Tuesday, December 11, 2018

නිරෝගී ලෙස ජීවත්වීට අවශ්‍ය, ඉතා වටිනා කරුණු කාරණා රැසක්.....




නිරෝගී දීර්ඝ ජීවනය සඳහා ඉතා වටිනා ඖෂධීය පානයකි.
වර්තමාන සමාජයේ අතුරු ආබාධ රහිත වෙදකමක් හැටියට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා තියෙන ආයුර්වෙද වෙදකමේ ප්‍රධාන පරමාර්ථ දෙකක් පැරණි ඉසිවරු දක්වලා තියෙනවා. ඉන් පළමු වැන්න තමයි ස්වස්ථ පරායනය. ස්වස්ථ පරායනය යනුවෙන් ආයුර්වේදයේ සඳහන් වන්නේ නීරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීමයි. දෙවනුව ආතුර පරායනය. ආතුර පරායනය යනු රෝගියා රෝගයෙන් මුදවා ගැනිමයි. ස්වස්ථ පරායනය යනුවෙන් අදහස් වන නිරෝගී පුද්ගලයින්ගේ නිරෝගී බව රැක ගැනීම ආයුර්වේදයේ ගෙන හැර දක්වන ඉතාම වැදගත් කාරණාවකි. දීර්ඝ ජීවනයක් උදෙසා මෙය ඉතාම වටිනවා. ප්‍රතිශක්තිය වර්ධන කිරීම මගින් රෝග වැලඳීම මග හරවා ගෙන නිරෝගී භාවය රැකගෙන ජීවිතයට මුහුණ දීමට හැකි වෙනවා. රුධිර ධාතුව පිරිසිදු කිරීම මගින් ශරීරයේ ඇති සියලුම පටකයන්ගේ සහ සියලුම ඉන්ද්‍රියයන්ගේ නිසි ක්‍රියාකාරීත්වය ඇති කරවන්නට හැකියාව තියෙනවා. ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය නිසි පරිදි සිදුවීමද ඉතාම වටිනා කාරණාවක්. මානසික ආතතිය නිසා ශරීරයේ පරිවෘතීය ක්‍රියාවලිය අඩපණ වෙනවා. ශරීරයේ ඇතිවන විශ සංයෝග, මල කොටස් ශරීරයෙන් නිසි පරිදි බැහැර කරවීම සිදු විය යුතුයි. මෙම කාරණා නිසි පරිදි සිදුවන වා නම් සම පිරිසිදු වී පැහැපත් වෙනවා. මෙන්න මේ ඉහත කී සියලුම දේ ඉතාම හොඳින් සිදු කර දෙන ඖෂධීය පානයක් ලෙස ලෝන්ග්ලයිෆ් ආයුර්වේදීය හර්බල් පානය වගකීමකින් යුතුව හඳුන්වාදීමේ හැකියාව තියෙනවා. තේ වෙනුවට දිනපතා පානය කිරීමට ඉතා වටිනා, ගුණ දෙන ඖෂධීය පානයක් වශයෙන්ද නිර්භයව ප්‍රකාශ කල හැකි වටිනා පානයක් තමයි මේ ලෝන්ග්ලයිෆ් ආයුර්වේදීය හර්බල් පානය. මත්පැන් පානය කරන්නන් හට ඉන් වන හානි මග හැර ගැනීමට ද කදිම පානයකි.
වෛද්‍යාචාර්ය තරංග සඳකැලුම් වීරතුංග (BAMS)
දුරකථන: 0712111622