Tuesday, October 27, 2015

මොනවද මේ තුනපහ


අපේ ආහාර රටාව අනුව අපි තුනපහ ටිකක් වැඩිපුර යොදා ගන්නවා. එහෙත් මෙහි වචනාර්ථය දන්නෙ කීයෙන් කී දෙනාද? “තුනපහ” කියන්නෙ කුළුබඩු හා වෙනත් ද්‍රව්‍ය කීපයක එකතුවකට. තුනපහ හැදිලා තිබෙන්නෙ වචන දෙකකින්. “තුන” සහ “පහ” තුන යන්නට ලුණු, මිරිස් හා ඇඹුල් අයත් වෙනවා. ආහාරයට එකතු කරන ඇඹුල් වර්ගත් කීපයක්ම තිබෙනවා. ඒ අතුරින් සියඹලා, ගොරක සහ දෙහි කාටත් පුරුදු ඇඹුල් ද්‍රව්‍ය. මේවා ආහාර රසවත් කිරීමේදී නැතුවම බැරි සංඝටක වෙනවා. “පහ”ට සූදුරු, මහදුරු, කොත්තමල්ලි, කහ සහ උළුහාල් යන කුළුබඩු වර්ග අයත් වෙනවා.

මේවා තුනපහ ලෙස හැඳින් වූවාට ආහාරවලට එකතු කරන්නෙ තනි මිශ්‍රණයක් විදියට නෙවේ. ලුණු, මිරිස් සහ ඇඹුල් එකතු කරන්නේ වෙන වෙනමයි. එහෙත් පසුව කිව්වා “පහේ ද්‍රව්‍ය” ටික සම සමව මිශ්‍රකර කුඩු කරනවා.

රෝග සුව කිරීමේ ගුණය
මේ තුන පහට අයත් සෑම ද්‍රව්‍යයකම ආහාර රසවත් කිරීමේ මෙන්ම විශේෂ ඔෟෂධීය ගුණයකුත් තිබෙනවා රෝග වැළැක්වීමට වගේම රෝග සුව කිරීමත් මේ මඟින් ජපානය වැනි රටවල ආහාර පිසීමේදී මිරිස් තුනපහ භාවිතය අඩුයි. අනෙක් අතට මේ අයට ආහාර මාර්ග පද්ධතිය ආශි්‍රත පිළිකා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. මේකට හේතුව තුනපහ භාවිතය අඩුවීම වෙන්නත් පුළුවන්.

දෙහි ඇඹුල්
දෙහි ඇඹුල්වලින් සෙම හා වාතය සමනය කරනවා. ඒ වගේම මෙය ආහාර රුචිය වැඩි කරනවා. බඩගින්න වැඩි කරනවා වගේම ආහාර ජීර්ණය හොඳින් සිදුවීමට උදවු වෙනවා. දෙහිවලට විටමින් “සී” ඛ් අඩංගු වෙන නිසා දත් හා විදුරු මස් ශක්තිමත් කරනවා. මේවා රෝගවලින් ආරක්‍ෂා කරනවා. විදුරු මස්වල ඇතිවන ප්‍රදාහ (gingiritis)  තත්ත්වයන් සුව කරනවා. දෙහි ඇඹුල් අජීර්ණ තත්ත්වය මඟහරවනවා. ආමාශයේ ඇතිවිය හැකි අහිතකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙනවා. දෙහිවලට. අධික තරබාරුකම පාලනය කරන්නත් පුළුවන්. දෙහිගෙඩි 2ක විතර ඉස්ම වතුර වීදුරුවකට මිශ්‍රකර දිනපතා පානය කිරීමෙන් ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්.














දෙහිවල විටමින් සී අඩංගු නිසා ඒ මඟින් ප්‍රති ඔක්සිකාරක ක්‍රියාවලියක් සිදුවෙනවා. මේ නිසා රුධිර නාළවල මේද තැන්පත් වී සිදුවන අවහිර වීම් පාලනය කරනවා වගේම හෘද රෝග ඇති වීමෙන් අඩු කරනවා. ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කර රෝග ඇතිවීම වළක්වනවා.

පිළිකා වළක්වනවා
දිනපතා දෙහි ගෙඩි භාගයක ඇඹුල් ඔබේ කෑම වේලට එකතු කරගන්න පුළුවන් නම් ඉහත සඳහන් කළ සියලුම ප්‍රතිලාභ ලබන්න පුළුවන් වගේම ඔබ පිළිකාවලිනුත් ආරක්‍ෂා කරනවා.

දෙහි ඇඹුල්වල Flavanoids නම් වූ ප්‍රතිඔක්සිකාරකය තිබෙන නිසා පිළිකා සෛලවල අස්වාභාවික සෛල බෙදීම නතර කරනවා. මේ නිසා තමයි දෙහිවලට පිළිකා හැදීම වළක්වන්න පුළුවන්. මීට අමතරව දෙහිවල Limonin කියන පිළිකා වළක්වන රසායනිකයක්ද තිබෙනවා. සාමාන්‍යයෙන් ඔෟෂධීය ශාකවල තිබෙන මෙම පිළිකා වළක්වන විවිධ රසායනිකයන් රුධිරයේ තිබිය හැක්කේ පැය 4 - 5ක් පමණ කෙටි කාලයක් පමණයි. එහෙත් Limonin නොනැසී පැය 24ක් තරම් දිගු කලක් පවතිනවා. මේ අනුව දැන් ඔබට වැටහෙනවා ඇති දෙහි ඇඹුල් ස්වල්පයක් කෑමට එකතු කිරීමෙන් කෑම වේල රසවත් වෙනවා වගේම කොපමණ රෝග ප්‍රමාණයක් වළක්වන්න පුළුවන්ද කියලා.

සියඹලා
සියඹලා වාත සාමකයි. ආහාර රුචිය වැඩි කරයි. එසේම බඩගින්නද වැඩි කරයි. මේ නිසා අජීර්ණය සහ හෘද රෝගවලට සියඹලා ඇඹුල් හිතකර වෙනවා. සියඹලා ඇඹුල් ටිකක් වැඩිපුර ආහාරයට ගත්තොත් මලබද්ධය සුව කරනවා. මේ නිසාම අර්ශස් රෝගය වගේම ලේ ධාතුව දූෂණය වීමෙන් හටගන්නා විවිධ රෝග සුව කරන්නත් පුළුවන්. මේ නිසා සමේ රෝගවලටත් සියඹලා හොඳ ඔෟෂධයක්. සියඹලා ඇඹුල් විසබීජ නාශකයි. ඒ නිසා මුඛයේ, උගුරේ හටගන්නා වේදනාකාරී තුවාල සුවකරනවා.













සියඹලාවල ඇති ඔෟෂධීය ගුණය නිසා වැඩිපුර ඇති කොලෙස්ටරෝල් ඉවත්කර රුධිර නාළ හා හෘදය පිරිසුදු කරනවා, ශක්තිමත් කරනවා.

ගොරකා
මාළු ඇඹුල්තියල් සෑදීමට පමණක් නොව ආහාර රසකාරයක් විදියටත් ගොරකා භාවිත කරනවා. ගොරකා නිසා ආහාර රුචිය අඩු වෙනවා, ආහාර ජීර්ණය නම් ඉක්මන් කරනවා. මලබද්ධය වගේම උදරය පුරවා දැමීමත් නැති කරනවා. ගොරාකාවලට සෙම අඩු කරන්නත් පුළුවන්. ගොරක ඉතාම ඉහළ ඔෟෂධීය වටිනාකමක් සහිත ආහාර රස කාරයකි.




















ප්ලීහාව ආශි්‍රත රෝගවලට
ප්ලීහාව (Spleen) ආශි්‍රත රෝගවලදී ගොරක ඔෟෂධයක් වශයෙන්ද යොදන්න පුළුවන්. ගොරකා, මුරුංගා පොතු, තිප්පිලි සහ ගම්මිරිස් කෂාය කර එයට සහිඳ ලුණු ස්වල්පයක් දමා බීමෙන් එවැනි රෝග සුවකර ගැනීමේ හැකියාවක් ඇත.

ශරීරයේ බර අඩු කරනවා
ශරීරයේ අධික බර සැහැල්ලු කරන ඔෟෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්‍රෑම් 500ක් පමණ සති අටක්, දහයක් කෑමට පැය 1/2කට පෙර උණු වතුර සමඟ පානය කිරීමෙන් ශරීර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බීමෙන් ආහාර රුචිය අඩුවේ. මෙහිදී වන්නේ රුධිරයේ ඇති Seratonin සාන්ද්‍රණය අඩු වීමයි. මේ නිසාද ශරීර බර අඩුවීම සිදුවේ. ගොරක ආහාරයට එක් කර ගැනීමෙන් ආමාශ බිත්තියේ ඇති ශ්ලේෂ්ම පටලය ආරක්‍ෂා වෙනවා. රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු කරනවා

ගොරකාවලින් ලැබෙන ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ Hydroxy Cytric acid (HCA) ය. සාමාන්‍ය තත්ත්වයේදී අප වැඩිපුර පිටි ආහාර, පැණි රස ආහාර ගන්නා විට ඒවා මේදය බවට (Lipogenesis) පත්කර ශරීරයේ යම් යම් ස්ථානවල හා රුධිර නාළවල තැන්පත් කරනවා. එවිට අපට තරබාරු වීම හා හෘද රෝග හැදීමේ අවදානමක් තිබෙනවා.

ගොරකා වැඩිපුර ආහාරයට එක්කර ගත්විට වන්නේ වැඩිපුර මේද සෑදීම අඩු කිරීමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරුවීම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික වීමෙන් ඇතිවන ආබාධ අඩු කරනවා. මේ නිසාම අධි රුධිර පීඩනය ඇති වීමෙන්ද වළකිනවා.

ගොරකාවලින් ශරීයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒ නිසාම පිළිකා හැදීමේ ප්‍රවණතාව අඩු වෙනවා.

ආසාත්මිකතා
මාළු ඇඹුල් තියල් හදන විට ගොරකා අඹරා ඒවාට මිශ්‍ර කරනවා. ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් Histamin නම් රසායනිකය 80%ක් පමණ උදාසීන කරනවා. එම නිසා එම මාළු ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගීන් හා ඒ සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනීමෙන් වළකින්න.

මේ අනුව ගොරකා මඟින් ආහාර රුචිය අඩු කරනවා වගේම ශරීරයේ මේද තැන්පත් වීමත් අඩු කරනවා. අනෙක් අතට මේද දහනය ඉක්මන් කරනවා. මේ නිසා ගොරකා ආහාරයට දිනපතා එකතු කර ගැනීමෙන් රුධිරයේ අධික කොලෙස්ටරෝල් අඩුකර හෘද රෝගවලින් මිදෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම ශරීර බරත් අඩු වෙනවා. දැන් බලන්න තුනපහවලට අයත් ගොරකා, සියඹලා වැනි ඇඹුල් වර්ග ආහාරයට ඇතුළත් කර ගැනීමෙන් කොතරම් යහපත් ප්‍රතිඵල උදාවෙනවාද කියලා.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය







සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


Thursday, October 22, 2015

අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික දුබලතා ඇතිවෙන්නේ නැහැ


අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට ලැබෙන්නේ විවිධ වූ ප්‍රතිඵල. ඇතැම් ආහාර උෂ්ණ ආහාර ලෙසත් ඇතැම් ආහාර ශීතල ආහාර ලෙසත් ඇතැම් ඒවා සෙම වඩන ආහාර ලෙසත් හඳුන්වනවා. අප ගන්නා විවිධ වූ ආහාරවලින් අපගේ ශරීරයට වන බලපෑම පිළිබඳව ආයුර්වේදයේ දැක්වෙන මතයයි. 

අප ගන්නා ආහාර ශරීරයට බලපාන්නේ කෙසේද?

අප ගන්නා ආහාරවලින් රස, ගුණ, වීර්ය, විපාක ප්‍රභාව යන ගුණ පෙන්නුම් කෙරෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. මෙයින් ’රස’ පිළිබඳව දැක්වීමේදී මධුර, අම්ල, ලවන, කටු, තිත්ත, කෂාය යනුවෙන් රස වර්ග 6ක් (ෂඩ් රස) ඇති බවත් ආයුර්වේදයේ දැක්වෙනවා. ගුණ පිළිබඳව සඳහන් කිරීමේදී ගුණ විස්සක් (20) පිළිබඳව සඳහන් වෙනවා. ආහාරවල මීළඟ ලක්ෂණය වන වීර්ය ලෙස දැක්වෙන්නේ කිසියම් ආහාරයක් ගත් විට එය ශරීරයේ ක්‍රියාකරන ආකාරයයි.


ආහාරයක ශීත, උෂ්ණ බව සඳහන් වන්නේ වීර්ය ලෙස හැඳින්වෙන ලක්ෂණය යටතේ. අප කිසියම් ආහාරයක් කෑමට ගත් පසුව එය ශරීරයට අවශෝෂණය කරගෙන එමඟින් ශරීරය තුළ විවිධ දේ සිදුකරනු ලබනවා. විපාක ලෙස හැඳින්වෙන්නේ එයයි. එමෙන්ම සිදු කළ හැකි විශේෂ ගුණය හැඳින්වෙන්නේ ප්‍රභාව ලෙසයි. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට ආහාරවල ප්‍රධාන ලක්ෂණ පහ (5) අතරින් ’වීර්ය’ නම් ලක්ෂණය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැන සිටීම ඉතා වැදගත්.

ආහාරයක වීර්ය ගුණය ශීත වීර්ය සහ උෂ්ණ වීර්ය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ශීත වීර්ය උපදවන ආහාර ශීත ආහාර ලෙසත් උෂ්ණ වීර්ය උපදවන ආහාර උෂ්ණ ආහාර ලෙසත් හැඳින්වීමටයි බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ.

ආයුර්වේදයේ එන ප්‍රධානතම කරුණක් වන්නේ අපගේ ශරීරයේ වාතය, පිත, සෙම (කප) ලෙස හැඳින්වෙන තුන් දොස් කිපීමෙන් විවිධ රෝග හටගන්නා බවයි. සෙම වඩන ආහාර ලෙස කිරි, කිරිබත්, මුදවන ලද කිරි, යෝගට්, තැඹිලි, මාළු, කෙසෙල් වර්ග, බිත්තර වැනි ආයුර්වේදයේ දැක්වෙනවා. මෙම ආහාර ගැනීම නිසාත් වැඩියෙන් ආහාර ගැනීම නිසාත් ව්‍යායාම නොකර සිටීම නිසාත් බොහෝ වේලාවක් එකම ස්ථානයක හිඳගෙන සිටින නිසාත් ශරීරයේ සෙම ස්වභාවය වැඩිවෙනවා.

ධාන්‍ය වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම ශරීරයේ සෙම වැඩි කරන අතරම ශරීරයේ වාතයත් වැඩිකිරීමට හේතු වෙනවා. විශේෂයෙන් කඩල, කොල්ලු, කව්පි වැනි ධාන්‍ය වාතය වැඩි කරන ආහාරයි. මිරිස්, කෙලවල්ලන් මාළු, බලමාළු වැනි ආහාර ගැනීම ශරීරයේ පිත ස්වභාවය වැඩිවීමට හේතුවක්.

අප සැමවිටම ආහාර ගත යුත්තේ ශරීරයේ වාතය, පිත, කප (සෙම) නොකිපෙන ආකාරයෙන්. යම් යම් ආහාර ගත යුතු දිනයන් ද දිනයේ සුදුසු වේලාවන් ද ආයුර්වේදයේ දැක්වෙනවා. ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට අප ගන්නා ආහාර අපගේ මනසේ ස්වභාවය වෙනස්වීමටත් බලපානවා. සත්ව, සමත්, රජස් යනුවෙන් මනසේ තත්ත්ව තුනක් තිබෙනවා. සත්ව ගුණය යනු කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාවෙන් තොරවීම වැනි ලක්ෂණ. කිරි, එළඟි තෙල්, ගොටු කොළ, ලුණුවිල වැනි ආහාර සත්ව ගුණය වැඩි කරන ආහාර. මනසේ පවතින තවත් ගුණයක් වන්නේ රජස් ස්වභාවයයි. රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ගති ලක්ෂණ මෙයට අයත්. මස්, මාළු, මත්පැන්, සුදුලූනු වැනි ආහාරවලින් මනසේ රජස් ස්වභාවය වැඩිවෙනවා. මනසේ ඊළඟ ලක්ෂණය වන්නේ සමත් ගුණයයි.

මෙය සෙමට අයත් ගුණයයි. ශරීරයේ සෙම ස්වභාවය වැඩි පුද්ගලයින් වෙතින් පෙන්නුම් කෙරෙන ගති ලක්ෂණ කීපයක් තිබෙනවා. නිද්‍රාශීලී බව, අලසකම, කය වෙහෙසා වැඩ කිරීමට ඇති අකැමැත්ත, යමක් පිළිබඳව සිතීමට පවා ඇති අකැමැත්ත එම ගති ලක්ෂණ. බිත්තර ශරීරයේ අලස ස්වභාවය වර්ධනය කිරීමට සමත් ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා බත් සමඟ මුසු කොට හෝ ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. එමඟින් මනසේ පිබිදීමක් ඇතිවී අලස ස්වභාවය පහව යනවා. එළඟි තෙල් ආහාර හොඳින් දිරවීමට ද උපකාරී වන ආහාරයක්. එළඟි තෙල් තේ හැන්දක් පමණ දිනපතා ආහාරයට ගැනීම කොලොස්ටරෝල් මේදය වැඩිවීමට හේතුවක් වන්නේ නෑ.

ආයුර්වේදයේ දැක්වෙන ආකාරයට මොළය, හෘදයවස්තුව, වකුගඩු වැනි ශරීරයේ ප්‍රධාන අවයවයන් ආරක්ෂා වන අයුරිනුයි අප ආහාර පාන ලබාගත යුත්තේ.

එළකිරි පානය ශරීරයට හිතකරද?

එළකිරිවල තිබෙන ගුණය පිළිබඳව ආයුර්වේදයේ විශේෂයෙන් සඳහන් වෙනවා. එළකිරිවලින් සාදාගන්නා පස්ගෝරස නීරෝගී ජීවිතයකට ඉතා ප්‍රයෝජනවත් ආහාරයි. ඉන්දියාවේ සෑම පුද්ගලයකු ම පාහේ දිනකට දියරකිරි බෝතල් දෙකක් පමණ පානය කරන බව පැවසෙනවා. කිරි පානය කරන ඕනෑම අයකුට සෙම වැඩිවෙනවා යයි කීම වැරදි මතයක්. අවේලාවේ කිරි පානය කිරීමත් සීතල කිරි පානය කිරීමත් ශරීරයේ සෙම ස්වභාවය යම් පමණකට වැඩි පුද්ගලයින් කිරි පානය කිරීමත් සෙම වැඩිවීමට හේතුවෙනවා. කිරිවලට යම් යම් ද්‍රව්‍ය එක්කරගෙන හොඳින් රත්කරගෙන පානය කිරීමෙන් කිරි පානය නිසා සෙම ඇතිවීම වළකා ගත හැකියි.


වියළි ඉඟුරු කුඩු ස්වල්පයක් හෝ වියලා කුඩු කරගන්නා ලද කලාඳුරු ස්වල්පයක් කිරි වීදුරුවකට එක්කර ගැනීම මඟින් කිරි පානයෙන් සෙම වැඩිවීම වළක්වා ගත හැකියි. කිරිවලට අධික ලෙස සීනි එක් කිරීමෙන් ද සෙම වැඩිවෙනවා. සාමාන්‍යයෙන් දියර කිරිවල සීනි යම් ප්‍රමාණයක් අඩංගුයි. කිරිවල ස්වභාවිකවම අඩංගු එම සීනි ප්‍රමාණයට හුරුවීම කිරි බීමෙන් සෙම ඇතිවීම වළක්වා ගැනීමට තවත් එක් පියවරක්. අපේ රටේ වැඩිපුරම පිටිකිරි ලෙස විකිණීමට තිබෙන්නේ යොදය සාරය ඉවත් කර කෘත්‍රිමව යම් යම් ද්‍රව්‍ය දැමූ පිටි කිරි. එම පිටි කිරි පානයට වඩා දියර කිරි පානය ඉතාම ප්‍රයෝජනවත්.

හෘදයට ගුණදෙන ආහාර මොනවාද?

ගොරකා, සියඹලා, පැණි දොඩම්, ඇඹුල් දොඩම්, නාරං වැනි පැඟිරි වර්ග, කාමරංගා, අඹ, ඇඹරැල්ලා, දෙළුම් හෘද රෝග නැති කරන ප්‍රධාන ආහාරයි. එමෙන්ම මොළයේ වර්ධනයට කිරි, ගිතෙල්, ගොටුකොළ, අලවර්ග ආදිය ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා උපකාරී වන ආහාර වර්ග ලෙස කැකිරි, වට්ටක්කා, පිපිඤ්ඤා, සියඹලා, කොමඩු, රාබු වැනි ආහාර වැඩියෙන් ගැනීම සුදුසුයි. මෙම ආහාර වකුගඩු පිරිසිදු කිරීමේ සහ වකුගඩුවලින් කෙරෙන කාර්ය පහසු කිරීමේ ගුණයෙන් අනූනයි. එමෙන්ම එම ආහාරවලින් වකුගඩුවල මෙන්ම මුත්‍රාශයේ ද ගල් ඇතිවීම වළක්වනවා.
වර්තමානයේ බොහෝ දෙනෙක් පානයට පුරුදුවී සිටින කෘත්‍රිම බීම වර්ග පිළිකා කාරක ගුණයෙන් යුක්ත බව හෙළිවී තිබෙනවා. පිළිකා ඇතිවීමෙන් වැළකී සිටීමට ඉතා ගුණ ආහාර වර්ග ලෙස කතුරුමුරුංගා කොළ, අන්නාසි, මයියොක්කා වැනි විවිධ අල වර්ග, කෙසෙල්මුව, කෙසෙල්බඩ, කොහිල වැනි කෙඳි සහිත ආහාර නිතර කෑමට ගැනීම ඉතාම සුදුසුයි. මෙහිදී නෙළුම් අල ද ඉතාම සුදුසු ආහාරයක් වුවත් වී වගාවට යොදන කෘෂි රසායන වැව්වල ඇති නෙළුම් අලවලට ද එක්වීම නිසා ඇතැම් නෙළුම් අලවල විෂ ද්‍රව්‍ය තිබෙනවා. මෙය මඟහරවා ගැනීමට නෙළුම් ගෙවත්තේ කුඩා පොකුණුවල වවාගන්නේ නම් ඉතා සුදුසුයි.

කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම වැඩිවෙනවාද?

ඇඹුල් කෙසෙල් වැඩියෙන් ආහාරයට ගත් විට ඇදුම, පීනස, කුෂ්ඨ රෝග වර්ධනය වෙනවා. එසේ වන්නේ එම රෝග ශරීරයේ නිදන්ගත වී ඇත්නම් පමණයි. එම රෝග නොමැති පුද්ගලයන්ට ඇඹුල් කෙසෙල් ආහාරයට ගැනීම ඉතාම ප්‍රයෝජනවත්. ඇඹුල් කෙසෙල් සවස් වරුවේ ආහාරයට ගත්විට ශරීරයේ සෙම වැඩිවෙනවා. සෑම කෙසෙල් වර්ගයකම සීනි තිබෙනවා. ඇම්බුං, කෝලිකුට්ටු වැනි කෙසෙල් වර්ගවල සීනි බහුලයි. එමනිසා දියවැඩියා රෝගීන් හට එම කෙසෙල් වර්ග දෙක නුසුදුසුයි. ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ලංකාවේ ආනමාලු වැනි කෙසෙල් වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසුයි.

නේත්‍රපලම් කෙසෙල් ඉතා හොඳ වාජීකරණ පලතුරක්. එමෙන්ම කුඩා ළමයින්ගේ වර්ධනයට ද නේත්‍රපලම් ආහාරයට ගැනීම සුදුසුයි. ශරීරයේ විෂ නැසීමේ ගුණය කෙසෙල්වල අඩංගුයි. අළුකෙසෙල් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය දුර්වල වන බවට මතයක් සමාජයේ තිබුණත් ආයුර්වේදයේ ඒ බව සඳහන් වන්නේ නෑ. ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර ලෙස කිරි, මුදවන ලද කිරි, වැල් පෙනෙල, එළඟි තෙල් වැනි ආහාර සුදුසු බවයි ආයුර්වේදයේ දැක්වෙන්නේ. වැල් පෙනෙල කැඳ ලෙසත් මැල්ලුම් ලෙසත් ආහාරයට ගත හැකියි. වැල් පෙනෙල අධි රුධිර පීඩනය අඩු කිරීමටත් මලබද්ධය නැති කිරීමටත් උපකාරී වන අගනා ඖෂධීය ආහාරයක්.

හැකි සෑම පුද්ගලයකුම උදෑසන කොළකැඳ කෝප්පයක් පානය කිරීම ඉතාම වැදගත්. එමෙන්ම දවාලට හෝ රාත්‍රියට තැම්බුම් හොද්දක් පානය කිරීම සුදුසුයි. තැම්බුම් හොද්දේ තිබෙන ගොරකා මඟින් කොලොස්ටරෝල් මේදය අඩු කරන අතර එහි අඩංගු අබ, කුරුඳු පොතු, සේර, කරපිංචා, සුදුලූනු වැනි ද්‍රව්‍ය හෘදය රෝගවලින් ආරක්ෂා කරනවා. ආයුර්වේදයේ ආහාර ගන්නා ආකාරය සහ සුදුසු ස්ථාන පිළිබඳව ද දක්වා තිබෙනවා.

ආයුර්වේදයේ දැක්වෙන්නේ පිරිසිදු ස්ථානයක මල් ආදිය තබාගෙන කතා නොකර ආහාර ගත යුතු බවයි. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම ඉතා නුසුදුසු ක්‍රියාවක්. එමෙන්ම ආහාර හොඳින් සපා කෑමත් වැදගත්. එය ආහාර ජීර්ණයට උපකාර වන අතර මුහුණේ මාංශපේශී එල්ලා වැටීමෙන් තොරවී ශක්තිමත් වීමට ද හේතු වෙනවා.

ආහාර පිළිබඳව තවත් ඉතා වැදගත් අදහසක් ආයුර්වේදයේ දැක්වෙනවා. ඒ; දියර කිරි සහ පලතුරු ද, දියර කිරි සහ මස් ද, දියර කිරි සහ මාළු එකට ආහාරයට නොගත යුතු බවයි. ඒවා විරුද්ධ ආහාර. එලෙස විරුද්ධ ආහාර ගැනීම දද, කුෂ්ඨ, පොතු කබර වැනි රෝගාබාධ ඇතිවීමට හේතු වන බවත් ආයුර්වේදයේ දැක්වෙනවා. එහෙත් මුදවන ලද කිරි ඉහත ආහාර සමඟ ගැනීමේ වරදක් නෑ.


විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
උපාලි පිලපිටිය





සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka




Saturday, October 3, 2015

මහත අඩු කරන ආයුර්වේද රහස් වට්ටෝරු


අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා. අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ "ස්ථොල්‍යය" වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය "මේදෝ රෝග" වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම "ආරය" නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා. අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා. තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.

ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා. මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා. වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා.

මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.

තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?
තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම "මැදි වයස" තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.

ජීවිතයට තර්ජනයක්
තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම
ආහාර - ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්‍යායාම
ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත. තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.

          කරපිංචා සම්බෝලය

මීට අමතරව ආයුර්වේදයේ "ලේඛනීය" ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

සරල ඔෟෂධ
• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ.

• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.

• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.

• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

• ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.

• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.

ඔෟෂධීය පාන
• කරපිංචා, ගොරකා, හීංමිදිමුල්, නෙල්ලි, කෙළිඳසාල්, මඟුල් කරඳ මුල් අඩංගු ආයුර්වේද චූර්ණයක් වන "ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය" නොකඩවා දිනපතා උදේ සවස ගැනීමෙන් ඉතා ක්‍රමානුකූලව තම ශරීරයේ තරබාරු බව, අධික රුධිර පීඩනය, සන්ධි ආශ්‍රිත රෝග මඟහරවා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.


ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය











සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka

Monday, September 28, 2015

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට ඇතිවන රෝග නැසීමට ආයුර්වේදයෙන් විසඳුම්









වයස්ගත වීම කිසිවකුට වළක්වාගත නොහැකි ස්වාභාවික ධර්මතාවකි. මෙය විවිධ ශාරීරික අපහසුතා බොහොමයක් සමඟ අත්වැල් බැඳගෙන පැමිණෙන බැවින් “ස්වාභාවික රෝගයක්” ලෙස ආයුර්වේදයේදී හෙළිවේ.

කාන්තාව විවිධ භූමිකා යටතේ ඉටුකරන සමාජ මෙහෙවර අනුපමේයයි. ළදරු අවධියෙන් ආරක්‍ෂා වන ඇයගේ ජීවිතයේ මරණය දක්වා ඇයට ඉටුකිරීමට ඇති කාර්යයන් බොහොමයකි. වරෙක ඇය බිරියක් ලෙසත්, මවක් ලෙසත් ඉටුකරන කාර්යභාරය නොදෙවැනි ලෙස ඇය මිත්තණියක් ලෙසද සිය වගකීම ඉටුකරන්නීය. ආයුර්වේදයට අනුව ඇයගේ ජීවිතයේ විවිධ අවස්ථා දක්වා ඇත.

ඇයගේ බාල කාලය අවුරුදු දහසයක් (16) දක්වා දිවෙන අතර එම අවධිය බාල, කුමරි හා රජෝමතී ලෙස ප්‍රධාන පරිච්ඡේද තුනකට දක්වා ඇත. මෙම “රජෝමතී” ලෙස දක්වා ඇති යුගය වයස අවුරුදු 12 සිට 16 දක්වා වූ කාලපරිච්ඡේදයයි. මෙහි ඇතිවන වැදගත්ම ජෛව විද්‍යාත්මක සිදුවීම වන්නේ ඇයගේ මල්වර වීමයි. නැතහොත් ප්‍රථම වරට මාසික ඔසප් වීම සිදුවීමයි. එතැන් සිට මෙම සිදුවීම නොකඩවා ක්‍රමානුකූලව සෑම මසකම සිදුවේ.

ක්‍රමයෙන් මැදි වයසට එළැඹෙන ඇය ඉන්පසු විවාහ දිවියට ඇතුළත් වන අතර දරුවන් ලැබීමටද සුදුසුකම් ලබයි. මෙම මැදි වයස අවුරුදු 16 සිට 50 දක්වා විහිදෙන අතර ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ විස්තර වේ. එහි පළමු අවධිය “යුවතී” ලෙස හැඳින්වෙන අතර දෙවැනි අවධිය “ප්‍රගල්බා” ලෙස ආයුර්වේදයේ දැක්වේ. මෙම වයස් සීමාවේදී දරුවන් වැදීම, දරුවන් පෝෂණය කිරීම, දරුවන් රැකබලා ගැනීම යන සියලු කටයුතු ඉටුකරමින් බිරියක, ගෘහණියක යන ඇයගේ සෙසු භූමිකාද ඉටුකරන්නීය.

වයස්ගතවීම (වෘද්ධ අවස්ථාව)
වයස අවුරුදු 50 ආසන්න වෙද්දී ඇයගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමයෙන් වෙනස්කම්වලට ලක්වන අතර අවසානයේදී ස්ථිරවම ඔසප් චක්‍රය නතර වේ. මෙම අවස්ථාව ආර්තවහරණය ලෙස හැඳින්වේ. ජෛව විද්‍යාත්මකව ඇයගේ ශරීරයේ ඇතිවන ප්‍රජනක හෝමෝනවල වෙනස්වීම් මෙයට බලපානු ලබයි.

ආර්තවහරණය
ආර්තවය නතර වීමට ආසන්න වෙද්දී මාස කීපයක සිට ඇයට යම් යම් ශාරීරික අපහසුතාවලට ලක්වීම සිදුවේ. මේ සමඟම ආර්තවය තරමක් අක්‍රමවත් වීමත්, පිටවන ඔසප් රුධිරය අඩු වීමත් සිදුවිය හැකිය. ආර්තවය මුළුමනින්ම නතර වූ විට යම් කාල සීමාවක් ගතවන තුරු විවිධ ශාරීරික අපහසුතා ඇති වෙනවා.

මුහුණ රතුවීම, පපුවේ ස්පන්දන වේගය වැඩි වීම සහ සමහර විට රුධිර පීඩනය වැඩිවීමද සිදුවේ. ආහාර දිරවීම හා සම්බන්ධව අජීර්ණය වැනි තත්ත්වයක් සමඟ මලබද්ධය, උදරය පුරවා දැමීම, ආහාර අරුචිය හෝ සමහර විටෙක අධික ආහාර රුචියද ඇතිවිය හැකිය. මේ නිසා ඇය යම් තරම් දුරට තරබාරු වීමටත් ඉඩ තිබෙනවා. 

ඒ වගේම නිතර නිතර කේන්ති යෑම, නොරුස්සනාසුලු බව හා මානසික අවපීඩන තත්ත්වයක්ද ඇතිවෙන්න පුළුවන්. නිතර ඇතිවන ශාරීරික දුර්වලතාවය, වෙහෙසකර බව, හිසරදය, ක්ලාන්ත ස්වභාවය සමඟ නින්දයෑම අඩුවීමද පුළුවන්.

ආර්තවාභාවය නිසා ඇතිවන ශාරීරික රෝග
ආර්තවහරණයෙන් පසු බොහෝ් කාන්තාවන් විවිධ රෝගවලට ලක්වෙනවා. ඒ අනුව පෙනී යන්නේ ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුවන සමයේදී තිබූ ආරක්‍ෂණ ක්‍රියාවලියක් ක්‍රමයෙන් දුර්වල බවයි.

මේ නිසා ඇය තරබාරු වීමටත්, අධිරුධිර පීඩනය හා හෘද රෝගවලටත් ලක්වීමේ අවදානමක් තිබෙනවා. එසේම සන්ධි ආශ්‍රිත රෝගත්, අස්ථි දිරාපත්වීමේ අවදානමක්ද වැඩි වෙනවා. මීට අමතරව පියයුරු, ගැබ්ගෙල ආදී ස්ථානවල පිළිකා ඇතිවීමේ අවදානමක්ද තිබෙනවා.


වෙනත් විධියකින් කියනවා නම් ආර්තවය නතර වීම යනු සාමාන්‍ය ශාරීරික අපහසුතා පමණක් නොව වෙනත් රෝගයන් බොහොමයකටම ලක්වීමේ අවදානම වැඩිවීමකි.

මේ තත්ත්වලින් මිදීමට ක්‍රමයක් නැතිද?
ආර්තවහරණය සමඟ ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට පමණක් නොව පසුව ඇතිවිය හැකි පෙර සඳහන් කළ රෝගවලින් වැළකී සිටීමේ මඟ ආයුර්වේදයේ දක්වා තිබෙනවා. මෙම ක්‍රමය ඉතා සරලයි, පහසුයි.

• පෝෂණය පිළිබඳ සැලකිලිමත් වන්න. තෙල් බහුල ආහාර වර්ගවලින් මිදී එළවළු හා පලතුරු සහිත පරිපූර්ණ ආහාරවලින් එම වයසේදී අවශ්‍ය සියලු පෝෂණ ලබාගත හැකිය.

• ක්‍රමානුකූල ව්‍යායාම්වල යෙදෙන්න. එමඟින් ශරීරය තරබාරු වීම වළක්වනවා, හෘද රෝග, මධුමේහ (දියවැඩියාව) අස්ථික්‍ෂය වළකිනවා.

• ආයුර්වේද රසායන ඔෟෂධ භාවිත කරන්න. ඒ තුළින් ශාරීරිකව ඇතිවන අපහසුතා අවම කරගත හැකිය. විශේෂයෙන් මානසික අවපීඩනය, අධිරුධිර පීඩනය හා නින්ද නොයෑම වැනි රෝග අවස්ථාද Osteoporosis වළක්වා ගන්න පුළුවන්.

මෙම රසායන ඔෟෂධ මඟින් ශරීරයේ පටකවල පෝෂණය නැවත යථා තත්ත්වයට පත්කරනවා. ශරීරයේ ක්‍රමයෙන් අඩුවීගෙන යන හෝමෝනවලට සමාන රසායනික සංයෝග ශරීරයට ලබාදෙනවා. මේ නිසා ඔසප් චක්‍රය නතරවීමට ආසන්න වන කාල සීමාවේදී ඇතිවන ශාරීරික අපහසුතාද නතර වෙනවා.

විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිතව ඇතිවන විකෘති වීම් හා ඒ ආශ්‍රිත රෝග අවස්ථාවලට ගුණදෙන රසායන ඔෟෂධ බොහොමයක්ම තිබෙනවා. හාතාවාරිය අල, එළකිරි, ලුණුවිල හා ගොටුකොළ ආදිය සමඟ තවත් ඔෟෂධ බොහොමයක් මේ අතර පිළියෙල කරනු ලබන හාතාවාරි රසායනය, අශ්වාගන්ධ රසායනය මේ අතුරින් විශේෂයි.

එසේම නින්දයෑම අඩුවී ඇතිවන ශාරීරික හා මානසික අපහසුතාවන්ට “බ්‍රාහ්මී රසායනය” හා “මණ්ඩුක පර්ණී රසායනයද” “රසායන කල්ප වටී” ලෙස හැඳින්වෙන ඔෟෂධ විශේෂයෙන්ම ගුණදායකයි.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය

මේ නිසා ඇතිවන තරබාරු වීම, හන්දිපත් රුදාව මගහරවා ගැනීමට ග්ලුටියෙලා ආයුර්වේදීය හර්බල් පානය ඉතා ගුණදෙන ඔෟෂධීය පානයක් ලෙස විශේෂයෙන්ම සඳහන් කල හැක.   











සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka


Tuesday, September 22, 2015

බඩේ දැවිල්ලයි උගුරට ඒමයි කෑමයි බීමයි දෙන දුක මේකයි අම්ලපිත්තය හඳුනාගමු.

උප්පැන්න සහතිකේ ජාතිය සිංහල වුණාට ලෙඩක් දුකක් වුණත් හැදෙනව නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නමක් තියෙන ලෙඩක් හැදෙනවාට කැමති ජාතියක් තමයි සිංහලයා කියන්නේ. එහෙම උජාරුවෙන් තමන් සතුවත් තියෙනවා කියල කැමැත්තෙන් කියන,  කාර්ය බහුල ජීවිතයක් ගත කරන බාල,තරුණ, මහළු බේදයකින් තොරව කාටත් වැළඳෙන රෝගයක් තමයි “අම්ලපිත්තය“. හැබැයි ගොඩක් දෙනා මේ රෝගය දන්නේ “ගැස්ට්‍රයිටීස්“ එහෙමත් නැත්නම් “ගැස්ටික්“ කියලා. මූලිකවම බඩ පපුවේ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, අජීර්ණය වගේ දේවල් තමා මේ රොගයේ ලක්ෂණ වෙන්නේ.

කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වෙන්නේ නෑ කියලා බොහෝ දෙනෙක් මේ දවස්වල අකුරු තුනක නමකින් එන කුඩා පැකට්ටුවක් වතුරේ දියකරලා බීලා තාවකාලිකව සැනසෙන්න බලන මේ රෝගය ආයුර්වේද ක්‍රමයෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

හැබැයි ඒ සුවකිරීම කරන්න නම් රෝගියෙක් විදියට අඩුම තරමේ මාස තුනක්වත් කැපවීමෙන් ආහාර හා දෛනික පිළිවෙත් අනුගමනය කරන්න එකඟ වෙන්න ඕන. මාළුවා නහින්නෙත් කට නිසා කියනවා වගේ අපිත් අපේ දෛනික ආහාර චර්යාවන් වැරදි විදියට අනුගමනය කිරීම තමයි මේ රෝගය වැළඳීමට මූලිකව හේතු වෙන්නේ.

ආයුර්වේදයේ හැඳින්වීම හැටියට අපට වැළඳෙන ඕනෑම රෝගයකට මුල්වෙන්නේ ත්‍රිදෝෂයින්ගෙන් එකක් හෝ කිහිපයක් කෝප වීම. “අම්ලපිත්තය“ සඳහා මූලිකවම බලපාන්නේ පිත කෝප වීම. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව පිත කොටස් දෙකකට බෙදෙනවා. ඒ ප්‍රකෘති පිත හා විදග්ධ පිත විදියට. මෙයින් විදග්ධ පිත තමා අම්ලපිත්තයේදී කෝප වෙන්නේ. විදග්ධ පිත ඇඹුල් රසයක් ගන්නවා. ඇඹුල් පිත - අම්ලපිත්තය විදියට තමයි නාමකරණය වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ගැස්ට්‍රයිටීස් කියලා කිව්වට බටහිර වෙදකමේ මේකට කියන නම "Hyper Acidity" 


බටහිර වෙදකමේදී අම්ලපිත්ත රෝගය හැදෙන හේතු තුනක් සඳහන් කරනවා.

01.   ආමාශයේ හෝ බඩවැල් වල තුවාල ඇති විම
02.   අධික දුම්පානය
03.   නිසි පරිදි ආහාර නොදිරවීම තමයි ඒ හේතු තුන
        වෙන්නේ.

ආයුර්වේදයේ දී නම් ටිකක් ගැඹුරු විදියට පහත හේතු අම්ල පිත්තයට හේතු වෙනවා කියලා ලියැවිලා තියෙනවා.

01.  සෘතු වලට නොගැලපෙන චර්යාවන්

02.  එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග එකවිට
       භාවිතය

03.  නරක් වූ ආහාර , සැර, ඇඹුල් හා පිත කිපෙන
       ආහාර බවර්ග නිතර ගැනිම

04.  මෝරු , රා ආදී බිම වර්ගද, උඳු, මෑ ආදී රළු
       ආහාර නිතර භාවිතය

05.  මානසික ව්‍යාකූලත්වය, අධික තෙහෙට්ටුව
       හා කුසීත බව කියන හේතුන් නිසා පිත
       කෝප වීමෙන් අම්ලපිත්තය හට ගන්නා
       බවයි ආයුර්වේදය කියන්නේ.

ආයුර්වේදයට අනුව අම්ල පිත්තය කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් අනුව රෝගයේදී දැනෙන රෝග ලක්ෂණ පවා වෙනස් වෙනවා.
ඒ පහත පරිදි.

01.   ඌර්ධව ගත අම්ලපිත්තය
02.   අධෝගත අම්ල පිත්තය

ඌර්ධවගත අම්ලපිත්තය ට පිත විතරක් නොවෙයි සෙමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සුලභයි. අපි ට මේ රෝගයේ දී නිතර ඇසෙන රෝග ලක්ෂණ තමා දැනෙන්නේ. ඒ කියන්නේ බඩ පිපුම, දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම, පපුව සිරවීම, ඔක්කාර ගතිය වගේ දේවල්.


අධෝගත අම්ල පිත්තය දුලභයි. සෙම සම්බන්ධ නෑ. පිත විතරයි. ලක්ෂණ විදියට දැනෙන්නේ, පිපාසය, දැවිල්ල, කැරකිල්ල, සිහිමුර්ජාව, ඔක්කාරය, බඩගිනි අඩු බව, දහදිය ගැලීම, කටින් කෙල වැගිරීම, සමේ පලු මතුවීම වගේ දේවල්.

මේ නිසා බොහෝ වෛද්‍යවරු පවා මේ තත්වය අඳුනගන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට රෝගියාගෙන් එක එක වාර්තා ගෙන්වගෙන බලලා  ප්‍රතිකාර ලැබෙන්නේ වෙනත් රෝගයකට. ඒ නිසා රෝගියා අසරණ වෙන අවස්ථා වැඩියි.

ඒ නිසා රෝගියා තමන්ගේ වෛද්‍යවරයා සහ ප්‍රතිකාර ක්‍රමය හොඳ සිහියෙන් තෝරාගැනිමකට ලක්කළ යුතුයි. මෙය ඉතාම වැදගත් කරුනක් වෙනවා.

මේ රෝගය සෑදුනු කෙනෙක් ඉන්නවානම් වහාම මාස කිහිපයක ප්‍රතිකාර පන්තියකට දායක වී පළමුව තමන්ගේ රෝගී තත්වයෙන් මිදිය යුතුයි. ඒ සඳහා ඔබේ තෝරාගැනීම ආයුර්වේද ක්‍රමය නම් පළපුරුදු, උගත් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකුට මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ සඳහා ගතවෙන කාලය අවමව මාසයක් හෝ දෙකක් විය හැකියි. නමුත් එහි උපරිමය තීරණය වෙන්නේ රෝගියාගේ රෝග තත්වයේත්, ඔහුගේ උනන්දුව හා පරෙස්සමේත් ප්‍රමාණය මත. ප්‍රතිකාර කිරීමේදී රෝගය නැවත ඇතිවීම වළක්වා ගන්නා ක්‍රමත් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරාවි.

රෝගය දැනට නොවැළඳුනු එහෙත් පෙර දක්වා තිබෙන රෝග කාරක හේතු වලට නිරන්තර මුහුණ දෙන කෙනෙක් නම් හෝ රෝගය ප්‍රතිකාර මඟින් සුව කරගත් අයෙක් නම් පහත උපදෙස් පිළිපැදීමෙන් නැවත රෝගය මතුවීම වළක්වාගත හැකියි.

☛  අධික ලෙස ශිත කළ බිම වර්ග හා කාබනික බීම
      වර්ග නිරන්තර භාවිතයෙන් වැළකීම. බබල්ගම්
      වැනි කෙළග්‍රන්ථී උද්දීපනය කරන රසකැවිලි
      භාවිතයට නොගැනීම. (බුලත්විට වුණත් අධිකව
      භාවිතය නරකයි.)

☛  දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා නියමිත
      කාලසටහනක් පවත්වාගැනීම. ඒවා අතර අවම
      පැය හයක පරතරයක් පවත්වා ගැනීම.

☛  ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර (මද උණුසුම් නම්
      වඩා හොඳයි) වතුර වීදුරු තුනක් වත් පානය  
      කරන්න.

☛  තේ හෝ කෝපි පානය හැකිතරම් සීමා කරන්න
      ඒ වෙනුවට රස නොකළ කිරි හෝ පළතුරු / 
      ඔසුපැන් වලට හුරුවන්න.

☛  ප්‍රධාන ආහාර වේල් අතර තුර කුසගින්නක්
      නොදැනේ නම් කිසිදු කෙටි ආහාරයක් නොගන්න.
      එසේ ගන්නේ නම් තෙල් රහිත හා අළුතෙන්
      සැකසූ  කෙටි ආහාරයක් ගෙන  ප්‍රධාන ආහාරය
      ගැනීමට පැය තුනකවත් කාල අන්තරයක්
      තබාගන්න. ඒ අතර තවත් එක් වතුර වීදුරුවක්වත්
      වැඩිපුර පානය කරන්න.

☛  අධික තෙල්, වියළිමිරිස්, කුළුබඩු  යෙදූ ආහාර,
      ඇඹුල් ආහාර, අබ, විනාකිරි, සැමන්, රටදෙල්,
      ඌෂ්ණ මාළු හා කරවල, ගෝවා, මුරුංගා
      මාළුමිරිස් අච්චාරු ආදිය අධික ලෙස අහාරයට
      නොගන්න. (වැළඳී ඇති අයට මේවා
      ස්වල්පයක්වත් හොඳ නැත.)

☛  මානසික ඒකාග්‍රතාවය - නිදහස පවත්වාගෙන 
      යන්න. අධික ලෙස නිදි වැරීම, අලසව හිඳීම, 
      ත්‍රාසජනක හා අවේගශීලි ක්‍රියාකාරකම් වලින්, 
      ගැටළු පිළිබඳ දිගින් දිගටම කල්පනා කිරීමෙන් 
      වළකින්න.

☛  එවැනි අසහනකාරී අවස්ථාවකදී යහපත් මිතුරන්, 
     තමන්ගේ ආගම හෝ පුවත්පත් කියැවීමකින් 
     ඉක්මනින් මානසික සහනය කරා යොමුවීමට 
     කටයුතු කරන්න.

රෝගය වැලඳුනු හා නොවැලඳුනු අයට යෝග්‍ය ආහාර වන්නේ...

☛  එළකිරි, කුඩා මාළු, සියළු පළා වර්ග, පළතුරු, 
     තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, 
     කවපි හා මුංඇට, අනෝදා, ගම්මිරිස්, සුදුළූණු, 
     උළුහාල්, බතල, වට්ටක්කා වැනි සිසිල් කෑම
     වර්ග ආදියයි.

තාවකාලිකව සැනසෙන්න කියලා දේශීය හෝ බටහිර ඖෂධයක් නොවන වාණිජ අරමුණක් ඇති නිෂ්පාදන වලට යොමුවීමෙන් වෙන්නේ රෝගය තව තවත් උත්සන්න වීම විතරයි. අනෙක ඇඹූල් රසට උගුරට එන ආම්ලික රෝග තත්වය සමනයට භාෂ්මික දෙයක් ගැනීම විය යුතුයි කියන සාමාන්‍ය දැනීමත් අතහැරලා සිට්රික් අම්ලය සහිත දෙයක් ගැනීමෙන් ආමාශය තවත් ආම්ලික වීමක් නේද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න.

ආයුර්වේද වෛද්‍යවරයෙක් සතුව මේ සඳහා නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අවශ්‍ය වෙන්නේ රෝගියා මේ සඳහා නියම වෛද්‍යවරයා තෝරා ගැනීමත් රෝගියෙක් හැටියට ඔබගේ කැපවීම හා උනන්දුවත් විතරයි.

උපුටාගැනීම - වෙදහාමිනේගේ අඩවිය

නිසි වෛද්‍යවරයෙකු සොයාගැනීම සඳහා
mediherbssrilanka@gmail.com


වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධ යන්ය.





මල බද්ධය වළක්වා මල පිටවීමේ පහසුව ඇති කරයි.


අර්ශස් තත්වයන් සමනය කරයි.




සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk
Facebook: Mediherbs Sri Lanka