Tuesday, March 14, 2017

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ දියවැඩියාව පාලනය කිරීමේදී වෙනත් සංකීර්ණ උපද්‍රව රෝග හට ගන්නෙ නැත

බෝනොවන රෝග අතරින් ඉදිරියෙන්ම සිටින දියවැඩියාව අද වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ලංකාවේ වෙසෙන ජනගහනයෙන් බහුතරයක් දියවැඩියාව රෝගයෙන් පෙළෙති. එම සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන්නේ නිවැරදි ජීවන පුරුදුවලින් ජනයා බොහෝදුරට ඈත්වෙමින් පවතින පසුබිමක් තුළය
සාමාන්‍යයෙන් ජනවහරේ එන ආකාරයට දියවැඩියාව එහෙමත් නැතිනම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ මධුමේහය කියන්නේ අද සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඇත්තටම අපි මෙම රෝගය විස්තර කරන්නේ ප්‍රමේහ රෝග යටතේයි. ප්‍රමේහය කියන්නේ මුත්‍රා ජනන පද්ධතිය ආශ්‍රිත රෝගී අවස්ථාවක්. 
සාමාන්‍යයෙන් මෙය රෝගයක් කිව්වට රෝග පද්ධතියක්. ප්‍රමේහය අවස්ථාවකදී පිටකරන මුත්‍රාවල ප්‍රමාණය වැඩිවෙනවා. අනිත් එක තමයි සාමාන්‍ය පුද්ගලයෙක් මුත්‍රා පිටකිරීමකදී පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවනෙ, නමුත් ප්‍රමේහ අවස්ථාවේ එම තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. එනම් ප්‍රමේහයේදී මුත්‍රා සමඟ පිටනොවිය යුතු දේවල්ද පිටවෙනවා. උදාහරණයක් විදිහට නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රා සමඟ සීනි පිටවීමක් සිදුවෙන්නේ නැහැනෙ. සීනි පිටවෙන්න ගත්තොත් අපි කියන්නේ ඒක රෝගී තත්ත්වයක් කියලයි. ප්‍රමේයේදී සමහර වෙලාවට රුධිරය පිටවෙනවා. තවත් සමහරවිට පිෂ්ඨය පිටවෙනවා. ශුක්‍ර පිටවන අවස්ථාවනුත් තියෙනවා. ඒ අනුව ප්‍රමේහය ප්‍රමේහ රෝග 20ක් යටතේ වර්ග කරලා තියෙනවා. ඒකෙනුත් මුත්‍රා සමඟ මධුර පදාර්ථ ඒ කියන්නේ සීනි පදාර්ථ (ශර්කරා) පිටවීම තමයි මධුමේහය නැත්නම් දියවැඩියාව කියලා  හඳුන්වන්නේ. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මධුමේහයේදී පිටකරන මුත්‍රාවල පැහැය, රස, ගන්ධය ආදී සියල්ලක්ම මීපැණිවලට සමානයැයිද සැලකෙනවා.
 දියවැඩියාව සහ මධුමේහය යන රෝග තත්ත්වයන් එකක්‌ නොව දෙකකි. එසේම දියවැඩියාවට නැතිනම් ප්‍රමේහයට (Diabetes) නිසි ප්‍රතිකාර කලට වේලාවට නොලැබීමෙන් මධුමේහය (Diabetes Mellitus) හැදෙන බවද එය සුවකළ නොහැකි බවද කිව යුතුය.
අවසාන වශයෙන් මෙය දිනෙන් දින පුද්ගලයා කෘෂ (කෙට්‌ටු) කරන (Chronic and degenarative discase) රෝගයක්‌ බවද කිව යුතුය.
දියවැඩියාව පමණක්‌ නොව වෙනත් ඕනෑම රෝගයක්‌ වුව සුවකිරීමට නම් රෝග හේතුව ඉවත් කළ යුතුය. එය බුදුදහමට ද එකඟය. අපගේ ප්‍රතිකාර ක්‍රමවේදය දැනුම් පද්ධති තුනක ආයෝජනයකි. එනම්, පාරම්පරික දැනුම, ආයුර්වේද විද්‍යාත්මක දැනුම හා නව්‍ය වෛද්‍ය විද්‍යාත්මක දැනුම වශයෙනි.

එම දැනුම් පද්ධති තුනේ සමායෝජනයෙන් ප්‍රතිකාර කරන හේතු ප්‍රකාර වූ ක්‍රමවේදයන්ද තුනකි. 

1.
දියවැඩියාව ඇති වීමට හේතු වූ ඉන්සියුලින් නිෂ්පාදනය මදිවීම හෝ රුධිර ගතව ඇති ග්ලූකෝස්‌ ප්‍රමාණය දහනය කරමින් රෝගියාගේ ජීව සෛලයන් තුළට ශක්‌තිය ලබාදීමට ඉන්සියුලින් වලට ඇති නොහැකියාව සඳහා ප්‍රතිකාර කිරීමයි.

නිරෝගී පුද්ගලයකුගේ ඉන්සියුලීන් ප්‍රමාණය වන 6- 27 micro Iulme (සීරම් ඉන්සියුලීන් මට්‌ටම) දක්‌වා දියවැඩියා රෝගියාගේ ඉන්සියුලීන් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කිරීම මෙන්ම ඉන්සියුලීන් නිෂ්පාදනය සඳහා අග්න්‍යාශයට අවශ්‍ය රුධිර සංයුතිය (Blood Count) සකසා දීමට අවශ්‍ය ප්‍රාථමික සෛල රෝපණයට ප්‍රතිකාර කිරීම මෙහිදී සිදුකෙරේ.

2.
දෙවැනි හේතුව ලෙස හඳුනාගෙන ඇති ආහාර දිරවීමේ වරද හා ආහාර දිරවීමේ ශක්‌තිය නිවැරදි කිරීමට ප්‍රතිකාර කිරීමයි.

නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර දිරවීමේ (Metabolism) ප්‍රධාන කොටස්‌ තුනකි.


⚉ පිෂ්ඨ ආහාර දිරවීම

⚉ තෙල් ආහාර දිරවීම
⚉ ප්‍රේටීන් හා ඛනිජ ආහාර දිරවීම  වශයෙනි. 

මේ අකාරයට ආහාර දිරවීමේ ශක්‌තිය නිවැරදි කිරීම ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව (සමාග්තිය) ඇති කිරීමට ප්‍රතිකාර කිරීමයි.

තෙවැනි හේතුව වශයෙන් සඳහන් කළ හැක්‌කේ නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීමයි. ඒ අනුව රෝගියා නිවැරදි ආහාර රටාවකට යොමුකිරීම මෙහිදී සිදුවේ.
දියවැඩියා රෝගියෙක්‌ ගත යුතු ආහාර වේල ගැන කතා කරන්නට පෙර අපි පළමුව දියවැඩියාව යනු කුමක්‌ද කියල වටහා ගන්නට උත්සාහ කරමු. සරලව කිවහොත් දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ රුධිරයෙහි පවතින සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ යැමයි. ලේවල සීනි වර්ග ගණනාවක්‌ ම තියනවා. නමුත් අපට මෙතනදී වැදගත් වෙන්නේ සරල සීනි, එහෙමත් නැත්නම් "ග්ලූකෝස්‌" කියන සීනි වර්ගයයි.

රුධිරයෙහි පවතින සීනි මට්‌ටම පාලනය කරන සාධක දෙකක්‌ අපේ ශරීරයේ තියනවා. මේ දෙකම අග්න්‍යාසයෙන් ශ්‍රාවය වන හෝමෝන දෙකක්‌. ඒ තමයි

1.  
ඉන්සියුලින් (Insulin)
2.  
ග්ලූකොගොන් (Glucogen)
ඉන්සියුලින් වලින් රුධිරයේ සීනි මට්‌ටම අඩු කරනවා. ග්ලූකොගොන් වලින් රුධිරයේ සීනි මට්‌ටම වැඩි කරනවා. ඔය දෙකේ හැසිරීම තුළ තමයි සරලව ගත්තාම අපිට දියවැඩියාව කියන රෝගය ඇතිවන්නේ.

අපේ ශරීරයට වැඩිපුරම සීනි එන්නේ ආහාරවලින්. කාබෝහයිඩ්‍රේට් වලින් විශේෂයි. කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය වෙලා අක්‌මාවේදී සරල සීනි හෙවත් ග්ලූකෝස්‌ ලෙස රුධිරයට එකතු කරනවා. ප්‍රෝටීන් වලිනුත් සීනි හැදිල රුධිරයට එකතු වෙනවා. ඒ වගේම ඒ සියල්ලට අමතරව අක්‌මාවටත් පුළුවන් යම් සීනි ප්‍රමාණයක්‌ නිපදවලා ලේ වලට එකතු කරන්න.

ලේ වල තියන සීනි මට්‌ටම පාලනය කරන්නේ ඉන්සියුලින් නිසා යම් හෙයකින් අග්න්‍යාසයේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩු වුවහොත් දියවැඩියාව සෑදිය හැකියි.
මිනිස්‌සුන්ට හැදෙන දියවැඩියාව ප්‍රබේද දෙකකින් හඳුනාගත හැකි වෙනවා.

1.
ප්‍රබේදය 1 (Type 1 Diabetes mellitus) 
2.
ප්‍රබේදය 2 (Type 2 Diabetes mellitus) 

මේ ටයිප් 1 දියවැඩියා ප්‍රබේදය පුංචි කාලයේදීම ළමයින්ට වැළඳෙනවා අග්න්‍යාසයේ ඉන්සියුලින් ශ්‍රාවය නොවීම නිසා. එහෙම දරුවන්ට ඉතින් ඉන්සියුලින් ඉන්ජක්‌ෂන් කරන්න ම වෙනවා.

ටයිsප් 2 දියවැඩියා ප්‍රබේදය තමයි අපේ රටේ බහුල. ඒක හැදෙන්නේ වැඩිහිටියන්ට. නොයෙක්‌ හේතූන් නිසා අග්න්‍යාසයේ ඉන්සියුලින් නිසි පරිදි නිෂ්පාදනය නොවීම තුළ මේ ප්‍රබේදය ඇති වෙනවා. මෙතනදී හුඟක්‌ වෙලාවට පාරම්පරික ආවේනිය බලපානවා. විවිධ ශාරීරික හේතු බලපානවා. මෙතනදී ඉන්සියුලින් තියනවා. නමුත් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා තිබිය යුතු ප්‍රමාණයට වඩා ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. ඒ සඳහා බෙහෙත් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගන්නා ආහාර දැඩි ලෙස පාලනය කරන්න වෙනවා.

පළමුවෙන් අපි තමන්ට දියවැඩියාව තියනව කියල නිසැකවම බලාගත යුතු වෙනවා. ඒ සඳහා නිවැරැදි වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය විය යුතුයි. ඕන නම් අපට සරලව කරන රුධිරයේ සීනි මට්‌ටම පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර එය 120mg/dl ට වැඩි නම් දියවැඩියාව ඇති බවට සැක කළ හැකියි. ඒ ආහාර නොගෙන. ආහාර ගෙන සිටින වෙලාවක ඒ මට්‌ටම 180 mg/dl වලට වැඩිය තිබිය යුතුයි. ඊට අමතරව තව විශේෂ පරීක්‍ෂණයක්‌ තියනවා. HB AIC කියන. එම පරීක්‍ෂණයෙන් 7% ට වඩා ප්‍රතිඵල වැඩියෙන් තියනවා නම් ඉතින් දියවැඩියාව තමයි. ඕක තමයි සරළ හැඳින්වීම.

ඊළඟට අපි බලමු ඇයි අපට දියවැඩියාව හැදෙන්නෙ කියලා.

හැදෙන්න හේතු ගණනාවක්‌ තියනවා. අංක එකේ හේතුව තමයි පාරම්පරික ආවේනිය. ඊළඟට ශරීරයේ බර වැඩිවීම, බර වැඩි වන්නේ ඉතින් කට පාලනය කර නොගැනීම නිසා හා ව්‍යායාම නොමැතිකම නිසානේ. යමෙකුගේ ශරීරයේ උසට සාපේක්‍ෂව බර පාලනය කර නොගත්තොත් දියවැඩියාව වැළඳෙනවාමයි. 

ඊළඟට අපි මතක තබාගත යුතු කාරණය තමයි දියවැඩියාව නිට්‌ටාවට සුව කළ නොහැකි බව. සමහර අය අග්න්‍යාසය බද්ධ කරලා ආමාශයේ ප්‍රමාණය පුංචි කරලා ඉතා අධික වියදමක්‌ කරලා දියවැඩියාව සුව කරලා තියනවා. ඒ හැරුනාම දියවැඩියාව සුව කරන්න බෑ. හැබැයි පාලනය කරන්න නම් පුළුවන් නිවැරදි ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කළොත්.

සමහරු අහනවා ඇයි මොකද වෙන්නේ. දියවැඩියාව ලෙඩක්‌ තමයි. ඒක ඉතින් තිබිච්චදෙන් කියලා තරුණ කාලේ බය නැතුව කන බොන අයත් ඉන්නවානේ. ඒකට උත්තරයක්‌ තියනවා.

දියවැඩියාව කියන එක නරක ලෙඩක්‌. ඒක වැඩි වුණාම ශරීරයට බලපාන ආකාර කිහිපයක්‌ තියනවා. දියවැඩියාව එක්‌ක බොහොම සම්බන්ධයි රුධිර පීඩනය. ඊළඟට ඊට සම්බන්ධයි කොලෙස්‌ටරෝල්. ඔය දෙකත් එක්‌ක වැඩි වෙනවා හෘදයාබාද ඇති වීමේ ප්‍රවණතාව. දියවැඩියා රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ මිය යන්නේ හෘදයාබාද නිසා. ඒක නිසා දියවැඩියාව, බර වැඩිවීම, රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෘදයාබාද කියන මේ ඔක්‌කොම ලෙඩ අපි එක සංකීර්ණ තත්ත්වයක්‌ ලෙස ගන්නවා. ඊට අපි කියනවා මෙටබොලික්‌ සින්ඩ්‍රොම් (metabolic Syndrome) කියලා.

මේ නිසා හෘදයාබාද ඇති වෙනවා. 

ඊළඟට දියවැඩියාව ඇස්‌ පෙනීම දුර්වල කිරීමට බලපානවා. ඊට අපි කියනවා රිටිනෝපති (Retinopathy) කියලා. එහි කෙළවර අන්ධභාවය. ඊළඟට තියනවා නෙප්රෝපති (Nephropathy) කියලා වකුගඩු අක්‍රිය කරවන තත්ත්වයක්‌. වකුගඩු නරක්‌ම වෙලා යනවා. ඊළඟට තියනවා නියුරෝපති (Nephropathy) කියලා ස්‌නායුවලට බලපාන තත්ත්වයක්‌. මෙන්න මේ තත්ත්වයේදී තමයි අවයව කපලා ඉවත් කරන්නේ. බොහෝ අයගේ පාද කපා ඉවත් කරන්නේ මේ තත්ත්වය තුළයි.

මෙන්න මේ කාරණා නිසා අපි දියවැඩියාවට බිය විය යුතු වෙනවා. මේ රෝගය ඉස්‌සරහා කවුරුවත් මෝඩ වීරයෝ වෙන්න ඕන නැහැ. හැබැයි බුද්ධිමත්ව ක්‍රියාකරල නිසි උපදෙස්‌ අරගෙන රෝගය හොඳින් පාලනය කරලා ඒ තුළින් වීරයෝ වෙලා තමන්ට හිමි නිසි ආයුෂ ප්‍රමාණ්‍ය භුක්‌ති විඳිමින් සතුටින් ජීවත් වෙන්නත් කෙනකුට බැරි නැහැ. අද හුඟක්‌ අය ඒ තත්ත්වයට පත්වෙලා ඉන්නවා.

කොහොමද අපි ඒක කරන්නේ. කොහොමද අපි දියවැඩියාව පාලනය කරන්නේ. මෙන්න මේ ටික තමයි මේ ලිපියේ වැදගත්ම කොටස. දියවැඩියාව පාලනය කරන්නට ක්‍රම කිහිපයක්‌ම තියනවා. නිවැරැදි උපදෙස්‌ අරගෙන ඒ ක්‍රමවලට අනුගත වුණාම අපි කවුරුවත් මේ ලෙඩේට බියවිය යුතු වන්නේ නැහැ.
පළමුවෙන්ම හැම කෙනෙක්‌ම තම සෞඛ්‍යය පිළිබඳ සටහන් තබාගැනීමට දින පොතක්‌ ළඟ තබාගත යුතුයි. අපි ඒ ටික තරමක්‌ පැහැදිලි කරගැනීමට මේ විදියට අංක යටතේ සටහනක්‌ තබමු.

1.
දිනපොතක්‌ තබා ගැනීම
⚈ නිතිපතා රුධිරයේ සීනි ප්‍රමාණය ගැන සටහන් තබා ගැනීම
⚈ ආහාර ගැන සටහන් තබාගැනීම.
⚈ දිනපතා හැකි පරිදි ව්‍යායාම කිරීම.
⚈ අවශ්‍ය බෙහෙත් ගැනීම.

2.
රුධිරයේ පීඩනය පාලනය කිරීම.

3.
කොලෙස්‌ටරෝල් පාලනය කිරීම.

4.
බර පාලනය කිරීම.

5.
මානසික ආතතිය පාලනය කිරීම.

6.
දුම් පානයෙන් වැළකීම.

7.
මත්පැන් බීමේදී බුද්ධිමත් පාලනයක්‌ ඇතිකර ගැනීම (බොන අය පමණක්‌)

8.
සුදුසුකම් ලත් පෝෂණවේදියකු හමුවී ආහාර රටාව ගැන උපදෙස්‌ ලබා පාලනයක්‌ ඇතිකර ගැනීම.

දියවැඩියා රෝගියකුට මෙන්න මේ පියවරයන් ටික ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර අයට මේ සමහර දේවල් කරන්න බැරිව ඇති. ඒකට කමක්‌ නැහැ. කරන්න පුළුවන් දේවල් ටික කළාම ඇති. 

ඊළඟට අපි ආහාර ගැනීම ගැන කතා කරමු. ආහාර ගැනීමේදී අපිට වැදගත් වන අවස්‌ථා 3 ක්‌ තියනවා. 
⚈ නොකළ යුතු
⚈ පාලනය කළ යුතු
⚈ කළ යුතු

අපි නොකළ යුතු දේවල් තමයි ක්‍ෂණික ආහාර ගැනීම. ඔය පිටි වලින් හදන කෙටි ආහාර දියවැඩියා රෝගීන් කිසි විටෙකත් නොගත යුතුයි. රෝල්ස්‌, පැටිස්‌, බනිස්‌, පේස්‌ට්‍රි වගේ කෑම ගන්න එපා. ඉන් ලැබෙන්නේ තෘප්තියක්‌ පමණයි. ඇති දෙයක්‌ නැහැ. සමහරු ඔය ක්‍රීම් ක්‍රැකර් ජාති කනවනේ අත රමැදට කන්න ඕන කියලා. ඒවා ගත යුතු නැහැ.

ඊළඟ එක තමයි සරල සීනි ආහාර ගත යුතු නැහැ. සරල සීනි තියනවා සීනි දැමූ තේ වල, පැනි බීම වල, පැණි රස තියන රස කැවිලි වල, පාන් වල. ඒවා ගන්න එපා. නරකම බීමක්‌ තමයි මෝල්ටඩ් මිල්ක්‌. ඔය එක එක නම් වලින් තියනවා. ඒවා බිව්වම ක්‍රියාශීලියි, කඩිසරයි කියනවනේ හැබැයි දියවැඩියාවට නරකයි. අන්තිම නරකයි. මෙන්න මේවා නොකළ යුතුයි. සමහර අය දුක්‌වෙලත් ආතතිය හදාගන්නවනේ. සමහරුන්ට පැණි රස කන්න අවශ්‍යයි. තේ බොන්න, කේක්‌ කන්න, පැණි රස බීම වර්ග බොන්න අවශ්‍යයි. ඇඟට සීනි එන්නේ නැතුව ඒවා කරන ක්‍රම තියනවා. මම පසුව ඒක කියන්නම්. මොකද ආහාර අරන්නෙ සමහරු සතුටු වෙන්නේ. ඒ සතුට ගත යුතුයි.

ඊළඟට තියනවා පාලනය කරගත යුතු ආහාර. ඉන් පළමු දේ තමයි පිටි කෑම. අපි කිව්වා ශරීරයට පිටි කෑම අවශ්‍යයි. අපි ඒක ශරීරයට අවශ්‍ය ප්‍රමාණය බලලා දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය බලලා ඉන් භාගයක්‌ කාබෝහයිඩේ්‍රට්‌ වලින් එන විදියට ගන්න කියලා. එතනදී දියවැඩියා රෝගියෙක්‌ නිතරම ගත යුත්තේ සරල කාබෝහයිඩ්‍රේට්‌ නොවෙයි රෝගියා ගත යුතු වන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්‌. ඒ කිව්වේ රුධිරයට සීනි එකතු කිරීමේ ප්‍රතිශතය අඩු (Low Glycemic Index) ආහාර. ඒක අඩු ආහාර තමයි තම්බපු හාලේ බත්, නිවුඩු හාලේ බත් සහ දිගැටි හාලේ බත්. ඇලෙන බත් වල පාන්පිටි වල කුරක්‌කන් පිටි වල ග්ලයිසියම් ඉන්ඩෙක්‌ස්‌ එක ඉතා වැඩියි කියලා. අපි පුළුවන් තරම් එම අගය අඩු මාර්ග වලින් තමයි කාබෝහයිඩ්‍රේට් ගත යුත්තේ. ආහාරයෙන් 50% ක්‌ එම කාබෝහයිඩ්‍රේට්‌ ගන්න උත්සාහ කරන්න ඕන.

පාන් කන්නට ඕන නම් කන්න. ඒත් පෙත්තක්‌ වගේ. දේශීය අල බතල හොඳයි අර්තාපල් වලට වඩා. අර්තාපල් වලට වඩා බතල හොඳයි.

ඊළඟට පුළුවන් තරම් රනිල කුලයේ ආහාර බෝග කෑමට ගන්න.  කඩල, පරිප්පු, කවුපි, මුං ඇට වගේ. මේවායින් කාබෝහයිඩ්‍රේට් ‌වලට අමතරව ප්‍රෝටීන් ලැබෙනවා.

ඊළඟට සීනි (පැණි රස) හොඳ නැහැ. නමුත් පැණි රස කන්න ආසයි නම් කෙනකුට පුළුවන් පැණි රස කාරකයක්‌ යොදා ගන්න. ඒ සඳහා තියනවා ඇසපාටෙයින් (Aspretain) සහ ස්‌ටීවියා (Stevia) කියල පැණි රස කාරක දෙකක්‌. මේවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමතයි. ඕනම දේකට යොදල සීනි වෙනුවට කන්න පුළුවන්. සමහරු බොරුවට බය වෙනවා මේවා කෘත්‍රිමයි. ඇඟට හොඳ නැහැ කියලා. එහෙම එකක්‌ නැහැ. සැක අය ස්‌ටීවියා ගන්න. මොකද ඒවා ස්‌වාභාවික රසකාරකයක්‌. අද වෙළෙඳ පොළේ මේවා යොදපු අයිස්‌ක්‍රීම් යෝගට්‌ පවා තියනවා.

ඊළඟට අපි දියර කිරි බොන්න ඕන. පිටිකිරි නොවෙයි. දියර කිරි, නන්ෆැට්‌ වගේ දේවල්වලට දඟලන්න එපා. ඒ වෙනුවට එළකිරි බීවාට වරදක්‌ නැහැ.


ඊළඟට තෙල් වර්ග පාලනය කරන්න ඕන. අපි ගන්න ඕන තෙල් අසංතෘප්ත මේදය (Unsaturated fatty oils) තුළින්. තෙල් තුළින් අපි ශරීරයට අවශ්‍ය කැලරිවලින් 25% ක්‌ විතර ගන්න ඕන. විශේෂයෙන්ම දියවැඩියාව තියන අයට අසංතෘප්ත මේදය ගැනීම වැදගත්. අසංතෘප්ත මේදය වර්ග 2 ක්‌ තියනවා. එකක්‌ ඔමේගා 3 (Omega 3) අනෙක ඔමේගා 6 (Omega 6) විශේෂයෙන්ම අද පර්යේෂණවලින් ඔප්පුවෙලා තියනවා ඔමේගා 3 තුළින් දියවැඩියාව පාලනයට උපකාර වෙනවා කියලා. හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයත් ඔමේගා 3 වලින් වැළකෙනවා. මේවා පර්යේෂණ මගින් ඔප්පු කරලා තියනවා.

ඔමේගා 3 තියනවා මාළුවල. ඊට අමතරව බිත්තර කහමදේ තියනවා. ඊට අමතරව කුකුළු මස්‌වල තියනවා. වට්‌ටක්‌කා ඇට වල තියනවා. අලිගැටපේරවල තියනවා. තල තෙල්වල තියනවා. ඔලිව් තෙල්වල තියනවා. කජුවල තියනවා. ඔමේගා 3 හා 6 දෙකම මේ කෑමවල අඩු වැඩි වශයෙන් තියන නිසා දියවැඩියා රෝගීන්ට හොඳයි. හැබැයි ගන්න ඕන අර 25% සීමාව ඇතුළේ ඉඳන්. මම කියනවා දියවැඩියා රෝගියෙක්‌ වුණත් කිසි බයක්‌ නැතුව සතියකට බිත්තර 6 ක්‌ ගත්තාට වරදක්‌ නැහැ කියලා. හැබැයි ඒක කළ යුත්තේ තුළිත ආහාර වේලක්‌ ඇතුළත විතරයි. බත් කිලෝ එකක්‌ දවසට කාල බිත්තරත් කන්න එපා. බත් අඩුවෙන් එළවළු වැඩියෙන් කොළ වැඩියෙන් කෙඳි වැඩියෙන් කන ගමන් බිත්තරයකුත් දවසකට කෑවට කමක්‌ නැහැ.

බත් ග්‍රෑම් 100 ක්‌ වේලකට අරන්, ඊට මාළු කෑල්ලක්‌ හෝ බිත්තරයක්‌ එළවළු වැඩියෙන් කොළ වැඩියෙන් අරන් පලතුරු කෑල්ලකුත් එක්‌ක කන්න පුරුදු වුණොත් අපට ලේසියෙන්ම දියවැඩියාව හා අනෙකුත් ප්‍රශ්න පාලනය කරන තැනට එන්න පුළුවන්.

තිත්ත කොළ වඩාම හොඳයි. ගොටුකොළ, පෙනෙල, කතුරුමුරුංගා, අඟුණ කොළ වගේ තිත්ත ජාතිවල තියනවා පයිටෝකෙමිකල් Phytochemical). ඒවා දියවැඩියා පාලනයට හේතුකාරක වෙනවා කියල ඔප්පු වෙලා තියනවා. සමහර අයගේ මතයක්‌ තියනවා කොළ ජාති පිළිකා කාරකයක්‌ කියලා. ඒක පට්‌ටපල් බොරුවක්‌.

ඊළඟට අපිට අවශ්‍යයි ශරීරයට ප්‍රෝටීන්. අපි ප්‍රෝටීන් පවා ගත යුත්තේ නිවැරදි සීමාවක ඉදලයි. මස්‌ කන එක හොඳයි. හැබැයි තෙල් ගැන පරිස්‌සම් විය යුතුයි. අපි සමතුලිත ආහාර වේලක්‌ තුළ පාලනය වන අයුරු කලින් කිව්වා. එහිදී ප්‍රමාණ ඉක්‌මවලා යා යුතු නැහැ. සමතුලිත ආහාර වේල කියන එක දියවැඩියා රෝගියකුට ඉතාම වැදගත්.

දියවැඩියා රෝගියෙක්‌ පරිස්‌සම් විය යුතු තව තැනක්‌ තියනවා. ඒ තමයි පලතුරු ගැනීම. ඉදුණු පලතුරු වැඩිපුර ගැනීම දියවැඩියා රෝගියකුට නම් සුදුසු නැහැ. ඉදුණු අඹ කියමු. අඹවල තියනවා සීනිත්. සරල සීනිත් තියනවා. අනෙකුත් විටමින් පයිටෝකෙමිකල් සලකලා අඹ කෑල්ලක්‌ කෑවාට වරදක්‌ නැහැ. නමුත් දියවැඩියා රෝගීන් අඹ ගෙඩි ගණන් කන එක නරකයි. අන්නාසි, ගස්‌ලබු වගේ පැණි රස පලතුරු ගැන පරිස්‌සම් විය යුතුයි. හැබැයි අලිගැටපේර වගේ දේවල් ඉතා හොඳයි.

වැඩිදියුණු කරන ලද සොසේජස්‌, බේකන් වගේ මස්‌ වර්ග නම් හොඳ නැහැ. මීට්‌ බෝල්ස්‌ සුදුසු නැහැ. හැබැයි තෙල් ඉවත් වන විදියට උයලා මස්‌ කෑවට වරදක්‌ නැහැ සතියට දෙතුන් වතාවක්‌.

මේ අයුරින් දියවැඩියා රෝගියෙක්‌ තම ආහාර වේල ගැන ඉතාම පරිස්‌සම් විය යුතුයි. සමතුලිත ආහාර වේලකට පෝෂණවේදියකුගෙන් උපදෙස්‌ අරන් හුරුවෙලා ප්‍රිය උපදවන අයුරින් කෑම වේල සාදා ගත්තොත් අපට ලෙහෙසියෙන්ම දියවැඩියාව පාලනය කරලා නිරෝගී තෘප්තිමත් ජීවිතයකට හුරුවිය හැකියි.
උදේ දවල් ආහාර සඳහා බත්, එළවළු, මාළු, මස්‌ ගැනීම රාත්‍රි ආහාරය මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක්‌ වන නිසා රාත්‍රියට තම්බාගත් එළවළු පමණක්‌ ගැනීමටද නියම කෙරේ.

රෑ කෑම ගත් පසු අප නින්දට යන නිසා අප ගන්නා ආහාරය වැයවීමක්‌ එහිදී සිදු නොවේ.

අද දියවැඩියා (ප්‍රමේහ) රෝගයට ගොදුරු වන සියයට හැත්තෑ පහක්‌ම (75%) නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම නිසා එම රෝගයට ගොදුරුවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එබැවින් නිවැරදි ආහාර රටාව මගින් බහුතරයකගේ දියවැඩියාව සුවකළ හැකිව තිබේ. එසේම යමෙකු ආහාර ගත යුත්තේ ඔහු හෝ ඇය දෛනිකව වැයකරන ශක්‌තිය (කරන වැඩ ප්‍රමාණය) අනුව බවද සිහිතබා ගත යුතුය.

සාමාන්‍ය බීමක් ලෙසින් බෙලි කොළ, බෙලි මල්, රණවරා කොළ, රණවරා මල්, කොතලහිඹුටු මුල්, කරවිල ගෙඩි ඉස්‌මට කිරි දමා, මාදං ඇට කෝපි මෙන් බීම වඩාත් යෝග්‍ය පාන වර්ග වේ.

දිනපතා බාර්ලි ග්‍රෑම් 50 ක්‌ තම්බා ගත් වතුර බෝතල් 1 තිබහ දැනුන සෑම විටකම බොන්න.

නෙල්ලි, මඳක්‌ ඉදුනු ඇඹුල් කෙසෙල්, මා දං ගෙඩි, ඇඹරැල්ලා, කජු පුහුලන්, පිණිජම්බු, ජම්බුද යෝග්‍ය වේ. අමතර ආහාර ලෙස තැම්බූ කොල්ලු විලඳ හබල පෙති ද ගත හැකිය.
- අන්තර් ජාලය ඇසුරිණි -



සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධයන්ය.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.
කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 038228542






Wednesday, February 1, 2017

Abhigamanaya - අභිගමනය

Please Watch This Video To The End
මෙම වීඩියෝ පටය අවසන් වන තුරුම නරඹන්න.


ආයුර්වේද වෛද්‍යාචාර්ය විද්‍යානිධි නාමධාරී පණ්ඩිත් ඩබ්ලිව්. අයි. ප්‍රනාන්දු වෛද්‍යාචාර්යතුමාගේ චරිතයෙහි සුවිශේෂී අවස්ථා සංග්‍රහ කරමින් සකස් කළ විශේෂාංගයකි. (අවසන් වන තුරු නරඹන්න).



Saturday, May 28, 2016

නරක සිතුවිලිත් අජීර්ණයට හේතුවක්



ඉතා සංකීර්ණ බරපතල රෝග සමූහයකට වර්තමාන සමාජය ගොදුරු වී සිටී. එම රෝග බොහෝමයකට හේතු වි ඇත්තේ ආහාර යි. අතීතයේ සිට හුරුව සිටි දේශිය අාහාර රටාවෙන් බැහැර වී විවිධ සැකසූ ආහාර භාවිතයට අපි හුරුව සිටිමූ. දේශීය ආහාර වේලේ අඩංගු වූ මස් හෝ මාළුව නියඹලාව ආනම මැල්ලුම බැදුම හා කැඳ අපට අමතකව ගොස්ව ඇත. එම ආහාර වට්ටෝරුව අප නිරෝගී පිරිසක් බවට පත් කළේය. අප ගන්නා ආහාර නිසි ලෙස ජීර්ණයට පත්ව ශරීර පෝෂණය සඳහා යොමු වේ. 

එසේ වුවද අජීර්ණ රෝගයේ දී ආහාර නොදිරවයි. එවිට ආහාරයේ ඇති පෝෂක කොටස් ශරීරයට උරා නොගනී. ආයුර්වේදයේ දී අජීර්ණය හඳුන්වා දී ඇත්තේ ආපාක වශයෙනි.ශාරීරික ගින්න මද වීම නිසා අප ගන්නා ආහාර පැසවීම වළකයි. එය ආහාරය නොදිරවීමට හේතුවේ. එය අජීරණයයි.

බඩගින්න හෙවත් කොෂ්ඨාග්නිය ආයුර්වේදයට අනුව තෙළෙස් වැදෑරුම්ය. බඩගින්න නිවී ගිය කල අනෙක් සියලු ශාරීරික ගිනි නිවේ. ආහාර ජීර්ණයට අවශ්ය යුෂ ආමාශයට ග්රහණිය හා අන්ත්ර ආශ්රය කොට පවතී. ආහාරයේ පෝෂක කොටස් සප්ත ධාතු ගතවී මෙන් (රස, රක්ත, මාංශ, මේදස්, අස්ථ, මජ්ජ) ශරීරය පෝෂණය වේ. බර වූද, සිසිල් වූද ආහාර එකවර ගැනීම, පිසීමෙන් පසු කල් ගිය පිළුණු වී ගිය ආහාර ආදිය නිසාද, වමන, විරේචන, ස්නේහ ආදී වූ ප්රතිකර්මවිධි වරදවා පවත්වාගෙන යාමෙන් ද, විවිධ රෝග හේතුවෙන් ශරීරය කෘෂ භාවයට පත්වීම නිසා ද, දේශගුණික කාලගුණික, හා ඍතු වෙනස්වීම නිසා ද මල මුත්ර ආදී වේග දරා සිටීම නිසා ද පචකාග්නිය (ආහාර දිරවීමේ ක්රියාවලිය) විකෘති වේ. එවිට අනුභව කළ සැහැල්ලු ආහාරයක් පවා පරිපාකයට පත් නොවේ. එනිසා ආහාර ඇඹුල් බවට ද විස බවට ද පත්වේ. මේ තත්වය දිගින් දිගට ම පැවැත්වීම රෝග රාශියක් ඇතිවීමට හේතුවකි.


කුසගින්නේ ප්රභේද හතරකි. ඉන් පලමුවැන්න මන්ද අග්නියයි. මෙය ශරීර සෙම් දෝෂ බල පැවැත්වීම නිසා ඇතිවන්නකි. මෙහි දී පුද්ගලයා ගේ කුසගින්න නොවැඩේ. අනෙක තීක්ෂණ අග්නියයි. එහි දී පිත් දෝෂය බල පවත්වන අතර බඩගින්න අධික වේ. විෂම අග්නියේ දී ශරීරගත වාත දෝෂය හේතුවෙන් ගින්න වෙනස් වේ. සම අග්නිය හෙවත් පුද්ගලයාට හිතකර වූ කුසගින්නේදී බලපවත්වන්නේ ත්රිදෝෂ සම තත්වයයි. සම අග්නි තත්වයේ දි හැර අනෙක් අවස්ථා තුනේ දී ම සිදුවන ආහාර ජීර්ණ ක්රියා වලියේ විසමතා හේතුකොට ගෙන අජීර්ණය ඇති විය හැකිය. එසේ ශරීරයේ දෝෂ කිපීම හැරුණ විට අජීර්නය ඇතිවීමට තව හේතු රාශියක් මුල් වේ. අධික ලෙස  දියර පානය, අඩුව හෝ වැඩිව හෝ නොකල්හි හෝ ආහාර ගැනීම. මල මුත්රා, කඳුළු ආදී නොදැරිය යුතු වේගයන් දරා සිටීම. රාත්රී නිදි වැරීම හා දහවල නින්ද යන හේතු නිසා නිසි කල භෝජනය කළ සැහැල්ලු ආහාර පවා නොදිරවයි. ඒ අතර පුද්ගල චිත්ත සන්තානයෙහි මතුවන්නා වූ ඊර්ෂ්යාව, ක්රෝධය, වෛරය, ලෝභය අධික බිය, කෝපය ආදී චේතනා ඇති වූ පුද්ගලයා විසින් ගනු ලබන ආහාර නිසි ලෙස පැසවීමට ලක් නොවන බව ආයුර්වේදයේ සඳහන්ය.

භෝජනයට ගනු ලබන ආහාර නොදිරවීම නිසා අජීර්ණය ඇති කරයි. එහි දී බඩ පිපුම, තද බව, ඇඟට පණ නැතිවීම, හිස කැක්කුම, මුර්ජාව, කැරකිල්ල, පිට හා තුනටියේ වේදනාව, ඈනුම් යෑම, ඇඟ පොඩි කරන්නාක් මෙන් දැනීම, උණ වමනය, අරුචිය හා මල පිටවීම රෝග ලක්ෂණ වේ. 

අජීර්ණ වූ ආහාර ශරීරයට විසකි. එම නොදිර වූ ආහාර විස පිත සමග මිශ්රවීම නිසා දැවිල්ල, පිපාසය, මුඛරෝග, අමිල පිත්තය නිසා උපදනා විවිධ රෝග අවස්ථා ඇති කරයි. එම නොදිරවූ ආහාර විස ශරීර ගත සෙම සමග මුසු වූ විට ප්රමේහ රෝග, පීනස ඇතුළු සෙම මූලික වන රෝග ඇති කරයි.

අජීර්ණය හෙතුවෙන් නොදිරවූ ආහාර විස ශරීර ගත වාතය සමග එක්වී වාතයෙන් උපදනා බෙහෝ රෝග ඇති කරයි. එම ආහාර විස මුත්රා සමඟ එක්වී මුත්රා රෝගද මල සමඟ එක්වීමෙන් විවිධ වූ උදර රෝග ද ඇති කරයි. නිසි ලෙස පරිපාකයට පත්නොවූ, විකෘත්රී පැසවීමකට ලක්වූ ආහාර රසය රස ධාතුව විසින් ග්රහනය කොට ගෙන ශරීරය පුරාගෙනයාම හේතුවෙන් අතීසාර වමනය ආමවාතය, දණහිස් සන්ධිය ආශ්රය කිරීමෙන් රුදුරු ආමවාත තත්වයක්ද ඇති කරයි. එම විස හෘදය කපාට ආශ්රිතව ආමජ හෘදය රෝග ද, ආමවර්තත උණ ද උපදවයි.


අජීර්ණයේ ප්රභේද තුනකි. සෙම නිසා ආම අජීර්ණයද, පිත නිසා ද, වාත හේතු කොට ගෙන විෂ්ටබ්ධ අජීර්ණය ද ඇති වේ. අන්තරයේ ඉතිරි වූ ආහාර රසය හේතු කොට ගෙන උපදනා තවත් අජීර්ණ තත්වයක් ද පවතී. එය රස ශේෂ ලෙස දැක්වේ. මේ අජීර්ණ තත්ව හතර පුද්ගලයා බලවත් සේ පීඩාවට පත් කරයි.

මිනිස් සිරුරට වැළදෙන රෝගවලදී මනසේ ක්රියාකාරීත්වය ඉතා ආසන්නම හෙතුව විය හැකිය. අජීර්ණ රෝග ඊට හොඳම උදාහරණයයි. ලෝභ, ද්වේශ ඊර්ෂ්යාව හෝ විවිධ මානසික පීඩා හේතුවෙන් අජීර්ණය උපදී. මිනිස් සිරුරේ ක්රියාකාරීත්වය පාලනය කරණුයේ මොළය ආශ්රිත නාඩි ව්යුහය මගිනි. මිනිස් සිරුරේ පවත්නා සියලුම සනාල (නාල සහිත) නිර්නාල (නාල රහිත) ග්රන්තීන් ක්රියා කරනුයේ එහි පාලනය යටතේය. මොළයේ පිහිටා ඇති (පිටියුටරි) ග්රන්ථියේ කාරීක්වය අනුව පිත්ත ස්රාවය වැගිරේ. එමගින් ආහාර දිරවීමේ ක්රියාවලිය සිදුවේ. අයහපත් සිතුවිලි හා මානසික පීඩා හේතුවෙන් පිත්ත ස්රාවය නිසි ලෙස ගලා නොඒමෙන් අජීර්ණ වැළඳිය හැකිය. අජීර්ණ නොසලකා හැරීමෙන් විවිධ අන්ත්ර ගත රෝග උපදී. ඒ අතර පත්යා අපත්ය විහරණ පිළ නොපැදීම නිසා "විසූචිකා" නම් අන්ත්ර ගත රෝගයද විෂටම්බ අජීර්ණය නිසා "අලසක" නම් අන්ත්රගත රෝග ද උපදී. 

විධග්ධ අජීර්ණය හේතු වෙන් උපදින්නේ විලම්භිකා නම් රුදුරු රෝග තත්වයකි. ආහාර මාර්ගයට වැළදෙන එම රෝග තත්වයන් ගෙන් වැළකී සිටීම සඳහා රෝග මූලයෙන් හෙවත් අජීර්ණයෙන් වැළකී සිටිය යුතුය. ඒ සඳහා කෙතරම් කාර්ය බහුල වානිජ රටාවකට අනුගතව සිටිය ද සියලු දෙනා ආහාර පිළිබඳ අවධානය යොමු කිරීම අත්යාවශ්යය. කුසගිනි වැඩුණු විට නිසි පමණට ආහාර ගැනීමට අනිවාර්යෙන්ම කාලය වෙන්කොට ගත යුතුවේ. එසේ නොකොට ඉඩ ලැබුණු ලෙස ලැබුනු දෙයක් ගිල දමා දවස ගෙවීම රෝග රාශියකට අත වැනීමකි. කෘත්රීම ආහාර, රසකාරක යෙදූ ආහාර, ආහාර පිසීමෙන් පසු අධිශීතකරණයේ තැබූ ආහාර, අධි සංස්කරණය කළ මස් මාංශ, වගාවේදී රසායනික ද්රව්ය යොදා නෙළා ගත් ආහාර ද වර්තමාන මිනිසා රෝගියෙකු කිරීමට හේතු වෙයි. ඒ හැරුණු විට ආහාර ගන්නා වේලාව ඉකුත් කොට ආහාර ගැනීම, නොකල්හි ආහාර ගැනීම, පමණ ඉක්මවා ආහාර ගැනීම, කුසගින්න වැඩී තිබියදීත් ආහාර නොගැනීම, උදේ දහවල රාත්රී වෙලාව වරදවා ආහාර ගැනීම, ආහාර සමග ශිත කළ පාන භාවිතය බඩට නොගැලපෙන ආහාර ගැනීම යෝග්යා නොවේ.

ප්රසන්න භාවයෙන් යුතුව නිසි මාත්රාවෙන් ආහාර ගැනීමෙන් සැප බල ආයු වර්ණ ප්රඥා ආදී ප්රථිපල ලැබේ.

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන දියවැඩියාව, කොලොස්ටරෝල්, පීනසය, අම්ල පිත්ත, ආර්ශස් ආදී රෝග ඇතිවනුයේ බඩගින්න නිසි ලෙස නොදැල්වීම හේතුකොට ගෙනය. ශරීරයේ අපහසුවක්, බරගතියක්, තදබල කරකැවිල්ල අධෝවායු නොපැවතීම, මල බද්ධය හෝ මල බුරුලට යාම සමග බඩේ කැක්කුම පවතී නම් බඩ පිපුණු ස්වභාවයක් හෝ බඩ කෑගැසීමක් පවතී නම් අජීර්ණයක් වැළඳී ඇති බව තේරුම් ගත යුතුය. එවිට බර ආහාර, මස් මාළු සංස්කරනය කළ ආහාර තෙලින් පිසූ ආහාර, මුදවන ලද කිරි, පොල් සම්බෝල, පලා මැල්ලුම් මෙන්ම ඇල් දියද යෝග්ය  නොවේ. 

ලුණු කැඳ, බැදිහාල් කැඳ, බෙරිවන සේ පිසූ බත්, තැම්බුම් හොද්ද වැනි සැහැල්ලු ආහාර අඩු මාත්රාවෙන් ගත යුතුය. උණු වතුර පානය ඉතා යොග්යි වේ. අජීර්නය නොසලකා හැරිය යුතු නැත. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්යයවරයකු හමුවී ප්රතිකාර ගත යුතුය. එතෙක් කරාබු බැද තලා උණුවතුරට දමා තැම්බුණු පසු බීමද, සූදුරු කබලේ බැද කෝපි මෙන් වත්කොට බීමද සුදුසුය.

2006 දෙසැම්බර් 10 වැනි ඉරිදා "සිළුමිණ" පුවත්පතේ පලවූවකි


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ බාහිර කථිකාචාර්ය්‍ය,
ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මාන ගරු සභාපති,
හිටපු විදුහල්පති, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලීය දේශීය වෛද්‍ය විද්‍යාලය,
ආයුර්වේද ශබ්දකෝෂයේ කතෘ මණ්ඩල සාමාජික,
විශේෂ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,

වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ


දුරකථන: 0718285672 / 038228542





Thursday, May 5, 2016

කියවන්නම ඕන ලිපියක් - මධුමේහයට (දියවැඩියාවට) කදිම ඔසුවක්


දැනට ලෝකයේ වැඩිහිටි සහ බාල යන දෙපක්‍ෂයටම බහුලව වැළදෙන රෝගයක් ලෙස වාර්තා ගත වී ඇති මෙම රෝගයෙහි මධු හෙවත් මිහිරි පදාර්ථ හා සමාන රසයෙන් හා ගන්ධයෙන් යුක්ත මූත‍්‍ර පිට කිරීමත් වැඩි වශයෙන් මූත‍්‍ර පිටකිරීමත් යන ලක්‍ෂණ දෙකම දක්නට ලැබේ. මෙහි දී අප ගන්නා පිෂ්ඨ ආහාර දිරවීම විෂම කොට රුධිරයෙහි ශර්කරා (ග්ලූකෝස්) අගය ඉහල නංවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුත‍්‍රාවල ශර්කරා දැකිය හැකිය. එහි දෙවැනි ප‍්‍රතිඵලයක් ලෙස මාංස ජනක හා මේද ආහාර දිරවීමේ දී සිදුවන විකෘතිතාවය මත බහුමුත‍්‍රතාවය ඇති වන අතර මෙම තත්ව උත්සන්න වීමෙන් මරණය පවා ඇති විය හැකි බව වෛද්‍ය මතය වේ.

වර්තමානයෙහි මධුමේහ රෝගීන් අතර වඩාත් දැකිය හැකි උපද්‍රව වන්නේ ඇසේ උපදින කාච රෝගය, වකුගඩු ක‍්‍රියා වලිය පිළිබඳ විවිධ විකෘතිතා, පාද සම්බන්ධ හිරි වැටීම්, වේදනා, සංඥා නොදැනීම ආදී කොට ඇති ආබාධ, භයානක අවස්ථාවක් වන මධුමේහ ජනිත හෘද රෝගය යනාදියයි. මෙයින් රෝගීන් අතර බහුලව දක්නට ඇත්තේ පාද හා වෙනත් අවයව සම්බන්ධ ස්නායු විකෘතිතා සහ කාච රෝග තත්වයයි, මේවාට වෙන වෙනම පිළියම් යෙදිය යුතු අතර මධුමේහ රෝගය පාලනය කර ගැනීමෙන් මෙම උපද්‍රව වලින් මිදිය හැක. ඒ මන්ද යත් මධුමේහය නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවිනි. එහෙත් රෝගියා නිසි අවබෝධයකින් හා උනන්දුවකින් යුක්තව ආහාර පාන ඇවතුම් පැවතුම් ආදියෙන් සුරක්‍ෂිතව යුතු පරිදි ගත් ඖෂධයකින් මධුමේහය උත්සන්න වන්නට නොදී පාලනය කර ගත හොත් දිගු කලක් ජීවත් වීමට බාධා ඇති නොවේ. එහිදී අවශ්‍ය වන්නේ අවබෝධය සහ සිරුර පිළිබඳ මනා පරිපාලනයයි. අප ගන්නා ඖෂධ වලට අමතරව ආහාර පාන පිළිබඳව දැනුවත් විය යුතු අතර හොඳ මානසික තත්වයකට සිටීමද වඩාත් වැදගත්වේ. ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූල වන්නාවූ ඖෂධ ලබා ගැනීමට හැකියාවක් ඇතිනම් එමගින් මධුමේහ රෝගියාට දීර්ඝ ජීවනය යන්න ප‍්‍රශ්නයක් නොවේ. බටහිර වෛද්‍ය ක‍්‍රමයට අනුව රෝග හේතුවට නොව, රෝගයට බෙහෙත් නියම කිරීමෙන් දීර්ඝ කාලයක් බටහිර බෙහෙත් ගත් රෝගීන් අද වන විට නොයෙකුත් අතුරු ආබාධ වලින් පෙලෙන්නන් බව අසන්නට දකින්නට ඇත.

ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූල වන්නාවූ වෙළඳපොලේ ඇති ඖෂධීය පාන අතරින් මධුමේහ රෝගීන් සඳහා ඇති හොඳම ඖෂධීය පානය ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානයයි. අප එසේ කියන්නේ මෙ මගින් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීමට අමතරව මධුමේහය නිසා උපදන පශ්චාත් (පසුකාලීනව ඇතිවන) උපද්‍රව වලක්වන නිසාවෙනි. ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය මෙවැනි තත්වයන් සඳහා ද ඉතා ඉහලින් ගුණ දෙනු ලබයි.  

 ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් මෙම පානය ඖෂධීය පානයක් ලෙස සහතිකය, අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය සඳහා යොදා ගනු ලබන, පරම්පරා දශක ගනනාවක් නොවෙනස්ව පැවති ඖෂධ සහ ඒවායේ ද්‍රව්‍ය ගුණ පහත සඳහන් වේ.

මාදං පොතු - Engenia jambolana
වාත රක්ත ප‍්‍රමේහ සහ මධුමේහ නාශකයි. ග‍්‍රාහී (කසට ගුණය) ඇති බැවින් රුධිරගත ග්ලූකොස් මට්ටම පාලනය කරයි. මධුමේහ නිසා උපදන පශ්චාත් (පසුකාලීනව ඇතිවන) උපද්‍රව වලක්වයි. 

නෙල්ලි - Phyllanthus emblica
රුධිර ශෝධනය ඇතිකරයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. ආහාරයෙන් උපදනා මධුර පදාර්ථ රුධිරයට අවශෝෂණය කර ගැනීමේදී ඇති විය හැකි අධි අවශෝෂණතාවය පාලනය කිරීමට උපකාරීවේ. රුධිරයේ ආම්ලිකතාවය අඩු කරයි. මුත‍්‍රා අම්ල අඩු කර මුත‍්‍රා බැහැර කිරීම ක‍්‍රමවත් කරයි.  අම්ල පිත්තය සුව කිරීමට උපකාරී වේ. සිරුරේ අභ්‍යන්තර දාහය පාලනය කරයි. මුත‍්‍රා දැවිල්ල සහ ගුද මාර්යේ දැවිල්ල සුව කරයි. රක්ත ශෝධනය ඉතා ඉහලයි. ශාරීරික පිත්කෝපය නිසා ඇති වන්නා වූ විවිධ සංකූලතා අවම කරයි. රුධිර පීඩනය මනා ලෙස පාලනය කරයි. සමේ ඇතිවිය හැකි බිබිලි, කැසීම් අවම කර ඇස් පෙනීම වැඩි දියුණු කරයි.

රණවරා මල් සහ මුල් - Cassia auriculata
රක්ත ශෝදනය හා මුත‍්‍රා ශුද්ධිය ඇති කරයි. වකුගඩුවේ කි‍්‍රයාකාරීත්වය යතාවත් කරයි. සමෙහි වර්ණය ඇතිකරයි. මධුමේහජ උපද්‍රව පාලනය කරයි.

රසකිඳ - Tinospora cordifolia
මධුමේහ රෝගය සඳහා පාරම්පරික වශයෙන් ලංකාවේ භාව්තා කල ඒකීය ඖෂධයකි. මධුමේහය වැලඳීමට බලපාන යාන්ත‍්‍රනයට බලපෑම් එල්ලකල හැකි ඖෂධයකි. මධුමේහය නිසා ඇතිවන්නා වූ වේදනාවන් හිදී ද මධුමේහජ පිඩකා (ගෙඩි විශේෂයකි) ඇතිවීම වලක්වාලයි.    

කළාඳුරු අල - Cyperus rotundus
පාරම්පරික මධුමේහය පාලනය කරන ඖෂධයකි. බඩ වැල තුල මධුමේහ රෝගීන්ගේ අන්ත‍්‍රමාර්ගික ක‍්‍රියාවලිය යතාවත් කිරීමට උපකාරීවේ. මධුමේහය නිසා ඇතිවන ඇස් සහ ඇසේ කාච පිළිබඳ ආබාධ පාලනය කරයි. මධුමේහියාගේ මළ බැහැර කිරීමේ ක‍්‍රියාවලිය පනගන්වයි.

කොතලහිඹුටු - Torenia asiatica / Salacia reticulata
මධුමේහ රෝගියාගේ අධික මුත‍්‍ර පිටවීම පාලනය කරයි. රක්තගත ග්ලූකෝස් මට්ටම සම තත්වයෙන් පවත්වා ගැනීමට මහෝපකාරී වේ. පශ්චාත් උපද්‍රව (මධුමේහය නිසා හටගන්නා උපද්‍රව) වලක්වයි. 

වෙනිවැල්ගැට - Coscinium fenestratum
ඉපැරණි මධුමේහ ඖෂධයකි. මෙහි ඇති තිත්ත රසය මධුමේහය පාලනය කිරීමටත් රක්තය පවිත‍්‍ර කිරීමටත් හේතුවේ. මධුමේහය නිසා උපදන නොයෙක් නොයෙක් වේදනා සමනය කරයි. මධුමේහජ ඇස් රෝග සහ ඇසේ කාච පිළිබඳ ආබාධ වල්කවයි. සියලූ වාත වේදනාවන්ට ඉතා හිතකරයි. මධුමේහජ පිඩකා (ගෙඩි විශේෂයකි) වලක්වා සම වර්ණවත් කර සමේ සෞඛ්‍යය රැකදෙයි.

ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූලවන්නාවූ දියවැඩියාව සඳහා ඉතාම යෝග්‍ය ඖෂධීය පානයකි.

කරවිල ව්‍යංජනයක් ලෙසින් ආහාරයට ගැනීම මධුමේහය සඳහාද සුදුසු වන අතර වෙනත් රෝගයකින් පෙලෙන අවස්තාවන්හි දී එම උවදුරට කශාය බොන කෙනෙකුට කිසිවිටකදී කරවිල ආහාරය සඳහා යොදා ගත යුතු නැති බවත් කරවිල පරිභෝජනය නිසා එම කශාය ඖෂධයේ ගුණ හීන වන බවත් ආයුර්වේදයේ සඳහන් වේ. කරවිල රාත‍්‍රියේදී ආහාරයට ගැනීම නුසුදුසු බව සඳහන් වන්නේ විෂ සතකු දෂ්ඨ කලහොත් විෂ වැඩිවන බව පැරණි  සමාජයේ මතයක් ව ඇති හෙයිනි. කරවිල සමඟින් තේ මිශ‍්‍රකර වෙළඳපොලේ ආයුර්වේද තේ වශයෙන් මධුමේහය සඳහා යයි කියා විකුණන තේ වර්ග ආයුර්වේද තේ ලෙසින් වෙළඳ පොලේ අලෙවි වුවද කොතෙක් දුරට ඒ කාර්යය සඳහා සුදුසුදැයි සොයා බැලීම ඉතා අගනේය. බරින් වැඩි තේ සමඟින් වෙනත් අමු ද්‍රව්‍යයක් මිශ‍්‍ර කිරීමේදී වන්නේ එම මිශ‍්‍ර කරන ඖෂධීය අමුද්‍රව්‍ය එම සංයෝගයට මිශ‍්‍ර වන්නේ උපරිම වශයෙන් 40% ක් පමණක් වන අතර අනෙක් 60% ම තේ වනු ඇත. ඒ අනුව ගත්කල උපරිමය වශයෙන් ඖෂධීය ගුණය ඇත්තේ 40% ක් පමණය. කහටත් (කසට) තිත්තත් ඇති පානයන්ගෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම අඩුවිය හැකි අතර ඒවා මධුමේහය සඳහා යොදාගත හැකි ඖෂධීය පානයන් ලෙස කිසිසේත් හැඳින්විය නොහැක. 

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධයන්ය.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 038228542













සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk

Facebook: Mediherbs Sri Lanka


Tuesday, May 3, 2016

ITN Wedha Gedhara - Dr. M Rajasekera Wattage





කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය,
ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති,
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක

වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

කළු කැම්මේරිය - (Solanum nigrum)




Solanum nigrum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කළු කැම්මේරිය හෙවත් කළු කන්වේරිය ප්රධාන කඳ කොටසින් බෙදී යන අතු ඉති වලින් වාර්ෂික ක්ෂූපයක් හෙවත් පැළෑටියකි. ශ්රී ලංකාව ඉන්දියාව මලයාව වැනි රට වල මේ ශාකය දකින්ට ඇත. සොලනේසී හෙවත් (Solanaceae) හෙවත් බටු කුලයට අයත් වන්නකි. මෙහි බහුලව වැවෙන පත්ර ඒකාන්තරය. සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය අතර කාලයේ මේ පැළෑටියේ මල් පිපෙන බවද ඉන් පසු පොකුරු වශයෙන් ඵල හටගන්නා බවද පෙනේ. පැසී ඉදෙන විට එය දම්පාටට හුරු කළු පැහැයෙන් යුක්තය. මෙහි ගෙඩි ඇඹුල් රස මුසු මද මිහිරි රසයෙකින් යුතුවේ.

ලංකාවේ ඇතුම් පලාතක තැම්බේරිය වශයෙන්ද මෙය හඳුන්වනු ලබන අතර මෙහි පත්ර රසවත් පලාවක් වශයෙන් ව්‍යාංජනයට ගනු ලැබේ. දේශීය වෙදකමේ බොහෝ තැන් වල කළු කැම්මේරිය භාවිත කරනු දැකිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ කාකමාචී, මත්ස්‍යාක්ෂී, බහු ඵලා ආදී නම් වලින් මෙය හැඳින්වෙන අතර රසයෙන් තිත්ත කටුක බව කියවේ. ගුණයෙන් අනුෂ්ණය. නැතහොත් තද ශීත හෝ තද උෂ්ණ නෙවේ. එමෙන්ම සිරුර සන්තර්පනය කරන රසායන ගුණයෙන් යුක්තය. ඇසට හිත බැවින් ඇසේ සෞඛ්‍යය ආරක්ෂා කරයි. ශුකුර ධාතුව වර්ධනය කරයි. වාතය පිත හා සෙම යන තුන් දොස නසයි. මල බද්ධය නසා මල බිඳීම ඇති කරයි. ශූල හෙවත් උල් දෙයකින් අනින්නා බඳු වේදනා, අර්ශස, ඉදිමුම් රෝග, සමේ රෝග, වමනය, හදවත් රෝග, උන, ප්රමේහ රෝග, හික්කා සහ කැසීම වලක්වන බව ආයුර්වේදය කියයි. සමේ රෝග ඉදිමුම ඌරුස්තම්භ හෙවත් කලවා තදවීමේ රෝගය හා ඇස් රෝග වලදීද මී විෂට ප්රතිකාර වශයෙන්ද කළු කැම්මේරිය යොදනු ලබේ. දේශීය චික්ත්සාවේදී අක්මාව දුර්වල වීමේ රෝගය නැසීමට කළු කැම්මේරිය විශේෂයෙන් භාවිතා කරනු ලැබේ. විවිධ රටවල ජලභීතිකාව, උන, ඇස් රෝග, පාචනය, අක්මා රෝග, කිටිභ හෙවත් කබර (පොතු කබර) වැනි සමේ රෝග, වකුගඩු රෝග, මුත්ර දාහය, ගොනෝරියාව (සුදු බින්දුව) වැනි රෝග වලදී භාවිත කරන බව පොත පතේ සඳහන් වේ.

අපේ රටේ දේශීය වෙදකමේදී හා ආයුර්වේද චික්ත්සාවේදී කළු කැම්මේරිය විශේෂයෙන් යොදන අවස්ථා හමුවේ. ඒ අනිද්‍රා හෙවත් නින්ද නොයාම පිළිබඳ රෝගාවස්ථාවේදීය. එහිදී මෙම ශාකය සහමුලින් ගෙන පිරිසිදු කර සිහින්ව කපා පවනේ වියලා තම්බා බීමෙන් හා එයම කලං 12 ක් (ග්රෑම් 60) ගෙන වතුර පත 8 දමා පතට සිඳ පෙරා බීමෙන් ඉතා සුවපත් නින්දක් ලබා ගත හැකිය. ඒ සඳහා මෙය අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන්ම මෙම ගසේ මුල ගලවා නිදිනොලබන්නා හිසට තබන කොට්ටයට ඇතුළු කිරීමෙන් නිදි එළඹෙන බවට දේශීය විශ්වාසයේ පවතී.

අපේ රටේ ජනතාව අතර අප්රකට ඖෂධයක් වන කළු කැම්මේරිය භාවිතයෙන් බොහෝ ගුණ ලබා ගත හැකිය. එහෙත් මෙය නිතර නිතර අභ්‍යන්තරව ගැනීම පිළිබඳව ප්රශ්න පැන නැගී ඇත. එලෙස වනුයේ මෙම ශාකයේ කිසියම් විෂ පදාර්ථයක් සුළු වශයෙන් අන්තර්ගත වී ඇතැයි නවීන විද්‍යාව මගින් සොයාගෙන ඇති බවිනි. එහෙත් රෝගාවස්ථාවකදී පමනක් මෙය භාවිතා කිරීමෙන් එම විෂ පදාර්ථ බහුල වශයෙන් සිරුරු ගත වීම වලක්වා ගත හැකිය. නිතර නිතර භාවිතා නොකළ යුතු යැයි කියනුයේ එබැවිනි.

කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
(මනරන්ජන රාජසේකර වත්තගේ)
දුරකථන: 0718285672 / 038228542