Thursday, September 3, 2015

රුධිරයේ කොලෙස්ටරෝල් කපා හරින ගොරකා


කොලෙස්ටරෝල් කපා හරින දිව්‍යමය ගුණ මෙහි අඩංගු වේ. හෘදයට ඉතාමත් හිතවත් ලෙස චරක මහ ඍෂි විසින් නම් කර ඇති ආහාර දසකයට ගොරකා ද අයත් වේ.

මෙහි ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි. මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවා ඇත. මෙම ඖෂධය නිෂ්පාදනය සඳහා කරන ලද නිරීක්ෂණ වලින් වාර්තා වුයේ ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ගොරකා වලින් ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බවයි. මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නා ලදී. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණි. එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබයි. ස්වාභාවිකව ලැබෙන එම පදාර්ථය ලබාගැනීමේ එැකියාව ශ්‍රී ලාංකික අප සතුව තවමත් ඇත. 

අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ


හෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම කණගාටු දායකය. ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි

නාගරික ප්‍රදේශ වල ගොරකා ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, තවමත් සුළු මුදලකට මිලට ගත හැකි ගොරකා ඔබේ ආහාරයට එකතු කරගෙන ගුණ අත් විඳින්න.

garcinia cambogia ලෙස විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළු තැන්ගෙට නැතිවම බැරි රසකාරකයක්. හොදින් ඉදුනු ගොරක ගෙඩියේ පිටුපස කොටස කඩා, ගෙඩිය ඇතුලට ලුණු ගම්මිරිස් බිදක් දමා, අග කොටස තලන ලද අමු කුරුදු කෝටුවකින් මේ මද කනකොට අපූරු රසයි.



ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක් බව දැන සිටියාද?මේ ආයුර්වේද ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්. නවතම වාර්තා අනුව ශරීරයේ තරබාරුකම අඩු කරන නිශ්පාදන අතර ඉදිරියෙන්ම ඉන්න ගොරක සමත් වෙලා තිබෙනවා.

අද අපි කියන්න යන්නේ මේ අපුරු පළතුරේ ඇති තවත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

මේද තැන්පත්වීම වලකයි
සිට්‍රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්‍රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්‍රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.


රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා .

කෑම රුචිය මර්ධනය කරයි
අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.

ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි
ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්‍ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.

ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි
ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ  හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා 

උපුටාගැනීම පොතපත ඇසුනි

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය (ආයුර්වේද චූර්ණයකි) ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇති ග්ලූටියෙලා ආයුර්වේද ඖෂධීය පානය, ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් ඖෂධීය පානයන් ලෙස අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානයේ අඩංගු දෑ: 
වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල්. (කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි)


කැළණි විශ්ව විද්යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්‍,  ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429

විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889 / 0777284473






Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka



සිරුරේ තරබාරු කම අඩු කර කොලෙස්ට්‍රෝල් පාලනය කරයි. හන්දිපත් රුදාව සමනය කරයි.



සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


Tuesday, September 1, 2015

සිරුරේ දූෂිත ලේ පිරිසිදු කරගන්න



ආයුර්වේදය යනු ආයු වර්ධනයයි. එදා අපේ මුතුන්මිත්තන් දේශීය වෛද්‍යවරයා වෙත ගොස් දූෂ්‍ය වූ සිරුරේ ලේ ධාතුව පිරිසිදු කර රෝග කාරක තත්ත්වයන් සමනය කර ගත් අයුරු මොනවට පැහැදිලි වන්නේ ඔවුන් ජීවත් වූ දීර්ඝ ආයු කාලය දෙස බැලීමෙනි. මෙවන් වූ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියූ අපේ දේශීය වෙදකම අපේ මුතුන්මිත්තන්ගේ ප්‍රධානතම චිකිත්සාව විය. ගහ - කොළ - වැල් - මුල් මේ සියලු සංයෝග එක්රැස් කරමින් පත අට එකට සිඳුවා උදේ සවස පානය කරන මේ ඖෂධීය කසාය කෝප්පය එකල මුතුන්මිත්තන්ගේ සියලු දොස් සමනය කරමින් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ විඳින්නට සමත් වූ බව නොරහසකි.

ආයුර්වේද රීතිය අනුව සිරුරේ ලේ දූෂිත වීම විවිධ රෝගවලට මූලාශ්‍රයක් වනවා. කුමක්ද මේ ලේ දූෂිත වීම කියා හඳුන්වන්නේ?

අපගේ ශරීරයේ සියලු සෛල හරියාකාරව වර්ධනය හා ක්‍රියාකාරීත්වයට ප්‍රධානතම සාධකය වන්නේ අප ගන්නා ආහාරය තුළින් රස, රක්තය, මාංශ, මේදස්ස, හස්ථි, මාජ්ජා, ශුක නැමැති ආයුර්වේදයේ සඳහන් සප්ත ධාතුව අපට ඉතා හොඳ තත්ත්වයේ පවත්වාගෙන යා හැකි නමුත් වැරදි ආහාර විහරණ නිසා ලේ දූෂිත වී වාත රක්ත, රක්තවාත රෝග හටගැනීමට ඉඩ තිබෙනවා. එබැවින් ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් සැළකෙන වා - පිත් - සෙම කෝප කර ශරීරයේ දෝෂ තත්ත්වයක් ඇතිකරනවා. එවිට ඉන්ද්‍රියයන්වලට හානි වී විවිධාකාර රෝග මතුවන්නට පටන් ගන්නවා.

සිරුරේ ලේ ධාතුව අපිරිසිදු වීමට බලපාන හේතූන් කවරක්ද?

ආහාර ගත් විගස ස්නානය, ආහාර ගත් විගස නිදා ගැනීම පමණට වඩා ආහාර ගැනීම, දහවල් නිදා ගැනීම, රසකාරක යෙදූ ආහාර ගැනීම, විටින් විට ආහාර ගැනීම, අධි ප්‍රෝටීන් බහුල හරක් මස්, කෙලවල්ලා, බල මාළු , ඉස්සන්, කකුළුවන් වැනි උෂ්ණ අධික මාංශ නිතරම පරිභෝජනය කිරීම, දෙල්, අන්නාසි , කිරිඅල වැඩිපුර ආහාරයට ගැනීම සහ අනිසි වත්පිළිවෙත් නිසා ලේ ධාතු කෝප වෙනවා.

සිරුරේ ලේ ධාතුව අපිරිසිදු වීම නිසා ඇතිවන රෝගාබාධයන් මොනවාද?

වාතරක්ත රෝග සහ රක්තවාත රෝග මගින් ශරීරයේ දද, ගෙඩි, කුෂ්ට, පිළිකා, වාත රෝග, සන්ධි ප්‍රදාහය, ආමවාත සන්ධි ප්‍රදාහය, ශීර්ෂාබාධ, අක්ෂි රෝග, වකුගඩු රෝග, ආතරයිටීස්, අර්ශස්, බගන්දරා, ප්‍රෙෂර්, මිග්ග්‍රේන්, හෘද රෝග, අග්නියාශ රෝග, අතුල් පතුල් දැවිලි වැනි බොහෝ රෝග මතුවිය හැකියි.


ලේ ධාතු කෝපවීම වැළැක්වීමට ආයුර්වේදය අනුව කළ යුත්තේ කුමක්ද?

මාස තුනකට හෝ හයකට වරක් ලේ පිරිසිදු කිරීම කළ යුතුයි. මෙය අද ඊයේ ආරම්භ කළ දෙයක් නොවෙයි. අපේ මුතුන්මිත්තන් ජීවත්වූ අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. ඔවුන් අවුරුදු සියයක් ආයු වැළඳුවේ ආයුර්වේදයේ ඖෂධ පිහිටෙන් සහ පැවැත්මෙන් තමයි.

සාමාන්‍යයෙන් ලේ ධාතුව පිරිසිදු කිරීමට කොපමණ කාලයක් ගතවනවාද?

නිරෝගී පුද්ගලයකුට මාසයක් පුරා මේ ඖෂධ පාවිච්චි කළ යුතුයි. පසුව වසරකට වරක් නැවත ලේ ධාතුව පිරිසිදු කර ගන්නේ නම් ඔහුට හෝ ඇයට නිරෝගීව ජීවත්විය හැකියි.

නමුත් රෝගී පුද්ගලයකු නම් අවම වශයෙන් ලේ ධාතුව පිරිසිදු කිරීමේ ඖෂධ පද්ධතිය මාස 1 1/2 පමණ පාවිච්චි කළ යුතුය. නැවත මාස 6 කින් ඇරඹිය යුතුයි. ඇතැම් රෝගීන්ට ගී‍්‍රෂ්ම කාලයේදී රෝගාබාධ වැඩි වනවා. ඇතැමුන්ට ශීත කාලයේදී වැඩි වෙනවා.

බොහෝ රෝගීන් ඒ බව හොඳින් දන්නවා. විශේෂයෙන් රක්තය මූලික කර ගත් රෝගවලට හේතුව වන්නේ තුන්දොස් කෝප වීමයි. මේ තුන්දොස් කෝපවීම වඩාත්ම සුදුසු ප්‍රතිඵලය වන්නේ ලේ ධාතුව පිරිසිදු කිරීමයි. මෙය ආයු වර්ධනයට ලැබෙන්නා වූ විශාලතම පිළියමක්. විශේෂයෙන්ම තුන්දොස් සමනය සඳහා ලබා දෙන කසාය සුළු වශයෙන් බඩ විරේක කරමින් සිරුරට සහනයක්, සැහැල්ලුවක් ලබා දෙනවා.

ලේ ධාතුව පිරිසිදු කිරීමෙන් අනතුරුව යම් කිසි රෝගයක් ඇත්නම් එයට ප්‍රතිකාර කරන්නාවූ ක්‍රමවේදය කෙබඳු ද?

මේ විරේකයෙන් අනතුරුව ලේ ධාතුව පිරිසිදු වී ස්වභාවික තත්ත්වයට පත්වෙනවා. එයට ක්‍රමවත් ක්‍රියාවලියක් සිදුවිය යුතුයි. අකර්මන්‍ය වූ ඉන්ද්‍රියයන් පෝෂණය කරමින්, ලේ ධාතුව පිරිසිදු වෙද්දී රෝගියාට තව රෝගය නිසා ඇතිවූ අපහසුතාවයන් ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගන්නවා. බෙහෙත් පන්තියක් ආරම්භ කළ පසු එය දිගටම පාවිච්චි කිරීමේදී තමාට ඇති රෝගය සුව වන ලක්‍ෂණ මතුවන්නට පටන් ගන්නවා. රෝගියාට විශේෂයෙන්ම ඇඟට සැහැල්ලුවක් දැනෙනවා. සිරුරේ තිබූ අනවශ්‍ය බර අඩු වනවා. වේදනා කැක්කුම අඩු වෙනවා. අනතුරුව අක්‍රීය වූ ඉන්ද්‍රියන් ද ප්‍රකෘති තත්ත්වයට එළැඹෙන්නට පටන් ගන්නවා.

රක්තවාතය නැමැති රෝගය ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කළ හැකි රෝග බවට පත්වෙලා. ඒ පිළිබඳ පාඨකයාව දැනුවත් කළොත්?

“රක්තය” නැමැති රෝගය ඇලජික්, Body heat යන නම්වලින් විග්‍රහ කරනවා. මේ රක්තය නැමැති රෝගය මූලික වශයෙන් හැඳින්වෙන්නේ වාත රක්තය යනුවෙන්. මෙම රක්තය සිරුර තුළ ජීර්ණ වන්නට පටන් ගන්නවා. වාත රක්තය, රක්ත වාතයට හැරෙනවා. අනතුරුව රක්තවාතය ඉහට ගහනවා. එවිට උන්මාද තත්ත්වයට පත්වන්නටත් පුළුවන්. එවැනි රෝගීන් ඉක්මනින්ම ඖෂධ ලබාගත යුතුයි.

රුධිර ධාතුව පිරිසිදු කිරීමේ ඖෂධ පද්ධතිය පාවිච්චි කිරීමේදී ආහාරපානවලින් පේවී සිටිය යුතුය?

අවේලාවේ නෑම අගුණයි. උෂ්ණාධික ආහාර, තෙල් සහිත ආහාර අනුභවය කිසිසේත් යෝග්‍ය නැහැ. සීතල අධික ආහාර සුදුසු නැහැ.

මේ ඖෂධ පද්ධතිය පාවිච්චි කිරීමේදී එදිනෙදා තමාගේ වැඩ කටයුතු සාර්ථකව ලෙස ඉටුකර ගත හැකියි.

ජයවර්ධන ඖෂධාලයේ කිරිනැලියේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය 
එන්. එච්. ඩබ්. පී. ජයවර්ධන




සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka

මලබද්ධයට ගුණ දෙන පැපොල්









රසවත් පලතුරු වර්ග රැසක් අප අවට තිබුණද බොහෝ විට ඒවා කාලයකට හෙවත් “වාරයට” දක්නට ලැබෙන පලතුරුය. නමුත් අද මේ කතා කරන්න යන්නේ නිතර දෙවේලේ අපේ නෙත ගැටෙන නිරන්තර ඵලදාවක් ලැබෙන පලතුරක් ගැනයි. ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ” කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ.


පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ. ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.

පෝෂණ ගුණය
විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත්ය.

ඖෂධීය ගුණය
ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.



ගස්ලබු මුල ව්‍යාංජනයක් ලෙස
ගස්ලබු මුල සහ සුදුඵනු සම සමව ගෙන සිහින්ව කපා රතු ඵූනු, කරපිංචා, මිරිස් තුනපහ දමා ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගැනීම හෘදයට ඉතා ගුණදෙන ආහාරයකි.


පලතුරක් ලෙස
පලතුරු සලාද සඳහා නැතිවම බැරි ඉදුණු ගස්ලබු ජෑම් සෑදීමටද කදිමය. පලතුරු සලාද සඳහා ගස්ලබු මිලදී ගන්නා විට හොඳින් ඉදුණු ඒවා නොව බාගෙට ඉදුණු ඒවා තෝරා ගැනීමට උනන්දු වන්න. මන්ද බාගෙට ඉදුණු ගස්ලබු කෑලි කැපීමට හැකි වුවද හොඳින් ඉදුණු ඒවා කෑලි කැපීමට අපහසුය. සලාදයක රස හොඳින් දැනෙනුයේ එය කෑලි වශයෙන් හැපෙන විටදීය. ගස්ලබු වලින් මෙම සලාද, ජෑම්, බීම වර්ග සෑදීමේදී සීනි අඩුවෙන් භාවිතා කිරීමට වගබලා ගන්න.

එළවළුවක් ලෙස
ඉදුණු ගස්ලබු මෙන්ම අමු ගස්ලබු ද ආහාරය පිණිස ගැනේ. සාමාන්‍යයෙන් අමු ගස්ලබු ආහාර දිරවීම පහසු කරන අතර තද ගතියෙන් යුතු ආහාර මෘදු කර ගැනීමට ද භාවිතා කෙරේ. එපමණක් නොව අමු ගස්ලබු දේශීය අච්චාරුවට නැතිවම බැරි දෙයකි. සිහින්ව කපා බාගෙට තැම්බූ ගස්ලබු විනාකිරෙන් පැසුණු කළ මුවඟට එක්කරනුයේ අපූර්ව රසයකි. එපමණක් නොව එහි සුවඳින් කෑමට රුචියද වඩවාලයි. මැල්ලුමක් ලෙසින්ද ව්‍යාංජනයක් ලෙසින්ද වඩා රසවත් මෙය නිතර දෙවේලේ කටට හුරු රසය වෙනුවට ඔබට නැවුම් රසයක් ලබාදේ.

අද වෙළෙඳ පොළේ විවිධ ප‍්‍රමාණයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ පැපොල් විකිණීමට ඇති නමුදු ගසෙහිම ස්වභාවිකව ඉදුණු ගෙඩියක් තෝරා ගැනීම අපහසු වී ඇත. මන්ද කාබයිඩ් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගීත්වයෙන් ඉඳවා ගත් ගෙඩිද ඒ අතර ඇති බැවිනි. සාමාන්‍යයෙන් එතිලින් වායුව පලතුරු ඉදවීමට උදව් වන වායුවකි. මෙම එතිලින් වායුවෙන් නිපදවෙන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය නියමිත පරිමාවකි ශරීරයට ද අහිතකර නොවේ. නමුත් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොව තම ලාභ ප‍්‍රයෝජනය ගැන සිතන වෙළෙඳුන් බොහොමයක් මෙම එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය ගස්ලබු වලට එන්නත් කරනු ලබයි. එවිට නොපැසුණු ගෙඩි වුවද දිනයකින් පමණ ඉදවා ගත හැකි අතර ඒ තුළින් විෂ ශරීරගත විම වැළැක්විය නොහැකිය. එබැවින් ඔබ ගස්ලබු මිලදි ගැනීමේදී පිට පොත්තේ සිදුරු තිබේදැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. එපමණක් නොව තැලුණු, පිට පොත්තේ කළු ලප, දුඹුරු ලප ඇතිවුණු ගස්ලබුද මිලදී නොගන්න.ස ෑම විටම අලුත් පෙනුමැති, ස්වභාවික සුවඳින් යුතු ගස්ලබු තෝරා ගැනීමට වගබලාගත යුතු අතර අව්වේ තබා කැකෑරුණු, කුණු, දූවිලි ගැවසුණු ගෙඩි මිලදී නොගන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදුණු ගෙඩියක් නම් එය ස්වභාවිකව ඉදුණු ගෙඩියක් වන අතර සම්පූර්ණයෙන්ම එකම වර්ණයක් ගන්නා ගස්ලබු රසායනික ද්‍රව්‍ය යෙදූ ඒවා විය හැකිය. එබැවින් මේ තත්ත්වය හොඳින් අවබෝධ කොට පිරිසුදු ගස්ලබු ගෙඩියක රස විඳින්න සෑම විටම උත්සාහ ගත යුතු වේ. මේ දිනවල වෙළෙඳ පොළේ තරමක් විශාල ප‍්‍රමාණයේ ගස්ලබු වර්ගයක් අලෙවි වන අතර ඒවා රතු පැහැති වර්ණයක් ගනියි.

උපුටා ගැනීම: විකිපීඩියා නිදහස් විශ්වකොෂය 




මල බද්ධය වළක්වා මල පිටවීමේ පහසුව ඇති කරයි.
අර්ශස් තත්වයන් සමනය කරයි.



සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka

Sunday, August 30, 2015

කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රතිකාර හා වැළකීමේ ක්‍රම


කොලෙස්ටරෝල් - Cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා. ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන. වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා. කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.



ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශ්‍ය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ. 

ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස් ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට. ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ. ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වන මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද (LDL) , අසංතෘප්ත මේද (HDL) හා VLDL ලෙස. මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ. හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත. එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා. හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.) 

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉඳල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා. අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්, සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම්, ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. (ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.)  ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් (Stroke) ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.



රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන්, නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ. තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව, ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ. කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න. ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි. 



කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්, සීනි, පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර, එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු තැම්බූ හාලේ බත්, අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග, කුඩා මාළු හා මේද රහිත කිරි, කුරහන් පිටි සහිත ආහාර, පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න බැරි කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල්, කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා, ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ලුණු කැටයක් පමණක් අඹරපු ලුණු මිරිස්, කරපිංචා දළු සම්බෝලය, දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ (සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි. 



ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි. කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.

උපුටා ගැනීම - වෙද හාමිණේගේ අඩවිය

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.

ඉහත දක්වා ඇති රෝග හේතු වලින් වැඩි හරියක් මෙම නාගරික සමාජයේ සාමාජිකත්වය තුලින් දැකගත හැකිවේ. ඒ නිසාම ඇතිවන තරබාරු කම නිසා සිරුරේ වැඩි වන බර උසුලා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට දනහිස් සන්ධියට හා වළලූකර සන්ධියට වැඩි ආතතියක් දැරීමට සිදුවේ. රෝග නිධානය පැත්තක තිබියදී සන්ධි ගත රෝග ඉපදීමට එම තත්ත්වය පමණක් වුවද හේතු විය හැකිය. මෙවැනි අවස්ථාවක අපට සිරුරේ බර අඩු කිරීමෙන් පමණක් සන්ධිගතව ඉපිද ඇති රෝග තත්ත්වය සුවවේ යැයි කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ සඳහා තරබාරුකම අඩු කිරීම හා සමගමී වන ප‍්‍රතිකාරයක් අවශ්‍යය. 

රුධිරනාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලූවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කායදැශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නියමිත පරිදි නියමිත කාල සීමාවක් නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වුනු සියළු සහනයන් ලබා ගත හැකිවේ. ක්‍රම ක්‍රමයෙන් නහරගත කොලෙස්ටරෝල් - cholesterol දියවීයාමෙන් පටන්ගෙන මාංශපේශීන් දක්වා ඉතා ක්‍රමාණුකූලව ක්‍රියාත්මකවේ. 

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය නිපදවා ඇත්තේ ස්ථූලතාවය හෙවත් තරබාරුව අඩු කර ගනිමින්ම සන්ධිගත ප‍්‍රදාන වේදනා ඉදිමුම් ආදිය සමනය කර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එල්ලකෙරෙන ඹෟෂධ සංයෝගයක් වශයෙනි.

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඹෟෂධීය පානය ආයුර්වේද බෙහෙත් වලින්ම පමණක් නිෂ්පාදනය කර ඇත. වියලි කරපිංචා, හීංමිදි මුල්, ගොරකා, නෙල්ලි, කෙලිඳසාල්, මගුල්කරඳ මුල් වලින් පමණක් නිපදවා ඇති මෙම පානය කෘතීම රසකාරක හෝ වර්ණක කිසිවක් යොදා නැත. 100% ස්වාභාවික ඖෂධ පමණි.


කැළණි විශ්ව විද්යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ භාහිර කථිකාචාය්‍යර්‍,  ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාය්‍යර්‍ එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429

විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka



සිරුරේ තරබාරු කම අඩු කර කොලෙස්ට්‍රෝල් පාලනය කරයි. හන්දිපත් රුදාව සමනය කරයි.





සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka

ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි. නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.










අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතන බොහෝදෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ තමන් උපදෙස් ගන්න විශේෂඥ වෛද්‍ය වරුන්ගෙ වගතුග. එහෙම විශේෂයෙන් කතා නොවුණත් ආයුර්වේදයත් සැබෑවටම අංශ ගණනාවක් ඔස්සේ වෙන වෙනම ප්‍රභේද ගත වී තිබෙනවා. රෝගියෙකු නොවී නිරෝගීව සිටීමේ වැදගත් කම සැමවිටම අපේක්ෂා කළ ආයුර්වේදයේ ප්‍රභේද අටක් තියෙනවා. මේක "අශ්ඨාංග ආයුර්වේදය" කියල තමයි හඳුන්වන්නෙ. ඒවා මොනවද කියල නම් කරනවනම්,

01. කාය චිකිත්සාව
02. කෞමාර චිකිත්සාව
03. ශල්‍ය චිකිත්සාව
04. ශාලාක්‍ය චිකිත්සාව
05. භූත චිකිත්සාව
06. අගද චිකිත්සාව
07. රසායන චිකිත්සාව
08. වාජීකරණ චිකිත්සාව

ඇලොපති එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව මේ වගේ විවිධාංගීකරණයක් ගැන නොහිතපු අවුරුදු දහස් ගණනකට පෙර කාලයේ සිටම මෙම විවිධාංගීකරණය ආයුර්වේදයේ නම් පැවතුණා. උදාහරණයක් විදියට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මෑත කාලීනව හඳුනාගත් ඒඩ්ස් රෝගය ගැන ආයුර්වේදයේ කාය චිකිත්සා ග්‍රන්ථ වල වැරදි චර්යාවන් නිසා ඇතිවන පිරංග රෝග (සමාජ රෝග) කොටස යටතේ සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම පාරම්පරික පර්යේෂණ මගින් ලබාගත් දැනුම භාවිතා කරමින් මෙවැනි සුව කළ නොහැකියැයි සම්මත රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කීපදෙනෙක් අදටත් මෙරට ජීවත් වෙනවා. ඊළගට මේ ළඟකදි මහත් ආන්දෝලනයක් ඇතිවුණු, චිකන්ගුණ්‍යා කියන උණ රෝගය ගැනත් අපේ කාය චිකිත්සා ග්‍රන්ථ වල ජ්වර (උණ) රෝග යටතේ සාකච්ඡා වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මෙම රෝගයට ප්‍රතිකාර ගෙන උණ රෝගයෙන් සුවපත් වුණු බොහෝ දෙනෙකු වසරකට දෙකකට පසුවත් අද වනතුරුත් අඛණ්ඩව හන්දිපත් අමාරැවෙන්, වෙනත් අතුරු ආබාධ වලින් පීඩා විඳිනවා. එහෙත් ආයුර්වේද ක්‍රමයෙන් අදාළ රෝගයට ප්‍රතිකාර පැතූ කිසිවෙකුට එවැනි අතුරු ආබාධ වැළඳී නැහැ.

අපි අෂ්ඨාංග ආයුර්වේදයේ පළමු ප්‍රභේදය වන කාය චිකිත්සාව ගැන කතා කළොත් එහි විස්තර වන්නේ සාමාන්‍යයෙන් නිතර අපට වැළදෙන කායික රෝග ගැන. ඒ කියන්නේ මධුමේහය, අතිරක්තචාපය(අධි රැධිර පීඩනය), උණ, අතීසාරය, ග්‍රහණි, අර්ශස්, වගේ රෝග වල නිධාන, ප්‍රතිකාර හා අදාල රෝග වලින් වැලැකීමේ ක්‍රම ගැනයි.

කෞමාර චිකිත්සාව කියල කිව්වේ අවුරැදු 16ට අඩු ළමයින්ගේ රෝග ගැන සදහන් කොටසට. සාමාන්‍ය වැඩිහිටියෙකුට වඩා නොවැඩුණු දරුවෙකුට ප්‍රතිකාර කිරීම සැලකිල්ලෙන්ම කළ යුතු වැඩක්. ඒවගේම දරැවන්ට රෝග සඳහා වගේම ඒවට කරන ප්‍රතිකාරත් දරාගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා ඔවුන්ට ලබාදෙන්නේ සියුම් හා මෘදු ඖෂධ වර්ග. ඒවගේම නැවුම් හා මධුර රසයෙන් යුත් ප්‍රතිශක්තිය වැඩිකරවන ඔසු වර්ගත් දරුවන් වෙනුවෙන්ම වට්ටෝරු කරල තියෙනවා. "රත කල්කය" කියන්නෙත් දැන් දෙන නොයෙක් ජාති එන්නත් වලට වඩා පහසුවෙන් දරුවන්ට රැකවරණය සලසන ප්‍රතිශක්තිකරණ බෙහෙතක්. ඔය එන්නත් විශ වෙලා ළමයි මැරුණත් කවදාවත් රත කල්කය බීලා ළමයෙක් මැරැණා කියල අහල නෑ නේද?

ශල්‍ය චිකිත්සාව කියන්නේ ආයුර්වේදයේ ශල්‍යකර්ම ක්‍රමවේද ගැන සඳහන් වන කොටස.හැබැයි  බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රධාන වෛද්‍ය ක්‍රමය ව‍ශයෙන් පිළිගත්ත අපේ රටේ ශල්‍යකර්ම කිරීම දේශිය වෛද්‍යවරුන්ට තහනම් කරල නීති පනවලා තමයි තියෙන්නේ. අද වෙනකොට භාවිතයෙන් වගේම ඒ ගැන කෙරෙන අනාගත පර්යේෂණ පවා නවත්වලා තිබුණත් අපේ ශරීරයේ අනවශ්‍ය අවයව ඉවත් කිරීමේ සාර්ථක ශල්‍ය කර්ම සීතාවක යුගය දක්වාත් කෙරුණු බවට සාක්ෂි ඕනෑ තරම්. අද තරම් පහසුකම් නොතිබුණු එදා ශල්‍යකර්ම සඳහා ප්‍රධාන උපාංගය වුණේ වෛද්‍යවරයාගේ අත. ඊළගට සුචි හා සූත්‍ර , ඒෂණී යන්ත්‍ර, ශලාකා වගේ උපකරණත් කැපුම් තලත් භාවිතා කෙරැණා. අදටත් බටහිර බෙහෙතෙන් සාර්ථකව සුවකළ නොහැකි උඩුදුවා ගිය භගන්දර (fistrla in ano), අර්ශස් තත්වයන්ට සුලු ශල්‍යකර්ම සුචි හා සූත්‍ර භාවිතයෙන් ආයුර්වේද රෝහල් වලදී සීමිත වශයෙන් සිදුකෙරෙනවා. පිළිකා හා වකුගඩු රෝගත් මේ කොටසට අයත්.

ආයුර්වේදයේදී ශරීරයේ උත්තමාංගය විදියට හඳුන්වන හිසේ හා ඒ හා සම්බන්ධ ඇස්, කන්, නාසා, දිව ආශ්‍රිත රෝග, ඒවාට ප්‍රතිකාර හා අදාළ රෝග වළින් වැලකීමේ මාර්ගය ගැන සඳහන් වෙන්නේ ශාලාක්‍ය චිකිත්සාවේදියි. මේ කොටසෙදි තමයි ශරීරයේ සංවේදීම අවයව ගැන අවධානය යොමුවෙන්නේ. උදාහරණයක් විදියට ඇසේ රෝග සඳහා නියම කරන සමහර බෙහෙත් භාවිතයට පෙර දහස් වාරයක් පෙරා ගත යුතු බවයි පොතේ පතේ දැක්වෙන්නේ.

අද සමාජයේ ගැරහුමට ලක්වෙන ගණයේ රෝගයන් වන මානසික රෝග තත්වයන් උදෙසාද ප්‍රතිකාර ආයුර්වේදයේ භූත චිකිත්සා කොටසෙදි සාකච්ඡා වෙනවා. මෙහිදී ප්‍රතිකාර කොටස් තුනක් භාවිතා කෙරැණා. පළමුවැන්න ඖෂධ හා නිල වෙදකම, දෙවනුවභාවනා- ව්‍යායාම- සංගීතයවගේ දේවල්, තෙවනුව බලි තොවිල් ශාන්ති කර්ම ආදිය.(වෙදහාමිනේ ටෙලිනාට්‍යය බැලුවනම් මානසික රෝගින්ට එදා බෙහෙත් කල හැටි ගැන යම් අවබෝධයක් ලැබේවි.) නමුත් අද දවසෙදි ආයුර්වේදයේ සඳහන් සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියටම සම්බන්ධ නොවී එහි තුන්වෙනි කොටසට පමණක් යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟාකරගන්නට උත්සහ දරණ රෝගීන්ගේ භාරකරුවන් නිසා රෝග උත්සන්න වන අවස්ථා එමටයි.

අගද චිකිත්සා කොටසින් සාකච්ඡා කරන්නේ විෂ ශරීර ගත වීමේදී කරන ප්‍රතිකාර පිළීබඳව. අපට ශරීර ගතවන විෂ කොටස් දෙකක් තියෙනවා. ඒ ස්ථාවර හා ජංගම විෂ වශයෙන්. විෂ සහිත යම් ද්‍රව්‍යයක් ස්පර්ශයෙන් හෝ ගිලීමෙන් ඇතිවන විෂ ස්ථාවර විෂ. සර්පයන්, බල්ලන් හා බළලුන් වැනි සතුන් දශ්ඨනයෙන්- සපාකෑමෙන් ඇතිවන විෂ ජංගම විෂ. විෂ චිකිත්සාව සඳහා ප්‍රතිකාර කිරීමේදී විෂෙහි ස්වභාවය හා විෂ ශරීර ගත වීමේ ක්‍රම අඳනාගැනීමට දූත පරීක්ෂාව වගේ සාමාන්‍ය අයෙකුට වටහා ගත නොහැකි ගුප්ත ක්‍රමත් භාවිතා කිරීමට වෛද්‍ය වරුන් අනිවාර්යයෙන් සමත්. තවමත් විෂ ශරීර ගතවීමට බටහිර ක්‍රමයෙදි යොදා ගන්නේ ප්‍රතිවිෂ එන්සෛම එන්නත් කිරීමේ ක්‍රමය. නමුත් ආයුර්වේද ක්‍රමයෙදි ඊට වඩා සූක්ෂමව ශරීරයේ විෂ ඉවත්කිරීමේ ක්‍රමයක් තමයි භාවිතා වෙන්නේ. ඒ ක්‍රමයෙදි අතුරු ආබාධ වලට කොහෙත්ම ඉඩක් ඇත්තෙ නෑ.

රසායන චිකිත්සාවෙදි සාකච්ඡා වුණේ රෝගියෙකුගේ හෝ රෝගී බවින් මිදුණු පුද්ගලයෙකුගේ ශරීර යෝග්‍යතාවය ආරක්ෂා කරන්න යොදන ප්‍රතිකර්ම පිලීබඳවයි.මිනිසාගේ ශරීරයෙන් විවිධ හේතු මත පිරිහෙන බලය වර්ධනය කිරීමට තමයි රසායන චිකිත්සාව යොදාගත්තෙ. මේක සමාන කරන්න පුලුවන් අද දවසෙ විටමින් වර්ග නියම කිරීමේ ක්‍රියාවලියට තමයි.

අවසානයට කථාකරන වාජීකරණ චිකිත්සාවෙදි සාකච්ඡා වුණේ සමාජයේ විවාතව කථා නොකරණ මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය ආශ්‍රිත රෝග හා අඩුලුහුඩුකම් පිළිබඳව.ස්ත්‍රී පුරුෂ බේදයෙන් තොරව දෙපක්ෂයේම දුර්වලතා සඳහා අවශ්‍ය වුණු ප්‍රතිකාර සාර්ථකව අවශ්‍ය අපේක්ෂාවන් ඉටුකිරීමට සමත්වුණා. අද දවසෙ වැහි වැහැල තියෙන විවිධ පෙති වර්ග , ගුලි වර්ග වලින් කෙරෙන්නෙ රෝගය සාර්ථකව මැඩලීම වෙනුවට තාවකාලිකව සුවයක් ලබාදී දිගුකාලීනව රෝගය උත්සන්න කිරීමයි.තමන්ගෙම දරැ පැටියෙක් බලාපොරොත්තුවෙන් රුපියල් ලක්ෂ ගණන් වියදම් කරල කරන්න නියම කරන කලල බද්ධයක් වෙනුවට කසාය වඩි කිපයකින් අවශ්‍යතාවය ඉෂ්ඨ කරල දෙන ආයුර්වේද වෛද්‍යවරුන් තවමත් රටේ හිඟ නෑ.

දැන් ඔබම හිතල බලන්න අෂ්ඨාංග ආයුර්වේදයේ සියලු කරුණු සලකා බැලුවාම මොනවා හරි කේෂ්ත්‍රයක් ගැන ආයුර්වේද ක්‍රමයේදී සාකච්ඡා නොවී තියෙනවාද කියල ? මම හිතන විදියට අද අපේ රටේ බොහෝ දෙනා පීඩා විඳින රෝග සියල්ලටම ප්‍රතිකාර හෝ පිලීවෙත් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි ඔරලෝසුවේ තත්පර කටුවට වඩා හයියෙන් දුවන්න යන මේ තරඟකාරී සමාජයේ නීවි සැනසිල්ලෙ ආයුර්වේද ප්‍රතිකාර කරල ලෙඩේ සම්පූර්ණයෙන් සුව කර ගන්නවා වෙනුවට අපේ බොහෝ දෙනෙක් කරන්නේ පෙත්තක් ගිලල, කරලක් බීල රෝග ලක්ෂන විතරක් නැති කරල දාගන්න එක. ආයුර්වේදයේ අපි බෙහෙත් කරන්නේ රෝගයේ නිධානයට මිසක් රෝගයේ ලක්ෂණ යටපත් කරල දාන්න නෙවෙයි. ඒ විදියට කරද්දි ටිකක් කල් ගතවෙනවා තමයි. හැබැයි ආපහු රෝගය උත්සන්න වීමේ අවධානමක් හෝ අතුරු ආබාධ මතුවීමේ ඉඩක් ඒ තුළ නැහැ.

උපුටාගැනීම - වෙද හාමිනේගේ අඩවිය 

ශ්‍රී ලංකාව යනු ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන රාජ්‍යයකි. එය ලෝකයේ අනෙකුත් රටවල ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේ දී මනාව වැටහේ. එකල ලෝකයේ අනෙකුත් රටවලට අභියෝග කළ හැකි මට්‌ටමක අප රටේ සෑම ක්‌ෂේත්‍රයක්‌ ම යුණු ව පැවතිණි. සෞඛ්‍ය ක්‌ෂේත්‍රය අතින් බැලුව ද එය එසේ ම ය. ලංකාවේ වාසය කළ රාවණා රජු ගේ සිට බොහෝ රජවරුන් දක්‌ෂ වෛද්‍යවරුන් බව ඉතිහාසයේ සඳහන් ය. 

අප ආයුර්වේදය සහ දේශීය වෙදකම හා සසඳන කල ඇලොපති , එහෙමත් නැතිනම් බටහිර වෛද්‍ය විද්‍යාව සතුව ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයකි. ආසන්න වශයෙන් මීට අවුරුදු 200කට පෙර ඉතිහාසය ගත්ත ද ලංකාවේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය වූයේ ආයුර්වේදය හා මිශ්‍ර වූ දේශීය වෛද්‍ය ක්‍රමයයි. රොබට්‌ නොක්‌ස්‌ ගේ පොත්වල සඳහන් පරිදි  එකල ලංකාවේ සැම පුද්ගලයෙක්‌ ම වෛද්‍යවරයෙක්‌ විය. එයින් අදහස්‌ වන්නේ රෝගවලින් වැළකී සිටීමටත්, රෝග වැළඳුණු විට ඒවා සුවපත් කරගැනීම පිළිබඳ වත් එම ජනතාව සතු ව වටිනා දැනුම් සම්භාරයක්‌ තිබුණු බව ය. අවාසනාවකට අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්‌ වී ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය මෙරට පැළප යම් වීමත් සමග අප සතු ව තිබූ වටිනා වෛද්‍ය ක්‍රමය ගොඩවෙදකම් ලෙසින් සලකා ජනතාව අතරින් ඈත් කිරීමට බටහිරයෝ සූක්‌ෂ්ම වූ හ. ඒ සමග ම අපට අනන්‍ය වූ ආහාර රටාව ද, විහරණ රටාව ද වෙනස්‌ කරමින් ඔවුන් ගේ ආහාර විහරණ රට තුළ ව්‍යාප්ත කරවිණි. මේ හේතුවෙන් අප රටේ ජනතාව අතර අලුතින් ඇති වූ රෝගාබාධ සංඛ්‍යාව මෙතෙක්‌ යෑයි කිව නොහැකි ය. ඒ සමග ම ඔවුන් ගේ ඖෂධ ජාවාරම ව්‍යාප්ත කරමින් එම ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම ආරම්භ විය. එතරම් කාලයක්‌ අප භාවිත කළ අපේ දේශීය ඖෂධ වර්ග පිළිබඳව බොරු මත ප්‍රචාරය කරමින් ඒවා ජනතාව ගෙන් ඈත් කරවන ලදි .

තවද, මේ ආකාරයෙන් සලකා බලන විට දිගු ඉතිහාසයක් නොමැති බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුව වශයෙන් දියුණුවී ඇත්තේ වෛද්‍ය විද්‍යාවටත් වඩා ඒහා සෘජුව බද්ධවන්නාවූ තාක්ෂණයයි. බයිපාස් ක්‍රමය ගත්කල එය තාක්ෂණික වැඩක් මිස ලෙඩේ මූලයට කරන වෙදකමක් නොව තාක්ෂණික තාවකාලික වෙදකමකි. නැවතත් එම රෝගය මතුවීමේ අවදානම රෝගියා සතුය. මේ සඳහා පැහැදිලිවම ලේඩේ මූලයට පමනක් වෙදකම් කොට ලෙඩේ නිට්ටාවට සුව කරන වෛද්‍ය ක්‍රම සිංහල අපගේ ආයුර්වේදයේ එමට ඇත. 

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.













සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka