Thursday, September 3, 2015

රුධිරයේ කොලෙස්ටරෝල් කපා හරින ගොරකා


කොලෙස්ටරෝල් කපා හරින දිව්‍යමය ගුණ මෙහි අඩංගු වේ. හෘදයට ඉතාමත් හිතවත් ලෙස චරක මහ ඍෂි විසින් නම් කර ඇති ආහාර දසකයට ගොරකා ද අයත් වේ.

මෙහි ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි. මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. මෙම ඖෂධය නිෂ්පාදනය සඳහා කරන ලද නිරීක්ෂණ වලින් වාර්තා වුයේ ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ගොරකා වලින් ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බවයි. මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නා ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණි. එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබයි. ස්වාභාවිකව ලැබෙන එම පදාර්ථය ලබාගැනීමේ එැකියාව ශ්‍රී ලාංකික අප සතුව තවමත් ඇත. 

අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ


හෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම කණගාටු දායකය. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි

නාගරික ප්‍රදේශ වල ගොරකා ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, තවමත් සුළු මුදලකට මිලට ගත හැකි ගොරකා ඔබේ ආහාරයට එකතු කරගෙන ගුණ අත් විඳින්න.

garcinia cambogia ලෙස විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළු තැන්ගෙට නැතිවම බැරි රසකාරකයක්. හොදින් ඉදුනු ගොරක ගෙඩියේ පිටුපස කොටස කඩා, ගෙඩිය ඇතුලට ලුණු ගම්මිරිස් බිදක් දමා, අග කොටස තලන ලද අමු කුරුදු කෝටුවකින් මේ මද කනකොට අපූරු රසයි.



ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක් බව දැන සිටියාද?මේ ආයුර්වේද ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්. නවතම වාර්තා අනුව ශරීරයේ තරබාරුකම අඩු කරන නිශ්පාදන අතර ඉදිරියෙන්ම ඉන්න ගොරක සමත් වෙලා තිබෙනවා.

අද අපි කියන්න යන්නේ මේ අපුරු පළතුරේ ඇති තවත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

මේද තැන්පත්වීම වලකයි
සිට්‍රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්‍රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්‍රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.


රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා .

කෑම රුචිය මර්ධනය කරයි
අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.

ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්‍ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.

ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි
ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ  හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා 

උපුටාගැනීම පොතපත ඇසුනි

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය (ආයුර්වේද චූර්ණයකි) ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇති ග්ලූටියෙලා ආයුර්වේද ඖෂධීය පානය, ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානයේ අඩංගු දෑ: 
වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල්. (කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි)


කැළණි විශ්ව විද්යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්‍,  ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429

විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889 / 0777284473






Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka



සිරුරේ තරබාරු කම අඩු කර කොලෙස්ට්‍රෝල් පාලනය කරයි. හන්දිපත් රුදාව සමනය කරයි.



සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


No comments:

Post a Comment