Friday, August 28, 2015

ගැබිනි සමයේ ඇතිවන දියවැඩියාව









ගැබිනි මාතාවන්ට හැදෙන දියවැඩියාවත් අනිකුත් සියලුම අයට හැදෙන දියවැඩියාවත් දෙකම එකම දියවැඩියාව වේ. දියවැඩියා දෙකක්‌ නැත. එකම දියවැඩියාව යන රෝග ලක්‍ෂණ අන් දියවැඩියා රෝගීන්ගේ රෝග ලක්‍ෂණමයි. දියවැඩියාවට හේතුව අග්න්‍යාසයේ ඉන්සියුලින් කපාට දිගේ පටක හරහා සෛල දක්‌වා බෙදා හැරීමට නොහැකි වීමයි. නොහැකිවීම අග්න්‍යාසයේ කපාට වැසීමයි. අප පාරම්පරික ඖෂධ යොදන්නේ අග්න්‍යාසයේ වැඩී ඇති කපාට විවෘත කිරීමට (දොරවල් ඇරීමටය) එවිට ස්‌වාභාවික ඉන්සියුලින් සිරුර පුරා බෙදාහරී. එයින් දියවැඩියාව නිට්‌ටාවට සුව වෙයි. තවද ගැබිනි මාතාවන්ගේ දියවැඩියාව කුමන වෛද්‍ය ප්‍රතිකාර කළත් 90% ක්‌ නිට්‌ටාවට සුව වෙයි. 10% ක්‌ පමණ පාලනය කරයි. ගැබිනි මාතාවන්ගේ දියවැඩියාව නිට්‌ටාවට සුව වෙනවානම් අන් අයගේ දියවැඩියාව නිට්‌ටාවට සුව නොකළ හැක්‌කේ මන්ද. අප පාරම්පරික වෛද්‍ය ක්‍රමය අනුව විසිවැදෑරුම් ප්‍රමේහ රෝගයන් හා රෝගයන්ගේ අන්තිම අවස්‌ථාව වන දියවැඩියාව නිට්‌ටාවට සුව කළ හැක. ගර්භණී කාලයේ දියවැඩියාවට නිසි ප්‍රතිකාර නොලබා හොඳින් පාලනය නොකර සිටීම ඉතාම අවදානම් සහිතය. එය මවට මෙන්ම ගැබෙහි වැඩෙන දරුවාටත් අහිතකර වේ.

මවට සිදුවිය හැකි ගැටලු - මුත්‍ර ආසාදන ඇතිවිය හැකිය. සුද යාම ඇතිවේ. සුළු තුවාලයක්‌ වුවත් බරපතළ විය හැකිය. අක්‍ෂි ආබාධ ඇතිවේ. වකුගඩු ආබාධ ඇතිවීමේ හැකියාව තිබේ. අධි රුධිර පීඩනය ඇතිවීමේ අවස්‌ථා වැඩිය.

දරුවාට බලපෑම්

දියවැඩියා තත්ත්වය නිසා ගැබෙහි වැඩෙන දරුවාට සිදුවිය හැකි ගැටලු මුලින්ම රෝගී වුවහොත් ගබ්සාවීමේ ප්‍රවනතා වැඩිය. ගැබෙහි වැඩෙන දරුවා අංග විකල විය හැක. දරුවාට හෘද ආසාදන ඇතිවිය හැක. දරුවාට විශේෂ වූ අංගවිකලතා ඇතිවිය හැකිය. දරුවාගේ බර වැඩි විය හැකිය. දරුවාගේ සීනි තරලය වැඩිවේ. උදරය වඩාත් විශාල වේ. මව ගර්භණී කාලයේදී දියවැඩියා රෝගියකු වීමෙන් උපදින දරුවාට අනාගතයේ දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම ද වැඩිය. එසේම මෙවැනි ගැබ් ගැනීම්වලදී බොහෝ විට නියමිත කාලයට පෙර ප්‍රසූතිය අඩු මාසයේ සිදුවේ. ඉහත සඳහන් කරුණුවලට අමතරව මෙවැනි ගැබ් ගැනීම්වලදී නියමිත කාලයට පෙර කිසිදු හේතුවක්‌ නොමැතිව දරුවා මිය යා හැකිය. ඒ නිසා දියවැඩියා රෝගී මවක්‌ කුසට මාස අට පසුවූ දරුවාගේ දැඟලීම ගැන නිතර අවධානයෙන් සිටින්න. ඊට හේතුව රෝග තත්ත්වය නිසි ලෙස පාලනය නොකිරීමෙන් එකවර රුධිරයේ ග්ලූකෝස්‌ වැඩිවීම අනවශ්‍ය ලෙසට අඩුවීම රුධිරයේ අම්ල ගතිය වැඩිවීම යන හේතු නිසා ගැබ තුළදී හදිසියේම දරුවා මිය යා හැකිය. ඒනිසා මෙවැනි රෝගීන් ඉතාම සැලකිලිමත් විය යුතුය. දරු ප්‍රසූතියෙන් පසු දියවැඩියාව නිට්‌ටාවට සුව කළ හැක.

දියවැඩියා රෝගීන් පාවිච්චි විය යුතු අන්දම

ප්‍රථමයෙන්ම ආහාර පාලනය කළ යුතු වේ. ප්‍රධාන ආහාරය බත් වේ. එනම් කවුරුත් දන්නා නිවුඩු සහිත ධාන්‍ය රතු තැම්බූ සහල් (රතු නාඩු) සුදු තැම්බූ සහල් (සුදු නාඩු) බත් ප්‍රධාන වේ. අනිකුත් ධාන්‍ය උඳු, තල, කොල්ලු, කුරක්‌කන්, මුං ඇට, කඩල, කවුපි, තනහාල්, ඕලු ඇට, බත් මෙනේරි, යවහාල්, බාර්ලි වතුර මේවායින් ජාන තාක්‌ෂණ ධාන්‍ය නොවිය යුතු වේ. බඩ ඉරිඟු.

දියවැඩියා රෝගීන්ට සුදුසු එළවළු වර්ග

එලබටු, තිබ්බටු, තිත්ත තිත්බටු, තක්‌කාලි, දඹල, කෙසෙල්මුහ, නෝකෝල්, ගෝවා, තුඹ කරවිල, ගෝණා බටු කරවිල, කරවිල, දෙමුහුං කරවිල, මෑකරල්, වඳුරු මෑ රතුලූනු, සුදුලූනු, ඇඹරැල්ලා, අන්නාසි, රටකජු, හීංබෝවිටියා, කොළ මැල්ලුම් කැඳ, වැරණියා දළු සම්බෝල, තෙබු දළු, කොස්‌ මදුළු, කංකුං, කතුරුමුරුංගා මල්, කොළ, කිරිඅඟුණ කොළ, අඟුණ කොළ, කිරිඅල, ඉන්නල, රට අල, කටු අල, ගොටුකොළ, පිපිඤ්ඤා, කැකිරි, තිත්ත ලබු, අට්‌ටික්‌කා ගෙඩි, පොලොස්‌ ගැට, රට දෙල්, වල් දෙල්, ගැටතුඹ, කඩුපහර, වම්බටු, බණ්‌ඩක්‌කා, නිවිති (බීට්‌ හැර අනිකුත් එළවළු සියල්ලම හොඳයි,

පලතුරු වර්ග 

පැණි කොමඩු, අඹ, අන්නාසි, ඉදුනු අලුකෙසෙල්, ඇඹුල් කෙසෙල්, සුවඳැල්, කෝලිකුට්‌ටු, ඇම්බුන්, වල් සුවඳැල්, නාරං, ජමනාරං, දෙහි, ලෙමන් දෙහි, වැල් දොඩම්, කජු, අඹරැල්ලා, පේර, තක්‌කාලි, වරකා, දිවුල්, බෙලි, උගුරැස්‌ස, ලොවි, හිඹුටු, මාදම්, පලු, වීර, හීං කඩල, කැකුන ඇට, මද අමු නෙල්ලි, ගස්‌ලබු, මැංගුස්‌, සැපදිල්ල, දෙළුම්, රඹුටන්, ආත්තා (අනෝදා) අට්‌ටික්‌කා ගෙඩි බාගෙට ඉදුනු පලතුරු ඇඹුල් රස තිබියදී කන්න.

පාන වර්ග

බෙලි මල් තම්බා බොන්න. රණවරා මල්, හීං බෝවිටියා සහ මුලින් වියළා තම්බා බොන්න, කුරුඳු පොතු, වෙනිවැල් ගැට, කොහොඹ පොතු නෙල්ලි, තිත්ත කිඳ, රසකිඳ, ඉරමුසු, කෝපි, තේ කහට, කුරිඤ්ඤං, මස්‌බැද්ද, ඉඟුරු කොත්තමල්ලි, වල්කොත්තමල්ලි, නිල් පිටවක්‌කා, කොතල හිඹුටු, මාදං ඇට.

කැඳ වර්ග

යකිනාරං කොළ කැඳ, හීංබෝවිටියා කොළ බෙහෙත් අනෝදා කොල, මස්‌බැද්ද කොළ, එලබටු කොළ, තොටිල පොතු, ගොටුකොළ, බෙලි කොළ, හාතවාරිය කොළ, එලපිටවක්‌කා, ඉරමුසු කොළ, මොණරකුඩුම්බිය, දිවුල් කොළ, කරපිංච කොළ, රනවරා කොළ, වැල්පෙනෙල, මුස්‌සැන්ද, බක්‌මී පොතු, දිවුල් පොතු, දියබත් කැඳ

මැල්ලුම් වර්ග

කිරඅඟුණ කොල, කුරිඤ්ඤං කොළ, රණවරා දලු, කරකොළ, මැල්ල කොළ, පැෂන් කොළ, මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා කොළ, මඤ්ඤොක්‌කා කොළ, මොණරකුඩුම්බිය කොළ, ගිරිතිල්ල දලු හීං බෝවිටියා දලු, කොහිල දලු

සම්බෝල වර්ග

පොල් සම්බෝල, කොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා දලු, සුදු හඳුන් දලු, වැල්පෙනෙල කොළ, තෙබු දලු, තුඹ දලු, කොහිල දලු, වැරණියා දලු, සාරණ කොළ, කරපිංච කොළ, රතු ලූනු කොළ, අසමෝදගම් කොළ

මාංශ වර්ග

කුඩා මාළු වර්ග, ලොකු මාළු කනවානම් (හම හොඳින් ඉවත් කළ යුතුවේ.) කුකුල් මස්‌, බිත්තර ඉතා අඩුවෙන් කන්න.

පිට්‌ටු වර්ග

කුරක්‌කං පිට්‌ටු, මඩු පිට්‌ටු, හාල් පිට්‌ටු, රතු කැකුළු හාල් පිට්‌ටු

කුළුබඩු වර්ග (ස්‌වාභාවික දේශීය රස කාරක)

කරපිංච, ගම්මිරිස්‌, ඉඟුරු, කහ, අබ, සුදු ලූනු, රතු ලූනු, දෙහි, නාරං, උළුහාල්, එනසාල්, කරාඹුනැටි, කුරුඳු, කොත්තමල්ලි, ගොරකා, සූදුරු, මිරිස්‌, දියලුණු, සියඹලා, රම්පෙ, සේර, මාදුරු, ස්‌වාභාවික රසකාරක යෙදීමෙන් ලැබෙන ගුණ ආහාර රුචිය ඇතිකරයි, කුසගින්න දල්වයි, ආහාර දිරවීම පහසු කරවයි. ආහාර රසය උරාගැනීමද පහසු කරවයි. ආහාර දිරවීමේදී ඇතිවන විෂ කොටස්‌ (ආමය) අඩුකරයි. සෙම (කඵ) නසා තරබාරුව අඩු කරයි. කුළුබඩු සෙම අඩුකර බඩගින්න දල්වන නිසා දියවැඩියාවට ඉතා හිතකරය.

1. සත්ව ආහාර ගන්නේ නම් ඉතා අඩු ප්‍රමාණයකින් ගන්න.

2. හැකිතාක්‌ අඩුවෙන් ගත හැකි ආහාර අමුවෙන් ගැනීම.

3. ඉතා හොඳින් ශුද්ධ කළ ආහාර අඩුවෙන් ගැනීම.

4. කුරුට්‌ට සහිත ධාන්‍ය ආහාර වැඩිපුර ගැනීම.

5. පිසූ එළවළුවලට අමු එළවළු සහ අමු එළවළු යුෂ ආහාරයට ගැනීම ඉතා හොඳයි.


චීන කටු වෛද්‍ය හා ආයුර්වේද වෛද්‍ය විශේෂඥ
එච්.එම්.එස්‌.ඡේ. බණ්‌ඩාර


වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.




සහ දිවයින පුරා ඇති ෆාර්මසි වලින් ලබා ගත හැක.

No comments:

Post a Comment