Sunday, August 30, 2015

ගර්භණී මවුවරුන්ට අර්ශස් රෝගයේ අවදානම වැඩියි


ඇතැමුන් ගුද මාර්ගයේ හටගන්නා බොහෝ රෝග අර්ශස් ලෙස හඳුනා ගනියි. එහෙත් මෙය වැරැදි මතයකි. මෙයට හේතුව වන්නේ එම ස්ථානවල ඇතිවන රෝග අතරින් අර්ශස් තරමක් ජනතාව අතර ප්‍රචලිතව පවතින රෝගයක් වීමයි. මෙ ආකාරයට ඔබ වැරැදි නිගමනයන්ට එළැඹෙන්නේ තමාට දැනෙන දෙයින් පමණක් තීරණවලට එළැඹෙන බැවිනි.

ඇතැමුන් ගුද මාර්ගයේ හටගන්නා බොහෝ රෝග අර්ශස් ලෙස හඳුනා ගනියි. එහෙත් මෙය වැරැදි මතයකි. මෙයට හේතුව වන්නේ එම ස්ථානවල ඇතිවන රෝග අතරින් අර්ශස් තරමක් ජනතාව අතර ප්‍රචලිතව පවතින රෝගයක් වීමයි. මෙ ආකාරයට ඔබ වැරැදි නගමනයන්ට එළැඹෙන්නේ තමාට දැනෙන දෙයින් පමණක් තීරණවලට එළැඹෙන බැවිනි.

ස්වභාවය 
අර්ශස් යනු ගුද මාර්ගයේ ඇතිවන මාංශමය කොටසක් නොවේ. එය පිරී තිබෙන්නේ රුධිරයෙනි. 
ගුද මාර්ගයේ රුධිර නාළයක් පාදයේ නහර ඉලිප්පී ඇති ආකාරයට ඉලිප්පී තිබීම මෙහිදී දැක ගත හැකි ලක්ෂණයයි. එලෙස විස්තාරණය වූ ශිරාවක් ගුද මාර්ගය තුළ හට ගැනීම අර්ශස් ලෙස හඳුනා ගනියි.

සාමාන්‍යයෙන් අර්ශස් ඇති වූ විට මෙවැනි රෝග ලක්ෂණ මතුවීමට පුළුවන. ප්‍රධාන වශයෙන් 

• මල සමඟ ගුද මාර්ගයෙන් ලේ පිටවීම 
• ගුද මාර්ගයෙන් ගෙඩියක් පිටතට ඒම 
• ගුද මාර්ගයෙන් වේදනාවක් ඇතිවීම 
ආදිය සඳහන් කළ හැකිය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝග ලක්ෂණවලද විවිධ අවස්ථා පවතියි. ඇතැම් රෝගීන්ගෙන් මෙම සියලු රෝග ලක්ෂණ එකවර දැකිය නොහැකි වන අතර කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම අර්ශස් ඇතිව තිබෙන අවස්ථා ද ඇත. එනම් ඇතැමුන්ට වේදනාවකින් තොරවම ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම සිදුවේ. එමෙන්ම තවත් අයට රුධිරය පිටවීමක් නොමැතිවම අනෙක් රෝග ලක්ෂණ මතුකරන අවස්ථා ඇත. මින් වඩාත් වැදගත් වන්නේ සමාජයේ අති බහුතරයකට අර්ශස් පැවැතුනද ඉහත කී කිසිදු ලක්ෂණයක් හෝ නොපෙන්වන අවස්ථා තිබීමය.

හඳුනා ගැනීම 
කලින් සඳහන් කළ පරිදි ගුද මාර්ගයෙන් යම් දෙයක් ඉලිප්පී තිබීමෙන්ම පමණක් මෙම රෝගය යැයි නිගමනය කිරීම අපහසුය. ඒ බැව් නිසි ලෙසට තහවුරු කරගත හැකි වන්නේ පරීක්ෂණයකට යොමු වීමෙනි.

මෙම ලක්ෂණයම පෙන්වන වෙනත් රෝගද පවතින නිසා නිසි වෛද්‍යවරයකු වෙත යොමුව පරීක්ෂණයකට භාජන වීමෙන් තොරව ඒ පිළිබඳ නිගමනය කළ නොහැකිය. 

ගුද මාර්ගය අසලින් ලේ වහනය වූ පමණින්ම බොහෝ දෙනා එය අර්ශස් ලෙස හඳුනා ගන්නේත් එම නොදැනුම්වත්කම නිසාය.  ඒ වගේම ලැජ්ජාශීලී බව නිසාත් මෙම රෝග බොහෝ දෙනා සමාජයෙන් වසන් කිරීමට හුරුව සිටියි. එමඟිනුත් සිදුවන්නේ ඔබට ඇති රෝගය කුමක් වුවත් එය තවත් උග්‍ර අතට හැරීමය.

උදාහරණයක් ලෙස ආයුර්වේදයේ හඳුනා ගන්නා පරිකර්තිකා රෝගයක් ගුද මාර්ගය තුළ ඇතිවන තත්ත්වයකි. නමුත් මෙය අර්ශස් රෝගය නොවේ. ඒ බැව් පැහැදිලිවම තහවුරු කරගත හැකි වන්නේ නිසි පරීක්ෂණවලට යොමු වීමෙනි.

පිළිකා රෝග තත්ත්වයකදී වුවද මෙලෙස රුධිර පිටවන අවස්ථා ඇත. මෙය නිසි ලෙස හඳුනා නොගත හොත් අර්ශස් ලෙස සිතා ප්‍රතිකාරවලට වුවද යොමුවිය හැකිය. එමඟින් ඔබට ඇතැම් විට ජීවිතයෙන් වන්දි ගෙවීමට වුවද සිදුවීමට පුළුවන. මෙනිසා මෙහිදී අත්‍යවශ්‍ය වන්නේ රෝගියා පරීක්ෂා කිරීමෙන් පසුව නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමය. අර්ශස් රෝගය කිසිදු විටෙක පිළිකාවක් නොවන බව නම් විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි.

රෝගයට හේතු 
අර්ශස් රෝගය ඇතිවීමට විවිධ හේතු සාධක බලපෑම් කරයි.

ඒ අතර,  
• මල බද්ධය 
• ඇතැම් විට පාරම්පරිකව තිබීම 
• පිෂ්ටය බහුල ආහාර ගැනීම 
• කෙඳි සහිත ආහාර අඩුවෙන් ගැනීම 
• ජලය අඩුවෙන් පානය කිරීම 
• විනාකිරි, සෝස් හා චට්නි වැඩිපුර ආහාරයට ගැනීම 
• ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ආදී ආහාර වැඩිපුර ආහාරයට ගැනීම 
• වැසිකිළියේ වැඩි වේලාවක්  ඉඳගෙන සිටීම 
• රෙක්සින් සහිත කුෂන් පුටුවල වැඩි වේලාවක් හිඳගෙන සිටිම 
• මත්පැන් භාවිතය ආදී වැරැදි චර්යා රටාද වේ. එමෙන්ම සිරුරේ පිත්ත දෝෂය පවතියි නම් එවැනි අයටත් මෙම රෝගය වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතියි. කාර්යාලවල කුෂන් පුටුවල වැඩි වේලාවක් ඉඳගෙන සිටීමෙන්ද ගුද මාර්ගය රත්වන නිසාත් අර්ශස් රෝගය ඇති වේ.

ගැබිනි මවුවරුන්ට
කාන්තාවන්ට ගර්භණී සමය තුළදීත් අර්ශස් රෝගය වැලඳීමට හැකි බව ඔබ දැන සිටියාද? මවගේ දරු ගැබ නිසා රුධිර නාළවල ඇති කරවන තෙරපුම තදින් ගුද මාර්ගයට දැනීම මෙයට හේතු වේ. එලෙස ගුද මාර්ගයේ ඇතිවන තෙරපුම මෙම රෝගයට මුල පිරීමක් වනු ඇත.

ඔබට මානසිකව ඇතිවන යම් ව්‍යාකූල බවක් මෙවැනි රෝගවලට වක්‍රාකාරව හෝ බලපෑම් කිරීමට පුළුවන. 

ඉහත කී පරිදි රෝග ලක්ෂණ ඔබ කෙරෙන් පහළ වූ විටම සුදුසු අත්දැකීම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂා කළ යුතුය. ඒ සඳහාම විශේෂිත වූ උපකරණ සහිත (ගුද මාර්ගය ඇතුළ පරීක්ෂා කළ හැකි) ස්ථානයක් වෙත යෑම වඩාත් සුදුසු වන්නකි. මෙලෙස රෝගියාගේ තත්ත්වය තහවුරු වූ පසු ඔබව නිසි ප්‍රතිකාර වෙත යොමු කෙරේ. ඒ අතරින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ සඳහා ක්‍රම 4කින් ප්‍රතිකාර සිදු කරයි.

ප්‍රතිකාර 
එනම්
• භේෂජ - ඔෟෂධ මඟින් ප්‍රතිකාර කිරීම
• ක්ෂාර - කාරම් ඔෟෂධ හෙවත් ආලේපන ද්‍රව්‍ය භාවිත කිරීම 
• අග්නි - පිලිස්සීමෙන් ප්‍රතිකාර කිරීම 
• ශ්‍රස්්ත්‍ර - කපා ඉවත් කිරීම

ආදිය එම ප්‍රතිකාර ක්‍රමය. නමුත් මින් අවසාන ප්‍රතිකාරය භාවිත කරන්නේ කලාතුරකිනි. මීට අමතරව ලේ ඉවත් කරන රක්ත මෝක්ෂණ ප්‍රතිකාරයද මේ සඳහා භාවිත කරන්නකි. මෙහිදී ලේ ඉවත් කිරීමට භාවිත කරන්නේ කූඩැල්ලන්ය. මෙය රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍ය නිගමනයෙන් පසුව සිදු කරයි.

ඔෟෂධවලින්ම පමණක් නොව මේ සඳහා ස්ථානික ප්‍රතිකාරද සිදු කළ යුතුමය. ඒ සඳහා ආලේප වර්ග භාවිතය, ඔෟෂධ ජලයේ වාඩිකරවා තැබීම හා වස්ති ආදිය  සහ මල බද්ධය දුරු කිරීමට සිදුකළ හැකි ප්‍රතිකාර අතර වේ. 

ඇතැමුන් මෙවන් අවස්ථාවකදී විරේක කිරීම සිදු කළද එය වැරැදි ප්‍රතිකාර ක්‍රමයකි. එයින් මෙම රෝගය තවත් උත්සන්න වීමට පුළුවන.

වළක්වා ගැනීමට නම්
තමාගේ පවුලේ යම් සාමාජිකයෙක්ට අර්ශස් රෝගය තිබේ නම් ඔබද ඉන් කල් තියාම පරිස්සම් විය යුතුය. 

එක් වරක් අර්ශස් රෝගය වැලඳී සුව වුවත් නැවැත එය වැලඳීමට ඉඩ ඇති බැවින් නිවැරැදි ආහාර රටාවකට අනුගත වීමට සැලකිලිමත් වන්න. එමෙන්ම එළවළු වර්ග ආහාරයට ගැනීම, කෙඳි සහිත ආහාර, පලා වර්ග හා පලතුරු වැනි ආහාරවලට වැඩි වශයෙන් යොමු වීමත් වඩාත් වැදගත්ය.

වැසිකිළි යෑමේ නිසි චර්යා රටාවන් මේ සඳහා වැඩි බලපෑමක් සිදුකරයි. එම නිසා දිනපතාම නිසි වෙලාවකට වැසිකිළි යෑම හා වැඩි වේලාවක් වැසිකිළියේ ඉඳගෙන සිටීමෙන් වැළැකීම වැනි පුරුදුවලට අනුගත විය යුතුය. 

බොහෝ වේලාවක් ඉඳගෙන සිටීමත් අර්ශස් රෝගයට බලපෑම් කරන නිසාත් එවැනි අය වේවැල් පුටු භාවිත කරන්නේ නම් එම අවදානමෙන් වැළකී සිටීමට හැකිය.

 
උපදේශක වෛද්‍ය
ඩී. පී. ඒ. දිසානායක
ජේ‍ෂ්ඨ කථිකාචාර්ය්‍ය
ශල්‍ය ශාලාක්‍ය අධ්‍යනාංශය
දේශීය වෛද්‍ය ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය
උපුටාගැනීම - මව්බිම




මල බද්ධය වළක්වා මල පිටවීමේ පහසුව ඇති කරයි.
අර්ශස් තත්වයන් සමනය කරයි.









සහ දිවයින පුරා ඇති ෆාර්මසි වලින් ලබා ගත හැක.


No comments:

Post a Comment