Friday, September 4, 2015

ආයුර්වේදය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න



ශ්‍රී ලංකාව විදේශිකයන් ගේ යටත් විජිතයක්‌ වූ දා පටන් ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මහත් වූ කම්කටොලු රැසකට මැදි ව එම සියලු බාධාවන් මැඬගෙන මෙතෙක්‌ කල් පවතින අතර, යටත් විජිත පාලනයෙන් මිදුණ ද එහි ඉතිරි ව පවතින සෙවණැලි, ආයුර්වේදය හා දේශීය වෙදකම යටපත් කිරීමට මහත් වූ වෙහෙසක්‌ තවමත් දරමින් පවතින බැව් නම් කිව යුතු ම ය.

"ආයුර්වේදීය ඖෂධ වකුගඩුවලට, අක්‌මාවට අහිතකර ය, එම චූර්ණ පානය කළ විට අන්ත්‍රවල බැඳී පිළිකා ඇති කරයි, ආයුර්වේදීය ඖෂධවල ඇති ඇල්කොහොල්වලින් ශරීරයට හානි සිදු වේ" යනුවෙන් අප ජනතාව ගේ සිත් තුළ කාවද්දා ඇති අදහස්‌ කිහිපයකි. මෙය ආයුර්වේදය යටපත් කිරීමෙහි ලා බටහිරයන් ගත් උත්සාහයේ මූලික ම පියවරකි. මේ ලිපියෙහි මූලික අරමුණ වන්නේ ද එම කරුණු පිළිබඳ සත්‍යය වටහා දීමයි.

ආයුර්වේදය ඇති වූයේ මෙයට අවුරුදු දහස්‌ ගණනකට පෙර දී ය. ආයුර්වේද ඖෂධ බිහි වීමට ද එම කාලය ම ගත වී ඇත. 

සාමාන්‍යයෙන් බටහිර ඖෂධයක්‌ අලුතින් සොයාගෙන නිපදවූ පසු එය නිකුත් කිරීමට අවුරුදු ගණනාවක්‌ නොයෙකුත් පරීක්‍ෂණ (මිනිසුන් හා සතුන් යොදාෙගන) කළ යුතු ය. ඉන් පසුව එය වෙළෙඳපොළට රෝගීන් ගේ පරිහරණය පිණිස නිකුත් කරනු ලැබේ. මෙසේ නිකුත් කළ ඖෂධ විශාල ප්‍රමාණයක්‌ අද ලෝකයේ ම තහනම් කළ ඖෂධ බවට පත් වී ඇත්තේ මිනිස්‌ ශරීරයට සිදු කළ විනාශයන් නිසා ම ය. එසේ ම පෙර පැවැති ඖෂධයට වඩා සාර්ථක යැයි පවසමින් එම රෝගයට ම නව ඖෂධ එළිදැක්‌වීම නිරතුරුව ම සිදු වෙමින් පවතින අතර එය විද්‍යාවේ ස්‌වභාවය යෑයි ඔවුහු පවසති.

එහෙත් ආයුර්වේදීය ඖෂධ අවුරුදු දහස්‌ ගණනක්‌ පුරාවට රෝගීන් ගේ රෝග සුව කිරීම පිණිස යෙදේ. එසේ බැලු කල මෙම ඖෂධ යහපත් බැව් මෙපමණ කාලයක්‌ තිස්‌සේ ඔප්පු වී ඇත. එසේ ම අප ගේ මූල ග්‍රන්ථවල සඳහන් කිසිම ඖෂධයක්‌, මෙතෙක්‌ කල් කිසිදු අහිතකර බලපෑමක්‌ (Side effect) ඇති වී, එමගින් මිනිසාට හානි සිදු වී, ඉවත් කර නැත. එම සංහිතා ග්‍රන්ථවල සඳහන් කෂාය, අරිෂ්ට, ගුලි, කල්ක, චූර්ණ ම අද ද අපි භාවිතයට ගනිමු. එයට හේතුව නම් හුදෙක්‌ සාමාන්‍ය මිනිස්‌ මනසින් සිතා එළිදක්‌වන ඖෂධ මෙන් නො ව ආයුර්වේදීය ඖෂධ මනස දියුණු කළ සෘෂිවරුන් අතින් බිහි වූ ඒවා වීම ය. දියුණු මනසකින් දුටු ඖෂධ මිනිසාට අහිතකර නො වීම අප ගේ ඖෂධ තවමත් එක ලෙස ම පැවතීමට හේතුවයි. 

මෙපමණක්‌ නො ව ආයුර්වේදීය ඖෂධ ස්‌වාභාවික පරිසරයේ ද්‍රව්‍යයන් ගේ සංස්‌කරණයන් ය. ආයුර්වේදීය මූලධර්මයන්ට අනුව මිනිසාත් ලෝකයත් අතර සමානත්වයක්‌ පවතී. (ලෝක පුරුෂ සාම්‍යය). මේ නිසා ස්‌වාභාවික ඖෂධ ම සාත්ම්‍ය වේ යන්න වටහාගත හැකි ය.

තව ද ආයුර්වේදීය ඖෂධ නිපදවීමේ දී සම්පූර්ණ පැළෑටිය ම හෝ එහි අංගයන් හෝ ගන්නා අතර වෙනත් ඖෂධ මෙන් ඒවායේ ක්‍රියාකාරී අංශය (Active ingredient) පමණක්‌ වෙන් කර නො ගනී. එම පැළෑටියේ යම් අහිතකර පදාර්ථයක්‌ ඇත් ද එම අහිතකර පදාර්ථය යටපත් කර අවශ්‍ය ගුණය ලබා දීමට මෙය වැදගත් ය. එය අප ගේ ඖෂධවල අහිතකර ප්‍රතිඵල අවම කිරීමට හේතුවක්‌ වී ඇත. 

මානව ශරීර රචනාව (Human anatomy) ශරීර ක්‍රියාව (Physioiogy) හොඳින් දන්නා බුද්ධිමත් උගත් වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරනු ලබන ඖෂධ එම රෝගියා ගේ සිරුරට අහිතකර නො වී අමෘතයක්‌ මෙන් ක්‍රියා කර රෝග සංසිඳවීමට හේතු වන බව වටහා ගැනුමට මෙම කරුණු ඉවහල් වනු ඇත.

එය පමණක්‌ නො ව ආයුර්වේදීය ඖෂධ නිපදවීමට ගන්නා පැළෑටි කිසි විටක පුද්ගලයකු ගේ අභිමතයට ලබාගැනීමට ආයුර්වේදයේ ඉඩතබා නැත. නො දන්නාකම නිසා ම අප ගේ ඖෂධ පිළිබඳව බාහිර පුද්ගලයන් චෝදනා එල්ල කළ ද ආයුර්වේදීය මුල ග්‍රන්ථවල ඖෂධ ග්‍රහණ කාල, දිශා, ස්‌ථාන, සෘතු, ගබඩා කරන අයුරු ආදී සියලු ම කරුණු දක්‌වා ඇත. නූතනයේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සඳහන් ප්‍රමිතින් මෙයට අවුරුදු දහස්‌ ගණනකට පෙර ලියවී ඇති ග්‍රන්ථවල ද දක්‌වා තිබීම අප ගේ වෛද්‍ය ශාස්‌ත්‍රයේ ගුණාත්මකභාවයට සාක්‌ෂ්‍යයකි.


"අරිෂ්ට, ආසවවල ඇල්කොහොල් පවතින නිසා එම ඖෂධ ශරීරයට හිතකර නො වේ" යන්න ද අද ජනතාව තුළ පවතින මතයකි.

අරිෂ්ට ආසව යනු ඔෂධ ද්‍රව්‍ය කලක්‌ පැසවීමට තබන ඖෂධ සංස්‌කරණයකි. මෙම පැසවීමේ ක්‍රියාවලියේ දී ඒවා තුළ ඇල්කොහොල් සුළු ප්‍රමාණයක්‌ නිපදවේ. එහෙත් එය 8% - 12% අතර ප්‍රමාණයකි. අරිෂ්ට බෝතලයක මෙපමණ ඇල්කොහොල් පැවතිය ද වරකට මේස හැඳි 1ක්‌ හෝ 2ක්‌ උපරිමව දිනකට දෙවරක්‌ ගන්නා විට එමඟින් ශරීරගත වන ඇල්කොහොල් ප්‍රමාණය ඉතා සුළු බැව් වටහාගත හැකි ය. කෙසේ වුව ද මෙම අරිෂ්ඨ ආසව ද සියලු ම රෝග තත්ත්වයන් සඳහා නො යෙදෙන අතර නියම වෛද්‍යවරයාට ඒවා යොදන, නො යොදන රෝග තත්ත්ව පිළිබඳ මනා අවබෝධයක් ඇත. 

මේ නිසා අරිෂ්ට ආසව පිළිබඳ භීතිකාවක්‌ කිසිසේත් ම ඇති කරගත යුතු නැත.

ආයුර්වේදීය ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව ඉහත දැක්‌වු කරුණු සියල්ල ම පසෙක තැබුව ද අප ගේ ඖෂධවලින් එසේ හානියක්‌ සිදු වේ නම් අද මෙන් ප්‍රතිජීවක, ක්‍ෂණික ඖෂධ නො තිබුණු ආයුර්වේදීය හා සිංහල ඖෂධ පමණක්‌ තිබූ අතීතයේ මිනිසුන්ට අදටත් අප විස්‌මයට පත් කරවන නිර්මාණ තනන්නට හැකි වේ ද යන්න සිතා බැලිය හැකි ය. රෝගී ජනතාවක්‌ වෙසෙන රටකට එතරම් සිය හැකියාවන් එළිදැක්‌වීමට ඇති ඉඩකඩ අවම ය.

ඒ නිසා අප බටහිර වෛද්‍ය විද්‍යාවට එරෙහිව කතා කරනවා යැයි කිසිවකු සිතිය යුතු නැත. බටහිර හෝ වේවා දේශීය ආයුර්වේද හෝ වේවා එය ජාවාරමක් වූ විට අසරණ වන්නේ රෝගියාය. අද ෆාමකෝෆියා මාෆියාව නොහොත් ඔෟෂධ ජාවාරම මඟින් වෙමින් තිබෙන්නේ එයයි. අනෙක් අතට මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිවල ඇති දුර්වලතා සහ අවිධිමත් බව නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ඇති සුබවාදී දේවලට අවස්ථාව නොලැබී ගොස් තිබේ.

දියවැඩියා රෝගීන් භාවිත කරන මෙට්ෆොමින් හා ඉන්සියුලින් හරහා ඇතිවන අතුරු ආබාධ අන්තර්ජාතික පර්යේෂණ වාර්තා, අන්තර්ජාලයේ එමට දක්නට ඇත. ඒ අනුව ප්‍රශ්නය මතු වන්නේ දියවැඩියාව සඳහා දෙන ආයුර්වේද ප්‍රතිකාර මඟින් රෝගීන්ට වකුගඩු සංකූලතා වැනි අතුරු ආබාධ ඇති නොවන්නේ මන්ද යන්නයි. "දේශීය ක්‍රමවේදය හැදිල තියෙන්නේ විශ්වාසය මත. ඒ කියන්නේ ඍෂිවරයෙක් සොයා ගත්ත දේ. ඒක ඔහුට විශ්වාසයි. බුද්ධිය මුහුකුරා ගියායින් පස්සෙ ඔහු සොයා ගත් දේ ඔහුට විශ්වාසයි. ඒ ඥානය ඔහු පුස්කොළ පොත්වල ලිව්වා. ඒක තාත්තගෙන් පුතාට, පුතාගෙන් පුතාට ඔහොම ශත වර්ෂ ගණනාවක් ආව. ඒ පාරම්පරික විශ්වාසය මත තමයි දේශීය වෛද්‍ය ක්‍රමය ගොඩනැඟිල තියෙන්නේ.

බටහිර වෛද්‍ය ක්‍රමය ගොඩනැඟිල තියෙන්නේ සැකය මත. මේක සැකයි, ඒ නිසා සතුන් මරමින් ඒවා උපයෝගී කර ගනිමින් පර්යේෂණ කරනවා. ආයුර්වේදයේ මූලික දේ තමයි බහු කල්පං බහු ගුණං.... කියන සංකල්පය. ඒ නිසා තමයි ඒක අතුරු ආබාධ නැතිව ගුණ දෙන්නේ. ඒ කියන්නේ වැඩියෙන් යොදන තරමට ගුණය හොඳයි. සාමූහික ඔෟෂධ විදියට යොදන කොට ගුණය හොඳයි. ඒක තමයි බහු ඔෟෂධ භාවිතය. ඕනම ඔෟෂධයක් තනියෙන් ගත්තොත් ඒකේ අතුරු ආබාධ වැඩියි. නමුත් එකට එකතු කරල ගන්න කොට කෂාය වේවා, කල්ක වේවා, චූර්ණ වේවා, ගුළි වේවා 5-10 එකතු වෙලා එනකොට ඒකෙ ගුණය වැඩියි, බහු කල්පං බහු ගුණං කියලා ආයුර්වේදයේ කියන්නේ ඒක. අතුරු ආබාධ නෑ. (According to Ayurveda, herbs are taken in combination with other herbs to neutralize the toxicity of one herb with the opposing effect of the other or to enhance the particular effect of one herb with the help of other.)


නමුත් බටහිර ක්‍රමයෙ තියෙන්නේ එක ක්‍රියාකාරී සංඝටයක් පමණයි. එක සංඝටකයක් අරගෙන ඒකෙන් හදන බේත මඟින් එන අතුරු ආබාධය තමයි ඉස්සරහට එන්නේ. ඔෟෂධ ගොඩක් එකට යොදනකොට එකකින් එකක් කැපිල යනව. එතකොට නෙට් සයිඩ් එෆෙක්ට් එක (Net side effect ) බින්දුවයි. බටහිර ක්‍රමයෙ තියෙන එක ක්‍රියාකාරී සංඝටකයක් නොහොත් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් භාවිතයෙන් වෙන්නෙ මොකක්ද? අතුරු ආබාධ සහිත ඔෟෂධයක් රෝගියාගෙ ශරීරගත වෙනව. එතකොට රෝගියා ජීවත්ව ඉන්නතාක් කල් එක අතුරු ආබාධයකට එක බේතක් හදනව. තව එකකට තව එකක්. සයිඩ් එෆෙක්ට්වලට. මේක විසම චක්‍රයක් විදියට මිනිහෙක් මැරෙන තෙක් ඔෟෂධ සමාගම් පෝසත් කරනව. අතුරු ආබාධ චක්‍රයක් හදාගන්නවා. මෙය ඒ හැටි හොඳ තත්වයක් නොවන බව වටහා ගනිමින් මේ තත්වය හොඳාකාරව තේරුම් ගන්න උත්සහ කරන්න. 

සිංහල වෙදකමේ කරන්නෙ රෝගයේ මුදුන් මුල කපන එක. බටහිර වෙදකමේ කරන්නේ එය විසින්ම නිපදවන අතුරු ආබාධ කපන එක. අතු රිකිලි කපන එක. ලෙඩ නමැති ගහ කපන්න අතු රිකිලි කපල හරියන්නෙ නැහැ. මුදුන් මුල කපන්න ඕන.

ආයුර්වේදය ගැන කිව්වේ ලිව්වෙ අත්හදා බැලුවෙ අවුරුදු දහස් ගණනකට පෙර භාවනාවෙන් සිත දියුණු කළ ඍෂිවරු. ඒ අය කළේ බුදුන් වහන්සේ කළ දේ. බුදුන් වහන්සේ සිත දියුණු කරල සොබා දහමේ තියෙන රහස් දැන ගත්ත. ඒ විදියට තමයි ලෝකයේ තියෙන ගස්වලින් වැඩිම ඔක්සිජන් ප්‍රමාණයක් නිකුත් කරන ඇසතු බෝ ගස මුලදී රැයක් පහන් කළ එක්තරා අලුයම් කාලයකදී බුදුවෙලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක්වත් නැතිව පරමාණුක සංයුතිය ගැන නිවැරැදිව දේශනා කළේ.

ක්ෂුද්‍ර ජීවීන් ගැන දේශනා කළේ. ඒක හින්ද තමයි දුර දක්නයක්වත් නැතිව විශ්වයේ තියෙන චක්‍රාවාට ගැන නිවැරැදිව කිව්වේ. අදටත් ප්‍රසිද්ධියේ නොකිව්වට නවීන විද්‍යාව බුද්ධ දේශනාවේ එන මේ වගේ සොයා ගැනීම් ගැන පුදුම වෙලා ඉවරයි. ඒක තමයි බුදු දහමේ සත්‍යය. බුදු හාමුදුරුවො තරම්ම සිත දියුණු කර ගන්නට නොහැකි වුණත් භාවනානුයෝගී ඍෂිවරුන්ට මිනිසුන්ගේ රෝග නිට්ටාවටම සුව කරන ඔෟෂධ ගැන නුවණින් පෙනුණ. බුදුබවින් මෙහා වෙදකම අවබෝධ වුණා. ඒක තමයි ආයුර්වේදය කියන්නේ. මේක අපට බටහිර විද්‍යාඥයන්ට, පර්යේෂකයන්ට, වෛද්‍යවරුන්ට විශ්වාස කරවන්න බැහැ. ඔවුන්ට තියෙන්නේ මේක පිළිගන්න විතරයි.

කෙසේ වුව ද මෙම පරාධීන ආකල්පවලට වැඩි ආයුෂ නොමැති බව හිතේ තබා ගතයුතුවෙනවා. මන්ද යත් නොහැකියාවටත්, මුසාවටත් වැඩි ආයුෂ නොමැති බැවිනි. එදිනට රාහු ගෙන් මිදුණු පුන්සඳ මෙන් අප ගේ වෙදකම පෙර පරිදි ම බබළනු ඇත.

පොත පත ඇසුරින් සකස් කරණ ලදි.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇති ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය, ග්ලූටියෙලා ආයුර්වේද ඖෂධීය පානය, කොන්සිටැප් ආයුර්වේද ඖෂධීය පානය, ලෝන්ග්ලයිෆ් ආයුර්වේද ඖෂධීය පානය ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු.


සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි. 


වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.





රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුකර ඒ හා සම්බන්ධ අතුරු ආබාධ වළක්වයි.




සිරුරේ තරබාරු කම අඩු කර කොලෙස්ට්‍රෝල් පාලනය කරයි. හන්දිපත් රුදාව සමනය කරයි.




මල බද්ධය වළක්වා මල පිටවීමේ පහසුව ඇති කරයි.
අර්ශස් තත්වයන් සමනය කරයි.


ප‍්‍රතිජීවක ශක්තිය වර්ධනය කර ලේ පිරිසිදු කරයි. ආතතියෙන් මිදුනු ප‍්‍රබෝධමත් ජීවිතයකට.




සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


No comments:

Post a Comment