Saturday, May 28, 2016

නරක සිතුවිලිත් අජීර්ණයට හේතුවක්



ඉතා සංකීර්ණ බරපතල රෝග සමූහයකට වර්තමාන සමාජය ගොදුරු වී සිටී. එම රෝග බොහෝමයකට හේතු වි ඇත්තේ ආහාර යි. අතීතයේ සිට හුරුව සිටි දේශිය අාහාර රටාවෙන් බැහැර වී විවිධ සැකසූ ආහාර භාවිතයට අපි හුරුව සිටිමූ. දේශීය ආහාර වේලේ අඩංගු වූ මස් හෝ මාළුව නියඹලාව ආනම මැල්ලුම බැදුම හා කැඳ අපට අමතකව ගොස්ව ඇත. එම ආහාර වට්ටෝරුව අප නිරෝගී පිරිසක් බවට පත් කළේය. අප ගන්නා ආහාර නිසි ලෙස ජීර්ණයට පත්ව ශරීර පෝෂණය සඳහා යොමු වේ. 

එසේ වුවද අජීර්ණ රෝගයේ දී ආහාර නොදිරවයි. එවිට ආහාරයේ ඇති පෝෂක කොටස් ශරීරයට උරා නොගනී. ආයුර්වේදයේ දී අජීර්ණය හඳුන්වා දී ඇත්තේ ආපාක වශයෙනි.ශාරීරික ගින්න මද වීම නිසා අප ගන්නා ආහාර පැසවීම වළකයි. එය ආහාරය නොදිරවීමට හේතුවේ. එය අජීරණයයි.

බඩගින්න හෙවත් කොෂ්ඨාග්නිය ආයුර්වේදයට අනුව තෙළෙස් වැදෑරුම්ය. බඩගින්න නිවී ගිය කල අනෙක් සියලු ශාරීරික ගිනි නිවේ. ආහාර ජීර්ණයට අවශ්ය යුෂ ආමාශයට ග්රහණිය හා අන්ත්ර ආශ්රය කොට පවතී. ආහාරයේ පෝෂක කොටස් සප්ත ධාතු ගතවී මෙන් (රස, රක්ත, මාංශ, මේදස්, අස්ථ, මජ්ජ) ශරීරය පෝෂණය වේ. බර වූද, සිසිල් වූද ආහාර එකවර ගැනීම, පිසීමෙන් පසු කල් ගිය පිළුණු වී ගිය ආහාර ආදිය නිසාද, වමන, විරේචන, ස්නේහ ආදී වූ ප්රතිකර්මවිධි වරදවා පවත්වාගෙන යාමෙන් ද, විවිධ රෝග හේතුවෙන් ශරීරය කෘෂ භාවයට පත්වීම නිසා ද, දේශගුණික කාලගුණික, හා ඍතු වෙනස්වීම නිසා ද මල මුත්ර ආදී වේග දරා සිටීම නිසා ද පචකාග්නිය (ආහාර දිරවීමේ ක්රියාවලිය) විකෘති වේ. එවිට අනුභව කළ සැහැල්ලු ආහාරයක් පවා පරිපාකයට පත් නොවේ. එනිසා ආහාර ඇඹුල් බවට ද විස බවට ද පත්වේ. මේ තත්වය දිගින් දිගට ම පැවැත්වීම රෝග රාශියක් ඇතිවීමට හේතුවකි.


කුසගින්නේ ප්රභේද හතරකි. ඉන් පලමුවැන්න මන්ද අග්නියයි. මෙය ශරීර සෙම් දෝෂ බල පැවැත්වීම නිසා ඇතිවන්නකි. මෙහි දී පුද්ගලයා ගේ කුසගින්න නොවැඩේ. අනෙක තීක්ෂණ අග්නියයි. එහි දී පිත් දෝෂය බල පවත්වන අතර බඩගින්න අධික වේ. විෂම අග්නියේ දී ශරීරගත වාත දෝෂය හේතුවෙන් ගින්න වෙනස් වේ. සම අග්නිය හෙවත් පුද්ගලයාට හිතකර වූ කුසගින්නේදී බලපවත්වන්නේ ත්රිදෝෂ සම තත්වයයි. සම අග්නි තත්වයේ දි හැර අනෙක් අවස්ථා තුනේ දී ම සිදුවන ආහාර ජීර්ණ ක්රියා වලියේ විසමතා හේතුකොට ගෙන අජීර්ණය ඇති විය හැකිය. එසේ ශරීරයේ දෝෂ කිපීම හැරුණ විට අජීර්නය ඇතිවීමට තව හේතු රාශියක් මුල් වේ. අධික ලෙස  දියර පානය, අඩුව හෝ වැඩිව හෝ නොකල්හි හෝ ආහාර ගැනීම. මල මුත්රා, කඳුළු ආදී නොදැරිය යුතු වේගයන් දරා සිටීම. රාත්රී නිදි වැරීම හා දහවල නින්ද යන හේතු නිසා නිසි කල භෝජනය කළ සැහැල්ලු ආහාර පවා නොදිරවයි. ඒ අතර පුද්ගල චිත්ත සන්තානයෙහි මතුවන්නා වූ ඊර්ෂ්යාව, ක්රෝධය, වෛරය, ලෝභය අධික බිය, කෝපය ආදී චේතනා ඇති වූ පුද්ගලයා විසින් ගනු ලබන ආහාර නිසි ලෙස පැසවීමට ලක් නොවන බව ආයුර්වේදයේ සඳහන්ය.

භෝජනයට ගනු ලබන ආහාර නොදිරවීම නිසා අජීර්ණය ඇති කරයි. එහි දී බඩ පිපුම, තද බව, ඇඟට පණ නැතිවීම, හිස කැක්කුම, මුර්ජාව, කැරකිල්ල, පිට හා තුනටියේ වේදනාව, ඈනුම් යෑම, ඇඟ පොඩි කරන්නාක් මෙන් දැනීම, උණ වමනය, අරුචිය හා මල පිටවීම රෝග ලක්ෂණ වේ. 

අජීර්ණ වූ ආහාර ශරීරයට විසකි. එම නොදිර වූ ආහාර විස පිත සමග මිශ්රවීම නිසා දැවිල්ල, පිපාසය, මුඛරෝග, අමිල පිත්තය නිසා උපදනා විවිධ රෝග අවස්ථා ඇති කරයි. එම නොදිරවූ ආහාර විස ශරීර ගත සෙම සමග මුසු වූ විට ප්රමේහ රෝග, පීනස ඇතුළු සෙම මූලික වන රෝග ඇති කරයි.

අජීර්ණය හෙතුවෙන් නොදිරවූ ආහාර විස ශරීර ගත වාතය සමග එක්වී වාතයෙන් උපදනා බෙහෝ රෝග ඇති කරයි. එම ආහාර විස මුත්රා සමඟ එක්වී මුත්රා රෝගද මල සමඟ එක්වීමෙන් විවිධ වූ උදර රෝග ද ඇති කරයි. නිසි ලෙස පරිපාකයට පත්නොවූ, විකෘත්රී පැසවීමකට ලක්වූ ආහාර රසය රස ධාතුව විසින් ග්රහනය කොට ගෙන ශරීරය පුරාගෙනයාම හේතුවෙන් අතීසාර වමනය ආමවාතය, දණහිස් සන්ධිය ආශ්රය කිරීමෙන් රුදුරු ආමවාත තත්වයක්ද ඇති කරයි. එම විස හෘදය කපාට ආශ්රිතව ආමජ හෘදය රෝග ද, ආමවර්තත උණ ද උපදවයි.


අජීර්ණයේ ප්රභේද තුනකි. සෙම නිසා ආම අජීර්ණයද, පිත නිසා ද, වාත හේතු කොට ගෙන විෂ්ටබ්ධ අජීර්ණය ද ඇති වේ. අන්තරයේ ඉතිරි වූ ආහාර රසය හේතු කොට ගෙන උපදනා තවත් අජීර්ණ තත්වයක් ද පවතී. එය රස ශේෂ ලෙස දැක්වේ. මේ අජීර්ණ තත්ව හතර පුද්ගලයා බලවත් සේ පීඩාවට පත් කරයි.

මිනිස් සිරුරට වැළදෙන රෝගවලදී මනසේ ක්රියාකාරීත්වය ඉතා ආසන්නම හෙතුව විය හැකිය. අජීර්ණ රෝග ඊට හොඳම උදාහරණයයි. ලෝභ, ද්වේශ ඊර්ෂ්යාව හෝ විවිධ මානසික පීඩා හේතුවෙන් අජීර්ණය උපදී. මිනිස් සිරුරේ ක්රියාකාරීත්වය පාලනය කරණුයේ මොළය ආශ්රිත නාඩි ව්යුහය මගිනි. මිනිස් සිරුරේ පවත්නා සියලුම සනාල (නාල සහිත) නිර්නාල (නාල රහිත) ග්රන්තීන් ක්රියා කරනුයේ එහි පාලනය යටතේය. මොළයේ පිහිටා ඇති (පිටියුටරි) ග්රන්ථියේ කාරීක්වය අනුව පිත්ත ස්රාවය වැගිරේ. එමගින් ආහාර දිරවීමේ ක්රියාවලිය සිදුවේ. අයහපත් සිතුවිලි හා මානසික පීඩා හේතුවෙන් පිත්ත ස්රාවය නිසි ලෙස ගලා නොඒමෙන් අජීර්ණ වැළඳිය හැකිය. අජීර්ණ නොසලකා හැරීමෙන් විවිධ අන්ත්ර ගත රෝග උපදී. ඒ අතර පත්යා අපත්ය විහරණ පිළ නොපැදීම නිසා "විසූචිකා" නම් අන්ත්ර ගත රෝගයද විෂටම්බ අජීර්ණය නිසා "අලසක" නම් අන්ත්රගත රෝග ද උපදී. 

විධග්ධ අජීර්ණය හේතු වෙන් උපදින්නේ විලම්භිකා නම් රුදුරු රෝග තත්වයකි. ආහාර මාර්ගයට වැළදෙන එම රෝග තත්වයන් ගෙන් වැළකී සිටීම සඳහා රෝග මූලයෙන් හෙවත් අජීර්ණයෙන් වැළකී සිටිය යුතුය. ඒ සඳහා කෙතරම් කාර්ය බහුල වානිජ රටාවකට අනුගතව සිටිය ද සියලු දෙනා ආහාර පිළිබඳ අවධානය යොමු කිරීම අත්යාවශ්යය. කුසගිනි වැඩුණු විට නිසි පමණට ආහාර ගැනීමට අනිවාර්යෙන්ම කාලය වෙන්කොට ගත යුතුවේ. එසේ නොකොට ඉඩ ලැබුණු ලෙස ලැබුනු දෙයක් ගිල දමා දවස ගෙවීම රෝග රාශියකට අත වැනීමකි. කෘත්රීම ආහාර, රසකාරක යෙදූ ආහාර, ආහාර පිසීමෙන් පසු අධිශීතකරණයේ තැබූ ආහාර, අධි සංස්කරණය කළ මස් මාංශ, වගාවේදී රසායනික ද්රව්ය යොදා නෙළා ගත් ආහාර ද වර්තමාන මිනිසා රෝගියෙකු කිරීමට හේතු වෙයි. ඒ හැරුණු විට ආහාර ගන්නා වේලාව ඉකුත් කොට ආහාර ගැනීම, නොකල්හි ආහාර ගැනීම, පමණ ඉක්මවා ආහාර ගැනීම, කුසගින්න වැඩී තිබියදීත් ආහාර නොගැනීම, උදේ දහවල රාත්රී වෙලාව වරදවා ආහාර ගැනීම, ආහාර සමග ශිත කළ පාන භාවිතය බඩට නොගැලපෙන ආහාර ගැනීම යෝග්යා නොවේ.

ප්රසන්න භාවයෙන් යුතුව නිසි මාත්රාවෙන් ආහාර ගැනීමෙන් සැප බල ආයු වර්ණ ප්රඥා ආදී ප්රථිපල ලැබේ.

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන දියවැඩියාව, කොලොස්ටරෝල්, පීනසය, අම්ල පිත්ත, ආර්ශස් ආදී රෝග ඇතිවනුයේ බඩගින්න නිසි ලෙස නොදැල්වීම හේතුකොට ගෙනය. ශරීරයේ අපහසුවක්, බරගතියක්, තදබල කරකැවිල්ල අධෝවායු නොපැවතීම, මල බද්ධය හෝ මල බුරුලට යාම සමග බඩේ කැක්කුම පවතී නම් බඩ පිපුණු ස්වභාවයක් හෝ බඩ කෑගැසීමක් පවතී නම් අජීර්ණයක් වැළඳී ඇති බව තේරුම් ගත යුතුය. එවිට බර ආහාර, මස් මාළු සංස්කරනය කළ ආහාර තෙලින් පිසූ ආහාර, මුදවන ලද කිරි, පොල් සම්බෝල, පලා මැල්ලුම් මෙන්ම ඇල් දියද යෝග්ය  නොවේ. 

ලුණු කැඳ, බැදිහාල් කැඳ, බෙරිවන සේ පිසූ බත්, තැම්බුම් හොද්ද වැනි සැහැල්ලු ආහාර අඩු මාත්රාවෙන් ගත යුතුය. උණු වතුර පානය ඉතා යොග්යි වේ. අජීර්නය නොසලකා හැරිය යුතු නැත. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්යයවරයකු හමුවී ප්රතිකාර ගත යුතුය. එතෙක් කරාබු බැද තලා උණුවතුරට දමා තැම්බුණු පසු බීමද, සූදුරු කබලේ බැද කෝපි මෙන් වත්කොට බීමද සුදුසුය.

2006 දෙසැම්බර් 10 වැනි ඉරිදා "සිළුමිණ" පුවත්පතේ පලවූවකි


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ බාහිර කථිකාචාර්ය්‍ය,
ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මාන ගරු සභාපති,
හිටපු විදුහල්පති, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලීය දේශීය වෛද්‍ය විද්‍යාලය,
ආයුර්වේද ශබ්දකෝෂයේ කතෘ මණ්ඩල සාමාජික,
විශේෂ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,

වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ


දුරකථන: 0718285672 / 038228542





Thursday, May 5, 2016

කියවන්නම ඕන ලිපියක් - මධුමේහයට (දියවැඩියාවට) කදිම ඔසුවක්


දැනට ලෝකයේ වැඩිහිටි සහ බාල යන දෙපක්‍ෂයටම බහුලව වැළදෙන රෝගයක් ලෙස වාර්තා ගත වී ඇති මෙම රෝගයෙහි මධු හෙවත් මිහිරි පදාර්ථ හා සමාන රසයෙන් හා ගන්ධයෙන් යුක්ත මූත‍්‍ර පිට කිරීමත් වැඩි වශයෙන් මූත‍්‍ර පිටකිරීමත් යන ලක්‍ෂණ දෙකම දක්නට ලැබේ. මෙහි දී අප ගන්නා පිෂ්ඨ ආහාර දිරවීම විෂම කොට රුධිරයෙහි ශර්කරා (ග්ලූකෝස්) අගය ඉහල නංවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුත‍්‍රාවල ශර්කරා දැකිය හැකිය. එහි දෙවැනි ප‍්‍රතිඵලයක් ලෙස මාංස ජනක හා මේද ආහාර දිරවීමේ දී සිදුවන විකෘතිතාවය මත බහුමුත‍්‍රතාවය ඇති වන අතර මෙම තත්ව උත්සන්න වීමෙන් මරණය පවා ඇති විය හැකි බව වෛද්‍ය මතය වේ.

වර්තමානයෙහි මධුමේහ රෝගීන් අතර වඩාත් දැකිය හැකි උපද්‍රව වන්නේ ඇසේ උපදින කාච රෝගය, වකුගඩු ක‍්‍රියා වලිය පිළිබඳ විවිධ විකෘතිතා, පාද සම්බන්ධ හිරි වැටීම්, වේදනා, සංඥා නොදැනීම ආදී කොට ඇති ආබාධ, භයානක අවස්ථාවක් වන මධුමේහ ජනිත හෘද රෝගය යනාදියයි. මෙයින් රෝගීන් අතර බහුලව දක්නට ඇත්තේ පාද හා වෙනත් අවයව සම්බන්ධ ස්නායු විකෘතිතා සහ කාච රෝග තත්වයයි, මේවාට වෙන වෙනම පිළියම් යෙදිය යුතු අතර මධුමේහ රෝගය පාලනය කර ගැනීමෙන් මෙම උපද්‍රව වලින් මිදිය හැක. ඒ මන්ද යත් මධුමේහය නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවිනි. එහෙත් රෝගියා නිසි අවබෝධයකින් හා උනන්දුවකින් යුක්තව ආහාර පාන ඇවතුම් පැවතුම් ආදියෙන් සුරක්‍ෂිතව යුතු පරිදි ගත් ඖෂධයකින් මධුමේහය උත්සන්න වන්නට නොදී පාලනය කර ගත හොත් දිගු කලක් ජීවත් වීමට බාධා ඇති නොවේ. එහිදී අවශ්‍ය වන්නේ අවබෝධය සහ සිරුර පිළිබඳ මනා පරිපාලනයයි. අප ගන්නා ඖෂධ වලට අමතරව ආහාර පාන පිළිබඳව දැනුවත් විය යුතු අතර හොඳ මානසික තත්වයකට සිටීමද වඩාත් වැදගත්වේ. ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූල වන්නාවූ ඖෂධ ලබා ගැනීමට හැකියාවක් ඇතිනම් එමගින් මධුමේහ රෝගියාට දීර්ඝ ජීවනය යන්න ප‍්‍රශ්නයක් නොවේ. බටහිර වෛද්‍ය ක‍්‍රමයට අනුව රෝග හේතුවට නොව, රෝගයට බෙහෙත් නියම කිරීමෙන් දීර්ඝ කාලයක් බටහිර බෙහෙත් ගත් රෝගීන් අද වන විට නොයෙකුත් අතුරු ආබාධ වලින් පෙලෙන්නන් බව අසන්නට දකින්නට ඇත.

ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූල වන්නාවූ වෙළඳපොලේ ඇති ඖෂධීය පාන අතරින් මධුමේහ රෝගීන් සඳහා ඇති හොඳම ඖෂධීය පානය ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානයයි. අප එසේ කියන්නේ මෙ මගින් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීමට අමතරව මධුමේහය නිසා උපදන පශ්චාත් (පසුකාලීනව ඇතිවන) උපද්‍රව වලක්වන නිසාවෙනි. ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය මෙවැනි තත්වයන් සඳහා ද ඉතා ඉහලින් ගුණ දෙනු ලබයි.  

 ශ‍්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින, විද්වත් වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වන ආයුර්වේද යෝග සංග‍්‍රහ කමිටුව විසින් මෙම පානය ඖෂධීය පානයක් ලෙස සහතිකය, අනුමැතිය හා නිර්දේශය ලබා දී ඇති බව අපි ඉතා සතුටින් යුතුව සඳහන් කරමු. 

ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය සඳහා යොදා ගනු ලබන, පරම්පරා දශක ගනනාවක් නොවෙනස්ව පැවති ඖෂධ සහ ඒවායේ ද්‍රව්‍ය ගුණ පහත සඳහන් වේ.

මාදං පොතු - Engenia jambolana
වාත රක්ත ප‍්‍රමේහ සහ මධුමේහ නාශකයි. ග‍්‍රාහී (කසට ගුණය) ඇති බැවින් රුධිරගත ග්ලූකොස් මට්ටම පාලනය කරයි. මධුමේහ නිසා උපදන පශ්චාත් (පසුකාලීනව ඇතිවන) උපද්‍රව වලක්වයි. 

නෙල්ලි - Phyllanthus emblica
රුධිර ශෝධනය ඇතිකරයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට බෙහෙවින් උපකාරී වේ. ආහාරයෙන් උපදනා මධුර පදාර්ථ රුධිරයට අවශෝෂණය කර ගැනීමේදී ඇති විය හැකි අධි අවශෝෂණතාවය පාලනය කිරීමට උපකාරීවේ. රුධිරයේ ආම්ලිකතාවය අඩු කරයි. මුත‍්‍රා අම්ල අඩු කර මුත‍්‍රා බැහැර කිරීම ක‍්‍රමවත් කරයි.  අම්ල පිත්තය සුව කිරීමට උපකාරී වේ. සිරුරේ අභ්‍යන්තර දාහය පාලනය කරයි. මුත‍්‍රා දැවිල්ල සහ ගුද මාර්යේ දැවිල්ල සුව කරයි. රක්ත ශෝධනය ඉතා ඉහලයි. ශාරීරික පිත්කෝපය නිසා ඇති වන්නා වූ විවිධ සංකූලතා අවම කරයි. රුධිර පීඩනය මනා ලෙස පාලනය කරයි. සමේ ඇතිවිය හැකි බිබිලි, කැසීම් අවම කර ඇස් පෙනීම වැඩි දියුණු කරයි.

රණවරා මල් සහ මුල් - Cassia auriculata
රක්ත ශෝදනය හා මුත‍්‍රා ශුද්ධිය ඇති කරයි. වකුගඩුවේ කි‍්‍රයාකාරීත්වය යතාවත් කරයි. සමෙහි වර්ණය ඇතිකරයි. මධුමේහජ උපද්‍රව පාලනය කරයි.

රසකිඳ - Tinospora cordifolia
මධුමේහ රෝගය සඳහා පාරම්පරික වශයෙන් ලංකාවේ භාව්තා කල ඒකීය ඖෂධයකි. මධුමේහය වැලඳීමට බලපාන යාන්ත‍්‍රනයට බලපෑම් එල්ලකල හැකි ඖෂධයකි. මධුමේහය නිසා ඇතිවන්නා වූ වේදනාවන් හිදී ද මධුමේහජ පිඩකා (ගෙඩි විශේෂයකි) ඇතිවීම වලක්වාලයි.    

කළාඳුරු අල - Cyperus rotundus
පාරම්පරික මධුමේහය පාලනය කරන ඖෂධයකි. බඩ වැල තුල මධුමේහ රෝගීන්ගේ අන්ත‍්‍රමාර්ගික ක‍්‍රියාවලිය යතාවත් කිරීමට උපකාරීවේ. මධුමේහය නිසා ඇතිවන ඇස් සහ ඇසේ කාච පිළිබඳ ආබාධ පාලනය කරයි. මධුමේහියාගේ මළ බැහැර කිරීමේ ක‍්‍රියාවලිය පනගන්වයි.

කොතලහිඹුටු - Torenia asiatica / Salacia reticulata
මධුමේහ රෝගියාගේ අධික මුත‍්‍ර පිටවීම පාලනය කරයි. රක්තගත ග්ලූකෝස් මට්ටම සම තත්වයෙන් පවත්වා ගැනීමට මහෝපකාරී වේ. පශ්චාත් උපද්‍රව (මධුමේහය නිසා හටගන්නා උපද්‍රව) වලක්වයි. 

වෙනිවැල්ගැට - Coscinium fenestratum
ඉපැරණි මධුමේහ ඖෂධයකි. මෙහි ඇති තිත්ත රසය මධුමේහය පාලනය කිරීමටත් රක්තය පවිත‍්‍ර කිරීමටත් හේතුවේ. මධුමේහය නිසා උපදන නොයෙක් නොයෙක් වේදනා සමනය කරයි. මධුමේහජ ඇස් රෝග සහ ඇසේ කාච පිළිබඳ ආබාධ වල්කවයි. සියලූ වාත වේදනාවන්ට ඉතා හිතකරයි. මධුමේහජ පිඩකා (ගෙඩි විශේෂයකි) වලක්වා සම වර්ණවත් කර සමේ සෞඛ්‍යය රැකදෙයි.

ඩයබිනා ආයුර්වේද ඖෂධීය පානය ස්වභාව ධර්මයට වඩාත්ම අනුකූලවන්නාවූ දියවැඩියාව සඳහා ඉතාම යෝග්‍ය ඖෂධීය පානයකි.

කරවිල ව්‍යංජනයක් ලෙසින් ආහාරයට ගැනීම මධුමේහය සඳහාද සුදුසු වන අතර වෙනත් රෝගයකින් පෙලෙන අවස්තාවන්හි දී එම උවදුරට කශාය බොන කෙනෙකුට කිසිවිටකදී කරවිල ආහාරය සඳහා යොදා ගත යුතු නැති බවත් කරවිල පරිභෝජනය නිසා එම කශාය ඖෂධයේ ගුණ හීන වන බවත් ආයුර්වේදයේ සඳහන් වේ. කරවිල රාත‍්‍රියේදී ආහාරයට ගැනීම නුසුදුසු බව සඳහන් වන්නේ විෂ සතකු දෂ්ඨ කලහොත් විෂ වැඩිවන බව පැරණි  සමාජයේ මතයක් ව ඇති හෙයිනි. කරවිල සමඟින් තේ මිශ‍්‍රකර වෙළඳපොලේ ආයුර්වේද තේ වශයෙන් මධුමේහය සඳහා යයි කියා විකුණන තේ වර්ග ආයුර්වේද තේ ලෙසින් වෙළඳ පොලේ අලෙවි වුවද කොතෙක් දුරට ඒ කාර්යය සඳහා සුදුසුදැයි සොයා බැලීම ඉතා අගනේය. බරින් වැඩි තේ සමඟින් වෙනත් අමු ද්‍රව්‍යයක් මිශ‍්‍ර කිරීමේදී වන්නේ එම මිශ‍්‍ර කරන ඖෂධීය අමුද්‍රව්‍ය එම සංයෝගයට මිශ‍්‍ර වන්නේ උපරිම වශයෙන් 40% ක් පමණක් වන අතර අනෙක් 60% ම තේ වනු ඇත. ඒ අනුව ගත්කල උපරිමය වශයෙන් ඖෂධීය ගුණය ඇත්තේ 40% ක් පමණය. කහටත් (කසට) තිත්තත් ඇති පානයන්ගෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම අඩුවිය හැකි අතර ඒවා මධුමේහය සඳහා යොදාගත හැකි ඖෂධීය පානයන් ලෙස කිසිසේත් හැඳින්විය නොහැක. 

වර්තමාන සංකීර්ණ ආහාර රටාවන් නිසා වැළඳිය හැකි නිසිසේ හඳුනා ගැනීමට පවා අපහසු වන තීව‍්‍ර රෝග තත්වයන්ට යෙදෙන කෘත‍්‍රීම රසායනික ඖෂධයන් හේතු කොට ඇති විය හැකි කායික සංකූලතාවන් මග හරවා ගැනීමට වඩාත් ප‍්‍රයෝජන වන්නේ ස්වාභාවික ශාකෞෂධයන්ය.

සීමාසහිත මෙඩිහර්බ්ස් පෞද්ගලික සමාගම නිපදවා ඇත්තේ අතිශය පාරම්පරික වූත් ආයුර්වේදීය වූත් දේශීය වට්ටෝරු හා අනුගතව ගිය ඖෂධ සංයෝගයන්ය. මෙම ඖෂධ වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය පිලිබඳව සහතික විය හැක්කේ දීර්ඝ කාලයක සිට ඒවා භාවිතා කිරීමෙන් ලබා ඇති පාරම්පරික අත්දැකීම් නිසාය. මෙම පානයන් මහ ජනතාවගේ පරිභෝජනයට ඉතා පහසුවන ආකාරයට නිපදවා ඇත. මෙ මගින් ආයුර්වේද වෙදකම කාටත් වින්දනය කල හැකි තත්වයකට පත් කර එ මගින් ආයුර්වේදයට සේවයකුත් සමාජයට සේවයකුත් ඉටුවේ යැයි අප බලාපොරෙත්තු වන අතර එය එලෙසම ඉටුවේවා යන්න අපේ පැතුමයි.


කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ

දුරකථන: 0718285672 / 038228542













සහ දිවයිනේ ඇති ෆාමසි වලින් ලබාගත හැක.


විමසීම්
සීමාසහිත මෙඩිහර්බ්ස් මාර්කටිං (පෞද්ගලික) සමාගම
දුරකථන: +94 11 2623889


Web: www.mediherbs.lk

Facebook: Mediherbs Sri Lanka


Tuesday, May 3, 2016

ITN Wedha Gedhara - Dr. M Rajasekera Wattage





කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය,
ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති,
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක

වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
දුරකථන: 0718285672 / 0382285429 

කළු කැම්මේරිය - (Solanum nigrum)




Solanum nigrum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කළු කැම්මේරිය හෙවත් කළු කන්වේරිය ප්රධාන කඳ කොටසින් බෙදී යන අතු ඉති වලින් වාර්ෂික ක්ෂූපයක් හෙවත් පැළෑටියකි. ශ්රී ලංකාව ඉන්දියාව මලයාව වැනි රට වල මේ ශාකය දකින්ට ඇත. සොලනේසී හෙවත් (Solanaceae) හෙවත් බටු කුලයට අයත් වන්නකි. මෙහි බහුලව වැවෙන පත්ර ඒකාන්තරය. සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය අතර කාලයේ මේ පැළෑටියේ මල් පිපෙන බවද ඉන් පසු පොකුරු වශයෙන් ඵල හටගන්නා බවද පෙනේ. පැසී ඉදෙන විට එය දම්පාටට හුරු කළු පැහැයෙන් යුක්තය. මෙහි ගෙඩි ඇඹුල් රස මුසු මද මිහිරි රසයෙකින් යුතුවේ.

ලංකාවේ ඇතුම් පලාතක තැම්බේරිය වශයෙන්ද මෙය හඳුන්වනු ලබන අතර මෙහි පත්ර රසවත් පලාවක් වශයෙන් ව්‍යාංජනයට ගනු ලැබේ. දේශීය වෙදකමේ බොහෝ තැන් වල කළු කැම්මේරිය භාවිත කරනු දැකිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ කාකමාචී, මත්ස්‍යාක්ෂී, බහු ඵලා ආදී නම් වලින් මෙය හැඳින්වෙන අතර රසයෙන් තිත්ත කටුක බව කියවේ. ගුණයෙන් අනුෂ්ණය. නැතහොත් තද ශීත හෝ තද උෂ්ණ නෙවේ. එමෙන්ම සිරුර සන්තර්පනය කරන රසායන ගුණයෙන් යුක්තය. ඇසට හිත බැවින් ඇසේ සෞඛ්‍යය ආරක්ෂා කරයි. ශුකුර ධාතුව වර්ධනය කරයි. වාතය පිත හා සෙම යන තුන් දොස නසයි. මල බද්ධය නසා මල බිඳීම ඇති කරයි. ශූල හෙවත් උල් දෙයකින් අනින්නා බඳු වේදනා, අර්ශස, ඉදිමුම් රෝග, සමේ රෝග, වමනය, හදවත් රෝග, උන, ප්රමේහ රෝග, හික්කා සහ කැසීම වලක්වන බව ආයුර්වේදය කියයි. සමේ රෝග ඉදිමුම ඌරුස්තම්භ හෙවත් කලවා තදවීමේ රෝගය හා ඇස් රෝග වලදීද මී විෂට ප්රතිකාර වශයෙන්ද කළු කැම්මේරිය යොදනු ලබේ. දේශීය චික්ත්සාවේදී අක්මාව දුර්වල වීමේ රෝගය නැසීමට කළු කැම්මේරිය විශේෂයෙන් භාවිතා කරනු ලැබේ. විවිධ රටවල ජලභීතිකාව, උන, ඇස් රෝග, පාචනය, අක්මා රෝග, කිටිභ හෙවත් කබර (පොතු කබර) වැනි සමේ රෝග, වකුගඩු රෝග, මුත්ර දාහය, ගොනෝරියාව (සුදු බින්දුව) වැනි රෝග වලදී භාවිත කරන බව පොත පතේ සඳහන් වේ.

අපේ රටේ දේශීය වෙදකමේදී හා ආයුර්වේද චික්ත්සාවේදී කළු කැම්මේරිය විශේෂයෙන් යොදන අවස්ථා හමුවේ. ඒ අනිද්‍රා හෙවත් නින්ද නොයාම පිළිබඳ රෝගාවස්ථාවේදීය. එහිදී මෙම ශාකය සහමුලින් ගෙන පිරිසිදු කර සිහින්ව කපා පවනේ වියලා තම්බා බීමෙන් හා එයම කලං 12 ක් (ග්රෑම් 60) ගෙන වතුර පත 8 දමා පතට සිඳ පෙරා බීමෙන් ඉතා සුවපත් නින්දක් ලබා ගත හැකිය. ඒ සඳහා මෙය අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන්ම මෙම ගසේ මුල ගලවා නිදිනොලබන්නා හිසට තබන කොට්ටයට ඇතුළු කිරීමෙන් නිදි එළඹෙන බවට දේශීය විශ්වාසයේ පවතී.

අපේ රටේ ජනතාව අතර අප්රකට ඖෂධයක් වන කළු කැම්මේරිය භාවිතයෙන් බොහෝ ගුණ ලබා ගත හැකිය. එහෙත් මෙය නිතර නිතර අභ්‍යන්තරව ගැනීම පිළිබඳව ප්රශ්න පැන නැගී ඇත. එලෙස වනුයේ මෙම ශාකයේ කිසියම් විෂ පදාර්ථයක් සුළු වශයෙන් අන්තර්ගත වී ඇතැයි නවීන විද්‍යාව මගින් සොයාගෙන ඇති බවිනි. එහෙත් රෝගාවස්ථාවකදී පමනක් මෙය භාවිතා කිරීමෙන් එම විෂ පදාර්ථ බහුල වශයෙන් සිරුරු ගත වීම වලක්වා ගත හැකිය. නිතර නිතර භාවිතා නොකළ යුතු යැයි කියනුයේ එබැවිනි.

කැළණි විශ්ව විද්‍යාලය, වික්‍රමආරච්චි ආයුර්වේද පීඨයේ කථිකාචාර්ය්‍ය, ශ්‍රී ලංකා වෛද්‍ය මහා මණ්ඩලයේ සම්මානණීය ගරු සභාපති, 
විශේෂඥ වෛද්‍ය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේදය ශික්ෂණ රෝහල,
සීමාසහිත මෙඩිහර්බ්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යෂක
වෛද්‍යාචාර්‍ය: එම්. ආර්. වත්තගේ
(මනරන්ජන රාජසේකර වත්තගේ)
දුරකථන: 0718285672 / 038228542