Monday, July 27, 2015

මලබද්ධය නිසාවෙන් ඇතිවන අර්ශස් තත්වය


ආහාර දිරවීමේ රටාවේ විපරීත භාවය අප ගන්නා ආහාර වර්ගයන්හි විවිධ වෙනස්කම්, ආහාර ලබා ගන්නා ප‍්‍රමාණයන් හා කාලවේලාවල වෙනස් කම් අපගේ චර්යා රටාවේ ඇති සංකූලතා, මානසික හේතු, ශාරීරික හේතු මේ ආදී කරුණු කිහිපයක් හෝ එකක් හෝ හේතුවෙන් මලබද්ධය ඇතිවි හැකිය. ඇතැම් මලබද්ධයන් ආයුර්වේදයෙහි විශාල රෝගයක් වශයෙන් හඳුන්වන අර්ශස් රෝගය දක්වා පැතිර යා හැකි අතර බොහොමයක් මලබද්ධ අවස්ථා අර්ශසෙහි මූලික අවස්ථා හෝ කේවල රෝග අවස්ථාවක් විය හැකිය. අර්ශස් රෝගය බොහෝ විට පාරම්පරික වන අතර මලබද්ධය එවැනි රෝගයක් නොවේ. ශරීරයට වැලඳෙන වෙනත් රෝගයක උපද්‍රවයක් වශයෙන් ද මලබද්ධය ඇතිවිය හැකිය. ශරීරයෙහි මහාන්ත‍්‍රවල ජලය අඩුකම, මලබැහැර කරවන අපාන වාතයෙහි (මලමූත‍්‍ර, ආර්තව සහ ගර්භය ශරීරයෙන් බැහැර කිරීමට ශක්තිය සපයන වාතය) ඇතිවන ක‍්‍රියා හානිය, කිසිදු ශාරීරික හේතුවක් නොමැති අවස්ථාවල දී අප ගන්නා උෂ්ණාධික ආහාර නිසා සහ වැටීම් තැලීම් ආදියෙහි දී ද මලබද්ධ අවස්ථාවන් ඇති විය හැක.

ශරීරයෙහි මල බැහැර කිරීමේ ක‍්‍රියාවලිය නිසිසේ පවත්වා ගැනීම සැපවත් ජීවිතයකට මග පාදයි. මල මුත‍්‍ර, දහදිය, කඳුළු, කබ, සොටු, කර්ණ මල, වමන, දත්මල, කෙස්, රැවුල්, නිය පොතු ආදී මේ සියල්ල ශරීර මල වශයෙන් ගැනේ. මේවා නිසි කලට නිසි පරිදි පහකල යුතුය. එසේ නොකිරීම රෝගයනට හේතුවේ. උදාහරණ මල පිට නොකර මල වේගය වැඩිවේලාවක් දරා සිටීමෙන් ගුද මාර්ගය ආශ‍්‍රිත බොහෝ රෝග ඇතිවේ. අර්ශස් තත්වයන්ට බොහෝ වශයෙන් බලපාන්නේ වේලාවට මලපහ නොකිරීමත් එය වැඩිවේලාවක් දරා සිටීමත්ය. මලපහ කිරීමට ගොස් මොනම ඉරියව්වකින් වුවද වැඩි වේලාවක් සිටීමද යෝග්‍ය නොවේ.

මෙම මලබද්ධ අවස්ථාවන් මගහැර එම කටයුත්ත ඉතා පහසුවෙන් ඉටු කරගැනීමට විශේෂයෙන්ම බලපාන කරුනක් වන්නේ තමා ගන්නා ආහාර පානයි. ජලය වැඩි ප‍්‍රමානයක් ගැනීමෙන් සාමාන්‍ය මලබද්ධ තත්වයන් මගහරවා ගත හැක. උදෑසන ආහාරයක් ලෙස ලූනුකැඳ පානය ඉතා යෝග්‍ය වන අතර තවද කොළකැඳ පානයද මෙම මලබද්ධය මගහරවා ගැනීම සඳහා ඉතා සුදුසුය. උෂ්ණාධික ආහාර ගැනීම මෙම තත්වය ඇති කිරීමට බලපාන ප‍්‍රධානම හේතුවක් ලෙස හැඳින්විය හැක. තන්තුමය ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කරීම ද ඉතාමත් අවශ්‍යම කරුනක් වේ. කරවිල, බටු, බණ්ඩක්කා, පතෝල, වැටකොලූ, පිපිඤ්ඤා, කැකිරි, වැටකොලූ, ගෝවා, බෝන්චි, මෑකරල්, වැනි එලවළු සහ පලා වර්ග වශයෙන් තම්පලා, සාරණ, මුකුණුවැන්න, කිරිහැන්ද, ගොටුකොළ, කතුරුමුරුංගා, තම්පලා, නිවිති භාවිතය ඉතා සුදුසු වන අතර බතල, හිඟුරල, කොඬොල්, වැනි අල වර්ග ද නිතර පරිභෝජනය සුදුසු වේ. දිනකට තැඹිලි ගෙඩියක් පානය කිරීම  ඉතා සුදුසු වේ. කෙලවල්ලා, බලයා, ඇටවල්ලා, ඉස්සා, කකුළුවන්, දැල්ලා, පොකිරිස්සා වැනි උෂ්ණාධික මාළු වර්ග සහ පාන් වැනි පිටි ආහාර වර්ග, චීන ක‍්‍රමයට සැකසූ සියළු ආහාර අපත්‍ය වේ. පළතුරු වශයෙන් ගස්ලබු, අඹ, කෙසෙල්, කටු අනෝදා, සීනි, කැකිරි, දෙළුම් වැනි දෑ යොග්‍යවේ.  

මෙහි දී බරපතල රෝග අවස්ථාවකට තුඩුදෙන විටකදී හැර අනෙකුත් ඕනෑම මලබද්ධ අවස්ථාවන් වලදී පහසුවෙන් ප‍්‍රයෝජණයට ගතහැකි විශ්වාසදායක ඖෂධ සංයෝගයකි කොන්සිටැප් ආයුර්වේද ඖෂධීය පානය. ඔබගේ කාර්යාලයේදී වැඩ කටයුතු බහුලවීම නිසා හෝ ඒවා නිසිකලට නිම කරගැනීමට බැරිවීම නිසා හෝ ඔබ මානසික ආතතියට පහසුවෙන්ම පත්විය හැකිය. මෙවැනි තත්ව දිගුකලක් පැවතීම විවිධ රෝග වලට හේතුවක් වන අතර මේ නිසා ඔබට පළමුවෙන්ම තමාට මලබද්ධ තත්වයක් ඇති බව දැනෙන්නට පුලූවන. එයින් ඔබට ඇතිවන ශාරීරික හි මානසික පීඩාව වලක්වා ගැනීමට මෙය මහඟු ඔසු පැනක් වේ. මෙය භාවිතා කරන අතරතුර ආහාරයෙන් ප‍්‍රවේසම් වීම වැදගත්වේ. නිසි පමනට ජලය පාවිච්චි කිරීම අවශ්‍යවේ. උෂ්ණාධික නොවන පළතුරු සහ එළවලූ ආහාරයට ගැනීම වැදගත් කරුණකි. මානසික ආතතියට පත්නොවී සිටීම මෙහිදී අවධාරණය කලයුතුය. තන්තුමය ආහාර සෑම විටදීම ගැනීම ඉතාමත් අවශ්‍යම කරුණකි.



වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධයන්ය.  

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇති මෙම කොන්සිටැප් ආයුර්වේද ඖෂධීය පානය ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයක් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය  වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන  ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.



කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429

විමසීම්

සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889

Facebook: Mediherbs Sri Lanka


ආර්පිකා් සහ කීල්ස් සුපිරි වෙළඳ සැල් සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.













No comments:

Post a Comment