Friday, August 28, 2015

මලබද්ධයට ගුණ දෙන පලතුර කොමඩු



කාර්යබහුල ජීවිතයේ දී වැඩිපුරම අතපසුවන්නේ කෑම. කෑම අතපසු වීම ලෙඩ රෝග බොහොමයකට මුලයි. ඒ අතරින් ද මලබද්ධයට විශේෂ තැනක් හිමි වෙනවා. කෘතිම ආහාරපාන භාවිතය හා ආහාර නිසි ලෙස නොගැනීම මලබද්ධයට මූලික හේතුයි. එහෙම කිව්වත් මලබද්ධය පරම්පරාවෙන් පැතිර යන බවක් දකින්න තිබෙනවා. මලබද්ධය මානසික වදයක්. වයස් බේදයකින් තොරව ඕනෑම තරාතිරමක පුද්ගලයකුට හටගත හැකි මලබද්ධයට ඉතා උචිතම ඖෂදයක් ‘කොමඩු’. කොමඩු කියන්නේ ශුෂ්ක කලාපයේ වැඩිපුර වැවෙන ජලය ඛණිජ ද්‍රව්‍ය බහුල රසවත් පලතුරක්.

කොමඩු ආහාර මාර්ගය පිරිසුදු කරනවා. ගස්ලබු ඇඹුල් කෙසෙල් ඉදුණු බෙලි වගේ පලතුරුත් මලබද්ධයට ගුණ දෙන ඖෂධීය ගුණයෙන් පොහොසත් පලතුරු.

ආහාර මාර්ගයේ පහළ කොටස වූ ගුදයේ මල ගනවීම මලබද්ධයට හේතුවයි.

මලබද්ධය හා බැඳෙන රෝග රාශියක් තිබෙනවා. පරකර්තිතා ලෙස ආයුර්වේදයේ හඳුන්වන ගුද මාර්ගය තුවාල වීම. මලබද්ධය ලෙස සාමාන්‍ය ජනතාව සලකනවා. ඒත් එහිදී ගුද මාර්ගය පැළීම හේතුවෙන් මල පිට නොවේ.

මල පහකිරීමෙන් පසු වේදනාව, දැනීම වාඩිවීමේ අපහසුව, මල මාර්ගයේ දැවිල්ල මෙහිදී රෝග ලක්ෂණ ලෙස ඇති වෙනවා. මල මාර්ගයේ තොල් පැලී යාම මෙහි තවත් ලක්ෂණයක්. එයට ඇති සරලම ප්‍රතිකර්මය අතපොවන්න පුළුවන් තරමේ උණු වතුර බේසමක මද වේලාවක් වාඩි වී සිටීමයි. පසුව ඖෂධීය තෙල් ආලේප කළ යුතුයි.

මලබද්ධය හා බැඳුණු ගුද භ්‍රංශය නම් රෝගී තත්ත්වයේ දී ගුද මාර්ගයේ බිත්ති පෙරළී පිටතට නෙරා ඒම සිදු වෙනවා. එවිට රෝගියාට ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා. එහිදී ගුද මාර්ගයේ බිත්ති ශක්තිමත් කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරයා රක්ත ශේධනය කර කසාය ලබා දේ.

ගුද රෝග යනු ලජ්ජාව හේතුකොටගෙන සඟවා ගෙන සිටිය යුතු රෝගයක් නොවේ. සඟවා ගෙන සිටීමෙන් රෝගය සුව කළ නොහැකි තත්ත්වයට පත්විය හැකියි.

ගුද මාර්ගය හා රෝගියාගේ තට්ටම් අතර කෝෂයක් ලෙස මුඛ දෙකකින් යුතු තුවාල ඇති වේ. එක් පසෙකින් පමණක් මුඛයක් ඇති භගන්දර කෝෂ සුව කිරීම පහසු වුවත් ශත පූර්ණක තත්ත්වයට පත්වූ මුඛ රාශියක් සහිතව රෝගීන් සුව කිරීම අපහසුයි. එහෙත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භගන්දර නිට්ටාවටම සුව කළ හැකි රෝගයකි.

පුද්ගල ඇවැතුම් පැවැතුම් රෝගය සුව වීමට වැදගත් වෙනවා.

උෂ්ණාධික ආහාරවලින් වැළැකි සිටීම තෙල්, තක්කාලි, බිලිං, අච්චාරු භගන්දර රෝගයට ඉතා අගුණය. කොහිල අල තලා උයා කෑම කොළ වර්ග පොළොස් කෙසෙල්මුහ ආහාරයට එක්කරගැනීම මෙම රෝගී තත්ත්වය සමනය කරගැනීම පහසු කරයි.

අර්ශස් හෙවත් ගුද කීල මලබද්ධය හා බැඳුණු ප්‍රකට ම නාමයයි. මෙහිදී ගුද මාර්ගයේ බිත්තියේ අංකුර හට ගැනීම සිදු වෙනවා. කල් ගතවීමත් සමඟ අංකුර එළියට ඒම සිදුවන අතර එය මලබද්ධයට හේතු වෙනවා.

අධික උෂ්ණ ආහාර ගැනීම, අවශ්‍ය වේලාවට මල පිට නොකිරීම අර්ශස් ඇතිවීමට හේතුයි. ඉතා වේදනාකාරි රෝග තත්ත්වයක් වන අර්ශස් රෝගයේ දී රුධිරය පිටවීම දක්නට ලැබේ. මෙහිදී රුධිරය පිටවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. මල සමඟ රුධිරය පිට වේ ද?

මල පිටවීමෙන් පසු රුධිරය පිට වේ ද යන්න හා පිටවන රුධිරයේ වර්ණය අනුව වෛද්‍යවරයා රෝග විනිශ්චය කරන බැවින් රෝගියා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

මෙම රෝගී තත්ත්වයේදී අවශ්‍ය පමණ නින්ද නිසි ලෙස ආහාර ගැනීම, කෙඳි බහුල ආහාර ගැනීම, නිවුඩු හාලේ බත් අනුභවය ගුණදායකය.

වැසිකිළි ගියහම ඒ කාර්ය කරන්නේ නැතිව පොත්පත් බල බලා කල් මරන අය බොහෝ දෙනෙක් මලබද්ධය ආශි‍්‍රත රෝගයන්ගෙන් පීඩා විඳිනවා. වැසිකිළියට ගොස් තම කාර්ය ඉටුකර හැකි ඉක්මනින් ඉන් පිටවීම කොහොමත් සෞඛ්‍යයට ගුණය.

මලබද්ධය තියෙන උදවිය වගේම ආහාරපාන ගත්ත ගමන්ම වැසිකිළි දුවන අයත් වර්තමාන සමාජයේ බහුලයි. එය රෝගී තත්ත්වයක් කියලා ඔබ කිසි විටෙකවත් සිතුවේ නැතිව ඇති. මෙම රෝගී තත්ත්වයටත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නිට්ටාවටම සුව දෙන ඖෂධ තිබෙනවා. එවැනි රෝගීන්ට තේ, එළකිරි, කොළ වර්ග, මස්, මාළු, තෙල් බහුල ආහාර අගුණයි.

ආහාර ගත් සැණින් වැසිකිළි යන රෝගීන්ට ගුණ දෙන ඖෂධය වන්නේ බෙලි ගැට මද තම්බා බීමයි.

ඔබට මලබද්ධය ද? එහෙනම් රතුලුනු, ගොටුකොළ, උම්බලකඩ, කොහිල අල, මුං ඇට, එකට කැඳක් හෝ සුප් එකක් ලෙස පිසගෙන භාවිත කරන්න. ඉක්මන් සුවය සඳහා වෛද්‍යවරයා හමුවන්න.

ඔබට යම් ලෙසකින් මල සමඟ රුධිරය පිටවේනම් එය මලබද්ධය හෝ අර්ශස් නොවී වෙනත් රෝගයක ලක්ෂණයක් විය හැකිය. එවිට කොමඩු කකා කොහිල උයමින් සිටීම පලදායක නොවේ. ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා හමුවී රෝගය විනිශ්චය ලබාගැනීම වැදගත්ය.

නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ප්‍රමිතිකරණ අංශයේ ප්‍රධානී
වෛද්‍ය සුනේත්‍ර කාරියවසම්
උපුටාගැනීම - සිඵමිණ

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.



සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.

No comments:

Post a Comment