Saturday, June 27, 2015

මධුමේහය හෙවත් දියවැඩියාව ගැන හරි හැටි දැනගන්න



මධුමේහ රෝගය ආයුර්වේදයෙ හි හඳුන්වනු ලබන්නේ ප්‍රමේහ රෝග විස්සෙන් එක් ප්‍රබල වූ රෝගයක් හැටියටය. මෙහි ප්‍රධානම දෝෂ කෝපය වන්නේ ශාරීරික වායුවයි. මෙහිදී විශිෂ්ඨතම බල පදාර්ථය වන ඕජෝ ධාතුව මුත්‍රාශය කරා ගෙන එනු ලබන වාතය ඕජෝ ධාතුවේ මිහිරි ස්වභාවය නිසා මිහිරි වූත් වායුවේ රළු බව නිසා මදක් කසට වූත් මුත්‍රය මුත්‍රාශයෙන් පහ කරවීමට ක්‍රියා කරයි. ආයුර්වේදයේ පැරණිතම මූල ග්‍රන්ථයක් වන චරක සංහිතාව මධුමේහය හඳුන්වන්නේ මේ ආකාරයටය. ආයුර්වේදයෙන් බාහිරව ඉතා ඈත අතීතයේ පටන්ම මධුමේහ රෝගය හඳුනාගෙන තිබූ බව ග්‍රීක චීන ආදී රටවල ඓතිහාසික වර්තා වල සඳහන් වේ. 

දැනට ලෝකයේ වැඩිහිටි සහ බාලයන දෙපක්ෂයටම බහුලව වැළඳෙන රෝගයක් ලෙස වාර්තා ගත වී ඇති මෙම රෝගයෙහි මධු හෙවත් මිහිරි පදාර්ථ හා සමාන රසයෙන් හා ගන්දයෙන් යුක්ත මූත්‍ර පිට කිරීමත් වැඩි වශයෙන් මූත්‍ර පිටකිරීමත් යන ලක්ෂණ දෙකම දක්නට ලැබේ. මෙහි දී අප ගන්නා පිෂ්ඨ ආහාර දිරවීම විෂම කොට රුධිරයෙහි ශර්කරා (ග්ලුකෝස්) අගය ඉහල නංවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල ශර්කරා දැකිය හැකිය. එහි දෙවැනි ප්‍රතිඵලයක් ලෙස මාංස ජනක හා මේද ආහාර දිරවීමේ දී සිදුවන විකෘතිතාවය මත බහුමුත්‍රතාවය ඇති වන අතර මෙම තත්ව උත්සන්න වීමෙන් මරණය පවා ඇති විය හැකි බව වෛද්‍ය මතය වේ. 


මධුමේහය කුමන ආකාරයකින් වැළඳුනඑය ආහාර ජීර්ණ පද්ධතිය මුල් කරගෙන උපදනා බව ආයුර්වේදීය විමර්ශනයෙන් දත හැකිය. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඊට ප්‍රධාන වශයෙන් උපකාර වන ග්‍රන්ථීක් ලෙස ගන්නා අග්න්‍යාශය ආහාරය මත සිය පිත්ත ස්‍රාවය වැගිරවීමෙන් ජීර්ණ කාර්යයන් සපුරාලයි. අග්න්‍යාශයෙන් නිකුත් වන අනෙක් ජීර්ණ යුෂය ආහාරයේ ප්‍රථම දිරවීමෙන් පසු එන ධාතු පරිණතියේදී ක්‍රියාත්මක වෙයි. ඉන්සියුලින් ස්‍රාවය වශයෙන් හඳුනාගෙන ඇත්තේ එයයි. එම ක්‍රියා වලියේදී දිරවූ ආහාර රසයේ මධුර පදාර්ථ පාලනය කිරීම සිදුවේ. එහිදී තයිරොයිඩ් අධිවෘක්ක හා පිටියුටරි යන ග්‍රන්ථීන්ගේ නොමද සහය ලැබිය යුතුය. මෙම ග්‍රන්ථීන්ගේ විකෘතිය ක්‍රියා හානිය හෝ අක්‍රීයතාව මත අසාධ්‍ය වූ මධුමේහ තත්වය උපදී.

අග්න්‍යාශය යනු ආහාර දිරවීමේ ගින්න පිළිබඳ ආශය (බොක්ක) හෙවත් ජීර්ණ යුෂය ලබාදෙන්නාවූ අවයවයයි. මෙහි ක්‍රියා හානිය නිසා ජීර් ක්‍රියාවලිය විකෘති වේ. ආයුර්වේද විමර්ශනයට අනුව වායු දෝෂය මූලිකව උපදනා මධුමේහය ආහාර ජීර්ණයට පමණක් නොව ශරීර යාන්ත්‍රය නිසි පරිදි සිදු කරන්නාවූත් ඉතා සියුම්ව ක්‍රියාත්මක වන්නා වූත් ආහාරය සහ ආහාර රසය පැසවීමේ ගින්න පිළිබඳ බෙලහීනතාව මත හටගන්නා රෝගයකි. ශරීරයේ නිසි කාර්යභාරය උසුලන ගින්න විකෘති වීම සිවු ආකාරයකින් දක්වන ආයුර්වේදය මද වූ ගින්න සෙම මූලික රෝගද, තියුණු වූ ගින්න පිත මූලික රෝගද, විසම වූ ගින්න වාත මූලික රෝගද, උපදවන බවත් සම වූ ගින්න මනා සෞඛ්‍යය රැක දෙන බවත් කියති. මධුමේහය වාත මූලික රෝගයකි.


ආයුර්වේදයේ ගින්න යැයි ගැනෙනුයේ අප ගන්නා ආහාරය දිරවන පළමුවන ගින්න පමණක් නොවේ. පැසවූ ආහාරය සිරුරට උරාගත් පසු එහි සාර කොටස සිරුරේදී එක් එක් තත්වයනට පෙරැළී ඒ ඒ අදාළ කොටස් සන්තර්පණය කළ යුතුය. රස ධාතුව, රක්ත හෙවත් ලේ ධාතුව, මාංස  ධාතුව, අස්ථී ධාතුව ආදී වශයෙන් ඒ සන්තර්පණය ක්‍රමාණුකූලව ඉදිරියට යා යුතුය. මෙම ක්‍රියාවලියේදී රක්ත ධාතුවේ අන්තර්ගතයක් ලස රැස්වන මධුර කොටස් නිසි ප්‍රමාණයෙන් හා තත්වයෙන් පවත්වා ගැනීමට අග්න්‍යාශයේ දෙවැනි ජීර්ණ යුෂය වන ඉන්සියුලින් ස්‍රාවයට නොහැකි වීම මධුමේහ රෝග තත්වය උපදවන  බව කිව යුතුය. මෙහිදී ආයුර්වේද මතය වන්නේ ඉන්සියුලින් ලබා දීම නොව අග්න්‍යාශ ක්‍රියාවලිය නිසි පරිදි සකස් කිරීමයි. ආහාර දිරවීමේ ක්‍රියාව කෙරෙහි ආයුර්වේදය යොමු වන්නේ එබැවිනි.


ආහාර දිරවිමේ ගින්න විකෘති වන හේතු ගණනක් ආයුර්වේදය ඉස්මතු කර පෙන්වා ඇත්තේය. යහපත් යැයි සම්මත වූ ආහාරය වුවද නොනිසි වෙලාවට ගැනීම, අධික වශයෙන් ජලය පානය කිරීම, මල මුත්‍ර වේගයෙන් බොහෝ වේලාවක් දරා ගෙන සිටීම, ලඟ ලඟ ආහාර ගැනීම, එකින් එකට නොගැලපෙන ආහාර ගැනීම, නිසි කලට  අවශ්‍ය වන නින්ද වැළැක්වීම හා අධික නින්ද ආදී දේ ද ඊර්ෂ්‍යා, භය, ක්‍රෝධ, ලෝභ, ද්වේෂ, මද මාන, වෛර, කෝප ආදී මානසික දෝෂයන්ද මෙහිදී ප්‍රධානව ගැනේ. මෙහිදී මානසික විවේකය වඩාත් සැලකිල්ලට ගත යුතුය. මෙවැනි හේතු නිසා ජීර්ණය පිළිබඳ රෝග පමණක් නොව වෙනත් බොහෝ කායික හා මානසික රෝග වැළඳීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිවේ. මානසික දෝෂ නිසා ආහාර දිරවීම සිදු කරන ගින්න විකෘත වීම බටහිර මතය අනුව මානස ස්ථානයේ පිහිටි පිටියුටරියේ බලපෑම මත ආහාරය මත ජීරණ යුෂය වැගිරීම ඇන හිටීමෙන් හෝ සාවද්‍යව සිදුවීමෙන් හෝ වෙතියි, යන්න සනාථ කර ඇත. මෙවැනි තත්වයන් දිගින් දිගට සිදුවීම හෝ පැවතීම මධුමේහය ද වෙනත් භයානක රෝගද ඇති කරවයි.


ආයුර්වේදය මේහ රෝග විස්සක් හඳුන්වයි. මධුමේහය ඉන් එකකි. බොහෝ මේහ රෝග සාධ්‍ය වන අතර මධුමේහය ආසාධ්‍යයි. අනෙකුත් සාධ්‍ය මේහ රෝග වලට ද නිසි ප්‍රතිකාර නොලැබ කල් ගිය විට මධුමේහය වාතය මූලිකව උපදනා බව කලින්ද කියැවින. වාතයේ ගමන් කරන ස්වභාවය අනුව යමක් පවත්නා තැනින් වෙනත් තැනකට ගෙන යෑමට ඊට හැකියාව ඇත. ඒ අනුව ශරීර සෞඛ්‍යයද ආයුෂයද සැපයද මුළු මහත් සියල්ලද දරා සිටින්නා වු ඕජස් නැමති උත්කෘෂ්ට ධාතුව එය පවත්නා තැනින් ඇදගෙන යාමට වාතයට පුළුවන. එසේ ඇදගෙන ගොස් මුත්‍රාශයට එය හැර දැමීම සිදු කෙරේ. මුත්‍රය සමග එය බැහැරව යයි. එය අසාධ්‍ය මධුමේහ තත්වයයි මේහ යනු පහවයාම යන අරුත දෙන වදනකි මධු යන්නට පැණි හෝ මධුර පදාර්ථ යන වදනට අමතරව ඕජස් ධාතුවටද කියවේ ඒ අනුව මධුමේහය යනු ඕජස් ධාතුව පහ කරන රෝගය වශයෙන්ද හඳුනාගත හැකිය. සිරුර ලෙඩට ඔරොත්තු දී පවතින්නේ මෙම ඕජස් ධාතුවේ බලය නිසාය. මධුමේහ රෝගියා ඉතා ඉක්මනින් බෙල හීන වී මහලූ වන්නේ ඕජස් ධාතුව බැහැර වීමෙනි.


මධුමේහ රෝගය බහුල වශයෙන් ස්ථූල හෙවත් ශරීරය මහත ඇති පුද්ගලයන් අතර දක්නට ලැබෙතත් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති හෝ කෙට්ටු අයට නොවැළදෙතියි කිව නොහැකිය.


නවීන මතානුකූලව මධුමේහය වැළදීමට බලපාන වැදගත් සාධක 3 ක් දැක්විය හැකිය.

1. පරම්පරාගතව රෝගය පැවතීම.
2. අති ස්ථූලතාව හෙවත් අධික මහත.
3. අන්තරාසර්ග ග්‍රන්තීන්ගේ ස්‍රාව විකෘති හෙවත් අපට අත්‍යවශ්‍ය වන     හෝමෝන ශ්‍රාවයන්ගේ විකෘතිතාවයන්.

ආයුර්වේදයෙහි දැක්වෙන මධුමේහ හේතූන් අතර මුත්‍ර සහ සෙම් වඩන ආහාර, මේදස් (සෙමට වැඩි බර) ඇති කරන ආහාර, ඉතා සිනිදු ගුණ ඇති ආහාර, ශීතල සිනිදු මිහිරි ආහාර, දියාරු ආහාර, පිසීමෙන් පසු කල් ගිය ආහාර, සියලූම දී කිරි වර්ග, එළු ඌරු ආදී සතුන්ගේ මාංස, මධුර පදාර්ථ බහුල ආහාර, උක් සකුරු ආදී මිහිරි ආහාර, මිහිරි ඇඹුල් ලූණු සිණිදු සෙවල සහිත ආහාර, එකිනෙකට විරුද්ධ ආහාර, බහුල වශයෙන් ගැනීම අධික සිතුවිලි, අව්‍යායාම හෙවත් නිසි පරිදි ව්‍යායාම නැති කම, දහවල් නිදීම, අලසව පැවතීම, නිතර විවේකීව සිටීමට ප්‍රිය කිරීම, ක්‍රමාණුකූල නොවන සේ හිදීම සහ නිදීම ආදිය සහ අධික වූ සුරා පානය මීට හේතු ලෙස දැක්වෙන අතර තවද මානසික ආතතිය ද හේතුවක් වේ.

ප්‍රභේද විස්සක් ලෙස දක්වන ලද ප්‍රමේහ රෝග අවස්ථාවන් නොසලකා හැර ප්‍රතිකාර නොකර සිටීම නිසාද ඒ සියලූ රෝග අවස්ථා මධුමේහය බවට පත්වන බව ආයුර්වේදයේ සඳහන් වේ. මෙම සියලූ ප්‍රමේහයෙහිම දූෂ්‍යය හෙවත් වාතය පිත හා සෙමයි. ඒ අනුව රුධිරය, ශුක්‍රය සිරුරේ ජලීය භාවය, වසා, ලසීකා, ඇට මිදුළු, රසධාතුව, ඕජෝ ධාතුව මාංශය යන පදාර්ථ දූශණය වේ. මධුමේහයේදී දූෂ්‍ය පදාර්ථ වන්නේ මේවාය.


යටකී ආහාර පාන වර්ග අධිකව භාවිතයෙන්ද වැරදි ඇවතුම් පැවතුම් නිසාද වාතය පිත සහ සෙම කෝපවී සියලූ දොස් සහිතව මේදස් සමග එක්ව මුත්‍රාශය මුත්‍ර ශෝත්‍රස (මුත්‍ර මාර්ගය) ආදියෙන් බැහැර වන්නට පටන් ගැනීමෙන් ප්‍රමේහය උපදී. මුත්‍ර පිටකිරීමේ වාර ගණන වැඩිවීම, මුත්‍ර ප්‍රමාණය වැඩිවීම, අධික පිපාසය, විටින් විට හට ගන්නා ඇසෙහි පෙනීමේ ආබාධ තත්ව, සිරුරට දැනෙන අධික මහන්සිය, සිරුරේ දැනීම හෙවත් සංවේදනය පිළිබඳ යම් යම් විකෘති තත්ව ආදිය රුධිරයේ ශර්කරා (සීනි) මට්ටම ඉහල යන විට පෙන්වන ලක්ෂණ වන අතර එය මධුමේහ රෝගයෙහි ප්‍රධානම පොදු ලක්ෂණ වේ. මෙම මධුමේහ රෝගියා ගමන් කරන විට එකතැන හිට ගෙන සිටීමට ප්‍රිය වන අතර හිටගත් විට අසුනට හිඳින්නට ප්‍රිය කරයි. අසුනකට ගිය කල යහනක වැතිරෙන්නට කැමති වෙයි. යහනක වැතිරුනු විට නිදා ගැනීමට ප්‍රිය වෙයි.


මධුමෙහයේදී නොකඩවා ඇතිවන මුත්‍ර වැඩිකම ඇතිවනුයේ මුත්‍රයට මධුර පදාර්ථ එකතුවීම නිසාය. මෙම මධුමේහය හඳුනා ගැනීමේ ප්‍රධානතම ලක්ෂණයකි.


එමෙන්ම නිතර මුත්‍රයට සීනි එකතුවීම වකුගඩු වල දරා සිටීමේ හැකියාව අඩු කමක්ද පෙන්වයි. ගර්භනී අවස්ථාවේ මැද හරියේ සිට මෙම මුත්‍ර ශර්කරා තත්වය පෙන්වන නමුත් බොහෝ දුරට එය ප්‍රසූතී අවස්ථාවෙන් පසු මගහැරී යන අතර සමහර කාන්තාවන්ට ප්‍රසූතියෙන් පසුද මධුමේහ තත්වය දිගටම පවතී. එය තවත් ශාරීරික හේතූන්ද  නිසා ඇතිවන බව සඳහන්ය.


සාමාන්‍ය ප්‍රමේහයේදී ඇතිවන උප්‍රද්‍රව අතර ආහාරය නිසි පරිදි නොදිරවීම, අරුචිය, වමනය, නින්ද අධික බව, කැස්ස, පීනස ආදිය දැකිය හැක. මුත්‍රාශය හා ලිංග ප්‍රදේශයේ උල් වලින් අනින්නාක් බඳු වේදනාව, අණ්ඩකෝෂ වල වේදනා සහ ඉරිතැලීම් ස්වභාවය, සමහර විට උණ, දැවිල්ල, අධික පිපාසය, ඇඹුල් රසට උගුරට ඒම, මල භේද හෙවත් මළ ද්‍රව වශයෙන් පිටවීම, සමහර විට මුර්ච්ඡාව, බඩ පුරවා දැමීම, උගුර හදවත හා දණහිස් වල වේදනාව, ආහාරයට ඇති ලොල් බව, සිරුරේ අනින්නාක් බඳු වේදනාව, නින්ද නැති කම, සිරුර උගුර කට වියලි ස්වභාවය, කැස්ස, ස්වසන අපහසුතාව යන මේවා තුන් දොස් හෝ එකක් එකක් හෝ තිබී ඇතිවන මධුමේහ රෝගයේ උපද්‍රව වශයෙන් හඳුනාගෙන ඇත. කල් ගතවූ මධුමෙම්හ රෝගයෙදී සිරුරේ සන්ධි මර්ම වල මෙන්ම මාංසය අධික ස්ථාන වල විද්‍රධි (ගෙඩි) හට ගනී. මේවා ආයුර්වේදයෙහි ද වැදෑරුම් පිඩකා (ගෙඩි විශේෂයකි) ලෙස දක්වා ඇත. කල් යාමේදී මෙම තත්වයන් නිසා ඒ ඒ ස්ථාන ආශ්‍රිතව මාංස කුණුවී යාමට හේතුවී මධුමේහ රෝගියාගේ මරණය පවා සිදුවේ.


වර්තමානයෙහි මධුමේහ රෝගීන් අතර වඩාත් දැකිය හැකි උපද්‍රව වන්නේ ඇසේ උපදින කාච රෝගය, වකුගඩු ක්‍රියා වලිය පිළිබඳ විවිධ විකෘතිතා, පාද සම්බන්ධ හිරි වැටීම්, වේදනා, සංඥා නොදැනීම ආදී කොට ඇති ආබාධ, භයානක අවස්ථාවක් වන මධුමේහ ජනිත හෘද රෝගය යනාදියයි. මෙයින් රෝගීන් අතර බහුලව දක්නට ඇතිතේ පාද හා වෙනත් අවයව සම්බන්ධ ස්නායු විකෘතිතා සහ කාච රෝග තත්වයයි, මේවාට වෙන වෙනම පිළියම් යෙදිය යුතු අතර මධුමේහ රෝගය පාලනය කර ගැනීමෙන් මෙම උපද්‍රව වලින් මිදිය හැක. ඒ මන්ද යත් මධුමේහය නිෂ්ඨාවකට සුව කල නොහැකි රෝගයක් බැවිනි. එහෙත් රෝගියා නිසි අවබෝධයකින් හා උනන්දුවකින් යුක්තව ආහාර පාන ඇවතුම් පැවතුම් ආදියෙන් සුරක්ෂිතව යුතු පරිදි ගත් ඖෂධයකින් මධුමේහය උත්සන්න වන්නට නොදී පාලනය කර ගත හොත් දිගු කලක් ජීවත් වීමට බාධා ඇති නොවේ. එහිදී අවශ්‍ය වන්නේ අවබෝධය සහ සිරුර පිළිබඳ මනා පරිපාලනයයි. අප ගන්නා ඖෂධ වලට අමතරව ආහාර පාන පිළිබඳව දැනුවත් විය යුතු අතර හොඳ මානසික තත්වයකට සිටීමද වඩාත් වැදගත්වේ. ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූලවන්නාවූ ඖෂධ ලබා ගැනීමට හැකියාවක් ඇතිනම් එමගින් මධුමේහ රෝගියාට දීර්ඝ ජීවනය යන්න ප්‍රශ්නයක් නොවේ.



ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූලවන්නාවූ දියවැඩියාව සඳහා ඉතාම යෝග්‍ය ඖෂධීය පානයකි.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇති ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය, ග්ලූටියෙලා ආයුර්වේද ඖෂධීය පානය, කොන්සිටැප් ආයුර්වේද ඖෂධීය පානය, ලෝන්ග්ලයිෆ් ආයුර්වේද ඖෂධීය පානය ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු.





සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප්‍රබල ක්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.




කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Facebook: Mediherbs Sri Lanka

ආර්පිකා් සහ කීල්ස් සුපිරි වෙළඳ සැල් සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.











No comments:

Post a Comment