Sunday, July 19, 2015

ස්ථූලතාවය (තරබාරුව) සහ ඒ සමග උපදින සන්ධිගත වාත රෝග


ආයුර්වේද වෛද්‍ය ශාෂ්ත්‍රයෙහි විවිධ වූ සන්ධිගත රෝග රාශියක් විග්රහ කර ඇත්තේය. ඒවා විවිධ වූ හේතු නිදාන ආදිය මත වැළෙඳන බවද ඒවායේ රෝග රූප විවිධාකාර බවද එවැනි රෝග වලට නිසි කලට ප්රතිකාර නොකර කල්ගත වී යාමට හැරීමෙන් විවිධ වූ උපද්රව ඇතිවිය හැකි බවද සඳහන් වේ. චරක සංහිතා, සුශ්රුත සංහිතා, අශ්ටාංග හෘදය සංහිතා යන මූලික ග්‍රන්ථ වලද එයින් පසුව ලියැවුනු රෝග නිදාන ග්‍රරන්ථ වලද මේ සන්ධි වාත රෝග ගහණය විවිධ මුහුණුවරින් විවරණය වී ඇත. මේ සියලූ විවරණයන් අතරින් අපට බහුල වශයෙන් හමුවන සන්ධි ගත වාත රෝග කීපයක් හඳුනා ගත හැකිය. ඒ අනුව ලොකු සහ කුඩා සන්ධි වල ප්‍රරදාහය වේදනාව හා ඉදිමීම ඇති කරන සන්ධි වාත තත්ත්වයන්ද ජාණු (දණහිස) සන්ධිය හා ගුල්ඵ (වළලූකර) සන්ධිය වැනි ලොකුසන්ධි වල ඉදිමුම් සහිත හෝ රහිත වේදනා ඇති නරන සන්ධි වාත තත්ත්වයන්ද දක්නට ලැබේ. මේ සියල්ල පොදුවේ බටහිර ඇලොපැති වෙදකමේ වර්ගීකරණය කරනු ලැබූ ආතරෛටිස් ගණයේ රෝගයන්ය. 

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව මෙම රෝග ගනණය බොහෝ කොටම රසධාතුවත් වාත හා ලේ ධාතුවත් කුපිත වීම නිසා උපදියි. මෙම තත්ත්වය උද්ගතවීම සඳහා බලපාන තවත් හේතු රාශියකි. මාංස ආහාර බහුලව ගැනීම, තෙල් සහිත ආහාර, පිළුණු වූ හෝ කල්ගතවූ හෝ ආහාර සහ පාන වර්ග, විදානී ආහාර වර්ග, තෙලෙන් පිසූ ආහාර, පිටි ආදියෙන් කළා වූ ආහාර වර්ග, පැනි රස, තෙල් ආදිය දෑ බහුලව යෙදූ ආහාර බහුල වශයෙන් භාවිතය, ගත් ආහාරය දිරවී යාමට පෙර නැවත ආහාර ගැනීම හෙවත් ළඟ ළඟ ආහාර ගැනීම, අක්‍රමවත්ව ආහාර ගැනීම ආදිය සහ අවිධිමත් ව්‍යායාම, අව්‍යායාම හෙවත් ව්‍යායාම නොකර සිටීම, වැරදි අයුරින් කරන ව්‍යායාමය, නොකල්හි කරන ව්‍යායාමය, අධික මෙවුන්දම් සේවනය, වැරදි සහගත ලෙස සිරුරට අපහසුවක් දැනෙන ලෙස කරන ගමන් යාම්, හිදීම්, සිටීම් සහ නිදීම් ආදිය, දැඩි සූර්යතාපයෙන් පෙළෙමින් සිටීම, ආහාර පැසවන ගින්න පිළිබඳව වන විවිධ විකෘතිතා, ස්ථූල ශරීර ඇතිබව, සුකුමාර ශරීර ඇති බව, ආදී වූ කරුණු බොහෝමයක් මත ශාරීරික වාතයද රස ධාතුවද ලෙසද කිපී යටකී සන්ධි රෝග ගහනය උපදවයි. එමතුනොව මෙම හේතු සමුදාය මධුමේහය (දියවැඩියාව) හෘදබාධය ආදී භයානක රෝග තත්ත්වයන්ටද කාරනා වේ.  

මෙලෙස දැක්වූ හේතු සමුදායක්ද තිබියදී මධ්‍යම වයසට පත්වීමද සන්ධිවාත රෝග ඉපැදීමට කාරණාවන බව දක්නට ලැබේ. විශේෂයෙන් එම තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැඛෙන්නේ ආර්තාවාභාවය සිදුවූ හෝ ඊට ළං වූ හෝ මධ්‍යම වයසට පත්වූ හෝ ඊට ආසන්න වූ හෝ කාන්තා පක්ෂය කෙරෙහිය. ආතර ආර්තාවාභාවයවත් ඔසප් චක්‍රය ක්‍රියා විරහිත වීම තුල කාන්තා ශරීරය තුල ඇතිවන අන්තර් රසායනින ක්‍රියාවලිය අධික තරබාරුව කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන බව කිව හැක. අපට ආතර ආර්තාවාභාවය ට පත් වීම වලක්වා ගත නොහැකි අතර තරබාරුව වලක්වා ගැනීම අපහසු නොවේ. වාණිජවාදී නාගරික සමාජය තුල මෙම තත්ත්වය වඩාත් පහසුවෙන් දැකිය හැකිය. 

ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප්‍රතිකාරයක් අවශ්‍යය. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ඒ සෞඛ්‍ය තත්ත්වය ඇති කර ගැනීම උදෙසාය. ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඖෂධ සංයෝගයක් වශයෙන් ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ගැනීම තවත් අතුරු පල රාශියක් ලබා දෙයි. 

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැෙඳන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍යය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රරව වලක්වා සෞඛ්‍යාරක්ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කාර්ය්‍යශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ඉතා යෝග්ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. 



සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇති ග්ලූටියෙලා ආයුර්වේද ඖෂධීය පානය ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප්‍රබල ක්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Facebook: Mediherbs Sri Lanka







ආර්පිකා් සහ කීල්ස් සුපිරි වෙළඳ සැල් සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.








No comments:

Post a Comment