Sunday, August 5, 2018

ආම වාතය අපිම හදාගන්න ලෙඩක්



අද අපි යන්ත‍්‍ර වෙලා. ඔහේ උයනවට උයනවා. බඩ පිරෙන්න ගන්න තිබ්බොත් ඒ තියෙන මොනවාම හරි කනවා. පෝෂණය ගැන වගක්වත් නෑ. ඇයි අපිට නිදහසක් නෑ. නිදියගන්න තියෙන පැය 5 - 6 විතරයි විවේකී. ඒත් හෙට දවසේ වැඩ ගැන මතක් වෙනකොට නින්ද යන්නෙත් නෑ. මේ කාර්ය බහුලත්වය නිසාම අපේ ජීවන රටාවේ වෙනස්කම් සිදු වෙලා. සමහර දේවල් සීමා කරන්නත් වෙලා. අවාසනාවකට මේ හැම දෙයකට ම වගේ අපි අපේ ආහාර වේලටත් සීමාවන් පනවනවා ගෙන. බොහෝ දෙනකු උදේට කන්නෙ නෑ. කෑවත් කන්නේ පාන් පෙත්තක් දෙකක් බටර් ටිකක් හරි ජෑම් ටිකක් හරි ගාගෙන. කඩේකින් කෑවත් පාන් පිටි කෑම. දවාලට ඔහේ මොනව හරි එකක් දෙකක් එක්ක බත් එක ගේනවා. බඩගින්නට කනවා ඇරෙන්න පෝෂණයක් ගැන හිතන්නෙ නෑ. ඒකෙ වැඩි හරියක් තියෙන්නෙ ලේසියෙන් හදන්න පුළුවන් කෑම ජාති. තෙල් දාලා හදලා තියෙන නිසා කටට රසයි. ඒ තෙලුත් දෙපාරක් තුන් පාරක් බැදගත්තු ලිපේම රත්වෙච්ච තෙල්. ඒත් ගුණයක් නම් ඇත්තේම නෑ.  තවත් සමහර දෙනා දවල්ට බත් කන්නෙ නෑ. ඒ බත් කෑවම නිදිමත හැදෙන නිසා. එහෙම වුණොත් ඒක රාජකාරියට බාධාවක්. ඒ නිසා දවාලට ඔය මොනව හරි කෙටි කෑමක් කාලා පැණි බීම එකක් බොනවා. ගෙදර ගිහින් හොඳට බත් කනවා කියලා හිතනවා. ඒත් හවසට ගෙදර යන කොට හතත් පහු වෙලා. බිරිඳත් රැකියාවට යන නිසා හවසට එයා ගෙදර එන්නෙත් මහන්සි වෙලා. ඉතින් එහෙම තත්ත්වයක් උඩ බත් උයන්න කියන්න බෑ. ඒ හින්දා  ආප්ප, ඉදි ආප්ප, ෆ‍්‍රයිඩ් රයිස්, පිට්ටු වගේ මොනවහරි දෙයක් කඩෙන් ගෙනත් කනවා. මොකද පොඩි අයත් ඒවගේ දෙයක් කන්න ආසයි. ඒ දරුවොත් බත් කන්න ආස නෑ. ආස නෑ කිව්වට, අපි එහෙම පුරුදු කරලා නෑ කිව්වොත් ඒක වඩාත් නිවැරදියි. පුංචි කාලෙ ඉදන් ම ඒ දරුවන්ටත් පහසුවට වෙන වෙන දේවල් කන්න බොන්න පුරුදු කරලා. ගුණයක් නෑ. රස විතරයි. මුදල් වියදම් වෙනවා. දරුවො ලෙඩ වෙනවා. සිද්ධ වෙන්නෙ එච්චරයි.

සති අන්තෙ ගෙවෙන්නෙත් මේ විදිහටමයි. සතියේ දවස් පහම මැෂින් වගේ වැඩ කරන නිසා පොඩි විවේකයක් තියෙන්නෙ සෙනසුරාදා සහ ඉරිදා විතරයි. සෙනසුරාදා දවසම දෙන්නම එකතුවෙලා ගෙවල් අස්පස් කරලා රෙදි සෝදලා ඉතිං එදාටත් උයන්න වෙලාවක් නෑ. ඔහේ මොනව හරි රත්කර ගෙන කනවා. වෙනසකටත් එක්ක ඉරිදට ගෙදර ඔක්කොමලා පොඩ්ඩක් විනෝද වෙන්න කියලා ගෙදරින් පිට යනවා. ගිහින් හොඳට තෙල් ජාතිදාපු, සෝස් දාපු, ලවන දාපු කෑම කනවා. කොච්චර කනවද කියනවනම්  කන්න බැරි තරමට බඩ පිරෙනකම් කනවා. ඉතිං උයලා අපරාදෙ. කෑම අහක යනවා. ඒ හින්දා උයන්නෙ නෑ. කෙටි කෑමක් කාලා ෂේප් වෙනවා. සතිය ගෙවෙන්නෙ ඔහොමයි.

ඒත් මීට දශක දෙක තුනකට පෙර මෙහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. අපිට අපේ කියලා ආහාර වේලක් තිබුණා. එදා බොහෝ දෙනා උදේට බිව්වෙ කොළ කැඳ එහෙමත් නැත්නම් ලුනු කැඳ. මේ ලුනු කැඳවල ගුණ 10 ක් ද බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. උදේට කැඳ කෝප්පයක් බොන එකේ වාසි හුඟක් තිබුණා. ආහාර දිරවනවා, මුත‍්‍රා පහ වෙනවා, මළ පහවිම පහසුවෙනවා, රුධිරය පිරිසුදු වෙනවා, ශරීර ශක්තිය ලැබෙනවා, දවස මුළුල්ලේම කි‍්‍රයාකාරී වී සිටින්නට හැකියාව ලැබෙනවා. උදේ කැඳ කෝප්පෙ බීලා පැයකින් දෙකකින් තමයි උදේ ආහාරය ගත්තේ. හීල් බත්, දියබත්, මුදවපු කිරි බත් සමඟ, කුරක්කන් රොටි, තලප ආදියයි උදේ ආහාරයට තිබුණෙ. දවාලට බත් නම් වරදින්නෙ නෑ. නිවුඩු හාලෙ බත්, ව්‍යාංජන දෙක තුනක් සමඟ, කොළ මැල්ලුමක්, සමඟ ඇඹුලට පිසගත් දෙයක් එක්කර ගත්තා. අතුරුපසට මුදවපු කිරි වරදින්නේ නෑ. කරවල, මාළු වගේ දේවල් ආහාරයට ගත්තෙ ඉද හිට.

රාති‍්‍රයට වුණත් කෑවෙ බත්. ව්‍යාංජනයක් දෙකක් එක්කර ගත්තත් ඒවා බර ආහාර වුණේ නෑ. එදා තුන් වේලම සමබර විදිහටයි ආහාර ගත්තෙ. ඒත් අද තත්ත්වය වෙනස් වෙලා. සෑහෙන්න වෙනස් වෙලා. එදා මධුමේහය, කොලෙස්ටෙරෝල් කියන ලෙඩ ජාති අහන්නවත් ලැබුණෙ පොල්, තෙල්, නිතර ආහාරයට එක්කර ගත්තා. ඒත් ප‍්‍රශ්න ඇති වුණේ නෑ. හැබැයි අදත් අපේ ආච්චිලා සීයලට මේ වගේ ලෙඩ නෑ. ඒ අය නිරෝගිය. බුලත් අතේ මුදලක් තබා ඇති හැකි පමණින් වෙද මහත්තයගෙන් බේත් ගත්තු ගැමියා චැනල් සර්විස් එකට, ලැබ් එකට, ෆාමසියට සල්ලි ගෙවා බඩගින්නේ ඉන්න තත්වයට පත් වෙලා. අද ඈත පිටිසර ගමක කඩයකට ගියත් විකුණන්න තියෙන්නෙ බටහිර ආහාර පාන වර්ග. මෙයට වැඩියෙන් ම බලපාලා තියෙන්නෙ ප‍්‍රචාරණය කිව්වොත් නිවැරැදියි. මේ ප‍්‍රචාරණයට අපි මුලාවෙලා. බහතෝරනවියේ දරුවන් මුලාවෙලා.

මේකෙ ප‍්‍රතිඵලය වෙන්නෙ අපේ ජාතිය රෝගීන් වීමයි. වයස අඩු අය එහෙමත් නැත්නම් තරුණ පිරිස අතර මධුමේහය, රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හෘදය ආශ‍්‍රිත ආබාධ වසංගතයක් වගේ පැතිරිලා. ඒත් එක්කම ආහාර පරිහරණ ව්‍යුහයේ රෝග වගේම මානසික ආතතියත් වැඩි වෙලා. අද වෛද්‍ය විද්‍යාව දියුණු නිසා ඕන තරම් ලෙඩ රෝග සොයා ගැනෙන පරීක්ෂණ තියෙනවා. මුදල් හදල් ඇති අය මේ පරීක්ෂණ කර ගන්නවා. සමහර විට ලෙඩක් නැතිව නිකනුත් පරීක්ෂණ කර ගන්නවා. ඒත් මුදල් හදල් නැති අයට මේවා කරගන්න විදිහක් නෑ. ඉතිං ඒ අයගෙ රෝග තත්ත්ව නොදැනීම වැඩි වෙනවා. ඇති අය රැකෙනවා. නැති අය රෝගී වෙනවා. ඒත් අපේ සරල දිවි පෙවෙත, ඒ කියන්නෙ ආහාර හා වියරණ පුරුදු එදා විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් මේ වගේ රෝග අපට ඇති නො වෙන්න ඉඩ තිබුණා. සමාජයේ උගත් පිරිස යමක් කමක් ඇති අය රෝග පිළිබඳ දැනුමක් තියෙන හින්දා ආහාර ගැනීමේදී සැලකිලිමත් වෙනවා. ඒ අය මේදය, පිෂ්ඨය, සීනි වගේ ආහාර ගන්නෙ පාලනයක් ඇතිවයි. ඉතිං ඒ අයට රෝග වැළැදෙනවත් අඩුයි. ගැටලුව තියෙන්නෙ එතන නෙමෙයි. නූගත් පිරිස අතරයි. හේතුව වෙළෙඳ ලෝකයේ අද ප‍්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නෙ මේ නූගතුන්. ඉතිං මේ ප‍්‍රචාරණයට නූගතුන් රැවටෙනවා. ඒවා මිලදී ගන්නවා. කනවා බොනවා. ඊට පස්සෙ ලෙඩ වෙනවා. මස්, මාළු ආදියෙන් හදන කෑමවලට රසායනික දේ දානවා. ලවණ වර්ග දානවා. දියුණු රටවල නම් මේ වගේ කෑම හදන්න ප‍්‍රමිතියක් තියෙනවා. ඒත් ලංකාවේ එහෙම ප‍්‍රමිතියක් නෑ .ඉතිං ඒ නිසා මේ කෑම කන අය ලෙඩ වෙනවා. විශේෂයෙන්ම වයසට කලින් වයසට යනවා. බැලූ බැල්මට වයසට ගිහින්.

අපේ ශරීරයට ලවණ අවශ්‍යයි. ඒත් මේ කෑම ජාතිවලට දාලා තියෙන ලවණ ප‍්‍රමාණය වැඩියි. මේ නිසා නොදැනුවත්වම ශරීරයට ලවණ වැඩි වෙනවා. අද අපි ආහාර ගන්නා ක‍්‍රමය වුණත් වැරැදියි. නිතර නිතර අපි ආහාර ගන්නවා. ඒ නිසා ආමයඇති වෙනවා. ආමය කියන්නෙ ආහාර නොදිරවීමය. අද සමාජයේ බහුලව ම දක්නට ලැබෙනා කරදරකාරී රෝගයක් ලෙස මෙකී රෝග තත්ත්වය පෙන්වා දිය හැකි ය. දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව බඬේ ඇඹුල් පිතලෙස හඳුන්වන මෙකී රෝගී තත්ත්වය ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දී ඇත්තේ මෙසේ ය.

විදග්ධ පිත්තං අම්ල පිත්තං’. එනම් අප නො දන්නා, අප ගන්නා ලද ආහාරය ආමාශයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර වන පාචක පිත සමඟ නිසි ආකාරයෙන් නො පැසී පල් වීම නිසා මෙකී අම්ල පිත්ත රෝගී තත්ත්වය පැන නගී. විශේෂයෙන් ම මෙහි දී දූෂිත වන්නේ පිතයි. එහෙත් වාතය හා සෙම ද මෙයට සම්බන්ධ වේ. ආහාර ජීර්ණ පද්ධතියේ මෙකී දුර්වලතාවය හේතු කොටගෙන අග්නිමාද්‍ය නිසා නො පැසුනු යම් ආහාර රසයක් වේ ද එය ආම රසයලෙස ආයුර්වේදයේ පෙන්වා දී ඇත. එය ශරීරයේ උද්ගත වන දරුණු විෂ තත්ත්වයක්.

අපේ ශරීරයේ ඇතිවන හැම ලෙඩකටම මූලිකම වෙන්නෙ ආමය කියල ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන්නෙ. හොඳ පත්‍ය ආහාරයක් නියම මාත‍්‍රාවෙන්, නියම වෙලාවට අනුභව කරන්න ඕනෙ කියලයි. ආයුර්වේදයේ සඳහන් ආහාර ගන්නා අවස්ථාවේදී ඒ කෙනාගෙ මනස භය, ශෝකය, උද්වේකර අවස්ථා, ඊර්ෂ්‍යාව - ක්‍රෝධය වගේ දේ වලින් සමන්විත වූණොත් ඒ ආහාර දිරවන්නෙ නෑ. එහෙම වුණොත් ආමය ඇති වෙනවා. අම්ල පිත්ත රෝගය ඇති වෙන්නෙත් ආහාර නිසාම යි. ආහාර දිවන්නේ නැතුව බඩ තුළ පල්වෙලා පැසවීමක්  සිදු වී වායුවක් නිපද වෙනවා. එය උගුරට එනවා. බඩ පපුව දනවා. බඩේ - උගුරේ තුවාල එනවා. බඩේ සද්ද ඇති වෙනවා. මළ බද්ධය වගේම බඩ පුරවා දැමීමක් ද සිදු වෙනවා. බඩ ගිනි දැනෙනවා අඩුයි. ඇඟට තෙහෙට්ටු ගතියක් වගේම හිතට බයක්ද දැනෙනවා.

මේ ලක්ෂණ ඇති වුණාහම ඉක්මනටම යනවා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඊට පස්සෙ පරීක්ෂණ කරනවා. බලපුවහම රෝගයෙක් නෑ. මේක මානසික තත්ත්වයක් කියලා වෛද්‍යවරයා තීරණය කරනවා .රෝගියා දැන් හොඳට ම බය වෙලා. ලෙඩේ හොයා ගන්න බැරි නිසා. ලෝකෙ තියෙන භයානකම ලෙඩ ටික මතක් කර ගෙන තමාට ඉන් එකක් වෙන්න ඇති කියල හිත හිත ඉන්නවා. ඒත් ඒ අය දන්නෙ නෑ මේ රෝගය වැරැදි ආහාර පුරුදු නිසා ඇති වෙච්ච වග. රැකියාවට යන අය වගේම ශිෂ්‍යයනුත් අද මේ රෝගයට ගොදුරු වෙලා .අද සෑම නගරයකම ආහාර කඩ තියෙනවා. ඒ කඩවල තියෙන ආහාරවලට නොයෙක් රස කාරක දානවා. ඒවා පෝෂණ ගුණයෙනුත් අඩුය. මේ ආහාර අනුභව කරාම පසු කාලයේ දී පිළිකා පවා ඇති වෙන්න පුළුවන්. අද හුඟක් දෙනා කුකුළු මස් කන්න දක්වන්නෙ පුදුම ආසාවක්. මේවයේ ගුණයක් රසයක් නෑ. ඇත්තෙ හෝමෝන විතරයි. ඉතිං මේවා කෑවම අපි දන්නෙම නෑ ලෙඩ වෙනකම්. මේ වගේ ආහාර කනකොට අමාශයේ, හෘදයේ හා වකුගඩු රෝග බහුලව ඇති වෙනවා කියලයි ආයුර්වේදයේ සඳහන් වෙන්නෙ. ඉතිං බලන්න අපි ලෙඩ වෙන්නෙ අපේම වරදින් අපේම වැරැදි පුරුදු නිසා. නෙමෙයිද කියලා. එදා අපේ ආච්චිලා සීයලා කෑවැ වගේ බත්, හාල් පිටි, අලුත් එළවළු අලවර්ග, පලතුරු කොළ වගේ දේවල් අපේ ආහාරයට එක්කර ගන්නවා නම් ඒක අපේ ශරීරයට වගේම ආර්ථිකයටත් හොඳ බව අමුතු වෙන් කියන්න ඕනෙ නෑ නෙ.


ගින්න ඇතිවීම, පිළිවෙලකට ආහාර ගැනීම, ආහාර දිරවීම සහ මල පහවීම හරියාකාරව සිදුවෙනවා නම් නිරෝගීව ජීවිතයට මුහුණ දෙන එක ඒ හැටි දෙයක් නොවෙයි. මල පිටවීම පිළිබඳව තමා වැඩි සැලකිල්ලක් ගත යුතුමය.

වර්තමානය වන විට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම බහුලව දක්නට ලැඛෙන රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් රෝගය හදුනා ගන්න පුළුවන්. මෙම රෝගයෙන් පිඩා විදින බොහෝ දෙනෙක් මෙම රෝගය බාහිර ලෝකයට හා ඇතැම් විට පවුලේ අයට පවා සගවාගෙන පීඩා විඳිනු ලබයි. ලැජ්ජාව හේතුවෙන් වෛද්‍යවරුන්ගෙන් පවා රෝගය සැගවීමට ඔවුන් උත්සාහ දරනවා. මෙය ඉතාම දරුණු තත්වයක්. බොහෝ කලක් ක්‍රමවත් ප්‍රතිකාර ලබාගැනීමකින් තොරව රෝගය සඟවා සිටීම හේතුවෙන් ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකා තත්ත්ව පවා ඇතිවිය හැකි බව මේ වන විට වෛද්‍යවරුන් සොයාගෙන තිඛෙනවා.

ගුද මාර්ගයේ සෑදෙන මෙම රෝගී තත්ත්වය රෝගීන්ගේ හිතට වද දෙන, ගතට පීඩාකාරී රෝගී තත්ත්වයකි. මහා බඩවැලේ අවසාන අගල් 4 1/2ක පමණ කොටස ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබයි. ගුද මාර්ගයේ ඇතිවන දැඩි වියළීම හෝ හටගනු ලබන ගෙඩි නිසා මල පිටකිරීම ඉතාමත් අපහසුතාවකට පත් කරයි.

මෙම ගෙඩි ශල්‍යකර්ම මගින් ඉවත් කළ හැකි අතර එසේ ඉවත් කළද නැවත නැවත ගෙඩි ඇතිවිය හැකිය. කෙසේ වෙතත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් ශල්‍යකර්මවලින් තොරව අර්ශස් නිට්ටාවට සුව කරගත හැකිය.





 විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 777284473 / +94 710952034 / +94 11 2624475



Facebook: Mediherbs SriLanka 

Saturday, August 4, 2018

City Pharmacy and Grocery - Maharagama


Our Products are Available in

City Pharmacy and Grocery
159-C, Highlevel Road, Maharagama.
Tel: 0114300631

සිටි ෆාමසි සහ ග්‍රොසරි
159-සී, හයිලෙවල් පාර, මහරගම.
දුරකතන: 0114300631






Diabina Ayurvedic Herbal Drink



Thursday, July 26, 2018

Nihal Medicals (Pvt) Ltd - Kandy

Our Products are Available in

Nihal Medicals (Pvt) Ltd 
No; 100, Kotugodella Street, Kandy, Sri Lanka.
Tel: 094 81 2234408
සීමාසහිත නිහාල් මෙඩිකල්ස් පුද්ගලික සමාගම
නොඃ 100, කටුගොඩැල්ල වීදිය, මහනුවර, ශ්‍රී ලංකාව.
දූරකතනඃ 094 81 2234408









Saturday, March 17, 2018










Slimming drink Slimming drink for those who want to lose a lot of weight. Gluteala Ayurvedic Herbal Drink Reduces fat and controls harmful cholesterol. For more details please contact +94 (0) 710952034 / +94 (0) 777284473 +94 (0) 777487738/ +94 (0) 767487738 +94 (0) 112623889 FB - Mediherbs Sri Lanka Web: www.mediherbs.lk Email: mediherbssrilanka@gmail.com

Tuesday, October 31, 2017

අති ස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර


අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩ කටයුතු වලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.


ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.


අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.


අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.


තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.


ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.

මේද පරිවෘත්තියට බාධා පැමිණීම මගින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.
වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.


මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.


තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?

තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉතා සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.


ජීවිතයට තර්ජනයක්

තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා.


ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.


තරබාරුකමෙන් මිදීම

ආහාර, ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතු වලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.


ව්‍යායාම

ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.


ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.


තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.


මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි.

මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. 


රුධිර නාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලුවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට සහ ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කාර්ය්‍ය ශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. 







පත්තියම් පිළිවෙත්

• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.


• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.


• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.


• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.


මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා ඇත.





විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889



Wednesday, March 29, 2017

දියවැඩියා රෝගීන් සඳහා වෙළඳපලේ ඇති හොඳම ඖෂධීය පානය

ඩයබීනා හර්බල් පානය ඉතා අගනා පැරණි ඖෂධ සංයෝගයකට අනුව ආයුර්වේද ඛෙහෙත් ද්‍රව්‍ය පමණක් යොදා තැනූ ආයුර්වේදීය ඖෂධීය පානයකි. මෙහි තේ අඩංගු නැත. ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූලවන්නාවූ වෙළඳපොලේ ඇති ඖෂධීය පාන අතරින් මධුමේහ රෝගීන් සඳහා ඇති යෝග්‍යම ඖෂධීය පානය ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානයයි. අප එසේ කියන්නේ මෙ මගින් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීමට අමතරව මධුමේහය නිසා උපදන පශ්චාත් (පසුකාලීනව ඇතිවන) උපද්‍රව වලක්වන නිසාවෙනි. ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය මෙවැනි තත්වයන් සඳහා ද ඉතා ඉහලින් ගුණ දෙනු ලබයි.  රුධිරගත ග්ලුකෝස් (දියවැඩියාව) මට්ටම පහත හෙළා එවැනි තත්වයන් දිගුකල් පැවතීම නිසා පසුවට ඇතිවන පාද හිරිවැටීම්, අප්‍රාණික බව, පාදවල ඇතිවන ස්පර්ශ කල විට නොදැනෙන බව සහ ශාරීරික දුබලතා ක්‍රමානුකූලව මගහරවයි. ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමානුකූල කරවමින් අනවශ්‍ය රුධිරගත ග්ලුකෝස් මට්ටම අවශ්‍ය තත්වයට පවත්වා තබා ගැනීමට උපකාරීවේ. මධුමේහය සඳහා ඉතා යෝග්‍ය ඖෂධීය පානයකි. (ඩයබීනා මධුමේහ අවස්ථාවන් සඳහා පමණි)


ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි අංක 02/02/FA/08/086 යටතේ මෙම ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය මදුමේහය සඳහා ගුණ දෙන පානයක් ලෙස අනුමත කොට නිර්දේශ කර ඇත. 


වැඩි විස්තර සඳහා අමතන්න
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම
639/7, ගුණවර්ධන මාවත, පිටකෝට්ටෙ.

ඍජු දුරකතනය : 
Hot Line:
0777284473

සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ වෛද්‍ය /අධ්‍යෂක


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ


දුරකථන: 0718285672 / 038228542



(දිවයිනේ සියළු කීල්ස් සුපර් මාකට් සහ ආර්පිකෝ සුපර් සෙන්ටර් හි ඇති ආයුර්වේදීය නිෂ්පාදන ඇති රාක්කයෙන් මිලදී ගත හැක .)




Tuesday, March 14, 2017

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ දියවැඩියාව පාලනය කිරීමේදී වෙනත් සංකීර්ණ උපද්‍රව රෝග හට ගන්නෙ නැත

බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය
සාමාන්‍යයෙන් ජනවහරේ එන ආකාරයට දියවැඩියාව එහෙමත් නැතිනම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ මධුමේහය කියන්නේ අද සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඇත්තටම අපි මෙම රෝගය විස්තර කරන්නේ ප්‍රමේහ රෝග යටතේයි. ප්‍රමේහය කියන්නේ මුත්‍රා ජනන පද්ධතිය ආශ්‍රිත රෝගී අවස්ථාවක්. 
සාමාන්‍යයෙන් මෙය රෝගයක් කිව්වට රෝග පද්ධතියක්. ප්‍රමේහය අවස්ථාවකදී පිටකරන මුත්‍රාවල ප්‍රමාණය වැඩිවෙනවා. අනිත් එක තමයි සාමාන්‍ය පුද්ගලයෙක් මුත්‍රා පිටකිරීමකදී පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවනෙ, නමුත් ප්‍රමේහ අවස්ථාවේ එම තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. එනම් ප්‍රමේහයේදී මුත්‍රා සමඟ පිටනොවිය යුතු දේවල්ද පිටවෙනවා. උදාහරණයක් විදිහට නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රා සමඟ සීනි පිටවීමක් සිදුවෙන්නේ නැහැනෙ. සීනි පිටවෙන්න ගත්තොත් අපි කියන්නේ ඒක රෝගී තත්ත්වයක් කියලයි. ප්‍රමේයේදී සමහර වෙලාවට රුධිරය පිටවෙනවා. තවත් සමහරවිට පිෂ්ඨය පිටවෙනවා. ශුක්‍ර පිටවන අවස්ථාවනුත් තියෙනවා. ඒ අනුව ප්‍රමේහය ප්‍රමේහ රෝග 20ක් යටතේ වර්ග කරලා තියෙනවා. ඒකෙනුත් මුත්‍රා සමඟ මධුර පදාර්ථ ඒ කියන්නේ සීනි පදාර්ථ (ශර්කරා) පිටවීම තමයි මධුමේහය නැත්නම් දියවැඩියාව කියලා  හඳුන්වන්නේ. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මධුමේහයේදී පිටකරන මුත්‍රාවල පැහැය, රස, ගන්ධය ආදී සියල්ලක්ම මීපැණිවලට සමානයැයිද සැලකෙනවා.
 දියවැඩියාව සහ මධුමේහය යන රෝග තත්ත්වයන් එකක්‌ නොව දෙකකි. එසේම දියවැඩියාවට නැතිනම් ප්‍රමේහයට (Diabetes) නිසි ප්‍රතිකාර කලට වේලාවට නොලැබීමෙන් මධුමේහය (Diabetes Mellitus) හැදෙන බවද එය සුවකළ නොහැකි බවද කිව යුතුය.
අවසාන වශයෙන් මෙය දිනෙන් දින පුද්ගලයා කෘෂ (කෙට්‌ටු) කරන (Chronic and degenarative discase) රෝගයක්‌ බවද කිව යුතුය.
දියවැඩියාව පමණක්‌ නොව වෙනත් ඕනෑම රෝගයක්‌ වුව සුවකිරීමට නම් රෝග හේතුව ඉවත් කළ යුතුය. එය බුදුදහමට ද එකඟය. අපගේ ප්‍රතිකාර ක්‍රමවේදය දැනුම් පද්ධති තුනක ආයෝජනයකි. එනම්, පාරම්පරික දැනුම, ආයුර්වේද විද්‍යාත්මක දැනුම හා නව්‍ය වෛද්‍ය විද්‍යාත්මක දැනුම වශයෙනි.

එම දැනුම් පද්ධති තුනේ සමායෝජනයෙන් ප්‍රතිකාර කරන හේතු ප්‍රකාර වූ ක්‍රමවේදයන්ද තුනකි. 

1.
දියවැඩියාව ඇති වීමට හේතු වූ ඉන්සියුලින් නිෂ්පාදනය මදිවීම හෝ රුධිර ගතව ඇති ග්ලූකෝස්‌ ප්‍රමාණය දහනය කරමින් රෝගියාගේ ජීව සෛලයන් තුළට ශක්‌තිය ලබාදීමට ඉන්සියුලින් වලට ඇති නොහැකියාව සඳහා ප්‍රතිකාර කිරීමයි.

නිරෝගී පුද්ගලයකුගේ ඉන්සියුලීන් ප්‍රමාණය වන 6- 27 micro Iulme (සීරම් ඉන්සියුලීන් මට්‌ටම) දක්‌වා දියවැඩියා රෝගියාගේ ඉන්සියුලීන් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීම මෙන්ම ඉන්සියුලීන් නිෂ්පාදනය සඳහා අග්න්‍යාශයට අවශ්‍ය රුධිර සංයුතිය (Blood Count) සකසා දීමට අවශ්‍ය ප්‍රාථමික සෛල රෝපණයට ප්‍රතිකාර කිරීම මෙහිදී සිදුකෙරේ.

2.
දෙවැනි හේතුව ලෙස හඳුනාගෙන ඇති ආහාර දිරවීමේ වරද හා ආහාර දිරවීමේ ශක්‌තිය නිවැරදි කිරීමට ප්‍රතිකාර කිරීමයි.

නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර දිරවීමේ (Metabolism) ප්‍රධාන කොටස්‌ තුනකි.


⚉ පිෂ්ඨ ආහාර දිරවීම

⚉ තෙල් ආහාර දිරවීම
⚉ ප්‍රේටීන් හා ඛනිජ ආහාර දිරවීම  වශයෙනි. 

මේ අකාරයට ආහාර දිරවීමේ ශක්‌තිය නිවැරදි කිරීම ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව (සමාග්තිය) ඇති කිරීමට ප්‍රතිකාර කිරීමයි.

තෙවැනි හේතුව වශයෙන් සඳහන් කළ හැක්‌කේ නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීමයි. ඒ අනුව රෝගියා නිවැරදි ආහාර රටාවකට යොමුකිරීම මෙහිදී සිදුවේ.
දියවැඩියා රෝගියෙක්‌ ගත යුතු ආහාර වේල ගැන කතා කරන්නට පෙර අපි පළමුව දියවැඩියාව යනු කුමක්‌ද කියල වටහා ගන්නට උත්සාහ කරමු. සරලව කිවහොත් දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ රුධිරයෙහි පවතින සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ යැමයි. ලේවල සීනි වර්ග ගණනාවක්‌ ම තියනවා. නමුත් අපට මෙතනදී වැදගත් වෙන්නේ සරල සීනි, එහෙමත් නැත්නම් "ග්ලූකෝස්‌" කියන සීනි වර්ගයයි.

රුධිරයෙහි පවතින සීනි මට්‌ටම පාලනය කරන සාධක දෙකක්‌ අපේ ශරීරයේ තියනවා. මේ දෙකම අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන හෝමෝන දෙකක්‌. ඒ තමයි

1.  
ඉන්සියුලින් (Insulin)
2.  
ග්ලූකොගොන් (Glucogen)
ඉන්සියුලින් වලින් රුධිරයේ සීනි මට්‌ටම අඩු කරනවා. ග්ලූකොගොන් වලින් රුධිරයේ සීනි මට්‌ටම වැඩි කරනවා. ඔය දෙකේ හැසිරීම තුළ තමයි සරලව ගත්තාම අපිට දියවැඩියාව කියන රෝගය ඇතිවන්නේ.

අපේ ශරීරයට වැඩිපුරම සීනි එන්නේ ආහාරවලින්. කාබෝහයිඩ්‍රේට් වලින් විශේෂයි. කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය වෙලා අක්‌මාවේදී සරල සීනි හෙවත් ග්ලූකෝස්‌ ලෙස රුධිරයට එකතු කරනවා. ප්‍රෝටීන් වලිනුත් සීනි හැදිල රුධිරයට එකතු වෙනවා. ඒ වගේම ඒ සියල්ලට අමතරව අක්‌මාවටත් පුළුවන් යම් සීනි ප්‍රමාණයක්‌ නිපදවලා ලේ වලට එකතු කරන්න.

ලේ වල තියන සීනි මට්‌ටම පාලනය කරන්නේ ඉන්සියුලින් නිසා යම් හෙයකින් අග්න්‍යාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වුවහොත් දියවැඩියාව සෑදිය හැකියි.
මිනිස්‌සුන්ට හැදෙන දියවැඩියාව ප්‍රබේද දෙකකින් හඳුනාගත හැකි වෙනවා.

1.
ප්‍රබේදය 1 (Type 1 Diabetes mellitus) 
2.
ප්‍රබේදය 2 (Type 2 Diabetes mellitus) 

මේ ටයිප් 1 දියවැඩියා ප්‍රබේදය පුංචි කාලයේදීම ළමයින්ට වැළඳෙනවා අග්න්‍යාසයේ ඉන්සියුලින් ශ්‍රාවය නොවීම නිසා. එහෙම දරුවන්ට ඉතින් ඉන්සියුලින් ඉන්ජක්‌ෂන් කරන්න ම වෙනවා.

ටයිsප් 2 දියවැඩියා ප්‍රබේදය තමයි අපේ රටේ බහුල. ඒක හැදෙන්නේ වැඩිහිටියන්ට. නොයෙක්‌ හේතූන් නිසා අග්න්‍යාසයේ ඉන්සියුලින් නිසි පරිදි නිෂ්පාදනය නොවීම තුළ මේ ප්‍රබේදය ඇති වෙනවා. මෙතනදී හුඟක්‌ වෙලාවට පාරම්පරික ආවේනිය බලපානවා. විවිධ ශාරීරික හේතු බලපානවා. මෙතනදී ඉන්සියුලින් තියනවා. නමුත් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා තිබිය යුතු ප්‍රමාණයට වඩා ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා බෙහෙත් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගන්නා ආහාර දැඩි ලෙස පාලනය කරන්න වෙනවා.

පළමුවෙන් අපි තමන්ට දියවැඩියාව තියනව කියල නිසැකවම බලාගත යුතු වෙනවා. ඒ සඳහා නිවැරැදි වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය විය යුතුයි. ඕන නම් අපට සරලව කරන රුධිරයේ සීනි මට්‌ටම පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර එය 120mg/dl ට වැඩි නම් දියවැඩියාව ඇති බවට සැක කළ හැකියි. ඒ ආහාර නොගෙන. ආහාර ගෙන සිටින වෙලාවක ඒ මට්‌ටම 180 mg/dl වලට වැඩිය තිබිය යුතුයි. ඊට අමතරව තව විශේෂ පරීක්‍ෂණයක්‌ තියනවා. HB AIC කියන. එම පරීක්‍ෂණයෙන් 7% ට වඩා ප්‍රතිඵල වැඩියෙන් තියනවා නම් ඉතින් දියවැඩියාව තමයි. ඕක තමයි සරළ හැඳින්වීම.

ඊළඟට අපි බලමු ඇයි අපට දියවැඩියාව හැදෙන්නෙ කියලා.

හැදෙන්න හේතු ගණනාවක්‌ තියනවා. අංක එකේ හේතුව තමයි පාරම්පරික ආවේනිය. ඊළඟට ශරීරයේ බර වැඩිවීම, බර වැඩි වන්නේ ඉතින් කට පාලනය කර නොගැනීම නිසා හා ව්‍යායාම නොමැතිකම නිසානේ. යමෙකුගේ ශරීරයේ උසට සාපේක්‍ෂව බර පාලනය කර නොගත්තොත් දියවැඩියාව වැළඳෙනවාමයි. 

ඊළඟට අපි මතක තබාගත යුතු කාරණය තමයි දියවැඩියාව නිට්‌ටාවට සුව කළ නොහැකි බව. සමහර අය අග්න්‍යාසය බද්ධ කරලා ආමාශයේ ප්‍රමාණය පුංචි කරලා ඉතා අධික වියදමක්‌ කරලා දියවැඩියාව සුව කරලා තියනවා. ඒ හැරුනාම දියවැඩියාව සුව කරන්න බෑ. හැබැයි පාලනය කරන්න නම් පුළුවන් නිවැරදි ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කළොත්.

සමහරු අහනවා ඇයි මොකද වෙන්නේ. දියවැඩියාව ලෙඩක්‌ තමයි. ඒක ඉතින් තිබිච්චදෙන් කියලා තරුණ කාලේ බය නැතුව කන බොන අයත් ඉන්නවානේ. ඒකට උත්තරයක්‌ තියනවා.

දියවැඩියාව කියන එක නරක ලෙඩක්‌. ඒක වැඩි වුණාම ශරීරයට බලපාන ආකාර කිහිපයක්‌ තියනවා. දියවැඩියාව එක්‌ක බොහොම සම්බන්ධයි රුධිර පීඩනය. ඊළඟට ඊට සම්බන්ධයි කොලෙස්‌ටරෝල්. ඔය දෙකත් එක්‌ක වැඩි වෙනවා හෘදයාබාද ඇති වීමේ ප්‍රවණතාව. දියවැඩියා රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ මිය යන්නේ හෘදයාබාද නිසා. ඒක නිසා දියවැඩියාව, බර වැඩිවීම, රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෘදයාබාද කියන මේ ඔක්‌කොම ලෙඩ අපි එක සංකීර්ණ තත්ත්වයක්‌ ලෙස ගන්නවා. ඊට අපි කියනවා මෙටබොලික්‌ සින්ඩ්‍රොම් (metabolic Syndrome) කියලා.

මේ නිසා හෘදයාබාද ඇති වෙනවා. 

ඊළඟට දියවැඩියාව ඇස්‌ පෙනීම දුර්වල කිරීමට බලපානවා. ඊට අපි කියනවා රිටිනෝපති (Retinopathy) කියලා. එහි කෙළවර අන්ධභාවය. ඊළඟට තියනවා නෙප්රෝපති (Nephropathy) කියලා වකුගඩු අක්‍රිය කරවන තත්ත්වයක්‌. වකුගඩු නරක්‌ම වෙලා යනවා. ඊළඟට තියනවා නියුරෝපති (Nephropathy) කියලා ස්‌නායුවලට බලපාන තත්ත්වයක්‌. මෙන්න මේ තත්ත්වයේදී තමයි අවයව කපලා ඉවත් කරන්නේ. බොහෝ අයගේ පාද කපා ඉවත් කරන්නේ මේ තත්ත්වය තුළයි.

මෙන්න මේ කාරණා නිසා අපි දියවැඩියාවට බිය විය යුතු වෙනවා. මේ රෝගය ඉස්‌සරහා කවුරුවත් මෝඩ වීරයෝ වෙන්න ඕන නැහැ. හැබැයි බුද්ධිමත්ව ක්‍රියාකරල නිසි උපදෙස්‌ අරගෙන රෝගය හොඳින් පාලනය කරලා ඒ තුළින් වීරයෝ වෙලා තමන්ට හිමි නිසි ආයුෂ ප්‍රමාණ්‍ය භුක්‌ති විඳිමින් සතුටින් ජීවත් වෙන්නත් කෙනකුට බැරි නැහැ. අද හුඟක්‌ අය ඒ තත්ත්වයට පත්වෙලා ඉන්නවා.

කොහොමද අපි ඒක කරන්නේ. කොහොමද අපි දියවැඩියාව පාලනය කරන්නේ. මෙන්න මේ ටික තමයි මේ ලිපියේ වැදගත්ම කොටස. දියවැඩියාව පාලනය කරන්නට ක්‍රම කිහිපයක්‌ම තියනවා. නිවැරැදි උපදෙස්‌ අරගෙන ඒ ක්‍රමවලට අනුගත වුණාම අපි කවුරුවත් මේ ලෙඩේට බියවිය යුතු වන්නේ නැහැ.
පළමුවෙන්ම හැම කෙනෙක්‌ම තම සෞඛ්‍යය පිළිබඳ සටහන් තබාගැනීමට දින පොතක්‌ ළඟ තබාගත යුතුයි. අපි ඒ ටික තරමක්‌ පැහැදිලි කරගැනීමට මේ විදියට අංක යටතේ සටහනක්‌ තබමු.

1.
දිනපොතක්‌ තබා ගැනීම
⚈ නිතිපතා රුධිරයේ සීනි ප්‍රමාණය ගැන සටහන් තබා ගැනීම
⚈ ආහාර ගැන සටහන් තබාගැනීම.
⚈ දිනපතා හැකි පරිදි ව්‍යායාම කිරීම.
⚈ අවශ්‍ය බෙහෙත් ගැනීම.

2.
රුධිරයේ පීඩනය පාලනය කිරීම.

3.
කොලෙස්‌ටරෝල් පාලනය කිරීම.

4.
බර පාලනය කිරීම.

5.
මානසික ආතතිය පාලනය කිරීම.

6.
දුම් පානයෙන් වැළකීම.

7.
මත්පැන් බීමේදී බුද්ධිමත් පාලනයක්‌ ඇතිකර ගැනීම (බොන අය පමණක්‌)

8.
සුදුසුකම් ලත් පෝෂණවේදියකු හමුවී ආහාර රටාව ගැන උපදෙස්‌ ලබා පාලනයක්‌ ඇතිකර ගැනීම.

දියවැඩියා රෝගියකුට මෙන්න මේ පියවරයන් ටික ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර අයට මේ සමහර දේවල් කරන්න බැරිව ඇති. ඒකට කමක්‌ නැහැ. කරන්න පුළුවන් දේවල් ටික කළාම ඇති. 

ඊළඟට අපි ආහාර ගැනීම ගැන කතා කරමු. ආහාර ගැනීමේදී අපිට වැදගත් වන අවස්‌ථා 3 ක්‌ තියනවා. 
⚈ නොකළ යුතු
⚈ පාලනය කළ යුතු
⚈ කළ යුතු

අපි නොකළ යුතු දේවල් තමයි ක්‍ෂණික ආහාර ගැනීම. ඔය පිටි වලින් හදන කෙටි ආහාර දියවැඩියා රෝගීන් කිසි විටෙකත් නොගත යුතුයි. රෝල්ස්‌, පැටිස්‌, බනිස්‌, පේස්‌ට්‍රි වගේ කෑම ගන්න එපා. ඉන් ලැබෙන්නේ තෘප්තියක්‌ පමණයි. ඇති දෙයක්‌ නැහැ. සමහරු ඔය ක්‍රීම් ක්‍රැකර් ජාති කනවනේ අත රමැදට කන්න ඕන කියලා. ඒවා ගත යුතු නැහැ.

ඊළඟ එක තමයි සරල සීනි ආහාර ගත යුතු නැහැ. සරල සීනි තියනවා සීනි දැමූ තේ වල, පැනි බීම වල, පැණි රස තියන රස කැවිලි වල, පාන් වල. ඒවා ගන්න එපා. නරකම බීමක්‌ තමයි මෝල්ටඩ් මිල්ක්‌. ඔය එක එක නම් වලින් තියනවා. ඒවා බිව්වම ක්‍රියාශීලියි, කඩිසරයි කියනවනේ හැබැයි දියවැඩියාවට නරකයි. අන්තිම නරකයි. මෙන්න මේවා නොකළ යුතුයි. සමහර අය දුක්‌වෙලත් ආතතිය හදාගන්නවනේ. සමහරුන්ට පැණි රස කන්න අවශ්‍යයි. තේ බොන්න, කේක්‌ කන්න, පැණි රස බීම වර්ග බොන්න අවශ්‍යයි. ඇඟට සීනි එන්නේ නැතුව ඒවා කරන ක්‍රම තියනවා. මම පසුව ඒක කියන්නම්. මොකද ආහාර අරන්නෙ සමහරු සතුටු වෙන්නේ. ඒ සතුට ගත යුතුයි.

ඊළඟට තියනවා පාලනය කරගත යුතු ආහාර. ඉන් පළමු දේ තමයි පිටි කෑම. අපි කිව්වා ශරීරයට පිටි කෑම අවශ්‍යයි. අපි ඒක ශරීරයට අවශ්‍ය ප්‍රමාණය බලලා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය බලලා ඉන් භාගයක්‌ කාබෝහයිඩේ්‍රට්‌ වලින් එන විදියට ගන්න කියලා. එතනදී දියවැඩියා රෝගියෙක්‌ නිතරම ගත යුත්තේ සරල කාබෝහයිඩ්‍රේට්‌ නොවෙයි රෝගියා ගත යුතු වන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්‌. ඒ කිව්වේ රුධිරයට සීනි එකතු කිරීමේ ප්‍රතිශතය අඩු (Low Glycemic Index) ආහාර. ඒක අඩු ආහාර තමයි තම්බපු හාලේ බත්, නිවුඩු හාලේ බත් සහ දිගැටි හාලේ බත්. ඇලෙන බත් වල පාන්පිටි වල කුරක්‌කන් පිටි වල ග්ලයිසියම් ඉන්ඩෙක්‌ස්‌ එක ඉතා වැඩියි කියලා. අපි පුළුවන් තරම් එම අගය අඩු මාර්ග වලින් තමයි කාබෝහයිඩ්‍රේට් ගත යුත්තේ. ආහාරයෙන් 50% ක්‌ එම කාබෝහයිඩ්‍රේට්‌ ගන්න උත්සාහ කරන්න ඕන.

පාන් කන්නට ඕන නම් කන්න. ඒත් පෙත්තක්‌ වගේ. දේශීය අල බතල හොඳයි අර්තාපල් වලට වඩා. අර්තාපල් වලට වඩා බතල හොඳයි.

ඊළඟට පුළුවන් තරම් රනිල කුලයේ ආහාර බෝග කෑමට ගන්න.  කඩල, පරිප්පු, කවුපි, මුං ඇට වගේ. මේවායින් කාබෝහයිඩ්‍රේට් ‌වලට අමතරව ප්‍රෝටීන් ලැබෙනවා.

ඊළඟට සීනි (පැණි රස) හොඳ නැහැ. නමුත් පැණි රස කන්න ආසයි නම් කෙනකුට පුළුවන් පැණි රස කාරකයක්‌ යොදා ගන්න. ඒ සඳහා තියනවා ඇසපාටෙයින් (Aspretain) සහ ස්‌ටීවියා (Stevia) කියල පැණි රස කාරක දෙකක්‌. මේවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමතයි. ඕනම දේකට යොදල සීනි වෙනුවට කන්න පුළුවන්. සමහරු බොරුවට බය වෙනවා මේවා කෘත්‍රිමයි. ඇඟට හොඳ නැහැ කියලා. එහෙම එකක්‌ නැහැ. සැක අය ස්‌ටීවියා ගන්න. මොකද ඒවා ස්‌වාභාවික රසකාරකයක්‌. අද වෙළෙඳ පොළේ මේවා යොදපු අයිස්‌ක්‍රීම් යෝගට්‌ පවා තියනවා.

ඊළඟට අපි දියර කිරි බොන්න ඕන. පිටිකිරි නොවෙයි. දියර කිරි, නන්ෆැට්‌ වගේ දේවල්වලට දඟලන්න එපා. ඒ වෙනුවට එළකිරි බීවාට වරදක්‌ නැහැ.


ඊළඟට තෙල් වර්ග පාලනය කරන්න ඕන. අපි ගන්න ඕන තෙල් අසංතෘප්ත මේදය (Unsaturated fatty oils) තුළින්. තෙල් තුළින් අපි ශරීරයට අවශ්‍ය කැලරිවලින් 25% ක්‌ විතර ගන්න ඕන. විශේෂයෙන්ම දියවැඩියාව තියන අයට අසංතෘප්ත මේදය ගැනීම වැදගත්. අසංතෘප්ත මේදය වර්ග 2 ක්‌ තියනවා. එකක්‌ ඔමේගා 3 (Omega 3) අනෙක ඔමේගා 6 (Omega 6) විශේෂයෙන්ම අද පර්යේෂණවලින් ඔප්පුවෙලා තියනවා ඔමේගා 3 තුළින් දියවැඩියාව පාලනයට උපකාර වෙනවා කියලා. හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයත් ඔමේගා 3 වලින් වැළකෙනවා. මේවා පර්යේෂණ මගින් ඔප්පු කරලා තියනවා.

ඔමේගා 3 තියනවා මාළුවල. ඊට අමතරව බිත්තර කහමදේ තියනවා. ඊට අමතරව කුකුළු මස්‌වල තියනවා. වට්‌ටක්‌කා ඇට වල තියනවා. අලිගැටපේරවල තියනවා. තල තෙල්වල තියනවා. ඔලිව් තෙල්වල තියනවා. කජුවල තියනවා. ඔමේගා 3 හා 6 දෙකම මේ කෑමවල අඩු වැඩි වශයෙන් තියන නිසා දියවැඩියා රෝගීන්ට හොඳයි. හැබැයි ගන්න ඕන අර 25% සීමාව ඇතුළේ ඉඳන්. මම කියනවා දියවැඩියා රෝගියෙක්‌ වුණත් කිසි බයක්‌ නැතුව සතියකට බිත්තර 6 ක්‌ ගත්තාට වරදක්‌ නැහැ කියලා. හැබැයි ඒක කළ යුත්තේ තුළිත ආහාර වේලක්‌ ඇතුළත විතරයි. බත් කිලෝ එකක්‌ දවසට කාල බිත්තරත් කන්න එපා. බත් අඩුවෙන් එළවළු වැඩියෙන් කොළ වැඩියෙන් කෙඳි වැඩියෙන් කන ගමන් බිත්තරයකුත් දවසකට කෑවට කමක්‌ නැහැ.

බත් ග්‍රෑම් 100 ක්‌ වේලකට අරන්, ඊට මාළු කෑල්ලක්‌ හෝ බිත්තරයක්‌ එළවළු වැඩියෙන් කොළ වැඩියෙන් අරන් පලතුරු කෑල්ලකුත් එක්‌ක කන්න පුරුදු වුණොත් අපට ලේසියෙන්ම දියවැඩියාව හා අනෙකුත් ප්‍රශ්න පාලනය කරන තැනට එන්න පුළුවන්.

තිත්ත කොළ වඩාම හොඳයි. ගොටුකොළ, පෙනෙල, කතුරුමුරුංගා, අඟුණ කොළ වගේ තිත්ත ජාතිවල තියනවා පයිටෝකෙමිකල් Phytochemical). ඒවා දියවැඩියා පාලනයට හේතුකාරක වෙනවා කියල ඔප්පු වෙලා තියනවා. සමහර අයගේ මතයක්‌ තියනවා කොළ ජාති පිළිකා කාරකයක්‌ කියලා. ඒක පට්‌ටපල් බොරුවක්‌.

ඊළඟට අපිට අවශ්‍යයි ශරීරයට ප්‍රෝටීන්. අපි ප්‍රෝටීන් පවා ගත යුත්තේ නිවැරදි සීමාවක ඉදලයි. මස්‌ කන එක හොඳයි. හැබැයි තෙල් ගැන පරිස්‌සම් විය යුතුයි. අපි සමතුලිත ආහාර වේලක්‌ තුළ පාලනය වන අයුරු කලින් කිව්වා. එහිදී ප්‍රමාණ ඉක්‌මවලා යා යුතු නැහැ. සමතුලිත ආහාර වේල කියන එක දියවැඩියා රෝගියකුට ඉතාම වැදගත්.

දියවැඩියා රෝගියෙක්‌ පරිස්‌සම් විය යුතු තව තැනක්‌ තියනවා. ඒ තමයි පලතුරු ගැනීම. ඉදුණු පලතුරු වැඩිපුර ගැනීම දියවැඩියා රෝගියකුට නම් සුදුසු නැහැ. ඉදුණු අඹ කියමු. අඹවල තියනවා සීනිත්. සරල සීනිත් තියනවා. අනෙකුත් විටමින් පයිටෝකෙමිකල් සලකලා අඹ කෑල්ලක්‌ කෑවාට වරදක්‌ නැහැ. නමුත් දියවැඩියා රෝගීන් අඹ ගෙඩි ගණන් කන එක නරකයි. අන්නාසි, ගස්‌ලබු වගේ පැණි රස පලතුරු ගැන පරිස්‌සම් විය යුතුයි. හැබැයි අලිගැටපේර වගේ දේවල් ඉතා හොඳයි.

වැඩිදියුණු කරන ලද සොසේජස්‌, බේකන් වගේ මස්‌ වර්ග නම් හොඳ නැහැ. මීට්‌ බෝල්ස්‌ සුදුසු නැහැ. හැබැයි තෙල් ඉවත් වන විදියට උයලා මස්‌ කෑවට වරදක්‌ නැහැ සතියට දෙතුන් වතාවක්‌.

මේ අයුරින් දියවැඩියා රෝගියෙක්‌ තම ආහාර වේල ගැන ඉතාම පරිස්‌සම් විය යුතුයි. සමතුලිත ආහාර වේලකට පෝෂණවේදියකුගෙන් උපදෙස්‌ අරන් හුරුවෙලා ප්‍රිය උපදවන අයුරින් කෑම වේල සාදා ගත්තොත් අපට ලෙහෙසියෙන්ම දියවැඩියාව පාලනය කරලා නිරෝගී තෘප්තිමත් ජීවිතයකට හුරුවිය හැකියි.
උදේ දවල් ආහාර සඳහා බත්, එළවළු, මාළු, මස්‌ ගැනීම රාත්‍රි ආහාරය මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක්‌ වන නිසා රාත්‍රියට තම්බාගත් එළවළු පමණක්‌ ගැනීමටද නියම කෙරේ.

රෑ කෑම ගත් පසු අප නින්දට යන නිසා අප ගන්නා ආහාරය වැයවීමක්‌ එහිදී සිදු නොවේ.

අද දියවැඩියා (ප්‍රමේහ) රෝගයට ගොදුරු වන සියයට හැත්තෑ පහක්‌ම (75%) නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම නිසා එම රෝගයට ගොදුරුවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එබැවින් නිවැරදි ආහාර රටාව මගින් බහුතරයකගේ දියවැඩියාව සුවකළ හැකිව තිබේ. එසේම යමෙකු ආහාර ගත යුත්තේ ඔහු හෝ ඇය දෛනිකව වැයකරන ශක්‌තිය (කරන වැඩ ප්‍රමාණය) අනුව බවද සිහිතබා ගත යුතුය.

සාමාන්‍ය බීමක් ලෙසින් බෙලි කොළ, බෙලි මල්, රණවරා කොළ, රණවරා මල්, කොතලහිඹුටු මුල්, කරවිල ගෙඩි ඉස්‌මට කිරි දමා, මාදං ඇට කෝපි මෙන් බීම වඩාත් යෝග්‍ය පාන වර්ග වේ.

දිනපතා බාර්ලි ග්‍රෑම් 50 ක්‌ තම්බා ගත් වතුර බෝතල් 1 තිබහ දැනුන සෑම විටකම බොන්න.

නෙල්ලි, මඳක්‌ ඉදුනු ඇඹුල් කෙසෙල්, මා දං ගෙඩි, ඇඹරැල්ලා, කජු පුහුලන්, පිණිජම්බු, ජම්බුද යෝග්‍ය වේ. අමතර ආහාර ලෙස තැම්බූ කොල්ලු විලඳ හබල පෙති ද ගත හැකිය.
- අන්තර් ජාලය ඇසුරිණි -



සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධයන්ය.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.
කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 038228542