Sunday, August 5, 2018

දියවැඩියාව රෝගයට ආවේනික වූ විශේෂ ලක්‌ෂණ කීපයකි



ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව හැම පුද්ගලයන් දස දෙනකුගෙන් එක්‌ අයකුට මධුමේහය හා දියවැඩියාව රෝගය වැළඳෙන වගට අනාවරණය වෙයි. පවතින තත්ත්වය සැලකිය යුතු අන්දමින් අවම කරගත හැකි ක්‍රමවේදයන් ගැන සොයා නොබැලුවහොත් ඉදිරි පරම්පරාවද දියවැඩියාව මධුමේහ යෙන් පෙළෙන්නන් බවට අටුවා ටීකා අනවශ්‍යය. මේ සඳහා අදාළ හැමගේ අවධානය යොමු විය යුතුමය.

වත්මන් සමාජය තම ශරීර සුඛ විහරණය උදෙසා ලොල්ව අධි සුඛෝපභෝගීව පංචෙන්ද්‍රයන් පිනවීමේ ආසාවෙන් ක්‍රියා කිරීමේ හේතුව මත විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන බව පෙනේ. අපේ පිටිසර ජනතාව අතර එතරම් බහුලව රෝග වැළදෙන මගත් නොපෙනුනද නාගරික පරිසරය තුළ ජීවත්වන උදවියගෙන් බහුතරයක්‌ රෝගීහු වෙති.

වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස්‌ සිරුරේ හිසේ සිට දෙපතුළ දක්‌වා ශරීරයේ සෑම අංගයකට ම හානි පමුණුවයි. කටට මධුර රස දැනීම, අතපය හිරි වැටීම, දැවිල්ල, උගුර තොල කට වේළීම, පිපාසය, අලසබව ශරීරගතව මධුමේහය වැළඳී ඇති බවට කරනු ලබන ඉඟි වේ.මේ සඳහා බලපාන හේතු අතර ප්‍රධාන වන්නේ අතපය නොවෙහෙසා සිටීම ද අධික නින්ද, කිරි, මස්‌ මාංශ හොදි වර්ග, කිරි වැඩිපුර ආහාරයට එක්‌කර ගැනීම නිරතුරුව අලුත් සහලේ බත් අනුභවය පැණි රස අධික ආහාර, ඇඹුල් රස අධික ආහාර, ලුණු රස අධික ආහාර මෙන්ම තෙල් අධික ආහාර ද සිසිල් බවින් අධික ආහාර ද දිනපතා අසීමාන්තිකව ගැනීම ය.ධාන්‍ය වර්ග ආහාරයට ගනිද්දී අලුත් ධාන්‍ය නොව පැරණි වූ ධාන්‍ය ආහාරයට ගැනීමට හුරු විය යුතු ය. අලුත නෙළා ගත් ධාන්‍ය මධුර රසයෙන් යුක්‌ත වන බැවින් දිගින් දිගටම ආහාරයට ගැනීම ප්‍රමේහයට හේතු වේ. පස්‌ගෝරස මෙන්ම තෙත් සහිත ප්‍රදේශයන්හි වෙසෙන සතුන්ගේ මාංශ නිතර ආහාරයට ගැනීම එළකිරි, මීකිරි අධි මාත්‍රාවෙන් ගැනීම, උක්‌ හකුරුවලින් සකස්‌ කළ ආහාර මෙන්ම පිටි සහිත ආහාර ද අහිතකර ය. ව්‍යායාම නොකිරීම, දහවල් නිදීම (මහලු අයට සහ කුඩා දරුවන්ට මෙය බලනොපායි.) අලසකම දවසේ වැඩි කාලයක්‌ සැප ආසනයන්හි හිඳගෙන සිටීම ද ප්‍රමේහයට හේතු කාරක වේ .ශාරීරික රෝග මනසට ද මානසික රෝග ශරීරයට ද බලපෑම් කරයි. මානසික ආතතිය, යම් සිතිවිල්ලක දිගින් දිගටම එල්බ සිටීම වැනි හේතු ද දියවැඩියා රෝගය ඇතිවීමට උපකාරි වේ. නිතර නිතර තරහා යැම, නිතර ශෝක වීම, බයෙන් සිටීම සිත්තැවුල් ආදියට ගොදුරු වීම මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන මානසික හේතුන් ය.ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝග ලක්‌ෂණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන ආකාර දෙකක්‌ වේ. එනම් ස්‌ථූල බලවත් ශරීර ඇත්තන් හට අවශ්‍ය පරිදි ආහාර පාලනය කරමින් ප්‍රතිකාර කරන අතර කෘෂ සිහින් සිරුරක්‌ ඇති දුර්වල අයට අගුණ නොවන පෝෂණීය ආහාර දෙමින් ද ප්‍රතිකාර සිදු කෙරේ. ඉන්සියුලින් මත යැපෙන රෝගීන්ට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය.

මීට දශක 0506 කට පෙර අපේ උදවිය මෙවැනි රෝගවලින් වැළකී සිටීම නිසා කායික මානසික අංශයෙන් උසස්‌ වූ තත්ත්වයන් ලැබ සිටි බව පෙනේ. මේ හේතුව නිසා රටේ සංවර්ධනයට ඔවුන් දැක්‌ වූ දායකත්වය පැරැණි වාරි ශිෂ්ඨාචාර, කෘෂිකර්ම අංශයන්ගෙන් අදටත් කරුණු හෙළිවෙයි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයට පිළියම් වශයෙන් ආහාර පාන ගැනීමේදී රෝග තත්ත්වය මර්දනය කර ගැනීමට පුළුවන. ආහාර පාලන රටවට ප්‍රමුඛත්වය දිය යුතුවේ. කෙඳි සහිත ආහාර වන මඩු දඩු, තම්පලා, කොහිල, නෙළුම් අල, හා ළපටි බෝංචි, කැරට්‌ ආදිය වාෂ්පයෙන් තම්බා පිෂ්ටය අඩු ආහාර ගැනීම උචිතය. කිරි, එළුකිරි, එළකිරි, මුදවාපු කිරි ආදියද ගැනීම යෙහෙකි. රතුහාල් හෝ කුරැට්‌ට සහිත ධාන්‍ය වර්ගද, කුරක්‌කන්ද ආහාරයට ගැනීම යෝග්‍ය වේ. සමබර, සමබල ආහාර පද්ධතියක්‌ අනුගමනය කළ යුත්තේය. පළතුරු වශයෙන් කටුලොවි, ගස්‌ලබු, මාදන්, හිඹුටු, නාරං, යනාදියද ගුණ දායකයි.

මෙම රෝගයට නම් දෙකක්‌ භාවිතාවේ. එනිසා රෝග අවස්‌ථා දෙකකින් විද්‍යාමාන වේ. මුත්‍රා වාර ගණන සහ නිතර නිතර වැඩියෙන් පිටවීම බහු මුත්‍රා රෝගය හෙවත් දියවැඩියාව ලෙස සැලකේ. මුත්‍රා සමග ශක්‌ති ජනක මධුර පදාර්ථ කොටස්‌ පිටවීම ඩයබටීස්‌ වෙලයටීස්‌ යනුවෙන් හැඳින්වෙයි. මෙය මධුමේහය වේ. අග්න්‍යාසය දුර්වලවීම හේතුකොටගෙන එහි නිෂ්පාදනය වන ඉන්සියුලින් හෝමෝනය අඩුවීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි. අප ගන්නා ආහාරවල තිබෙන සීනි පදාර්ථ කොටස්‌ නිසි ලෙස දහනය කර ග්ලුකෝජන් බවට පත්කරයි. ලේවලට උරාගැනීමට සලස්‌වයි. මේ ක්‍රියාවලිය සිදු වන්නේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අනුවයි. මෙය දුර්වල වූ විට (අග්න්‍යාසය ඉන්සියුලින් ග්‍රන්ථිය) අක්‍රීය තත්ත්වයට පත්වේ. පිටියුටරි ග්‍රන්ථිය නිපදවන අන්ත්‍ර ශ්‍රාවය,” මුත්‍රා පාලනය කරනු ලබයි. මෙම අවස්‌ථාව උදක මේහය නොහොත් දියවැඩියාවයි.


ව්‍යායාම් වශයෙන් උදෙන්ම පිබිදීම සිදුවිය යුත්තේය. පැයක්‌ පමණ භාවනාවේ යෙදීම උචිතය. පැයක්‌ හෝ පැය බාගයක්‌ පමණ තමන්ට හැකි ව්‍යායාමයක්‌ ලෙස ශරීරය වෙහෙස කරවීමද සුදුසුයි. මේ සඳහා දීවීම, වත්තපිටිය ශුද්ධ පවිත්‍ර කර ගැනීම් ආදියෙන් ශරීරය වෙහෙසට පත්කළ හැක්‌කේය. රාත්‍රි ආහාරගෙන පැය දෙක තුනක්‌ ඉක්‌මවීමට පෙර නින්දට යැමද යෝග්‍ය නොවේ. යටකී ජීවන රටාවන්ගෙන් තොරව ජීවත් වීමෙන් ශරීරය ස්‌ථුලවේ. මහත්වේ.

මිනිස්‌ සිරුරේ රුධිරයේ සාමාන්‍ය සීනි ප්‍රමාණය 70 – 115 අතරවීම නිරෝගී බවේ ලක්‌ෂණයකි. මෙම ප්‍රමාණය අඩු වුවහොත් ක්‌ලාන්ත ගතිය ඇතිවේ.

මධුමේහයට ඉංග්‍රීසි බෙහෙත් ගන්නවා කියන්නෙ වෙනත් රෝග රැසකට මුලක් තමයි. ස්වභාව ධර්මයට අනුකූලව කෙරෙන ප්‍රතිකාර මගින් එවැන්නක් සිදු නොවන බව අවුරුදු දහස් ගනනක ඉතිහාසය අපට මනාව කියාදෙයි.

මෙම රෝගී තත්ත්වය හේතු කොටගෙන මිනිස්‌ සිරුරේ සෑම ඉන්ද්‍රියකම මළ රැස්‌ වේ. මේ හේතුවෙන් දියවැඩියා රෝගීන්ගේ සිරුරින් අප්‍රසන්න දුර්ගන්ධයක්‌ පිට වේ. මේ රෝගී තත්ත්වයේදී ඉක්‌මනින් හිස කෙස්‌ පැසේ. දන්ත මළ, කර්ණ මළ, අක්‌ෂි මළ වැඩේ. ඔවුන්ට අධික ලෙස දහදිය දැමීම ද සිදු වේ. වෙනත් රෝගී තත්ත්වයක්‌ නොමැති නම් දිනපතා නා පිරිසිදුව සිටීම අත්‍යවශ්‍ය ය. මෙම රෝගී තත්ත්වයේදී ශරීරයේ ශක්‌තිය අඩුවීම, හතිය, ඉක්‌මනින් නිය කෙස්‌ හැලීම, ශරීරයේ මාංශ බුරුල් වීම, සීතලට කැමැති වීම දක්‌නට ලැබෙන ලක්‌ෂණයන්ය. ඊට අමතරව මෙම රෝගීන් අතර පීනස, මුත්‍රා අධික ලෙස පිටවීම, පෙනීමේ දුර්වලතා, විකෘති සන්නිවේදනය, ඉක්‌මනින් වෙහෙස දැනීම, ලේ වල සහ මුත්‍රාවල පවත්නා සීනි ප්‍රමාණය ඉහළ යැම දක්‌නට ලැබේ. මුත්‍රා කහට පැහැ වීම, රළු වීම, පෙණ ගතියෙන් යුතු වීම විශේෂ ලක්‌ෂණ වේ. මෙම අවස්‌ථාවේදී ඉක්‌මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය රෝග ලක්‌ෂණ නොසලකා හැරීම උපද්‍රව ඇති කරයි. දියවැඩියා රෝගී තත්ත්වයේ උපද්‍රව ලෙස අක්‌ෂි රෝග ඇති වේ. මෙම රෝගය ඇසට කරනු ලබන හානිය ප්‍රබල ය. ඉන් පෙනීමේ දුර්වලතා ඇති වේ. වකුගඩුවල ක්‍රියාකාරීත්වයට හිතකර නොවන දියවැඩියා රෝගය ඒවා ක්‍රමයෙන් අකර්මණ්‍ය කරයි. වකුගඩුවල කාර්යය නිසි ලෙස සිදු කිරීමට වකුගඩු රෝගියාගේ වකුගඩු සමත් නොවේ.

පාද හිරිවැටීම හේතුවෙන් දෙපා ගල් මුල් මේස පුටු ආදියෙහි වැදී නොදැනීම හේතුවෙන් එම අවස්‌ථාවන්හි ඇතිවන තුවාල කෙරෙහි අවධානය යොමු නොවීමෙන් තුවාල උත්සන්න වේ. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුවවීමේ කාර්යය ස්‌වභාවයෙන්ම ප්‍රමාද බැවින් දෙපා තුවාල කර ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වේ. මතකය අඩුවීම ද මෙම රෝගයෙන් ඇතිවන පීඩාකාරී උපද්‍රවයකි. ස්‌නායු විකෘතිතා ඇතිවීම දියවැඩියාවේම උපද්‍රවයක්‌ වේ. මේ හේතුවෙන් ආහාර මාර්ගයේ විකෘතිතා ද ඇති වේ.අධික ලෙස උගුරට පැමිණෙන අම්ල ගතිය බහුලව දැකිය හැකි අතර ආහාර නිසි ලෙස නොදිරවීම, ආහාර අරුචිය, මළබද්ධය හෙවත් මළ නිසි ලෙස ඝන නොවීම, ආහාර මාර්ගයේ ඇතිවන විකෘතිතා ලෙස හඳුනා ගත හැකි ලක්‌ෂණ වේ. අස්‌ථි හා මාංශ පේශීවල විකෘතිතා ඇතිවන අතර ශරීරයේ මාංශ පේශී ලිහිල් වීම, සන්ධි ඇදවීම, අස්‌ථි දිරාපත් වීම, අස්‌ථි ඇදවීම එහි ලක්‌ෂණ වේ. ලිංගය හා මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ඉඳිකටුවලින් අනින්නාක්‌ බඳු වේදනාව, නින්ද වැඩිවීම, වමනය මෙම රෝගයේ ලක්‌ෂණ වේ. ආහාර ගත් සැණින් නින්දට යැම කිසිසේත්ම යෝග්‍ය නොවේ. ඉහත රෝගී තත්ත්වය හේතුවෙන් පිරිමි පාර්ශ්වයට පැමිණෙන පුරුෂ ලිංගය මුණ්‌ඩය ආශ්‍රිත පැලීම් හෝ පිපිරීම් සහ ප්‍රාණවත් නොවීම හා බෙලහිනතාවය ද ඇති වේ.

මධුමේහය හේතුවෙන් උපදින මෙම සියලු විකෘතිතා පාලනය කරමින් සිරුරේ ඇති සීනි ප්‍රමාණය අවශ්‍ය තරමට තබා ගැනීමට උපකාරී වන ඉතා යෝග්‍ය පානයක් ලෙස ඩයබීනා ආයුර්වේදීය හර්බල් පානය නිර්භයව නිර්දේශ කළ හැක.



රුධිරයේ ඇති සාමාන්‍ය සීනි ප්‍රමාණය අධික වන්නේ රුධිරයේ ඇති ග්ලුකෝස්‌ සෛලවලට උරා නොගැනීම නිසාය. මේ නිසා ශරීරයට අවශ්‍ය ශක්‌තිය හීන කරයි.

දියවැඩියාව වැඩි වශයෙන් වැඩිහිටියන්ට පමණක්‌ව නොව පාසල් දරු දැරියන්ටද වැළඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලින් හෙළිවෙයි. මීට හේතුව වී ඇත්තේ දෙමාපියන් විසින් තම දරුවන්ට ජලය පානය වෙනුවට පැණි මිශ්‍ර කෘතිම බීම වර්ග බීමට පුරුදු කරවීමයි. මෙවන් පුරුදු අත්හැරීමට දෙමාපියන් වගබලා ගත යුත්තේය. ළමුන්ට ක්‌ෂණික ආහාර ලබාදීමද උචිත නැත.





විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 777284473 / +94 710952034 / +94 11 2624475






No comments:

Post a Comment