. ශාරීරික පිත්කෝපය නිසා ඇති වන්නා වූ විවිධ සංකූලතා අවම කරයි. රුධිර පීඩනය මනා ලෙස පාලනය කරයි. සමේ ඇතිවිය හැකි බිබිලි, කැසීම් අවම කර ඇස් පෙනීම වැඩි දියුණු කරයි.

හීං මිදි මුල් - Premna serratifolia
සිරුරේ තෙල් සහ මේද වර්ධණයවීම ඉතා හොඳින් වලක්වයි. වාත වේදනා නසයි. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි.


කෙලිඳ සහල් - Holarrhena antidysenterica
ආමාශය අන්ත‍්‍ර මාර්ගික ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීම සහ මළ ඝන භාවයට පත්කර බැහැර කිරීම. ද්‍රව මළ පිටවීම වැලැක්වීම සහ මධුමේහ තත්වයන් පාලනය කිරීම. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි. 

මඟුල් කරඳ - Pongamia glabra
අන්ත‍්‍ර මාර්යේ පහල කොටසෙහි ක‍්‍රියාකාරීත්වය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒම. මළ ආකෘතිය සකස් කිරීම. ආහාර දිරවීමේ දී ඇතිවිය හැකි අමු බව නැති කර මළ මාර්ගයේ ඇතිවිය හැකි සංකූළතා වැලැක්වීම. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි.

ඉහතකී අමුද්‍රව්‍ය ඒ ඒ මාත‍්‍රාවන්ට අනුව එකට සංයෝග කර සාදාගන්නා වූ මෙම ඖෂධීය පානය නමින් ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය වශයන් හඳුන්වන අතර දැනට වෙළඳපොලේ ඇති හොඳම ගුණදෙන අති විශිෂ්ඨ ඖෂධීය පානය ලෙස හඳුන්වා දිය හැක.    

දැනට වෙළඳ පොලෙහි බහුලව දක්කනට ඇති ‘ග‍්‍රීන් ටී’ (Green Tea) මගින් සිරුර කෙට්ටු කරන බවට සමාජය පුරා ඇති මතය මෑතක දී අප සමාජය තුල අසන්නට ලැබුන ද මෙහි ඇත්ත නැත්ත පිළිබඳ කිසිඳු විද්‍යාත්මක සාක්‍ෂියක් ආයුර්වේදයේ සඳහන් නොවේ. ජපානයේ, චීනයේ හා එ් ආශ‍්‍රිත රට වල ජනතාව ‘ග‍්‍රීන් ටී’ භාවිතා කරන හෙයින් සහ බටහිරින් එන  ඕනෑම දෙයක් පිලිගැනීමේ ඇති උනන්දුව මත මෙම ‘ග‍්‍රීන් ටී’ පානය ව්‍යාප්ත වුවද එහි කිසිදු ඒ කියන ආකාරයේ ගුණයක් ඇති බවක් අප පැරණි ග‍්‍රන්ථ එකකවත් සඳන් නොවේ. මෙම මතය අන්තර්ජාලයේ ඇති ලිපි සහ බටහිරින් එන මතයක් වුවද ආයුර්වේදීය බෙහෙත් හා පැළෑටි වලට සාපේක්‍ෂකව ගත් කල ගුණය අතින් ඉතා විශාල මෙහෙවරක් නොවන බව අපේ හැඟීමයි. ‘ග‍්‍රීන් ටී’ හි සිරුර කෙට්ටු කිරීමට අවශ්‍ය සංඝඨක එකක් හෝ දෙකක් අඩංගු වේ යැයි බටහිරින් කරන ලද පරීක්‍ෂණ වල සඳහන් වුවද පැරණි ආයුර්වේද හෝ දේශීය ඉතිහාස ග‍්‍රන්ථ එකකවත් මේ බවක් සඳහන් වී නැත.

එක එක කාලයෙන් කාලයට ගුණ අගුණ වෙනස් වන බෙහෙත් වර්ග ආයුර්වේදයේ හෝ දේශීය වෙදකමේ නැත. ආයුර්වේදීය බෙහෙත් හා පැළෑටි ගත්කල පරම්පරා දහස් ගනනක ඉතිහාසයේ සිටම පැවත එන එවායේ ගුණ වෙනස් නොවී පැවතීම පුදුම සහගතය. උදාහරණයක් ලෙස වෙනිවැල්ගැට ගත් කල එහි ගුණය එදත් අදත් එසේමය.

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.

    

  




සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk


Facebook: Mediherbs Sri Lanka



Tuesday, October 27, 2015

මොනවද මේ තුනපහ


අපේ ආහාර රටාව අනුව අපි තුනපහ ටිකක් වැඩිපුර යොදා ගන්නවා. එහෙත් මෙහි වචනාර්ථය දන්නෙ කීයෙන් කී දෙනාද? “තුනපහ” කියන්නෙ කුළුබඩු හා වෙනත් ද්‍රව්‍ය කීපයක එකතුවකට. තුනපහ හැදිලා තිබෙන්නෙ වචන දෙකකින්. “තුන” සහ “පහ” තුන යන්නට ලුණු, මිරිස් හා ඇඹුල් අයත් වෙනවා. ආහාරයට එකතු කරන ඇඹුල් වර්ගත් කීපයක්ම තිබෙනවා. ඒ අතුරින් සියඹලා, ගොරක සහ දෙහි කාටත් පුරුදු ඇඹුල් ද්‍රව්‍ය. මේවා ආහාර රසවත් කිරීමේදී නැතුවම බැරි සංඝටක වෙනවා. “පහ”ට සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ සහ උළුහාල් යන කුළුබඩු වර්ග අයත් වෙනවා.

මේවා තුනපහ ලෙස හැඳින් වූවාට ආහාරවලට එකතු කරන්නෙ තනි මිශ්‍රණයක් විදියට නෙවේ. ලුණු, මිරිස් සහ ඇඹුල් එකතු කරන්නේ වෙන වෙනමයි. එහෙත් පසුව කිව්වා “පහේ ද්‍රව්‍ය” ටික සම සමව මිශ්‍රකර කුඩු කරනවා.

රෝග සුව කිරීමේ ගුණය
මේ තුන පහට අයත් සෑම ද්‍රව්‍යයකම ආහාර රසවත් කිරීමේ මෙන්ම විශේෂ ඔෟෂධීය ගුණයකුත් තිබෙනවා රෝග වැළැක්වීමට වගේම රෝග සුව කිරීමත් මේ මඟින් ජපානය වැනි රටවල ආහාර පිසීමේදී මිරිස් තුනපහ භාවිතය අඩුයි. අනෙක් අතට මේ අයට ආහාර මාර්ග පද්ධතිය ආශි්‍රත පිළිකා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. මේකට හේතුව තුනපහ භාවිතය අඩුවීම වෙන්නත් පුළුවන්.

දෙහි ඇඹුල්
දෙහි ඇඹුල්වලින් සෙම හා වාතය සමනය කරනවා. ඒ වගේම මෙය ආහාර රුචිය වැඩි කරනවා. බඩගින්න වැඩි කරනවා වගේම ආහාර ජීර්ණය හොඳින් සිදුවීමට උදවු වෙනවා. දෙහිවලට විටමින් “සී” ඛ් අඩංගු වෙන නිසා දත් හා විදුරු මස් ශක්තිමත් කරනවා. මේවා රෝගවලින් ආරක්‍ෂා කරනවා. විදුරු මස්වල ඇතිවන ප්‍රදාහ (gingiritis)  තත්ත්වයන් සුව කරනවා. දෙහි ඇඹුල් අජීර්ණ තත්ත්වය මඟහරවනවා. ආමාශයේ ඇතිවිය හැකි අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙනවා. දෙහිවලට. අධික තරබාරුකම පාලනය කරන්නත් පුළුවන්. දෙහිගෙඩි 2ක විතර ඉස්ම වතුර වීදුරුවකට මිශ්‍රකර දිනපතා පානය කිරීමෙන් ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්.














දෙහිවල විටමින් සී අඩංගු නිසා ඒ මඟින් ප්‍රති ඔක්සිකාරක ක්‍රියාවලියක් සිදුවෙනවා. මේ නිසා රුධිර නාළවල මේද තැන්පත් වී සිදුවන අවහිර වීම් පාලනය කරනවා වගේම හෘද රෝග ඇති වීමෙන් අඩු කරනවා. ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කර රෝග ඇතිවීම වළක්වනවා.

පිළිකා වළක්වනවා
දිනපතා දෙහි ගෙඩි භාගයක ඇඹුල් ඔබේ කෑම වේලට එකතු කරගන්න පුළුවන් නම් ඉහත සඳහන් කළ සියලුම ප්‍රතිලාභ ලබන්න පුළුවන් වගේම ඔබ පිළිකාවලිනුත් ආරක්‍ෂා කරනවා.

දෙහි ඇඹුල්වල Flavanoids නම් වූ ප්‍රතිඔක්සිකාරකය තිබෙන නිසා පිළිකා සෛලවල අස්වාභාවික සෛල බෙදීම නතර කරනවා. මේ නිසා තමයි දෙහිවලට පිළිකා හැදීම වළක්වන්න පුළුවන්. මීට අමතරව දෙහිවල Limonin කියන පිළිකා වළක්වන රසායනිකයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් ඔෟෂධීය ශාකවල තිබෙන මෙම පිළිකා වළක්වන විවිධ රසායනිකයන් රුධිරයේ තිබිය හැක්කේ පැය 4 - 5ක් පමණ කෙටි කාලයක් පමණයි. එහෙත් Limonin නොනැසී පැය 24ක් තරම් දිගු කලක් පවතිනවා. මේ අනුව දැන් ඔබට වැටහෙනවා ඇති දෙහි ඇඹුල් ස්වල්පයක් කෑමට එකතු කිරීමෙන් කෑම වේල රසවත් වෙනවා වගේම කොපමණ රෝග ප්‍රමාණයක් වළක්වන්න පුළුවන්ද කියලා.

සියඹලා
සියඹලා වාත සාමකයි. ආහාර රුචිය වැඩි කරයි. එසේම බඩගින්නද වැඩි කරයි. මේ නිසා අජීර්ණය සහ හෘද රෝගවලට සියඹලා ඇඹුල් හිතකර වෙනවා. සියඹලා ඇඹුල් ටිකක් වැඩිපුර ආහාරයට ගත්තොත් මලබද්ධය සුව කරනවා. මේ නිසාම අර්ශස් රෝගය වගේම ලේ ධාතුව දූෂණය වීමෙන් හටගන්නා විවිධ රෝග සුව කරන්නත් පුළුවන්. මේ නිසා සමේ රෝගවලටත් සියඹලා හොඳ ඔෟෂධයක්. සියඹලා ඇඹුල් විසබීජ නාශකයි. ඒ නිසා මුඛයේ, උගුරේ හටගන්නා වේදනාකාරී තුවාල සුවකරනවා.













සියඹලාවල ඇති ඔෟෂධීය ගුණය නිසා වැඩිපුර ඇති කොලෙස්ටරෝල් ඉවත්කර රුධිර නාළ හා හෘදය පිරිසුදු කරනවා, ශක්තිමත් කරනවා.

ගොරකා
මාළු ඇඹුල්තියල් සෑදීමට පමණක් නොව ආහාර රසකාරයක් විදියටත් ගොරකා භාවිත කරනවා. ගොරකා නිසා ආහාර රුචිය අඩු වෙනවා, ආහාර ජීර්ණය නම් ඉක්මන් කරනවා. මලබද්ධය වගේම උදරය පුරවා දැමීමත් නැති කරනවා. ගොරාකාවලට සෙම අඩු කරන්නත් පුළුවන්. ගොරක ඉතාම ඉහළ ඔෟෂධීය වටිනාකමක් සහිත ආහාර රස කාරයකි.




















ප්ලීහාව ආශි්‍රත රෝගවලට
ප්ලීහාව (Spleen) ආශි්‍රත රෝගවලදී ගොරක ඔෟෂධයක් වශයෙන්ද යොදන්න පුළුවන්. ගොරකා, මුරුංගා පොතු, තිප්පිලි සහ ගම්මිරිස් කෂාය කර එයට සහිඳ ලුණු ස්වල්පයක් දමා බීමෙන් එවැනි රෝග සුවකර ගැනීමේ හැකියාවක් ඇත.

ශරීරයේ බර අඩු කරනවා
ශරීරයේ අධික බර සැහැල්ලු කරන ඔෟෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්‍රෑම් 500ක් පමණ සති අටක්, දහයක් කෑමට පැය 1/2කට පෙර උණු වතුර සමඟ පානය කිරීමෙන් ශරීර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බීමෙන් ආහාර රුචිය අඩුවේ. මෙහිදී වන්නේ රුධිරයේ ඇති Seratonin සාන්ද්‍රණය අඩු වීමයි. මේ නිසාද ශරීර බර අඩුවීම සිදුවේ. ගොරක ආහාරයට එක් කර ගැනීමෙන් ආමාශ බිත්තියේ ඇති ශ්ලේෂ්ම පටලය ආරක්‍ෂා වෙනවා. රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු කරනවා

ගොරකාවලින් ලැබෙන ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ Hydroxy Cytric acid (HCA) ය. සාමාන්‍ය තත්ත්වයේදී අප වැඩිපුර පිටි ආහාර, පැණි රස ආහාර ගන්නා විට ඒවා මේදය බවට (Lipogenesis) පත්කර ශරීරයේ යම් යම් ස්ථානවල හා රුධිර නාළවල තැන්පත් කරනවා. එවිට අපට තරබාරු වීම හා හෘද රෝග හැදීමේ අවදානමක් තිබෙනවා.

ගොරකා වැඩිපුර ආහාරයට එක්කර ගත්විට වන්නේ වැඩිපුර මේද සෑදීම අඩු කිරීමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරුවීම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික වීමෙන් ඇතිවන ආබාධ අඩු කරනවා. මේ නිසාම අධි රුධිර පීඩනය ඇති වීමෙන්ද වළකිනවා.

ගොරකාවලින් ශරීයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒ නිසාම පිළිකා හැදීමේ ප්‍රවණතාව අඩු වෙනවා.

ආසාත්මිකතා
මාළු ඇඹුල් තියල් හදන විට ගොරකා අඹරා ඒවාට මිශ්‍ර කරනවා. ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් Histamin නම් රසායනිකය 80%ක් පමණ උදාසීන කරනවා. එම නිසා එම මාළු ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගීන් හා ඒ සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනීමෙන් වළකින්න.

මේ අනුව ගොරකා මඟින් ආහාර රුචිය අඩු කරනවා වගේම ශරීරයේ මේද තැන්පත් වීමත් අඩු කරනවා. අනෙක් අතට මේද දහනය ඉක්මන් කරනවා. මේ නිසා ගොරකා ආහාරයට දිනපතා එකතු කර ගැනීමෙන් රුධිරයේ අධික කොලෙස්ටරෝල් අඩුකර හෘද රෝගවලින් මිදෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ශරීර බරත් අඩු වෙනවා. දැන් බලන්න තුනපහවලට අයත් ගොරකා, සියඹලා වැනි ඇඹුල් වර්ග ආහාරයට ඇතුළත් කර ගැනීමෙන් කොතරම් යහපත් ප්‍රතිඵල උදාවෙනවාද කියලා.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය







සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


Thursday, October 22, 2015

අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික දුබලතා ඇතිවෙන්නේ නැහැ


අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට ලැබෙන්නේ විවිධ වූ ප්‍රතිඵල. ඇතැම් ආහාර උෂ්ණ ආහාර ලෙසත් ඇතැම් ආහාර ශීතල ආහාර ලෙසත් ඇතැම් ඒවා සෙම වඩන ආහාර ලෙසත් හඳුන්වනවා. අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට වන බලපෑම පිළිබඳව ආයුර්වේදයේ දැක්වෙන මතයයි. 

අප ගන්නා ආහාර ශරීරයට බලපාන්නේ කෙසේද?

අප ගන්නා ආහාරවලින් රස, ගුණ, වීර්ය, විපාක ප්‍රභාව යන ගුණ පෙන්නුම් කෙරෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. මෙයින් ’රස’ පිළිබඳව දැක්වීමේදී මධුර, අම්ල, ලවන, කටු, තිත්ත, කෂාය යනුවෙන් රස වර්ග 6ක් (ෂඩ් රස) ඇති බවත් ආයුර්වේදයේ දැක්වෙනවා. ගුණ පිළිබඳව සඳහන් කිරීමේදී ගුණ විස්සක් (20) පිළිබඳව සඳහන් වෙනවා. ආහාරවල මීළඟ ලක්ෂණය වන වීර්ය ලෙස දැක්වෙන්නේ කිසියම් ආහාරයක් ගත් විට එය ශරීරයේ ක්‍රියාකරන ආකාරයයි.


ආහාරයක ශීත, උෂ්ණ බව සඳහන් වන්නේ වීර්ය ලෙස හැඳින්වෙන ලක්ෂණය යටතේ. අප කිසියම් ආහාරයක් කෑමට ගත් පසුව එය ශරීරයට අවශෝෂණය කරගෙන එමඟින් ශරීරය තුළ විවිධ දේ සිදුකරනු ලබනවා. විපාක ලෙස හැඳින්වෙන්නේ එයයි. එමෙන්ම සිදු කළ හැකි විශේෂ ගුණය හැඳින්වෙන්නේ ප්‍රභාව ලෙසයි. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට ආහාරවල ප්‍රධාන ලක්ෂණ පහ (5) අතරින් ’වීර්ය’ නම් ලක්ෂණය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැන සිටීම ඉතා වැදගත්.

ආහාරයක වීර්ය ගුණය ශීත වීර්ය සහ උෂ්ණ වීර්ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ශීත වීර්ය උපදවන ආහාර ශීත ආහාර ලෙසත් උෂ්ණ වීර්ය උපදවන ආහාර උෂ්ණ ආහාර ලෙසත් හැඳින්වීමටයි බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ.

ආයුර්වේදයේ එන ප්‍රධානතම කරුණක් වන්නේ අපගේ ශරීරයේ වාතය, පිත, සෙම (කප) ලෙස හැඳින්වෙන තුන් දොස් කිපීමෙන් විවිධ රෝග හටගන්නා බවයි. සෙම වඩන ආහාර ලෙස කිරි, කිරිබත්, මුදවන ලද කිරි, යෝගට්, තැඹිලි, මාළු, කෙසෙල් වර්ග, බිත්තර වැනි ආයුර්වේදයේ දැක්වෙනවා. මෙම ආහාර ගැනීම නිසාත් වැඩියෙන් ආහාර ගැනීම නිසාත් ව්‍යායාම නොකර සිටීම නිසාත් බොහෝ වේලාවක් එකම ස්ථානයක හිඳගෙන සිටින නිසාත් ශරීරයේ සෙම ස්වභාවය වැඩිවෙනවා.

ධාන්‍ය වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම ශරීරයේ සෙම වැඩි කරන අතරම ශරීරයේ වාතයත් වැඩිකිරීමට හේතු වෙනවා. විශේෂයෙන් කඩල, කොල්ලු, කව්පි වැනි ධාන්‍ය වාතය වැඩි කරන ආහාරයි. මිරිස්, කෙලවල්ලන් මාළු, බලමාළු වැනි ආහාර ගැනීම ශරීරයේ පිත ස්වභාවය වැඩිවීමට හේතුවක්.

අප සැමවිටම ආහාර ගත යුත්තේ ශරීරයේ වාතය, පිත, කප (සෙම) නොකිපෙන ආකාරයෙන්. යම් යම් ආහාර ගත යුතු දිනයන් ද දිනයේ සුදුසු වේලාවන් ද ආයුර්වේදයේ දැක්වෙනවා. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට අප ගන්නා ආහාර අපගේ මනසේ ස්වභාවය වෙනස්වීමටත් බලපානවා. සත්ව, සමත්, රජස් යනුවෙන් මනසේ තත්ත්ව තුනක් තිබෙනවා. සත්ව ගුණය යනු කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාවෙන් තොරවීම වැනි ලක්ෂණ. කිරි, එළඟි තෙල්, ගොටු කොළ, ලුණුවිල වැනි ආහාර සත්ව ගුණය වැඩි කරන ආහාර. මනසේ පවතින තවත් ගුණයක් වන්නේ රජස් ස්වභාවයයි. රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ගති ලක්ෂණ මෙයට අයත්. මස්, මාළු, මත්පැන්, සුදුලූනු වැනි ආහාරවලින් මනසේ රජස් ස්වභාවය වැඩිවෙනවා. මනසේ ඊළඟ ලක්ෂණය වන්නේ සමත් ගුණයයි.

මෙය සෙමට අයත් ගුණයයි. ශරීරයේ සෙම ස්වභාවය වැඩි පුද්ගලයින් වෙතින් පෙන්නුම් කෙරෙන ගති ලක්ෂණ කීපයක් තිබෙනවා. නිද්‍රාශීලී බව, අලසකම, කය වෙහෙසා වැඩ කිරීමට ඇති අකැමැත්ත, යමක් පිළිබඳව සිතීමට පවා ඇති අකැමැත්ත එම ගති ලක්ෂණ. බිත්තර ශරීරයේ අලස ස්වභාවය වර්ධනය කිරීමට සමත් ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා බත් සමඟ මුසු කොට හෝ ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. එමඟින් මනසේ පිබිදීමක් ඇතිවී අලස ස්වභාවය පහව යනවා. එළඟි තෙල් ආහාර හොඳින් දිරවීමට ද උපකාරී වන ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා ආහාරයට ගැනීම කොලොස්ටරෝල් මේදය වැඩිවීමට හේතුවක් වන්නේ නෑ.

ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට මොළය, හෘදයවස්තුව, වකුගඩු වැනි ශරීරයේ ප්‍රධාන අවයවයන් ආරක්ෂා වන අයුරිනුයි අප ආහාර පාන ලබාගත යුත්තේ.

එළකිරි පානය ශරීරයට හිතකරද?

එළකිරිවල තිබෙන ගුණය පිළිබඳව ආයුර්වේදයේ විශේෂයෙන් සඳහන් වෙනවා. එළකිරිවලින් සාදාගන්නා පස්ගෝරස නීරෝගී ජීවිතයකට ඉතා ප්‍රයෝජනවත් ආහාරයි. ඉන්දියාවේ සෑම පුද්ගලයකු ම පාහේ දිනකට දියරකිරි බෝතල් දෙකක් පමණ පානය කරන බව පැවසෙනවා. කිරි පානය කරන ඕනෑම අයකුට සෙම වැඩිවෙනවා යයි කීම වැරදි මතයක්. අවේලාවේ කිරි පානය කිරීමත් සීතල කිරි පානය කිරීමත් ශරීරයේ සෙම ස්වභාවය යම් පමණකට වැඩි පුද්ගලයින් කිරි පානය කිරීමත් සෙම වැඩිවීමට හේතුවෙනවා. කිරිවලට යම් යම් ද්‍රව්‍ය එක්කරගෙන හොඳින් රත්කරගෙන පානය කිරීමෙන් කිරි පානය නිසා සෙම ඇතිවීම වළකා ගත හැකියි.


වියළි ඉඟුරු කුඩු ස්වල්පයක් හෝ වියලා කුඩු කරගන්නා ලද කලාඳුරු ස්වල්පයක් කිරි වීදුරුවකට එක්කර ගැනීම මඟින් කිරි පානයෙන් සෙම වැඩිවීම වළක්වා ගත හැකියි. කිරිවලට අධික ලෙස සීනි එක් කිරීමෙන් ද සෙම වැඩිවෙනවා. සාමාන්‍යයෙන් දියර කිරිවල සීනි යම් ප්‍රමාණයක් අඩංගුයි. කිරිවල ස්වභාවිකවම අඩංගු එම සීනි ප්‍රමාණයට හුරුවීම කිරි බීමෙන් සෙම ඇතිවීම වළක්වා ගැනීමට තවත් එක් පියවරක්. අපේ රටේ වැඩිපුරම පිටිකිරි ලෙස විකිණීමට තිබෙන්නේ යොදය සාරය ඉවත් කර කෘත්‍රිමව යම් යම් ද්‍රව්‍ය දැමූ පිටි කිරි. එම පිටි කිරි පානයට වඩා දියර කිරි පානය ඉතාම ප්‍රයෝජනවත්.

හෘදයට ගුණදෙන ආහාර මොනවාද?

ගොරකා, සියඹලා, පැණි දොඩම්, ඇඹුල් දොඩම්, නාරං වැනි පැඟිරි වර්ග, කාමරංගා, අඹ, ඇඹරැල්ලා, දෙළුම් හෘද රෝග නැති කරන ප්‍රධාන ආහාරයි. එමෙන්ම මොළයේ වර්ධනයට කිරි, ගිතෙල්, ගොටුකොළ, අලවර්ග ආදිය ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා උපකාරී වන ආහාර වර්ග ලෙස කැකිරි, වට්ටක්කා, පිපිඤ්ඤා, සියඹලා, කොමඩු, රාබු වැනි ආහාර වැඩියෙන් ගැනීම සුදුසුයි. මෙම ආහාර වකුගඩු පිරිසිදු කිරීමේ සහ වකුගඩුවලින් කෙරෙන කාර්ය පහසු කිරීමේ ගුණයෙන් අනූනයි. එමෙන්ම එම ආහාරවලින් වකුගඩුවල මෙන්ම මුත්‍රාශයේ ද ගල් ඇතිවීම වළක්වනවා.
වර්තමානයේ බොහෝ දෙනෙක් පානයට පුරුදුවී සිටින කෘත්‍රිම බීම වර්ග පිළිකා කාරක ගුණයෙන් යුක්ත බව හෙළිවී තිබෙනවා. පිළිකා ඇතිවීමෙන් වැළකී සිටීමට ඉතා ගුණ ආහාර වර්ග ලෙස කතුරුමුරුංගා කොළ, අන්නාසි, මයියොක්කා වැනි විවිධ අල වර්ග, කෙසෙල්මුව, කෙසෙල්බඩ, කොහිල වැනි කෙඳි සහිත ආහාර නිතර කෑමට ගැනීම ඉතාම සුදුසුයි. මෙහිදී නෙළුම් අල ද ඉතාම සුදුසු ආහාරයක් වුවත් වී වගාවට යොදන කෘෂි රසායන වැව්වල ඇති නෙළුම් අලවලට ද එක්වීම නිසා ඇතැම් නෙළුම් අලවල විෂ ද්‍රව්‍ය තිබෙනවා. මෙය මඟහරවා ගැනීමට නෙළුම් ගෙවත්තේ කුඩා පොකුණුවල වවාගන්නේ නම් ඉතා සුදුසුයි.

කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම වැඩිවෙනවාද?

ඇඹුල් කෙසෙල් වැඩියෙන් ආහාරයට ගත් විට ඇදුම, පීනස, කුෂ්ඨ රෝග වර්ධනය වෙනවා. එසේ වන්නේ එම රෝග ශරීරයේ නිදන්ගත වී ඇත්නම් පමණයි. එම රෝග නොමැති පුද්ගලයන්ට ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ඇඹුල් කෙසෙල් සවස් වරුවේ ආහාරයට ගත්විට ශරීරයේ සෙම වැඩිවෙනවා. සෑම කෙසෙල් වර්ගයකම සීනි තිබෙනවා. ඇම්බුං, කෝලිකුට්ටු වැනි කෙසෙල් වර්ගවල සීනි බහුලයි. එමනිසා දියවැඩියා රෝගීන් හට එම කෙසෙල් වර්ග දෙක නුසුදුසුයි. ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ලංකාවේ ආනමාලු වැනි කෙසෙල් වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසුයි.

නේත්‍රපලම් කෙසෙල් ඉතා හොඳ වාජීකරණ පලතුරක්. එමෙන්ම කුඩා ළමයින්ගේ වර්ධනයට ද නේත්‍රපලම් ආහාරයට ගැනීම සුදුසුයි. ශරීරයේ විෂ නැසීමේ ගුණය කෙසෙල්වල අඩංගුයි. අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය දුර්වල වන බවට මතයක් සමාජයේ තිබුණත් ආයුර්වේදයේ ඒ බව සඳහන් වන්නේ නෑ. ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර ලෙස කිරි, මුදවන ලද කිරි, වැල් පෙනෙල, එළඟි තෙල් වැනි ආහාර සුදුසු බවයි ආයුර්වේදයේ දැක්වෙන්නේ. වැල් පෙනෙල කැඳ ලෙසත් මැල්ලුම් ලෙසත් ආහාරයට ගත හැකියි. වැල් පෙනෙල අධි රුධිර පීඩනය අඩු කිරීමටත් මලබද්ධය නැති කිරීමටත් උපකාරී වන අගනා ඖෂධීය ආහාරයක්.

හැකි සෑම පුද්ගලයකුම උදෑසන කොළකැඳ කෝප්පයක් පානය කිරීම ඉතාම වැදගත්. එමෙන්ම දවාලට හෝ රාත්‍රියට තැම්බුම් හොද්දක් පානය කිරීම සුදුසුයි. තැම්බුම් හොද්දේ තිබෙන ගොරකා මඟින් කොලොස්ටරෝල් මේදය අඩු කරන අතර එහි අඩංගු අබ, කුරුඳු පොතු, සේර, කරපිංචා, සුදුලූනු වැනි ද්‍රව්‍ය හෘදය රෝගවලින් ආරක්ෂා කරනවා. ආයුර්වේදයේ ආහාර ගන්නා ආකාරය සහ සුදුසු ස්ථාන පිළිබඳව ද දක්වා තිබෙනවා.

ආයුර්වේදයේ දැක්වෙන්නේ පිරිසිදු ස්ථානයක මල් ආදිය තබාගෙන කතා නොකර ආහාර ගත යුතු බවයි. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම ඉතා නුසුදුසු ක්‍රියාවක්. එමෙන්ම ආහාර හොඳින් සපා කෑමත් වැදගත්. එය ආහාර ජීර්ණයට උපකාර වන අතර මුහුණේ මාංශපේශී එල්ලා වැටීමෙන් තොරවී ශක්තිමත් වීමට ද හේතු වෙනවා.

ආහාර පිළිබඳව තවත් ඉතා වැදගත් අදහසක් ආයුර්වේදයේ දැක්වෙනවා. ඒ; දියර කිරි සහ පලතුරු ද, දියර කිරි සහ මස් ද, දියර කිරි සහ මාළු එකට ආහාරයට නොගත යුතු බවයි. ඒවා විරුද්ධ ආහාර. එලෙස විරුද්ධ ආහාර ගැනීම දද, කුෂ්ඨ, පොතු කබර වැනි රෝගාබාධ ඇතිවීමට හේතු වන බවත් ආයුර්වේදයේ දැක්වෙනවා. එහෙත් මුදවන ලද කිරි ඉහත ආහාර සමඟ ගැනීමේ වරදක් නෑ.


විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
උපාලි පිලපිටිය





සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka