Monday, July 20, 2015

නිරෝගී පැවැත්මකට හා දිගුකල් ජීවනය සඳහා









නිරෝගී පැවැත්ම නැතිනම් නිරෝගී ජීවිතය තමන් විඳින්නා සේම තමන්ට දැනෙන්නා සේම තමන් නිරෝගී බව අනුන්ට ද දැනෙනවා නම් කෙතරම් අගනේද? තමන් ගත කරන නිරෝගී ජීවිතය දෙස ඊර්ෂ්‍යාවෙන් හෝ කෑදර කමින් හෝ කෙතරම් ලෙඩුන් බලා සිටිනවාදැයි තමන් දන්නවාද? නිරෝගී පැවැත්මක නිරෝගී ජීවිතයක අගය එතරම්ම ඉහලය.‘ආරෝග්යා පරමා ලාභා’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේත් එබැවින්ය.

නිරෝගී කම ප්‍රධාන වශයෙන් ශාරීරික හා මානසික යැයි ද්විවිධය. මෙයින් ශාරීරික නිරෝගී කම බාහිර සහ අභ්‍යන්තරවශයෙන් බෙදිය හැකිය. අභ්‍යන්තර නිරෝගී කම පිරිහෙන විට බාහිර නිරෝගීකමද ඉබේම පිරිහී යතත් ශරීරයේ බාහිර නිරෝගී කම අභ්‍යන්තර සබඳතා වලින් බැහැරව වුවද පිරිහී යා හැකිය. 

අභ්‍යන්තර නිරෝගී කම රක්ත සංවහනය ව්යූහයේ මනා පැවැත්ම, ශ්වසන පද්ධතියේ සෞඛ්යය, මධ්යම හා පර්යන්ත නාඩි ව්යූහයන්හි නියම ක්රියාකාරීත්වය, මුත්රණ ව්‍යූහය ආදී බහි:ස්රාවි පද්ධතීන් වල නිවැරදි කාර්යයන්, ආහාර පරිපචන ව්‍යූහයේ සුනිසි ක්‍රියාවලිය අස්ථි සන්ධීන්ගේ මනා ක්‍රියාකාරීත්වය හෘදයෙහි නිසි පැවැත්ම ආදිය සඳහන් කළ හැකිය. මෙම සියළු ක්‍රියාකාරකම් ශරීරය තමන්ට ඇවැසි පරිදි සිදුකරගන්නා අතර සෞඛ්‍ය සංරක්ෂණය වශයෙන් අපට උදව් කළ හැක්කේ එම ක්‍රියාකාරකම් නිසි ලෙස පැවැත්වීමකට යම් පමණකට සහාය වීමටත් එසේ වන්නාවූ සහාය ක්‍රම විරෝධී හෝ තත්ව විරෝධී හෝ ආයතන විරෝධී හෝ කාල විරෝධී හෝ ශරීර බලාබල විරෝධී හෝ ඒ ඒ ඉන්ද්‍රියද ආයතන ද සතු නිසග ක්‍රියාවලියට හා ඒවායේ පන්නරයට විරෝධය හෝ නොවන ආකාරයට විනා අපේ සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම මගින් ඉහත සඳහන් දෙයට අසාධාරණයක් නොවන පරිදිය. බාහිර සෞඛ්‍ය රැකීමේදී ද මෙවැනි තත්වයක් දැක්වෙන බව කිය හැකිය. 

සිරුරේ ඇති විස්මිත හා අතිවිශාලම ඉන්ද්‍රිය වන්නේ සමයි. අපේ සිරුරේ බාහිර නිරෝගී කම පිටතට පෙන්වන්නේත් සම විසිනි. ශරීර විද්‍යාත්මකව සමට වැළඳෙන රෝග හැරුණු විට පාරිසරික හේතු මතද අසාදන හෙවත් සංක්‍රමණික වශයෙන් වැළදෙන රෝගද බෙහෙවි. රූපලාවණ්‍යය පිළිබඳව විවිධ ගැටළු මතු වන්නේ ද සම මතම වීම විශේෂයකි. ඒ වෙනුවෙන් වර්තමානයේ දක්නට ලැබෙන වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වීම, හිරු එළියේ පාර ජම්බුල කිරණ වල බලපෑම, කර්මාන්ත ශාලා ආදිය නිසා වායු ගොලයට එක්වන විවිධ වූ විෂ වායූන්ගේ බලපෑම, නව කාර්මික විප්ලවය නිසා විෂ රසායන ද්‍රව්‍ය ස්පර්ශ වීම මුළුමනින්ම බාහිර වූ කරුණු හඳුන්වා දිය හැකිය. 

යට දැක් වූ ශරීර අභ්‍යන්තරික සෞඛ්‍යය ද බාහිර සෞඛ්‍යය ද රැක ගැනීම සඳහා තමන්ම කරගන්නා බෙහෝ සත්කාර හැරුණු විට ශරීරයේ ප්‍රතිජීව ශක්තිය ආයාසයෙන් වුවද රැක ගත යුතුම වේ. එය හොඳින් තිබෙන තාක් ආසාදන හා සංක්‍රාමක රෝග වැළඳීම අවම වේ. තුන් දොසින් උපදනා අසංඛ්‍යෙය වූ අනෙතුත් රෝග වැළඳීමද පාලනය වේ. එමෙන්ම අකාලයේ මහලුවියට පත්වීම වැනි තත්වයන්ද පාලනය කර ගත හැකි වේ. සෞඛ්‍ය රැකීම හෝ නිරෝගී පැවැත්ම හෝ යැයි එම තත්වය විග්‍රහ කල හැකිය. 

ආයුර්වේද වෛද්‍ය දර්ශනයෙහි ස්වස්ථ හෙවත් සෞඛ්‍යාරක්ෂිත පුද්ගලයා කෙබඳුදැයි විමසන තැන මෙසේ සඳහන්වේ.

සම දෝෂ : සමාග්නිශ්ච සම ධාතු මල ක්‍රියා :
ප්‍රසන්නාත්මේන්ද්‍රීය මාන: ස්වස්ථ ඉත්‍යභිධීයතේ

වාත පිත සෙම යන තුන් දොසුන්ගේ සමාන තත්වය ද නිසි පරිදි ආහාර පැසවා එහි සාර භාගය සිරුරට උරා ගැනීම සිදුකරන ගින්න සම තත්වයෙන් පැවතීමද සිරුර දරා සිටින ධාතූන්ගේ සම තාවයද මල කොටස් බැහැර කිරීමේ ක්‍රියාවලියේ සම තාවද ඉතා පහන්වූ ආත්මය ඉන්ද්‍රියන් හා මනස ඇති බවද යන මේ කරුණු වලින් පිරිපුන් තැනැත්තේ ස්වස්ථ්‍යා යයි කියනු ලැබේ යනු මෙහි අදහසයි.

අප බොහෝ මුදල් වැය කරන්නේ මෙම තත්වය ලබා ගැනීම පිණිසය. තමා තම ශරීරය පිළිබඳව යම් පමණක අවබෝදයකින් සිටීම අත්යාවශ්ය කරුණකි. සිරුරට ඇතිවන යම් යම් අපහසුතාවයන් ලෙඩ රෝග හැටියට ම ගණන් ගන්නා සිරිතක් අපට නැත. සමහර අපහසුතා විඳ දරා ගෙනම අපි නොයෙක් කාර්යයන්හි නිරත වන්නෙමු. ඒවා ගැන නොසලකා හැරීම සෞඛ්‍යයට අහිතකර වීමට පුළුවන. වකුගඩු රෝග හෘද රෝග මධුමේහ ආදී බෙහෝ රෝග පිළිබඳව වර්තමාන ජනතාව දැනුවත් වී ඇත.

සිරුරේ ඉතා සියුම් සෛල අණු ආදිය කරාද පෝෂණය ද රැගෙන ගමන් ගන්නා ලේ ධාතුව පිළිබඳව අපේ සැලකිල්ල යොමු විය යුතුය. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් රෝග ගනනාවක් ඇතිවීමට ලෙය මුල්වේ. අපේ ලෙය පවිත්‍රව තබා ගැනීම අතිශයින්ම වැදගත්ය. ආහාර පාන ගැනීමේ දී සෞම්‍ය ඒවා කෙරෙහි අපේ සැලකිල්ල යොමු විය යුතුය. විදාහි හෙවත් කටට සැර ඇති අබ විනාකිරි ආදිය මිශ්‍ර ආහාර අධික අම්ල වර්ග සහිත ආහාර මිරිස් වැනි සැර ද්‍රව්‍ය බහුල ආහාර තෙල් අධික ආහාර පිසීමෙන් පසු කල් ගතවූ ආහාර, පිළුණු වූ ආහාර, විවිධ රසායනික රස කාරක යෙදූ ආහාර, කල්තබා ගැනීම සඳහා සිරුරට හිතකර නොවන රසායනික දෑ යෙදූ ආහාර, පාන වර්ග ආදිය ගැන අපේ සැළකිල්ල යොමු විය යුතුය. මෙවැනි දෑ නිතර ගැනීමෙන් ද අධි ප්‍රමාණයෙන් ගැනීමෙන් ද විවිධ වූ රෝග තත්ව මතුවන අතර සිරුරේ ලේ ධාතුව දූෂණය වේ. වෙනත් අභ්යන්තර රෝග තත්ව හැරුණු විට සෙම මත ඇතිවන රෝග ද බොහෝය. එවැනි අවස්ථා වල සරුරේ සෞම්‍ය තත්වය රැකෙන උෂ්ණ දාහ ආදිය සමනය වන ආහාර හා විහරණ කෙරෙහි අපේ සැලකිල්ල යොමු විය යුතුය. පිරිසිදු ජලයයෙන් සිරුර පවිත්‍ර කිරීමද මෙහිදී වැදගත්ය. 

එමෙන්ම වර්තමාන කළබලකාරී වාණිජමය පරිසරයකදී මානසික සෞඛ්‍යය ඉතා ඉක්මනින් පිරිහී යාමට පත්වේ. කාර්යාලයේදී ගමනා ගමනයේදී වෙළඳපළේදී ගෙදරදී ආදි ස්ථාන වලදී ඇතිවන මානසික ආතතිය (stress) නූතන සමාජයට විවිධ ආකාරයේ ලෙඩ ගොඩක් නිර්මණය කර ඇත. මෙම මානසික ආතතිය වලක්වා ගැනිමෙන් ඒ සියලු ලෙඩ වලින් වැළකී සිටීමට හැකියාව ලැබේ. ඒ සඳහා මනසට නිසි ව්‍යායාම පවා ලබා දීමට සිදුවේ. මනස සඳහා හොඳම ව්‍යායාමය පොත පත කියවවිම බව අද පිළිගෙන ඇත. තම තමන්ට ආගමික වත් පිළිවෙත් වල යෙදීමද ඊට අනුබලයකි.

මෙවැනි තත්ව වලදී සිරුරේ යහ පැවැත්ම හා මානසික සෞඛ්‍ය ආරක්ෂා කරන්නා වූ කිසියම් ඖෂධීය පානයක් තෝරා ගත හැකිය. එවැනි ගැලපෙන ඔසු පැන් වර්ගයකින් සිරුරත් මනසත් පිළිබඳ කෝපකාරී තත්ව දොස්දූෂ්‍ය වූ තත්ව මගහරවා සෞම්‍ය වූත් සැහැල්ලූ වූත් ශාරීරික හා මානසික තත්වයක් අපේක්ෂා කල හැක. ශරීරයේ ප්‍රතිජීව ශක්තිය වර්ධනය කර සම රැගනිමින් ආතතියද මග හරවා සිරුර සිසිල් කර ලේ පිරරිසිදු කරන්නා වූ ගුණාංග වලින් පිරුණු ඉතා රසවත් ඖෂධීය පානයක් වන ලෝන්ග්ලයිෆ් ආයුර්වේද ඖෂධීය පානය දිනපතා තේ පානය වෙනුවට පානය කිරීමට ඉතාම ගුණදායි පානයකි. 




මත්පැන් පානය කරන්නන් හට පසුදා උදෑසන පානය කිරීම සඳහා ඉතා කදිම ඖෂධීය පානයකි. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇති ලෝන්ග්ලයිෆ් ආයුර්වේද ඖෂධීය පානය ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප්‍රබල ක්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 038228542


විමසීම්

සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


ආර්පිකෝ සුපිරි වෙළඳ සැල් වලින් සහ දිවයින පුරා ඇති ෆාර්මසි වලින් ලබා ගත හැක.









No comments:

Post a Comment