Friday, November 6, 2015

හරිම වැදගත්, කියවන්න වටින ලිපියක් - තරබාරුකම සහ හන්දිපත් රුදාවට කදිම ඔසුවක්.

රුධිර නාලගත මේද (කොලෙස්ටරෝල්) තත්ත්වය ක‍්‍රමාණුකූලව අඩු කර ගැනීමට ද රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා අවම කර ගැනීමටද රුධිර පීඩනය අඩු හෝ වැඩිවීමේ රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමටද සන්ධිගත වාත රෝගය ජය ගැනීමටද මැදිවිය පෙනි පෙනී අධික තරබාරුව මග හරවා සිරුරේ බර ක‍්‍රමාණුකූලව අඩුකර කරදරයක් නැතිව සැහැල්ලුවෙන් සිරුර පවත්වා ගැනීමටද, සිරුරේ අභ්‍යන්තරයේ බැඳෙන තෙල් සහ මේද තට්ටු, සිරුර අවලස්සන වීම, අනවශ්‍ය ලෙස මාංශ පේශී වර්ධනය වීම, සිරුරේ ක‍්‍රමානුකූල හැඩය වෙනස් වීම ආදී විවිධ උපද්‍රව වලක්වා සෞඛ්‍යාරක්‍ෂිතව සිටීමටද, මේදස් රෝගයෙන් වැලකී සිටීමට සහ ලෙඩ ගොඩකට මං සලසන කොලෙස්ටරෝල් තත්වයන්ගෙන් මිදීමට ඒ සියල්ලමත් සමග අලස කමක් නැතිව කාර්ය්‍ය ශූර කඩිසර දෛනික පැවැත්මට ගතට සිතට එකසේ වද දෙන සන්ධි ගත වාත රෝග පාලනය කිරීමට හා වැළැක්වීමට ඔබට සහාය වීම සඳහා අපේම වන ගහනයෙන් සීරුවෙන් තෝරා බේරාගත් ශාකෞෂධ වලින් යුත් ඉපැරණි අත්දුටු පාරම්පරික වට්ටෝරුවකට අනුව සංයෝග කළ ඉතා විශ්වාසදායි ඖෂධීය පානයක් වන ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය ඉතා යෝග්‍ය ඔසුවකි. 

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය නියමිත පරිදි, නියමිත කාල සීමාවක් දිනපතා (අවම වශයෙන් මාස හතරක් උදේ සවස) නොකඩවා ගැනීමෙන් ඉහත දැක්වූ සියළු සහනයන් ලබා ගත හැකිවේ. පළමුවෙන්ම නාලගත මේදස් (කොලෙස්ටරෝල්) ඉතා හොඳින් අඩුකරමින් ක‍්‍රම ක‍්‍රමයෙන් ශරීරයෙහි මාංශපේශීන් වල ඇති මේදස් අඩු කරමින් ශරීරය සිහින් වීම දක්වා මනාව ක‍්‍රියාත්මකවේ.

මෙම තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැබෙන අවස්ථාවක් වන්නේ ආර්‍තවාභාවය සිදුවූ හෝ ඊට ළං වූ හෝ මධ්‍යම වයසට පත්වූ හෝ ඊට ආසන්න වූ හෝ කාන්තා පක්‍ෂය කෙරෙහිය. ආර්‍තවාභාවය හෙවත් ඔසප් චක‍්‍රය ක‍්‍රියා විරහිත වීම තුල කාන්තා ශරීරය තුල ඇතිවන අන්තර් රසායනින ක‍්‍රියාවලිය අධික තරබාරුව කෙරෙහි ප‍්‍රධාන වශයෙන්ම බලපාන බව කිව හැක. අපට ආර්‍තවාභාවයට පත්වීම වලක්වා ගත නොහැකි අතර තරබාරුව වලක්වා ගැනීම අපහසු නොවේ. වාණිජවාදී නාගරික සමාජය තුල මෙම තත්ත්වය වඩාත් පහසුවෙන් දැකිය හැකිය.

ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් මෙම පානය ඖෂධීය පානයක් ලෙස සහතිකය, අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු.   

දැනට වෙළඳ පෙලෙහි ඇති ස්ථූලතාවය (තරබාරුව, සිරුරේ මහත අඩු කිරීම, Slim) සඳහා ඇති පානයන් අතරින් ඉතාම ගුණදෙන පානය වන්නේ ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානයයි. අප එසේ කියන්නට හේතුව වන්නේ මෙම පානය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය නිසාවෙනි. ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානයෙහි තේ හෝ ඊට අදාල කිසිවක් මිශ‍්‍රකර නැත. බරින් වැඩි තේ සමඟින් වෙනත් අමු ද්‍රව්‍යයක් මිශ‍්‍ර කිරීමේදී වන්නේ එම මිශ‍්‍ර කරන ඖෂධීය අමුද්‍රව්‍ය එම සංයෝගයට මිශ‍්‍ර වන්නේ උපරිම වශයෙන් 40% ක් පමණක් වන අතර අනෙක් 60% ම තේ වනු ඇත. ඒ අනුව ගත්කල උපරිමය වශයෙන් ඖෂධීය ගුණය ඇත්තේ 40% ක් පමණය. ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය සියයට සියක්ම ආයුර්වේදීය අමුද්‍රව්‍ය වලින් පමනක්ම නිපදවා ඇති අතර මෙහි තේ අඩංගු නැති හෙයින් මෙහි අඩංගු අමුද්‍රව්‍ය සියල්ලම අවශ්‍ය අරමුණ සඳහාම පමණක් එක එල්ලේම ක‍්‍රියාත්මක වේ. 

ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය සඳහා යොදා ගනු ලබන, පරම්පරා දශක ගනනාවක් නොවෙනස්ව පැවති ඖෂධ සහ ඒවායේ ද්‍රව්‍ය ගුණ පහත සඳහන් වේ.



කරපිංචා - Murraya koenigii
මේද හර ගුණය, ආමාශය අන්ත‍්‍ර මාර්ගයේ ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කර ලේ පිරිසිදු කරයි. කොලෙස්ට්‍රෝල් වැනි රුධිර නාල ගත මේද සංචය (රැස්වීම) අවම කරයි. ශරීරයට බැහැරින් ඇතුලු විය හැකි (අක්මාගතව ඉතිරිවන) සියලු විෂ කොටස් බැහැර කොට පිරිසිදු කරයි. ආහාර දිරවීමට අවශ්‍ය ඒ ඒ ස්ථාන ගතව වැගිරෙන එන්සයිම වැගිරවීමේ ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කරයි. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි. 


ගොරකා  - Gracinia cambogia

ස්ථූලභාවය අඩුකරයි. මාංෂ පේශීන්ගේ තානය (Tone - එල්ලා නොහැලෙන බව - Stiff) රැකගැනීමට උපකාරීවේ. ඌර්ධගතව හෝ අධෝගතව ඇතිවන අම්ල පිත්තය පාලනය කරයි. ශරීරයෙහි මේදස් ඉතා හොඳින් අඩුකරයි. සිරුර සිහින් කිරීම සහ සිරුරේ නිසියාකාර හැඩය රැකගෙන සිරුර සිහින් කරයි. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි.


නෙල්ලි - Phyllanthus emblica

රුධිර ශෝධනය ඇතිකරයි. රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. ආහාරයෙන් උපදනා මධුර පදාර්ථ රුධිරයට අවශෝෂණය කර ගැනීමේදී ඇති විය හැකි අධි අවශෝෂණතාවය පාලනය කිරීමට උපකාරීවේ. රුධිරයේ ආම්ලිකතාවය අඩු කරයි. මුත‍්‍රා අම්ල අඩු කර මුත‍්‍රා බැහැර කිරීම ක‍්‍රමවත් කරයි.  අම්ල පිත්තය සුව කිරීමට උපකාරී වේ. සිරුරේ අභ්‍යන්තර දාහය පාලනය කරයි. මුත‍්‍රා දැවිල්ල සහ ගුද මාර්යේ දැවිල්ල සුව කරයි. රක්ත ශෝධනය ඉතා ඉහලයි. ශාරීරික පිත්කෝපය නිසා ඇති වන්නා වූ විවිධ සංකූලතා අවම කරයි. රුධිර පීඩනය මනා ලෙස පාලනය කරයි. සමේ ඇතිවිය හැකි බිබිලි, කැසීම් අවම කර ඇස් පෙනීම වැඩි දියුණු කරයි.

හීං මිදි මුල් - Premna serratifolia
සිරුරේ තෙල් සහ මේද වර්ධණයවීම ඉතා හොඳින් වලක්වයි. වාත වේදනා නසයි. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි.


කෙලිඳ සහල් - Holarrhena antidysenterica
ආමාශය අන්ත‍්‍ර මාර්ගික ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීම සහ මළ ඝන භාවයට පත්කර බැහැර කිරීම. ද්‍රව මළ පිටවීම වැලැක්වීම සහ මධුමේහ තත්වයන් පාලනය කිරීම. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි. 

මඟුල් කරඳ - Pongamia glabra
අන්ත‍්‍ර මාර්යේ පහල කොටසෙහි ක‍්‍රියාකාරීත්වය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒම. මළ ආකෘතිය සකස් කිරීම. ආහාර දිරවීමේ දී ඇතිවිය හැකි අමු බව නැති කර මළ මාර්ගයේ ඇතිවිය හැකි සංකූළතා වැලැක්වීම. ක‍්‍රිමි රෝග (පණු රෝග) නැති කරයි.

ඉහතකී අමුද්‍රව්‍ය ඒ ඒ මාත‍්‍රාවන්ට අනුව එකට සංයෝග කර සාදාගන්නා වූ මෙම ඖෂධීය පානය නමින් ග්ලූටියෙලා ආයුර්වේදීය හර්බල් ඖෂධීය පානය වශයන් හඳුන්වන අතර දැනට වෙළඳපොලේ ඇති හොඳම ගුණදෙන අති විශිෂ්ඨ ඖෂධීය පානය ලෙස හඳුන්වා දිය හැක.    

දැනට වෙළඳ පොලෙහි බහුලව දක්කනට ඇති ‘ග‍්‍රීන් ටී’ (Green Tea) මගින් සිරුර කෙට්ටු කරන බවට සමාජය පුරා ඇති මතය මෑතක දී අප සමාජය තුල අසන්නට ලැබුන ද මෙහි ඇත්ත නැත්ත පිළිබඳ කිසිඳු විද්‍යාත්මක සාක්‍ෂියක් ආයුර්වේදයේ සඳහන් නොවේ. ජපානයේ, චීනයේ හා එ් ආශ‍්‍රිත රට වල ජනතාව ‘ග‍්‍රීන් ටී’ භාවිතා කරන හෙයින් සහ බටහිරින් එන  ඕනෑම දෙයක් පිලිගැනීමේ ඇති උනන්දුව මත මෙම ‘ග‍්‍රීන් ටී’ පානය ව්‍යාප්ත වුවද එහි කිසිදු ඒ කියන ආකාරයේ ගුණයක් ඇති බවක් අප පැරණි ග‍්‍රන්ථ එකකවත් සඳන් නොවේ. මෙම මතය අන්තර්ජාලයේ ඇති ලිපි සහ බටහිරින් එන මතයක් වුවද ආයුර්වේදීය බෙහෙත් හා පැළෑටි වලට සාපේක්‍ෂකව ගත් කල ගුණය අතින් ඉතා විශාල මෙහෙවරක් නොවන බව අපේ හැඟීමයි. ‘ග‍්‍රීන් ටී’ හි සිරුර කෙට්ටු කිරීමට අවශ්‍ය සංඝඨක එකක් හෝ දෙකක් අඩංගු වේ යැයි බටහිරින් කරන ලද පරීක්‍ෂණ වල සඳහන් වුවද පැරණි ආයුර්වේද හෝ දේශීය ඉතිහාස ග‍්‍රන්ථ එකකවත් මේ බවක් සඳහන් වී නැත.

එක එක කාලයෙන් කාලයට ගුණ අගුණ වෙනස් වන බෙහෙත් වර්ග ආයුර්වේදයේ හෝ දේශීය වෙදකමේ නැත. ආයුර්වේදීය බෙහෙත් හා පැළෑටි ගත්කල පරම්පරා දහස් ගනනක ඉතිහාසයේ සිටම පැවත එන එවායේ ගුණ වෙනස් නොවී පැවතීම පුදුම සහගතය. උදාහරණයක් ලෙස වෙනිවැල්ගැට ගත් කල එහි ගුණය එදත් අදත් එසේමය.

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.

    

  




සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk


Facebook: Mediherbs Sri Lanka