Tuesday, September 22, 2015

බඩේ දැවිල්ලයි උගුරට ඒමයි කෑමයි බීමයි දෙන දුක මේකයි අම්ලපිත්තය හඳුනාගමු.

උප්පැන්න සහතිකේ ජාතිය සිංහල වුණාට ලෙඩක් දුකක් වුණත් හැදෙනව නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නමක් තියෙන ලෙඩක් හැදෙනවාට කැමති ජාතියක් තමයි සිංහලයා කියන්නේ. එහෙම උජාරුවෙන් තමන් සතුවත් තියෙනවා කියල කැමැත්තෙන් කියන,  කාර්ය බහුල ජීවිතයක් ගත කරන බාල,තරුණ, මහළු බේදයකින් තොරව කාටත් වැළඳෙන රෝගයක් තමයි “අම්ලපිත්තය“. හැබැයි ගොඩක් දෙනා මේ රෝගය දන්නේ “ගැස්ට්‍රයිටීස්“ එහෙමත් නැත්නම් “ගැස්ටික්“ කියලා. මූලිකවම බඩ පපුවේ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, අජීර්ණය වගේ දේවල් තමා මේ රොගයේ ලක්ෂණ වෙන්නේ.

කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වෙන්නේ නෑ කියලා බොහෝ දෙනෙක් මේ දවස්වල අකුරු තුනක නමකින් එන කුඩා පැකට්ටුවක් වතුරේ දියකරලා බීලා තාවකාලිකව සැනසෙන්න බලන මේ රෝගය ආයුර්වේද ක්‍රමයෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

හැබැයි ඒ සුවකිරීම කරන්න නම් රෝගියෙක් විදියට අඩුම තරමේ මාස තුනක්වත් කැපවීමෙන් ආහාර හා දෛනික පිළිවෙත් අනුගමනය කරන්න එකඟ වෙන්න ඕන. මාළුවා නහින්නෙත් කට නිසා කියනවා වගේ අපිත් අපේ දෛනික ආහාර චර්යාවන් වැරදි විදියට අනුගමනය කිරීම තමයි මේ රෝගය වැළඳීමට මූලිකව හේතු වෙන්නේ.

ආයුර්වේදයේ හැඳින්වීම හැටියට අපට වැළඳෙන ඕනෑම රෝගයකට මුල්වෙන්නේ ත්‍රිදෝෂයින්ගෙන් එකක් හෝ කිහිපයක් කෝප වීම. “අම්ලපිත්තය“ සඳහා මූලිකවම බලපාන්නේ පිත කෝප වීම. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව පිත කොටස් දෙකකට බෙදෙනවා. ඒ ප්‍රකෘති පිත හා විදග්ධ පිත විදියට. මෙයින් විදග්ධ පිත තමා අම්ලපිත්තයේදී කෝප වෙන්නේ. විදග්ධ පිත ඇඹුල් රසයක් ගන්නවා. ඇඹුල් පිත - අම්ලපිත්තය විදියට තමයි නාමකරණය වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ගැස්ට්‍රයිටීස් කියලා කිව්වට බටහිර වෙදකමේ මේකට කියන නම "Hyper Acidity" 


බටහිර වෙදකමේදී අම්ලපිත්ත රෝගය හැදෙන හේතු තුනක් සඳහන් කරනවා.

01.   ආමාශයේ හෝ බඩවැල් වල තුවාල ඇති විම
02.   අධික දුම්පානය
03.   නිසි පරිදි ආහාර නොදිරවීම තමයි ඒ හේතු තුන
        වෙන්නේ.

ආයුර්වේදයේ දී නම් ටිකක් ගැඹුරු විදියට පහත හේතු අම්ල පිත්තයට හේතු වෙනවා කියලා ලියැවිලා තියෙනවා.

01.  සෘතු වලට නොගැලපෙන චර්යාවන්

02.  එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග එකවිට
       භාවිතය

03.  නරක් වූ ආහාර , සැර, ඇඹුල් හා පිත කිපෙන
       ආහාර බවර්ග නිතර ගැනිම

04.  මෝරු , රා ආදී බිම වර්ගද, උඳු, මෑ ආදී රළු
       ආහාර නිතර භාවිතය

05.  මානසික ව්‍යාකූලත්වය, අධික තෙහෙට්ටුව
       හා කුසීත බව කියන හේතුන් නිසා පිත
       කෝප වීමෙන් අම්ලපිත්තය හට ගන්නා
       බවයි ආයුර්වේදය කියන්නේ.

ආයුර්වේදයට අනුව අම්ල පිත්තය කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් අනුව රෝගයේදී දැනෙන රෝග ලක්ෂණ පවා වෙනස් වෙනවා.
ඒ පහත පරිදි.

01.   ඌර්ධව ගත අම්ලපිත්තය
02.   අධෝගත අම්ල පිත්තය

ඌර්ධවගත අම්ලපිත්තය ට පිත විතරක් නොවෙයි සෙමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සුලභයි. අපි ට මේ රෝගයේ දී නිතර ඇසෙන රෝග ලක්ෂණ තමා දැනෙන්නේ. ඒ කියන්නේ බඩ පිපුම, දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම, පපුව සිරවීම, ඔක්කාර ගතිය වගේ දේවල්.


අධෝගත අම්ල පිත්තය දුලභයි. සෙම සම්බන්ධ නෑ. පිත විතරයි. ලක්ෂණ විදියට දැනෙන්නේ, පිපාසය, දැවිල්ල, කැරකිල්ල, සිහිමුර්ජාව, ඔක්කාරය, බඩගිනි අඩු බව, දහදිය ගැලීම, කටින් කෙල වැගිරීම, සමේ පලු මතුවීම වගේ දේවල්.

මේ නිසා බොහෝ වෛද්‍යවරු පවා මේ තත්වය අඳුනගන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට රෝගියාගෙන් එක එක වාර්තා ගෙන්වගෙන බලලා  ප්‍රතිකාර ලැබෙන්නේ වෙනත් රෝගයකට. ඒ නිසා රෝගියා අසරණ වෙන අවස්ථා වැඩියි.

ඒ නිසා රෝගියා තමන්ගේ වෛද්‍යවරයා සහ ප්‍රතිකාර ක්‍රමය හොඳ සිහියෙන් තෝරාගැනිමකට ලක්කළ යුතුයි. මෙය ඉතාම වැදගත් කරුනක් වෙනවා.

මේ රෝගය සෑදුනු කෙනෙක් ඉන්නවානම් වහාම මාස කිහිපයක ප්‍රතිකාර පන්තියකට දායක වී පළමුව තමන්ගේ රෝගී තත්වයෙන් මිදිය යුතුයි. ඒ සඳහා ඔබේ තෝරාගැනීම ආයුර්වේද ක්‍රමය නම් පළපුරුදු, උගත් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකුට මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ සඳහා ගතවෙන කාලය අවමව මාසයක් හෝ දෙකක් විය හැකියි. නමුත් එහි උපරිමය තීරණය වෙන්නේ රෝගියාගේ රෝග තත්වයේත්, ඔහුගේ උනන්දුව හා පරෙස්සමේත් ප්‍රමාණය මත. ප්‍රතිකාර කිරීමේදී රෝගය නැවත ඇතිවීම වළක්වා ගන්නා ක්‍රමත් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරාවි.

රෝගය දැනට නොවැළඳුනු එහෙත් පෙර දක්වා තිබෙන රෝග කාරක හේතු වලට නිරන්තර මුහුණ දෙන කෙනෙක් නම් හෝ රෝගය ප්‍රතිකාර මඟින් සුව කරගත් අයෙක් නම් පහත උපදෙස් පිළිපැදීමෙන් නැවත රෝගය මතුවීම වළක්වාගත හැකියි.

☛  අධික ලෙස ශිත කළ බිම වර්ග හා කාබනික බීම
      වර්ග නිරන්තර භාවිතයෙන් වැළකීම. බබල්ගම්
      වැනි කෙළග්‍රන්ථී උද්දීපනය කරන රසකැවිලි
      භාවිතයට නොගැනීම. (බුලත්විට වුණත් අධිකව
      භාවිතය නරකයි.)

☛  දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා නියමිත
      කාලසටහනක් පවත්වාගැනීම. ඒවා අතර අවම
      පැය හයක පරතරයක් පවත්වා ගැනීම.

☛  ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර (මද උණුසුම් නම්
      වඩා හොඳයි) වතුර වීදුරු තුනක් වත් පානය  
      කරන්න.

☛  තේ හෝ කෝපි පානය හැකිතරම් සීමා කරන්න
      ඒ වෙනුවට රස නොකළ කිරි හෝ පළතුරු / 
      ඔසුපැන් වලට හුරුවන්න.

☛  ප්‍රධාන ආහාර වේල් අතර තුර කුසගින්නක්
      නොදැනේ නම් කිසිදු කෙටි ආහාරයක් නොගන්න.
      එසේ ගන්නේ නම් තෙල් රහිත හා අළුතෙන්
      සැකසූ  කෙටි ආහාරයක් ගෙන  ප්‍රධාන ආහාරය
      ගැනීමට පැය තුනකවත් කාල අන්තරයක්
      තබාගන්න. ඒ අතර තවත් එක් වතුර වීදුරුවක්වත්
      වැඩිපුර පානය කරන්න.

☛  අධික තෙල්, වියළිමිරිස්, කුළුබඩු  යෙදූ ආහාර,
      ඇඹුල් ආහාර, අබ, විනාකිරි, සැමන්, රටදෙල්,
      ඌෂ්ණ මාළු හා කරවල, ගෝවා, මුරුංගා
      මාළුමිරිස් අච්චාරු ආදිය අධික ලෙස අහාරයට
      නොගන්න. (වැළඳී ඇති අයට මේවා
      ස්වල්පයක්වත් හොඳ නැත.)

☛  මානසික ඒකාග්‍රතාවය - නිදහස පවත්වාගෙන 
      යන්න. අධික ලෙස නිදි වැරීම, අලසව හිඳීම, 
      ත්‍රාසජනක හා අවේගශීලි ක්‍රියාකාරකම් වලින්, 
      ගැටළු පිළිබඳ දිගින් දිගටම කල්පනා කිරීමෙන් 
      වළකින්න.

☛  එවැනි අසහනකාරී අවස්ථාවකදී යහපත් මිතුරන්, 
     තමන්ගේ ආගම හෝ පුවත්පත් කියැවීමකින් 
     ඉක්මනින් මානසික සහනය කරා යොමුවීමට 
     කටයුතු කරන්න.

රෝගය වැලඳුනු හා නොවැලඳුනු අයට යෝග්‍ය ආහාර වන්නේ...

☛  එළකිරි, කුඩා මාළු, සියළු පළා වර්ග, පළතුරු, 
     තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, 
     කවපි හා මුංඇට, අනෝදා, ගම්මිරිස්, සුදුළූණු, 
     උළුහාල්, බතල, වට්ටක්කා වැනි සිසිල් කෑම
     වර්ග ආදියයි.

තාවකාලිකව සැනසෙන්න කියලා දේශීය හෝ බටහිර ඖෂධයක් නොවන වාණිජ අරමුණක් ඇති නිෂ්පාදන වලට යොමුවීමෙන් වෙන්නේ රෝගය තව තවත් උත්සන්න වීම විතරයි. අනෙක ඇඹූල් රසට උගුරට එන ආම්ලික රෝග තත්වය සමනයට භාෂ්මික දෙයක් ගැනීම විය යුතුයි කියන සාමාන්‍ය දැනීමත් අතහැරලා සිට්රික් අම්ලය සහිත දෙයක් ගැනීමෙන් ආමාශය තවත් ආම්ලික වීමක් නේද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න.

ආයුර්වේද වෛද්‍යවරයෙක් සතුව මේ සඳහා නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අවශ්‍ය වෙන්නේ රෝගියා මේ සඳහා නියම වෛද්‍යවරයා තෝරා ගැනීමත් රෝගියෙක් හැටියට ඔබගේ කැපවීම හා උනන්දුවත් විතරයි.

උපුටාගැනීම - වෙදහාමිනේගේ අඩවිය

නිසි වෛද්‍යවරයෙකු සොයාගැනීම සඳහා
mediherbssrilanka@gmail.com


වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.





මල බද්ධය වළක්වා මල පිටවීමේ පහසුව ඇති කරයි.


අර්ශස් තත්වයන් සමනය කරයි.




සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka



No comments:

Post a Comment