Monday, September 28, 2015

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට ඇතිවන රෝග නැසීමට ආයුර්වේදයෙන් විසඳුම්









වයස්ගත වීම කිසිවකුට වළක්වාගත නොහැකි ස්වාභාවික ධර්මතාවකි. මෙය විවිධ ශාරීරික අපහසුතා බොහොමයක් සමඟ අත්වැල් බැඳගෙන පැමිණෙන බැවින් “ස්වාභාවික රෝගයක්” ලෙස ආයුර්වේදයේදී හෙළිවේ.

කාන්තාව විවිධ භූමිකා යටතේ ඉටුකරන සමාජ මෙහෙවර අනුපමේයයි. ළදරු අවධියෙන් ආරක්‍ෂා වන ඇයගේ ජීවිතයේ මරණය දක්වා ඇයට ඉටුකිරීමට ඇති කාර්යයන් බොහොමයකි. වරෙක ඇය බිරියක් ලෙසත්, මවක් ලෙසත් ඉටුකරන කාර්යභාරය නොදෙවැනි ලෙස ඇය මිත්තණියක් ලෙසද සිය වගකීම ඉටුකරන්නීය. ආයුර්වේදයට අනුව ඇයගේ ජීවිතයේ විවිධ අවස්ථා දක්වා ඇත.

ඇයගේ බාල කාලය අවුරුදු දහසයක් (16) දක්වා දිවෙන අතර එම අවධිය බාල, කුමරි හා රජෝමතී ලෙස ප්‍රධාන පරිච්ඡේද තුනකට දක්වා ඇත. මෙම “රජෝමතී” ලෙස දක්වා ඇති යුගය වයස අවුරුදු 12 සිට 16 දක්වා වූ කාලපරිච්ඡේදයයි. මෙහි ඇතිවන වැදගත්ම ජෛව විද්‍යාත්මක සිදුවීම වන්නේ ඇයගේ මල්වර වීමයි. නැතහොත් ප්‍රථම වරට මාසික ඔසප් වීම සිදුවීමයි. එතැන් සිට මෙම සිදුවීම නොකඩවා ක්‍රමානුකූලව සෑම මසකම සිදුවේ.

ක්‍රමයෙන් මැදි වයසට එළැඹෙන ඇය ඉන්පසු විවාහ දිවියට ඇතුළත් වන අතර දරුවන් ලැබීමටද සුදුසුකම් ලබයි. මෙම මැදි වයස අවුරුදු 16 සිට 50 දක්වා විහිදෙන අතර ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ විස්තර වේ. එහි පළමු අවධිය “යුවතී” ලෙස හැඳින්වෙන අතර දෙවැනි අවධිය “ප්‍රගල්බා” ලෙස ආයුර්වේදයේ දැක්වේ. මෙම වයස් සීමාවේදී දරුවන් වැදීම, දරුවන් පෝෂණය කිරීම, දරුවන් රැකබලා ගැනීම යන සියලු කටයුතු ඉටුකරමින් බිරියක, ගෘහණියක යන ඇයගේ සෙසු භූමිකාද ඉටුකරන්නීය.

වයස්ගතවීම (වෘද්ධ අවස්ථාව)
වයස අවුරුදු 50 ආසන්න වෙද්දී ඇයගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමයෙන් වෙනස්කම්වලට ලක්වන අතර අවසානයේදී ස්ථිරවම ඔසප් චක්‍රය නතර වේ. මෙම අවස්ථාව ආර්තවහරණය ලෙස හැඳින්වේ. ජෛව විද්‍යාත්මකව ඇයගේ ශරීරයේ ඇතිවන ප්‍රජනක හෝමෝනවල වෙනස්වීම් මෙයට බලපානු ලබයි.

ආර්තවහරණය
ආර්තවය නතර වීමට ආසන්න වෙද්දී මාස කීපයක සිට ඇයට යම් යම් ශාරීරික අපහසුතාවලට ලක්වීම සිදුවේ. මේ සමඟම ආර්තවය තරමක් අක්‍රමවත් වීමත්, පිටවන ඔසප් රුධිරය අඩු වීමත් සිදුවිය හැකිය. ආර්තවය මුළුමනින්ම නතර වූ විට යම් කාල සීමාවක් ගතවන තුරු විවිධ ශාරීරික අපහසුතා ඇති වෙනවා.

මුහුණ රතුවීම, පපුවේ ස්පන්දන වේගය වැඩි වීම සහ සමහර විට රුධිර පීඩනය වැඩිවීමද සිදුවේ. ආහාර දිරවීම හා සම්බන්ධව අජීර්ණය වැනි තත්ත්වයක් සමඟ මලබද්ධය, උදරය පුරවා දැමීම, ආහාර අරුචිය හෝ සමහර විටෙක අධික ආහාර රුචියද ඇතිවිය හැකිය. මේ නිසා ඇය යම් තරම් දුරට තරබාරු වීමටත් ඉඩ තිබෙනවා. 

ඒ වගේම නිතර නිතර කේන්ති යෑම, නොරුස්සනාසුලු බව හා මානසික අවපීඩන තත්ත්වයක්ද ඇතිවෙන්න පුළුවන්. නිතර ඇතිවන ශාරීරික දුර්වලතාවය, වෙහෙසකර බව, හිසරදය, ක්ලාන්ත ස්වභාවය සමඟ නින්දයෑම අඩුවීමද පුළුවන්.

ආර්තවාභාවය නිසා ඇතිවන ශාරීරික රෝග
ආර්තවහරණයෙන් පසු බොහෝ් කාන්තාවන් විවිධ රෝගවලට ලක්වෙනවා. ඒ අනුව පෙනී යන්නේ ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුවන සමයේදී තිබූ ආරක්‍ෂණ ක්‍රියාවලියක් ක්‍රමයෙන් දුර්වල බවයි.

මේ නිසා ඇය තරබාරු වීමටත්, අධිරුධිර පීඩනය හා හෘද රෝගවලටත් ලක්වීමේ අවදානමක් තිබෙනවා. එසේම සන්ධි ආශ්‍රිත රෝගත්, අස්ථි දිරාපත්වීමේ අවදානමක්ද වැඩි වෙනවා. මීට අමතරව පියයුරු, ගැබ්ගෙල ආදී ස්ථානවල පිළිකා ඇතිවීමේ අවදානමක්ද තිබෙනවා.


වෙනත් විධියකින් කියනවා නම් ආර්තවය නතර වීම යනු සාමාන්‍ය ශාරීරික අපහසුතා පමණක් නොව වෙනත් රෝගයන් බොහොමයකටම ලක්වීමේ අවදානම වැඩිවීමකි.

මේ තත්ත්වලින් මිදීමට ක්‍රමයක් නැතිද?
ආර්තවහරණය සමඟ ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට පමණක් නොව පසුව ඇතිවිය හැකි පෙර සඳහන් කළ රෝගවලින් වැළකී සිටීමේ මඟ ආයුර්වේදයේ දක්වා තිබෙනවා. මෙම ක්‍රමය ඉතා සරලයි, පහසුයි.

• පෝෂණය පිළිබඳ සැලකිලිමත් වන්න. තෙල් බහුල ආහාර වර්ගවලින් මිදී එළවළු හා පලතුරු සහිත පරිපූර්ණ ආහාරවලින් එම වයසේදී අවශ්‍ය සියලු පෝෂණ ලබාගත හැකිය.

• ක්‍රමානුකූල ව්‍යායාම්වල යෙදෙන්න. එමඟින් ශරීරය තරබාරු වීම වළක්වනවා, හෘද රෝග, මධුමේහ (දියවැඩියාව) අස්ථික්‍ෂය වළකිනවා.

• ආයුර්වේද රසායන ඔෟෂධ භාවිත කරන්න. ඒ තුළින් ශාරීරිකව ඇතිවන අපහසුතා අවම කරගත හැකිය. විශේෂයෙන් මානසික අවපීඩනය, අධිරුධිර පීඩනය හා නින්ද නොයෑම වැනි රෝග අවස්ථාද Osteoporosis වළක්වා ගන්න පුළුවන්.

මෙම රසායන ඔෟෂධ මඟින් ශරීරයේ පටකවල පෝෂණය නැවත යථා තත්ත්වයට පත්කරනවා. ශරීරයේ ක්‍රමයෙන් අඩුවීගෙන යන හෝමෝනවලට සමාන රසායනික සංයෝග ශරීරයට ලබාදෙනවා. මේ නිසා ඔසප් චක්‍රය නතරවීමට ආසන්න වන කාල සීමාවේදී ඇතිවන ශාරීරික අපහසුතාද නතර වෙනවා.

විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිතව ඇතිවන විකෘති වීම් හා ඒ ආශ්‍රිත රෝග අවස්ථාවලට ගුණදෙන රසායන ඔෟෂධ බොහොමයක්ම තිබෙනවා. හාතාවාරිය අල, එළකිරි, ලුණුවිල හා ගොටුකොළ ආදිය සමඟ තවත් ඔෟෂධ බොහොමයක් මේ අතර පිළියෙල කරනු ලබන හාතාවාරි රසායනය, අශ්වාගන්ධ රසායනය මේ අතුරින් විශේෂයි.

එසේම නින්දයෑම අඩුවී ඇතිවන ශාරීරික හා මානසික අපහසුතාවන්ට “බ්‍රාහ්මී රසායනය” හා “මණ්ඩුක පර්ණී රසායනයද” “රසායන කල්ප වටී” ලෙස හැඳින්වෙන ඔෟෂධ විශේෂයෙන්ම ගුණදායකයි.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය

මේ නිසා ඇතිවන තරබාරු වීම, හන්දිපත් රුදාව මගහරවා ගැනීමට ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය ඉතා ගුණදෙන ඔෟෂධීය පානයක් ලෙස විශේෂයෙන්ම සඳහන් කල හැක.   











සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


No comments:

Post a Comment